සංගීතා වීරරත්න

විකිපීඩියා වෙතින්
සංගීතා වීරරත්න
Sangeetha Weeraratne
සංගීතා වීරරත්න - 2019
උපතදෙසැම්බර් 13, 1973 (1973-12-13) (වයස 50)
සක්‍රීය වසර1990–වර්ථමානය තෙක්
කලත්‍රයා(යන්)රොෂාන්ත කාරියප්පෙරුම
සම්මානසරසවිය හොඳම නිළිය සම්මානය (2001) සහ සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය (2001–2003, 2006)

සංගීතා වීරරත්න (1973 දෙසැම්බර් 13) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. වයස අවුරුදු 16දී, එනම් 1990 වසරේදී ඇය රෝයි ද සිල්වා මහතාගේ ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් මුල්ම වරට ශ්‍රී ලාංකික රිදී තිරයට පිවිසුනාය. පසුව 1993 වසරේදී කමල් අද්දරාරච්චි සමග රඟපෑ එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ සප්ත කන්‍යා චිත්‍රපටියෙන්, සංගීතා මෙරට සිනමා ක්ෂේත්‍රය තුල ඉමහත් සාර්ථකත්වයක් හිමිකරගත්තාය. වර්ථමානය වන විටදී, චිත්‍රපටි 50 කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන සංගීතා, ලාංකික සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස හැඳින්විය හැක.

පුද්ගලික දිවිය[සංස්කරණය]

මෙරට චිත්‍රපටි කලාකරුවෙකු වූ තිමති වීරරත්න මහතාට දාව, පවුලේ දෙවන දියණිය ලෙස සංගීතා උපන්නාය. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු පානදුර ශාන්ත ජෝන් පාසලෙන්ද, ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන්ද හැදෑරුවාය.

2002 වසරේදී ඇය, ව්‍යාපාරිකයෙක් වූ රොෂාන්ත කාරියප්පෙරුම මහතා (සියත ටීවී හිමිකරු) සමග විවාහ වූවාය.[1]

කලා දිවිය[සංස්කරණය]

1991 වසරේදී රෝයි ද සිල්වා මහතාගේ ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් සංගීතා මෙරට සිනමා ක්ෂේත්‍රය තුල මුල් වරට පා තැබුවාය. ශ්‍රී ලංකා සිනමාව තුල එකල බැබලෙමින් සිටි ජනප්‍රිය තාරකාවන් වූ, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සහ ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයින් සමග රංගනයේ යෙදීමේ අවස්ථාවද, එහිදී ඇයට හිමිවිය.

2001 වසරේ තිරගත වූ, බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අස්වැසුම චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන්, එම වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිලිය සම්මානය සම්මානය දිනාගැනීමට සංගීතාට හැකිවිය. එම සම්මාන උළෙලේම 2001 සිට 2003 වසර දක්වා ජනප්‍රියම නිලිය සම්මානය හිමිකරගත්තේද ඇයයි. ඇගේ රංගන දිවියේ වැදගත්ම චිත්‍රපටි ලෙස සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, මාරුතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, කිණිහිරියා මල්, අස්වැසුම, සළෙලු වරම සහ ධීවරී යන චිත්‍රපට හැඳින්විය හැක.[2]

මීට අමතරව 2006 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල, සෙව්වන්දි චිත්‍රපටිය නිෂ්පාදනය කලේ සංගීතා මහත්මියයි.

රංගනයන්[සංස්කරණය]

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
2013 දෝණී වී.සිවදාසන්
2007 උප්පලවන්නා සුනිල් ආරියරත්න
2007 සංක්‍රාන්ති අනුරුද්ධ ජයසිංහ
2006 සෙව්වන්දි වසන්ත ඔබේසේකර
2006 නිලම්බරේ කැලුම් පාලිත මහීරත්න
2005 ගරිල්ලා මාකටින් ජයන්ත චන්ද්‍රසිරි
2004 මිල්ලෙ සොයා විෂ්වනාත් බුද්ධික කීර්තිසේන
2003 සැපට දුකට සනී රෝයි ද සිල්වා
2002 සළෙලු වරම වසන්ත ඔබේසේකර
2002 ලව් 2002 රෝයි ද සිල්වා
2002 ඔන්න බබෝ දිනේෂ් ප්‍රියසාද්
2001 අස්වැසුම බෙනට් රත්නායක
2001 ජොන්සන් ඇන්ඩ් ගොන්සන් රෝයි ද සිල්වා
2001 කිණිහිරියා මල් එච්. ඩී. ප්‍රේමරත්න
2000 රෑ දනියෙල් දවල් මිගෙල් 2 රෝයි ද සිල්වා
2000 උණ්ඩය කේ. ඒ. ඩබ්. පෙරේරා
1999 අයදිමි සමා හේමසිරි සෙල්ලප්පෙරුම
1999 බහු භාර්යා උදයකාන්ත වර්ණසූරිය
1999 පවුරු වළලු ප්‍රසන්න විතානගේ
1998 දොරකඩ මාරාව වසන්ත ඔබේසේකර
1998 සතුයි කිරුළ අපේ සුනිල් සෝම පීරිස්
1998 රෑ දනියෙල් දවල් මිගෙල් රෝයි ද සිල්වා
1997 නින්ජා ශ්‍රී ලංකා රොබින් ප්‍රනාන්දු
1997 මහමෙර උසට උදයකාන්ත වර්ණසූරිය
1997 සූරයෝ වැඩකාරයෝ හේමසිරි සෙල්ලප්පෙරුම
1997 පුතුනි මට වාසනා සුනිල් සෝම පීරිස්
1997 දුවට මවක මිස සුමිත්‍රා පීරිස්
1996 හිත හොඳනම් වරදින්නේ නෑ ඩබ්. රංජිත් පෙරේරා
1996 නරලොව හොල්මන් දිනේෂ් ප්‍රියසාද්
1996 රත්තරන් මල්ලි සුනිල් සෝම පීරිස්
1996 බොඩි ගාර්ඩ් උපාලි පියරත්න
1995 චණ්ඩියගෙ පුතා සුනිල් සෝම පීරිස්
1995 මාරුතය වසන්ත ඔබේසේකර
1995 වාසනා වේවා සුනිල් සෝම පීරිස්
1994 අරගලය ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
1994 රජ වන්සෙන් එකෙක් හේමසිරි සෙල්ලප්පෙරුම
1994 නොමියෙන මිනිසුන් ගාමිණී ෆොන්සේකා
1994 ලඳුනි ඔබ දෙවඟනකි ජයන්ත දාස් පෙරේරා
1993 ලස්සනයි බලන්න සුනිල් සෝම පීරිස්
1993 සප්ත කන්‍යා එච්. ඩී. ප්‍රේමරත්න
1993 යසස ආනන්ද වික්‍රමසිංහ
1991 ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් රෝයි ද සිල්වා

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සංගීතා_වීරරත්න&oldid=593599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි