පුත්තලම
Wikipedia වෙතින්
[සංස්කරණය] පිහිටීම
පුත්තලම දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. පුත්තලම දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කලාඔය සහ මෝදරගම් ආරු
නැගෙනහිරින් : අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක
දකුණින් : මා ඔය
බටහිරින් : ඉන්දියන් සාගරය
එහි භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 2976 කි. ශ්‍රී ලංකාවේ වයඹ පළාත පුත්තලම හා කුරුණෑගල යන දිස්ත‍්‍රික්ක දෙකෙන් සමන්විත වේ. සිතුවමක් වැනි මනරම් කලපුව නිසා පුත්තලම බොහෝ සේ ජනප‍්‍රියව පවතී.නොගැඹුරු මුහුදු තීරය ද මසුන් මරන්නන්හට පාරාදීසයක් ව පවතී.
[සංස්කරණය] ඉතිහාසය
මෙම වියළි කලාපික දිස්ත්‍රික්කයේ ඉතිහාසය, වසර 2500 ට පෙර උතුරු ඉන්දියානු විජය කුමරු ඇතුළු පිරිස පුත්තලම නගරයට එපිටින් පිහිටි තම්මැන්නා පුරයට සම්ප්‍රාප්තවීම දක්වා දිවයයි. මෙය සිදුවූයේ ඔහුගේ නෞකාව තම්මැන්නා වෙරළට ගසාගෙන ඒම නිසාය. දිස්ත්‍රික්කයේ ඈතට වන්නට කුවේණියගේ ගම වන තෝනිගල පිහිටා ඇත. බුතාරම් යන නම පසු කලෙක පුත්තලම ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි සැලකේ. බුතාරම් යනු බෞද්ධ සිද්ධස්ථාන සඳහා රජතුමා විසින්පූජාකළ ගම්මාන සංකීර්ණය යන්න හැදින්වීම සඳහා භාවිතකරන ලද නාමයක් ලෙස විශ්වාස කරයි. මෙහි පිහිටා ඇති ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ලෙස, කල්පිටියේ ඉපැරණි ලන්දේසි කොටුව, තලවිල ශා.අන්තෝනි පල්ලිය, හලාවත මුන්නේශ්වරම් කෝවිල යනාදී ස්ථාන හදුන්වාදිය හැකිය. පෘතුගීසීන් විසින් වහල් සේවය සඳහා අප‍්‍රිකානු රටවලින් මෙරටට ගෙන්වන ලද කාපිරි ජාතිකයින්ගේ ජනාවාස මෙහි මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය. ඔවුන්ගෙන් පැවතෙන්නන් පසුකලෙක පෘතුගීසී ක්‍රියොල් භාෂාව කථාකරන ලදි. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද සරණාගත මුස්ලිම් ජනතාව පුත්තලම නගරයට පැමිණ පසුව එම නගරය කේන්ද්‍ර කරගෙන මේ දක්වා ජීවත්වෙති.
[සංස්කරණය] බෝගවගාව
පොල් ත්‍රිකෝණයේ ඉහළින්ම පිහිටා තිබෙන පුත්තලම දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ දෙවෙනියට වැඩිම පොල් නිපදවන ප්‍රදේශය ලෙස සැලකේ. අක්කරයකට වැඩිම වී නිෂ්පාදනය කරන ප්‍රදේශය ලෙස තබ්බෝව කෘෂිකාර්මික වාර්තාවලට එකතුවී ඇත.
