1950 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
ගම්බද සුන්දරි අධ්‍යක්ෂණය: ජෝර්ජ් එස් විජේගුණරත්න; සංගීතය: එන් කේ කාරියවසම් ; ඡායාරූප ශිල්පී: ලෙස්ලි පේදිරිස් ශීලා පීරිස් (රූපා), කිංස්ලි ජයසේකර (විමල්), ඊ සී බුලත්සිංහල ප්‍රදර්ශනය: 1950 ජනවාරි 27 සිට මරදාන ක්‍රවුන් හීදී. පළමු සිංහල වර්ණ චිත්‍රපටිය (මිමී 16 ප්‍රමාණයෙන් රූගත කර මිමී 35 ප්‍රමාණයට විශාලනය කරන ලද තනි පිටපතක් පමණක් ප්‍රදර්ශනය කරන ලදී). මෙය සමග මහනුවර ඇසල පෙරහැර අලලා තැනූ වර්ණ වාර්තා චිත්‍රපටියක් පෙන්වන ලදී.
හදිසි විනිශ්චය අධ්‍යක්ෂණය: බී ඒ ඩබ් ජයමාන්න; සංගීතය: බී එස් පෙරේරා රුක්මනී දේවි (කාන්ති), බී ඒ ඩබ් ජයමාන්න (සිරිපාල), බර්ට්‍රම් ප්‍රනාන්දු, මේබල් බ්ලයිත්, ස්ටැන්ලි මල්ලවාරච්චි, එඩී ජයමාන්න, හර්බි සෙනෙවිරත්න ප්‍රදර්ශනය:1950 මැයි 26 සිට කොටහේන කිංස්ලි හීදී (සිනමාස් මණ්ඩලයේ). ජීවන සැප ශ්‍රී පානා, ප්‍රේම රජා මාගේ, මන පිනවායා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.