1959 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන
අවිශ්වාසය කතාව, අධ්‍යක්ෂණය ටී. සෝමසේකරන්; නිෂ්පාදනය ලයනල් ගුණතිලක, ටී සෝමසේකරන්; සංගීතය ආර් මුත්තුසාමි; දෙබස් කිංස්ලි රාජපක්ෂ; ගී පද සුදම් වනිගතුංග ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ජෝ අබේවික්‍රම, බැප්ටිස්ට් ප්‍රනාන්දු, එම් වී බාලන්, කිංස්ලි රාජපක්ෂ, සුදම් වනිගතුංග ප්‍රදර්ශනය: 1959 පෙබරවාරි 4 සිට. මා සිත ප්‍රීති යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
මා ආලය කල තරුණිය (නවජීවන මුවිටෝන්) දෙබස්, ගී පද, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර; කතාව ඩී වී සෙනෙවිරත්න; සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න අරුණ ශාන්ති, ආනන්ද වීරකෝන්, කුමාරි මානෙල්, බන්දු මුණසිංහ, එන් ආර් ඩයස්, එස් එච් ජෝතිපාල, ඊ මාෂල් පෙරේරා, පියදාස විජේකෝන් ප්‍රදර්ශනය: 1959 පෙබරවාරි 20 සිට
දෛවයෝගය (ලක්දිව චිත්‍රපට සමාගම) අධ්‍යක්ෂණය එස්. කේ. ඕජා; නිෂ්පාදනය ඊ ඇල්ෆ්‍රඩ් ද සොයිසා, ඊ ජේ සී ද සොයිසා; සංගීතය සජ්ජාද් හුසේන්; ගී පද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, හියුබත් දිසානායක, සරත් විමලවීර, හෙන්රි ධර්මසේන, ධර්මශ්‍රී කුරුප්පු රුක්මණී දේවි, සේනාධීර කුරුප්පු, එඩී ජයමාන්න, ගාමිණී ෆොන්සේකා, මාක් සමරනායක, සිරිමතී රසාදරී ප්‍රදර්ශනය: 1959 අප්‍රියෙල් 18 සිට. ඩබ් ඒ සිල්වා ගේ නවකතාව ඇසුරෙනි. දොයි දොයිය පුතා, ආදරයයි කරුණාවයි, ආදරියේ රුචිරාණනියේ, හද ගිලෙයි අම මිහිරේ, ජීවිත ගමනේ, උඹෙ නාඹර යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පුරුෂ රත්නය (විජිත කලා නිෂ්පාදකයෝ) කතාව, අධ්‍යක්ෂණය ඒ.එස්. නාගරාජන්; නිෂ්පාදනය ස්වර්ණා අබේනායක (සිංහල චිත්‍රපටියක් නිපදවූ පලමු කාන්තාව); දෙබස් ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු; සංගීතය ආර් මුත්තුසාමි; ගී පද කරුණාරත්න අබේසේකර, ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු ප්‍රේම් ජයන්ත්, ක්ලැරිස් ද සිල්වා, මිලී කහඳවල, බැප්ටිස්ට් ප්‍රනාන්දු, එඩී යාපා, පිටිපන සිල්වා, පියදාස විජේකෝන්, රිචඩ් ඇල්බට්, විජිත මල්ලිකා, බේබි ඩොරීන්, මාස්ටර් මොරිංටන් ප්‍රදර්ශනය: 1959 මැයි 9 සිට. අයියාට මේ රජ ගේ, සිංහල ජාතිය, ජීවිතේ ගංගාවකී, ගජමුතු හර පරදා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
ශ්‍රී 296 කතාව, අධ්‍යක්ෂණය ප්‍රේම්නාත් මොරායස් (කතාව සී අයි ඩී (1956) හින්දි චිත්‍රපටිය ඇසුරෙනි); නිෂ්පාදනය සී/ස ශ්‍රී චිත්‍රපට; දෙබස් කේ ඒ ඩබ් පෙරේරා; සංගීතය පී එල් ඒ සෝමපාල; ගී පද කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ගුණරත්න අබේසේකර පුණ්‍යා හීන්දෙණිය, ජෝ අබේවික්‍රම, හෙන්රි ජයසේන, සුදම් වනිගතුංග, කිංස්ලි රාජපක්ෂ, සුමිත්‍රා ෆොන්සේකා (ඩොරති වැලන්ෂියා), සිරිමතී රසාදරී, එම් වී බාලන් ප්‍රදර්ශනය: 1959 මැයි 20 සිට. මං ආවා ලකප් එකෙන්, වැඩිය හොඳ නරකයි, (ඊස්ට්මන් වර්ණයෙන් රූ ගැන්වූ) ජීවන ගංගා ඉවුරේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සිහිනය (සි/ස ජයන්ති නිෂ්පාදකයෝ) අධ්‍යක්ෂණය ටී ජානකී රාම්; නිෂ්පාදනය එම් බී ඩී අමරසිංහ, එම් ඩබ් පෙරේරා; කතාව, දෙබස් ඒ ජේ ද සොයිසා (කතාව වෙන්ඩෙටා (1950?) ඉංග්‍රීසි චිත්‍රපටිය ඇසුරෙනි); සංගීතය පාණ්ඩුරංගන් ඩොමී ජයවර්ධන, රෝහිණී ජයකොඩි, සේනාධීර කුරුප්පු, අසෝක පොන්නම්පෙරුම, ලිලියන් එදිරිසිංහ, අයේෂා වීරකෝන්, එම් වී බාලන්, ඩී ආර් නානායක්කාර, රූබි ද මෙල්, පියදාස ගුණසේකර ප්‍රදර්ශනය: 1959 ජූලි 3 සිට. ලොව මායමකී යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
ගැහැණු ගැට අධ්‍යක්ෂණය ජ්‍යොතිෂ් සිංහා, ටී. සෝමසේකරන්; නිෂ්පාදනය සිලෝන් ස්ටුඩියෝස්; කතාව, ගී පද සිසිර කුමාර මාණික්කආරච්චි (කතාව ද ෆැබ්‍යූලස් සිංඤොරීටා (ඉංග්‍රිසි; 1952), අල්බේලා (හින්දි; 1951), මන්මගල් දේවෛ (දෙමල; 1957) යන ච්ත්‍රපටි ඇසුරෙනි); සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න, ආර් මුත්තුසාමි හෙන්රි ජයසේන, කුමාරි බිබිලේ. ඩඩ්ලි වානගුරු, උදුලා දාබරේ, ෆ්ලොරිඩා ජයලත්, වින්සන්ට් වීරසේකර, ජෝ අබේවික්‍රම, සිසර කුමාර මාණික්කආරච්චි, නවනන්දන විජේසිංහ, හේමා ගුණවර්ධන, අයිරීන් ගුණරත්න ප්‍රදර්ශනය: 1959 ජූලි 24 සිට. රන් වලා තොටිල්ලේ, ආලේ මිහිර පෙන්නා, අමරණීය ගීතේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සිරිමලී (ඇලන්සිනා නිෂ්පාදකයෝ) අධ්‍යක්ෂණය රොබින් තම්පෝ; නිෂ්පාදනය පී එල් බුද්ධදාස, මීනා තම්පෝ; සංගීතය වී ක්‍රිෂ්ණමූර්ති; දෙබස්, ගී පද චිත්‍රානන්ද අබේසේකර බොනිෆස් ප්‍රනාන්දු, සුජාතා විජේසේකර, අසෝක පොන්නම්පෙරුම, ජෝ අබේවික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති, රීටා කාමලීන්, ක්‍රිස්ටි ලෙනාඩ්, රොසලින් ප්‍රනාන්දු, වින්සන්ට් වාස් ප්‍රදර්ශනය: 1959 සැප්තැම්බර් 11 සිට. ආකාසෙ ආවාසෙ, ඇයි වදේ මේ, පෙම් හද මෝරයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
හදිසි විවාහය අධ්‍යක්ෂණය බී. ඒ. ඩබ්. ජයමාන්න; නිෂ්පාදනය සිලෝන් ස්ටුඩියෝස්; කතාව, දෙබස් ඩී වී සෙනෙවිරත්න; සංගීතය බී එස් පෙරේරා; ගී පද ඒ ජේ ද සොයිසා බී ඒ ඩබ් ජයමාන්න, ෂර්ලි බ්ලයිත්, ධර්මශ්‍රී රණතුංග, රූබි ද මෙල්, ඩඩ්ලි වානගුරු, මේබල් බ්ලයිත්, ඔස්ටින් අබේසේකර, පැට්‍රීෂියා වෝකර්, ප්‍රේමලාල් එදිරිසිංහ ප්‍රදර්ශනය: 1959 නොවැම්බර් 14 සිට. ප්‍රේම ධාරා එයි, සුරතලියේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]