උපේක්ෂා ස්වර්ණමාලි

විකිපීඩියා වෙතින්
පාර්ලිමේන්තු මන්ත්‍රී
උපේක්ෂා ස්වර්ණමාලි
Member of Parliament
for ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
08 අප්‍රියෙල් 2010 – 17 අගෝස්තු 2015
පුද්ගලික තොරතුරු
උපතජුනි 26, 1984 (1984-06-26) (වයස 39)
කුවේටය
ජාතිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජනතා නිදහස් සන්ධානය
රැකියාවදේශපාලඥ
වෘත්තියනිරූපිකාවක, නිලියක

පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (උපත ජුනි 26, 1984) ශ්‍රී ලාංකීය දේශපාලන, නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය, ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද "පබා" නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් විය.[1]

මුල් අවධිය[සංස්කරණය]

කුවේටය තුල ශ්‍රී ලාංකික යුවලකට දාව උපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වසර 20 ක පමණ කාලයක් කුවේටයේ ජීවත් වූවාය. ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවේ එහි තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලෙනි. .[2]

රංගනය[සංස්කරණය]

ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. පසුව "චංචලා" ඇතුළු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍ය මාලාව හරහා ඇය නිලියක් ලෙස විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය.

දේශපාලනය[සංස්කරණය]

උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.

2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය.[3] 2010 ජුනි මසදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.[4]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උපේක්ෂා_ස්වර්ණමාලි&oldid=591507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි