ගම්පහ

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
ගම්පහ

ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අගනගරය වන අතර එය කොළඹ අවට පිහිටි ප්‍රධාන නගරයන්ගෙන් එකකි. එහි භුමි ප්‍රමාණය වර්ගකිලෝමිටර 1393කි. ගම්පහ නගරය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය මිරිස්වත්තේදී සහ යක්කලදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම රබර් ගස හෙනරත්ගොඩ උද්භිත උද්‍ය‍ානයේ රෝපණය කරන ලද අතර එය තවමත් ගම්පහ නගරයට ආසන්නයේ පිහිටා තිබේ. කොළඹ පොල්ගහවෙල දුම්රිය මාර්ගය ඔස්සේ ගම්පහට ලගා විය හැක. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත ගම්පහ බෙහෙත් ශ‍ාලාව නමින් ප්‍රසිද්ධ ආයුර්වේද බෙහෙත් ශාලා පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරයන් සියගණනක් බිහිකල සුප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යාචාර්ය වික්‍රමාරච්චි මහතා විසුවේද ගම්පහය.

ගම්පහ යන වචනය සැදි ඇත්තේ ‘ගම්’ යනු ගම්මානය යන්නත් පහ යනු 5 යන අර්ථතය දෙමින් ගම්මාන පහක් යන්නය. ගම්පහ ඇති ගම්මාන පහ නම් ඉහලගම, පහලගම, මැදගම, අලුත්ගම, සහ යාගොඩයි. ගම්පහ යනු නාගරීකරණය වූ නගරයකි.

[සංස්කරණය] ගමිපහ දි‍ස්තික්කය තුල පිහිටි නගර

ගම්‍පහ, අකරවිට, බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම, ඒකල, මිනුවන්ගොඩ‍, ග‍ෙණ්මුල්ල, යක්කල, මිරිස්වත්ත, වැලි‍වේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, ප‍ල්ලෙවෙල, පස්යාල, මීරිගම, යාගොඩ, දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, කටුනායක, මීගමුව, වැලිහේන.

"http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84" වෙතින් නැවත ලබාගන්නා ලදි
වෙනත් භාෂා වලින්