වැලිගම

විකිපීඩියා වෙතින්
වැලිගම
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වෙලාව (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)
වෙබ් අඩවිය.ලංකා

වසර 2300කට අධික ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ඵෙතිහාසික ජනාවාසයක් ලෙස වැලිගම හැඳින්විය හැකිය. මහා වංශයේ එන දෙතිස් ඵල රුක් බෝධියක් පිහිටුවන ලද ස්ථානයක් ලෙස වැලිගම වෙහෙර සඳහන් කර ඇත. මෙම තොරතුරු නොවන්නට වැලිගමට මෙතරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නට‍ කිසිදු සාධකයක් ඇති නොවන්නට ඉඩ තිබුණි.

ක්‍රි:පූ:3 වන ශත වර්ෂය වැනි දුරාතීත යුගයක අනුරාධපුරයෙන් සැතපුම් සියගණනක් ඈත නිරිතදිග තැනිතලාවේ සමුද්‍රසන්නයේ තිබු වැලිගම ඒ යුගයේදී ජනාවාසයක් ව පැවත ඇත. කෙසේ හෝ විජයාගමනයට සමගාමීව හෝ පසුව නිරිතදිග හා ගිනිකොනදිගට ආර්ය සංක්‍රමණයන් වු බවට ඉතිහාසඥයෝ පිළිගනිති.

වැලි බහුල වු නිසා ද ගල් බහුල වු නිසා ද වල්ලම් බහුල නිසා ද ඒ ආශ්‍රයෙන් වැලිගම නම ඇති වු බව එක් අදහසකි. ඉන්දියාවෙන් පැවති වෙළෙඳ අධිපතියෙන් වු "වලලි" නම් තැනැත්තා නිසා වැලිගම නම ඇති වු බව තවත් මතයකි. "වලලිත" නම් වෙළෙඳ ගණයක් මෙහි විසු බව ඉතිහාසඥවාර්ය ජාමුද කියයි. ඒ අනුව වැලිගම නාමය ඇති වු බව සාමාන්‍ය පිළිගැනීමයි. වැලිගම නාමය පිළිබඳ ප්‍රථම වරට ලේඛනගත සාහිත්‍යයේ දක්නට ලැබෙන්නේ සීගිරි ගි තුළිනි.

සංචාරක අාකර්ෂණ[සංස්කරණය]

කුෂ්ඨරාජගල
  • කුෂ්ඨරාජගල - විදේශීය වාණිජ්‍ය සබඳතා නිරන්තරයෙන් පැවතීම මත මහායාන බලපෑම් වැලිගමට ඇති වු බවට කුෂ්ඨරාජගල ප්‍රතිමාව සාක්ෂි දරයි. ලෝක ප්‍රකට මෙම පිළිමය වැලිගම ඉතිහාසයේ වැදගත් සලකුණක් ලෙස සටහන් වේ. මෙය ‍‍අවලෝකිතේෂ්වර නාථ බෝධිසත්ව ප්‍රතිමාව බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසයි. භාරයක් ඔප්පු කිරීමට කීලක්කරයේ සිට පැමිණි තම්සුනාම් රජෙක් භාරයක් ඔප්පු කිරීමට වැලිගම වෙළෙන්දන්ගේ අවශ්‍යතාවය මත, අග්බෝ වෛද්‍යවරයාගේ අනුදැනුම මත ක්‍රි:පු:8 වන ශතවර්ෂයේදී මෙය නෙළන ලද බව ජනශ්‍රැතයේ දැක්වේ. මහායානික බලපෑමක් වන මෙම ප්‍රතිමාව ආවරණය කොට පසුකාලීනව නාත දෙව්නගේ දේවාලයේ තනවන ලද බව ජනප්‍රවාදයේ පවතියි.
  • රිටිපන්න ධීවරයින් - රිටිපන්න ක්‍රමය යොදාගනිමින් තම ධීවර කටයුතු කරන ධීවරයින් වැලිගම දැකගත හැකි සුලබ දසුනක් බව පැවසෙයි.

කාල ගුණය[සංස්කරණය]

වැලිගම සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රේ මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වර්ෂය
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) 32
(90)
33
(91)
33
(91)
32
(90)
32
(90)
31
(88)
30
(86)
30
(86)
31
(88)
30
(86)
31
(88)
31
(88)
31.3
(88.5)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) 22
(72)
23
(73)
24
(75)
25
(77)
26
(79)
26
(79)
26
(79)
26
(79)
25
(77)
24
(75)
24
(75)
23
(73)
24.5
(76.1)
වර්ෂාපතනය mm (inches) 33.6
(1.323)
52.1
(2.051)
68.9
(2.713)
173.9
(6.846)
194.9
(7.673)
102.2
(4.024)
75
(2.95)
67.6
(2.661)
113.4
(4.465)
302.7
(11.917)
247.9
(9.76)
75.6
(2.976)
1,507.8
(59.359)
Avg. වැසි දින 7 4 8 14 16 14 11 9 13 19 16 10 141
% ආර්ද්‍රතාවය 76 72 60 53 45 34 38 41 44 49 60 73 54
මූලාශ්‍ර: [1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වැලිගම කාලගුණ වාර්තාව". World Weather Online. සම්ප්‍රවේශය November 2015. {{cite web}}: Check date values in: |accessdate= (help)

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වැලිගම&oldid=593332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි