වසන්ති චතුරානි

විකිපීඩියා වෙතින්
වසන්ති චතුරානි
උපත
වසන්තා ඩොරීන් පීටර්සන්

18 ඔක්තෝම්බර් 1962 හෝ 1963
රැකියාවරංගන ශිල්පිනී
සක්‍රීය වසර1978 සිට වර්තමානය
සම්මානසරසවිය හොඳම නිළිය සම්මානය (1980),
සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය (1997)
සුමති හොඳම ටෙලි නිලිය සම්මානය (1998)

වසන්ති චතුරානි යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. ඇය රංගනයට පිවිසෙන්නේ 1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ලමයි හී රඟපෑමත් සමගයි. රිදී තිරයේ ඇයගේ හොඳම රංගනය ලෙස 1980 දී විජය කුමාරතුංග සමග රඟපෑ ගඟ අද්දර චිත්‍රපටයේ 'නිර්මලා' යන චරිතය හැඳින්විය හැකිය. එහි රංගනය වෙනුවෙන් එම වසරේදී ඇය සරසවිය හොඳම නිලිය සම්මානය දිනාගත්තාය.

මීට අමතරව ඇය 'ඉටි පහන්' , 'ගිරය' , 'කඩුල්ල' සහ 'ගජමන් පුවත' වැනි ටෙලි නාට්‍ය වලටද සිය රංගනය එකතු කලාය. එනිසා 1997 දී සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය සහ 1998, 2002 වසර වලදී සුමති හොඳම ටෙලි නිලිය යන සම්මානද දිනා ගැනීමට ඇයට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා රිදී තිරයේ හා පුංචි තිරයේ, අතිශය සාර්ථක වූ රංගන ශිල්පිණියක ලෙස වසන්ති චතුරානි පිලිගැනේ.[1]

මුල් අවධිය[සංස්කරණය]

වසන්ති චතුරානි ගේ, මුල් නාමය වූවේ වසන්තා ඩොරීන් පීටර්සන් යන්නයි. ඇගේ පාසල වූවේ, ගම්පහ සිරිකුරුස විද්‍යාලයයි.[2]

වෘත්තීය දිවිය[සංස්කරණය]

1978 දී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැනු ළමයි හී ප්‍රධාන භූමිකාව නිරූපනය කරමින් රංගනයට පිවිසි වසන්ති ඉන්පසු, සම්මානයට පාත්‍ර වූ ගඟ අද්දර චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවාය.

1979 දී විවාහයත් සමග ඇය රංගන ජීවිතයෙන් කෙටි කලකට නිහඬ වූවත් පසුව 'ආදර හසුන' චිත්‍රපටය හරහා නැවතත් ක්ෂේත්‍රයට පිවිසුනාය. 'ගැහැනු ළමයි', 'දුවට මවක මිස' සහ 'සුදු සෙවනැලි' යන ඒවා ඇය දායක වූ චිත්‍රපට අතුරින් කිහිපයකි.

2003 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'වෑකන්ද වලව්ව' චිත්‍රපටයේදී වසන්ති මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක හා රවින්ද්‍ර රන්දෙණිය සමග විශිෂ්ට රංගනයක යෙදුනාය. ඇගේ අවසන් චිත්‍රපටය ලෙස, 'යහළුවෝ' චිත්‍රපටය හැඳින්වෙයි.

මීට අමතරව, 'අග පිපි මල්', 'සෙදෝනා' සහ 'රඟ සොබා' වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කලේද වසන්ති චතුරානි විසිනි.

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපට චරිතය
1978 ගැහැනු ළමයි කුසුම් ලියනගේ
1978 අහසින් පොළොවට පුෂ්පා
1979 චූඩා මාණික්‍යය
1979 අමල් බිසෝ
1980 ගඟ අද්දර නිර්මලා
1980 සිරිබෝ අයියා
1980 පාර දිගේ
1980 හංස විලක්
1982 බිත්ති හතර
1986 ආදර හසුන
1987 මංගල තෑග්ග
1988 සටන
1990 සහරාවේ සිහිනය
1993 සාජන්ට් නල්ලතම්බි
1994 ධවල පුෂ්පය
1994 අඹු සැමියෝ
1995 අවරගිර
1996 තුන්වෙනි ඇහැ
1996 රත්තරං මල්ලී
1997 පුනරුප්පත්තිය
1997 දුවට මවක මිස
1997 වීසී දැල
1998 ජූලියට්ගේ භූමිකාව
2001 පොරොන්දුව
2001 කිනිහිරියා මල්
2002 සංසාර ප්‍රාර්ථනා
2002 සුදු සෙවනැලි
2003 වෑකන්ද වලව්ව
2004 සුමේධා
2011 චැලෙන්ජර්ස්

සම්මාන[සංස්කරණය]

ජනාධිපති සම්මාන[සංස්කරණය]

  • 1980 - හොඳම නිළිය - ගඟ අද්දර
  • 1996 - හොඳම සහය නිළිය - තුන්වෙනි ඇහැ
  • 1998 - හොඳම සහය නිළිය - ජුලියට්ගේ භූමිකාව

සරසවිය සම්මාන[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

1997 - සුමති ජනප්‍රියම ටෙලි නිලිය සම්මානය
1998 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'දුර්ගාන්තය' වෙනුවෙන්.
2002 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'කුලවමිය' වෙනුවෙන්.
2005 - රයිගම් හොඳම ටෙලි නිලිය සම්මානය 'සෙදෝනා' වෙනුවෙන්.
2006 - සුමති හොඳම ටෙලි නිලිය සම්මානය 'අග පිපි මල්' වෙනුවෙන්.
2006 - රයිගම් හොඳම ටෙලි නිලිය සම්මානය 'අග පිපි මල්' වෙනුවෙන්.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=වසන්ති_චතුරානි&oldid=593310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි