කුරුණෑගල
Wikipedia වෙතින්
| කුරුණෑගල ඇතුගල්පුර |
|
| ආදර්ශ පාඨය: වවිධ මත, එකම සිත | |
| පාලන ආයතනය | |
| - වර්ගය | මහ නගර සභාව |
|---|---|
| වේලා කලාපය | +5:30 ([[UTC{{{utc_offset}}}]]) |
[සංස්කරණය] භූගෝලීය පිහිටීම
කුරුණෑගල වයඹ පළාතේ අගනගරය වන අතර එය කුරුණෑගල දිස්ත්රික්කයේ ප්‍රධාන නගරයද වෙයි. කුරුණෑගල නගරය ප්‍රධාන ගමන් සන්ධිස්ථානයකි. එය දිවයිනේ ප්‍රධාන මාර්ග කිහිපයක් එක්තැන් වන ස්ථානයක් වන අතර ප්‍රධාන දුමරිය ස්ථානයකින් ද සමන්විත වේ. එය කොළඹ සිට කි.ඳූ.94 ක දුරින් පිහිටා ඇති අතර මහ නුවර සිට කි.මි. 42ක දුරින් පිහිටා ඇත.
[සංස්කරණය] වැදගත්කම
කුරුණෑගල නගරයේ මුළු ජනගහනය 28571 පමණ වේ. නගර මධ්යයයේ පිහිටා ඇති ඇතාගල කුරුණෑගල නගරයේ අනන්යතාවය විදහා පාන සන්කේතයක් වැන්න. මීටර 316 ක උසින් යුතු සැබෑ හස්තියෙකුගේ විලාසය දක්වන මෙය ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයකි. කුරුණෑගල යන නාමය ඇති වීමට පවා මෙම පර්වතය හේතු වූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. කුරුණෑගල මුහුදු මට්ටමේ සිට මීටර 116 ක උසින් පිහිටා ඇත. නගරයේ දේශගුණය සෞම්ය ස්වභාවයක් උසුලන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1800 ක් පමණ වේ. ප්‍රසිද්ධ මලියදේව විදුහල සහ ශාන්ත ආනා විදුහල නාගරික සීමාව තුලම පිහිටා ඇත. හස්තිශෛලපුර හෙවත් ඇතුගල්පුර යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම නගරය මයි.
[සංස්කරණය] ඇතුගල්පුර යුගය
ක්‍රිස්තු වර්ෂ 1300දී දෙවන බුවනෙකබාහු රජතුමා තම අග නගරය යාපහුව නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී හතරවන පරාක්‍රමබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා තුන්වන බුවනෙකබාහු රජතුමා හා පස්වන විජයබාහු රජතුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී සිව්වන බුවනෙකබාහු රජතුමාත් ඇතුගල්පුර අගනුවර කරගෙන රාජ්‍යය කරවන ලදී. ඉන්පසු ටික කලෙකින් මේ රජතුමා තම රාජධානිය ගම්පොළට ගෙන යන ලදී.
| ශ්‍රී ලංකාවේ පලාත් අගනගර | |
|---|---|
| කොළඹ | සෙංකඩගල | ගාල්ල | යාපනය | ත්‍රිකුණාමලය | කුරුණෑගල | අනුරාධපුර | බදුල්ල | රත්නපුරය |