1955 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන්
සුරඟනී කතාව, දෙබස්, අධ්‍යක්ෂක සිරිල් පී අබේරත්න, කාර්මික අධ්‍යක්ෂක කේ වෙම්බු; නිෂ්පාදක සී/ස සිලෝන් තියටර්ස්; සංගීතය ටී ආර් පාපා. ගී පද ඩබ් විල්ෆ්‍රඩ් සිල්වා, සිරිල් පී අබේරත්න එඩී ජූනියර් (සේන), ඩී ආර් නානායක්කාර (කුදා), පර්ල් වාසුදේවි, කාන්ති ගුණතුංග (රම්‍යා), ලිලියන් එදිරිසිංහ, දිස්නා රංජනී (සුරංගනී), ජී එස් බී රාණි, එම් පී ගැමුණු, සුජීවා ලලී, කිංස්ලි ජයසේකර ප්‍රදර්ශනය: 1955 පෙබරවාරි 19 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 13 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). ආලේ පෙම් රැස් දහරා, සුරඟනාවි මාගේ, රූපේ බලේ නිසා, කොයිබටදෝ මෙ සතා, සේයාව ඇඳුන රූපේ, කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
අසෝකා (අසෝකා මුවිටෝන්) අධ්‍යක්ෂක සිරිසේන විමලවීර; නිෂ්පාදක ධර්මදාස කුලතුංග; කතාව, දෙබස් පියසේන කොස්තා, කැමරාව පෝල් මතායස්, සංස්කරණය අහමඩ් කුමාර්, සංගීතය පී එල් ඒ සෝමපාල, ගී පද කරුණාරත්න අබේසේකර, පියසේන කොස්තා, හර්බට් එම් සෙනෙවිරත්න සුමිත් බිබිලේ (සරත්), පුෂ්පා ජෙනට් (අසෝකා), ආනන්ද වීරකෝන් (හැරී), එඩී යාපා (පැටියා), පුණ්‍යා හීන්දෙණිය, බෙන්ජමින් ප්‍රනාන්දු (සීයා), විමලා කුමාරි (සිසී), එස් එච් ජෝතිපාල, මාෂල් පෙරේරා, එන් ආර් ඩයස්, ජී එස් බී රාණි, සීතා නානායක්කාර ප්‍රදර්ශනය: 1955 මාර්තු 4 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 9 ක (සිනමාස් මණ්ඩලයේ). තනිවයි උපන්නේ, පායන සඳ සේ, පෙම් සුවඳයි, පෙම් පහන නිවී, සීයා මනමාලයා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
මතභේදය (මිනර්වා චිත්‍රපට) තිරනාටකය, දෙබස්, අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්. ජයමාන්න; නිෂ්පාදක බී ඒ ඩබ් ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි; කතාව එස් ඩී ස්ටීවන් සිල්වා, සංගීතය ආර් ඒ චන්ද්‍රසේන; ගී පද ඒ ජේ ද සොයිසා රුක්මණී දේවි (කුසුමා), බී ඒ ඩබ් ජයමාන්න (රාලහාමි), එඩී ජයමාන්න (විලියම්), මාක් සමරනායක (පොඩි මහත්තයා), සේනාධීර කුරුප්පු (එඩ්මන්), පීටර් පීරිස් (ඩිංගිරියා), හඳුන්වා දෙන මේබල් බ්ලයිත් (මිලී), රූබි ද මෙල් ප්‍රදර්ශනය: 1955 අප්‍රියෙල් 14 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 19 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සමුදුරේ සොයා, පෙම් මල් මාලා, ආදර පාන සුදා, පෙම් සීන ලෝකේ මායා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සැඩ සුළං (ෆිල්ම්සිලෝන්) අධ්‍යක්ෂක, නිෂ්පාදක ටී සෝමසේකරන්, ; සංගීතය එස් දක්ෂිණමූර්ති ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ඩේවිඩ් ධර්මකීර්ති, පියදාස ගුණසේකර, ධර්මශ්‍රී රණතුංග, ලිලියන් එදිරිසිංහ, ඩොමී ජයවර්ධන, රිචඩ් ඇල්බට්, ශාන්ති අබේසේකර, එහ් පී ගිල්මන්, සුනිල් ප්‍රේමදාස, පද්මිණී දහනායක ප්‍රදර්ශනය: 1955 ජුනි 24 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 9 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). පෙම් කැකුල පිපී, ජීවන මේ ගමන, සොමිබර පෙම්රැලි, ශ්‍රී ලංකා මා ප්‍රියාදර (ගායිකා: ලතා මංගේෂ්කර්), ගමන දුර නිසයි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
මාතලන් (ශ්‍රී මුරුගන් නවකලා) අධ්‍යක්ෂක ඒ.එස්. නාගරාජන්; නිෂ්පාදක එස් එම් නායගම්; සංගීතය ආර් මුත්තුසාමි ක්ලැරිස් ද සිල්වා, ශේෂා පලිහක්කාර, හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක, පීටර් පෙරේරා, එඩී යාපා, බර්නාඩ් පෙරේරා, පිටිපන සිල්වා ප්‍රදර්ශනය: 1955 අගෝස්තු 27 සිට. රන්වන් දුල් කරලින්, හඳ රාහු මුඛයේහි, දොයි දොයි දොයි, සිරිනි සරුසර වීලා, පෙම් මාලා ගොතා, සුලලිත වූ කලා, හනික යමං, උපත ලබා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පෙරකදෝරු බෑණා (ජයමාන්න සිනමාටෝන්) අධ්‍යක්ෂක ඒ භාස්කර් රාජ්; නිෂ්පාදක බී ඒ ඩබ් ජයමාන්න, විලී ජයමාන්න; සංගීතය බී එස් පෙරේරා රුක්මණී දේවි, එඩී ජයමාන්න, මාක් සමරනායක, රූබි ද මෙල්, මේබල් බ්ලයිත්, කිංස්ලි රාජපක්ෂ, බැප්ටිස්ට් ප්‍රනාන්දු, විලී ජයමාන්න ප්‍රදර්ශනය: 1955 ඔක්තෝබර් 14 සිට. මුහුදේ පතුලේ කිමිදී, මාගේ පෙම්වතා, සිතූ දේ ලොවේ, ආදර නදිය ගලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
පොඩි පුතා (ලංකා නවජීවන චිත්‍රපට) අධ්‍යක්ෂක, නිෂ්පාදක සිරිසේන විමලවීර; සංගීතය ටී එෆ් ලතීෆ්, එම් ජී සුගතදාස සිරිසේන විමලවීර, ආනන්ද වීරකෝන්, පුෂ්පා ජෙනට්, එන් ආර් ඩයස්, මාලනී රණසිංහ, එස් එච් ජෝතිපාල, එඩී ජූනියර්, මාෂල් පෙරේරා, පර්ල් වාසුදේවි, කුමාරි මානෙල්, දයා විමලවීර ප්‍රදර්ශනය: 1955 නොවැම්බර් 25 සිට. මේ ලෝකෙ නවාතැන වේ, කිරි මුහුද කැලැම්බීලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.