ආනන්ද සමරකෝන්
| ආනන්ද සමරකෝන් | |
|---|---|
![]() |
|
| Background information | |
| Birth name | එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් |
| Also known as | ආනන්ද සමරකෝන් |
| Born | ජනවාරි 13, 1911 |
| Origin | ශ්‍රී ලංකාව |
| Died | අප්‍රේල් 5, 1962 |
| Genres | ශ්‍රී ලාංකීය සංගීතය |
| Occupations | ගායක-ගීතරචක ගුරු වෘත්තිය |
| Years active | 1938–1962 |
ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ. ශ්‍රී ලංකා ජාතික ගීයවන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.
පටුන |
[සංස්කරණය] පෞද්ගලික ජීවිතය
[සංස්කරණය] මුල් කාලය
සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී.සී.පී.ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ සන්ටිනිකෙටන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.
[සංස්කරණය] රචකයෙකි
1937 දී,උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් "එන්ඩද මැණිකේ" ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු "නමෝ නමෝ මාතා" ගීතය රචනා කරන ලදී .පසුව මේම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන "එන්ඩද මැණිකේ" ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් විදිහට මෙය දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී.1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:
- පොඩිමල් එතනෝ
- විලේ මලක් පිපිලා
- පොසොන් පොහොදා
- අහසේ මැදුර
- සුනිලා ගුවනේ
- පුන්චි සුදා
- නිල්වලා ගගේ
- සුමනෝ
- පුදමු කුසුම්
- සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී.........................
[සංස්කරණය] චිත්‍ර ශිල්පියා
1945 දි සමරකෝන් මහතාගේ එකම පුතු වයස 5 දි මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය. පසුව නැවත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.
[සංස්කරණය] ජාතික ගීය
1952දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මණයක් වන "නමෝ නමෝ මාතා"' (රචනාකරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම්කරන ලදී. " නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්නට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය " ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කරන ලදී
|
|||||||||
| මෙම ගොනුවට these files? බලන්න මාධ්‍ය උදව්. | |||||||||
[සංස්කරණය] මරණය
1962 අප්‍රේල් l 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය . ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ .
