හේමාල් රණසිංහ

විකිපීඩියා වෙතින්
හේමාල් රණසිංහ
Hemal Ranasinghe
ගොනුව:Pravegaya sinhala film.jpg
උපත
හේමාල් සචින්ද්‍ර රණසිංහ

25 අගෝස්තු 1984 (1984-08-25) (වයස 39)
මාතලේ, ශ්‍රී ලංකාව[1]
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයමාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය
රැකියාවනළුවා, නිරූපණ ශිල්පියා, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු
සක්‍රීය වසර2012 – වර්තමාන
උස187 සෙන්ටිමීටර (6 ft 2 in)[2]
දෙමව්පියන්
  • සේනාරත්න රණසිංහ (පියා)
  • විශාකා චිත්‍රාංගනී මැදිවක (මව)

හේමාල් සචින්ද්‍ර රණසිංහ (උපත 1984 අගෝස්තු 25), යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම නිරූපණ ශිල්පියෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වෙයි. ඔහු 2016 සහ 2018 යන වසර දෙකේදීම දෙරණ චිත්‍රපට සම්මාන හිදී 'හොඳම නළුවා' සහ 'වඩාත් ජනප්‍රිය නළුවා' සඳහා විචාරක සම්මානය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ නූතන සිනමාවේ ජනප්‍රියම නළුවෙකු බවට පත්වීමේ නිමිති පහල කරමිනි.[3] රණසිංහ නිරූපණ ශිල්පියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වෙළෙඳ දැන්වීම් කිහිපයකම පෙනී සිටිමිනි. ඔහු 2012 දී සිය සිනමාවට පිවිසියේ සුපර් සික්ස් හි පෙනී සිටිමිනි.[4] 2016 දී ඔහු හිරු රන් සිනමා සම්මානය හිදී ජනප්‍රියම නළුවා සහ හොඳම බලාපොරොත්තු සහිත නළුවා දිනා ගත්තේය.

මුල් අවදිය[සංස්කරණය]

රණසිංහ 1984 අගෝස්තු 25 දින මාතලේ හි උපත ලැබීය. ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සහ එක් බාල සහෝදරයෙකු සිටී. ඔහුගේ මව විශාකා චිත්‍රාංගනී මැදිවක මෙන්ම ඔහුගේ පියා, සීයාද ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් වේ. 2010 සැප්තැම්බර් 23 වැනිදා හේමාල් චිත්‍රපටයක රූගත කිරීම් කරමින් සිටියදී ඔහුගේ පියා සේනාරත්න රණසිංහ මිය ගියේය.[5] ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය.[6]

කලාව තමා තෝරාගත් වෘත්තිය කර ගැනීමට ගත් තීරණයට තම මව සහ පියා යන දෙදෙනාම සහයෝගය දැක්වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.[7] රණසිංහ සටන් කලාව පිළිබඳ ප්‍රවීණයෙකු වන අතර එය ඔහු තම රංගන දිවියේ මේ වන විටත් භාවිතා කරන බව ඔහු පවසයි.[8] පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරතව සිට ඇති අතර ඒ සමඟම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීනි. පසුව සිය වෘත්තීය ලෙස මෙරට කලා ක්ෂේත්‍රය තෝරා ගන්නා ලදී.

වෘත්තීය දිවිය[සංස්කරණය]

ඔහුගේ පළමු රංගනය සුපර් සික්ස් චිත්‍රපටය සමග සනිටුහන් විය. ඔහුගේ ඊලග චිත්‍රපටය වූ ප්‍රවේගය හි ඔහුගේ භූමිකාව වෙනුවෙන් හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මානය 2015 වසරේ ජනප්‍රියම නළුවා, 2015 සරසවිය සම්මාන හි විශේෂ ජූරි සම්මානය, සහ සිව්වන දෙරණ සිනමා සම්මාන උළෙලේදී "2015 වසරේ ජනප්‍රියම නළුවා" සම්මානය දිනා ගත්තේය.[9] හේමාල් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස මුලින්ම ඉදිරිපත් කළේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ ‘‘ආයෙමත් ආදරයෙන්’’ රූපවාහිනී වැඩසටහනයි. ඔහු 2014 සිට 2015 දක්වා ස්වාධීන රූපවාහිනි ජාලයේ විකාශය වූ "ඊළඟට මොකද වෙන්නේ" ටෙලි නාට්‍යයේ රඟපෑවේය. 2021 දී ඔහු අසම ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද කොළඹ ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑවේ සොරෙකුගේ ප්‍රධාන චරිතයයි.

රංගනයෙන් ඔබ්බට[සංස්කරණය]

2009 දී ඔහු ස්පාඤ්ඤයේ "ද මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් (The Model of the World)" සඳහා සහභාගී වූ අතර, තරඟය අතරතුර 'මේල් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් (Male Model of the World) 2009' යන මාතෘකාව මෙන්ම 'බෙස්ට් ග්ලැමර් (Best Glamour)' සහ 'බෙස්ට් කැට්වෝක් (Best Catwalk)' යන සම්මානයද දිනා ගත්තේය.[10][11]

2010 දී රණසිංහ මහතා මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනූ අතර කොරියාවේ පැවති මිස්ටර් වර්ල්ඩ් 2010 හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.[6] මෙරට පැවැත්වෙන කොළඹ විලාසිතා සතිය සහ ශ්‍රී ලංකා මෝස්තර උළෙල (Sri Lanka Design Festival) සඳහාද ඔහු වාර්ෂිකව සහභාගී වෙයි.[තහවුරු කර නොමැත] 2018 දී, ඔහු ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් සහ OXY හි සන්නාම තානාපති ලෙස පත් කරන ලදී.[12][13]

2011 දී ඔහු ස්වර්ණවාහිනී ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරඟයට සහභාගී විය. හේමාල් මාස ගණනක් තරඟ කිරීමෙන් පසු තරඟයේ පළමු අනුශූරතාවය දිනා ගත්තේය.[තහවුරු කර නොමැත] ඔහු "හිරු සුපර් ඩාන්සර්" රියැලිටි තරඟයේ විනිශ්චයකරුවන් තිදෙනාගෙන් කෙනෙකු ලෙසද කටයුතු කරයි.

චිත්‍රපටකරණය[සංස්කරණය]

වසර චිරපටය භූමිකාව Ref.
2012 සුපර් සික්ස් සනත් [14]
2015 ප්‍රවේගය හේමාල් සූරියබණ්ඩාර [15]
ඇඩ්‍රස් නෑ කාලිංග [16]
2016 ආදරණිය කතාවක් අභිමාන ජයවර්ධන [17]
සූම් නිසල් [18]
2017 බන්ධනය ජයසෝම [19]
දේදුනු ආකාසේ සමුද්‍ර [20]
2019 තාල අසේල [21]
විජයබා කොල්ලය නයනානන්ද [22]
යූ ටර්න් පොලිස් පරීක්ෂක රංග දසනායක [23]
2021 Colombo ඔස්කාර් [24]
Films that have not yet been released TBD 1970 ලව් ස්ටොරි
අයිස් ක්‍රීම් [25]
සිහිනාභිෂේකය
ආශාවරී [26]
මරියා [27]

සම්මාන[සංස්කරණය]

ඔහු දේශීය සිනමා උළෙලවලදී සම්මාන බොහොමයක් දිනා ඇත.[28][29]

දෙරණ සිනමා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 ජනතා ඡන්දය ජනප්‍රියම නළුවා දිනාගති
2016 ප්‍රවේගය විචාරක සම්මානය දිනාගති
2018 ජනතා ඡන්දය ජනප්‍රියම නළුවා දිනාගති

හිරු රන් සිනමා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 ජනතා ඡන්දය ජනප්‍රියම නළුවා දිනාගති
2016 ප්‍රවේගය වඩාත්ම බලාපොරත්තු තබාගත හැකි නළුවා දිනාගති
2018 ජනතා ඡන්දය ප්‍රවණතා ඇතිකරන්නා දිනාගති

සරසවිය සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 ප්‍රවේගය ජූරි සම්මානය[30] දිනාගති
2016 ප්‍රවේගය හොඳම නළුවා නිර්දේශිත

ජනාධිපති සිනමා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 ප්‍රවේගය හොඳම නැගී එන නළුවා දිනාගති

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2018 ජනතා ඡන්දය වසරේ නළුවා දිනාගති
2018 ජනතා ඡන්දය යෞවන තේරීමේ සම්මානය දිනාගති
2019 ජනතා ඡන්දය වසරේ නළුවා දිනාගති
2019 ජනතා ඡන්දය යෞවන තේරීමේ සම්මානය දිනාගති
2020 ජනතා ඡන්දය වසරේ නළුවා දිනාගති
2020 ජනතා ඡන්දය යෞවන තේරීමේ සම්මානය දිනාගති
2021 ජනතා ඡන්දය වසරේ නළුවා දිනාගති
2021 ජනතා ඡන්දය යෞවන තේරීමේ සම්මානය දිනාගති

රූපවාහිනී රාජ්‍ය සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 ඊලගට මොකද වෙන්නේ හොඳම සහය නළුවා දිනාගති

සිග්නිස් සිනමා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 ආදරණිය කතාවක් හොඳම නළුවා නිර්දේශිත

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Biography". Wix.com. 25 August 1984. සම්ප්‍රවේශය 10 May 2012.
  2. "Show Contestant – Mister World – Mister World". Mrworld.tv. සම්ප්‍රවේශය 2 January 2017.
  3. "With Love, love love..." Daily News. සම්ප්‍රවේශය 3 August 2019.
  4. "Hemal Ranasinghe". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 11 March 2017.
  5. "Talk with Hemal". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  6. 6.0 6.1 "Mrworld Home". Mrworld.tv. 13 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 May 2012.
  7. "Hemal Sachindra Ranasinghe ~ Sri Lankan Actress and Models Photos". Slactressmodels.blogspot.com. සම්ප්‍රවේශය 2 January 2017.
  8. "The new hero in Sinhala cinema". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  9. "Most popular Hemal-Dinakshi,Best Jackson-Kaushalya at Derana cinema film awards". Gossip Lanka News [English]. 15 May 2016. සම්ප්‍රවේශය 2 January 2017.
  10. "Models of the Year and Mr. Sri Lanka | Fashion". Dailymirror.lk. 15 October 2010. 29 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 May 2012.
  11. "Hemal Sachindra Ranasinghe at NEXT Hottest Model – next hottest model". Nextmodelmen.typepad.com. 13 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 May 2012.
  12. "Actor Hemal Ranasinghe – Brand Promoter, People's Leasing". Sunday Observer. සම්ප්‍රවේශය 29 March 2019.
  13. "Hemal Ranasinghe appointed 'OXY' Brand Ambassador". Ada Derana. 26 September 2018. සම්ප්‍රවේශය 3 August 2019.
  14. "Over the boundary". Daily News. සම්ප්‍රවේශය 3 August 2019.
  15. "When destiny is determined by a bike". Sunday Observer. සම්ප්‍රවේශය 3 August 2019.
  16. "සුහද කොකා අද ඇඩ්ඩ්‍රස් නෑ හෙට". Sarasaviya. 29 October 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 February 2017.
  17. "'Adaraneeya Kathawak': The love story begins to unfold". Sunday Times. සම්ප්‍රවේශය 3 August 2019.
  18. "Zoom races to production stage". Daily News.
  19. "Udayakantha on 'Bandhanaya'". Life. සම්ප්‍රවේශය 3 August 2019.
  20. "Priyantha portrays power of father's love". Sunday Times. සම්ප්‍රවේශය 3 August 2019.
  21. "Thaala – තාල". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 24 January 2019.
  22. "'Vijayaba Kollaya' sets off". Sunday Times. සම්ප්‍රවේශය 17 January 2019.
  23. "U-Turn - යු-ටර්න්". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 16 December 2019.
  24. "Colombo arrives today with a new director and producer". Sarasaviya. සම්ප්‍රවේශය 18 March 2021.
  25. . "Ice Cream" coming soon http://www.sarasaviya.lk/films-local/2020/07/02/17907/“අයිස්ක්%E2%80%8Dරීම්”-ළඟදීම. සම්ප්‍රවේශය 3 July 2020. {{cite web}}: Missing or empty |title= (help)
  26. "Ashawari: This is not a love story". Sarasaviya. සම්ප්‍රවේශය 2021-04-26. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  27. "A film without an actress by Aruna Jayawardena". Sarasaviya. සම්ප්‍රවේශය 5 March 2021.
  28. "Fourth Derana Awards". Sarasaviya.lk. 24 July 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
  29. "Stars shower at Hiru Awards". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  30. "The crowning moment". Daily News. සම්ප්‍රවේශය 11 March 2017.
"https://si.wikipedia.org/w/index.php?title=හේමාල්_රණසිංහ&oldid=582314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි