මීගමුව

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
මිගමුව

මිගමුව කොළඹ නගරයච කී.මී. 30 ක් පමණ උතුරින් පිහිටා ඇති නගරයකි. එය මීගමු කළපු මුවදොර පිහිටා ඇති අතර බණ්ඩාරනායක ජ‍ාත්‍යන්තර ගුවන් තොටුපලට කි.මී. 10 පමණ මෑතින් පිහිටා ඇත. කුඩා වරායකින් සමන්විත මීගමු නගරයේ ආර්ථිකය සංචාරක හා ධීවර කර්මාන්ත මත රදා පවතින අතර පිගන් හා තඹ භාණ්ඩ නිෂ්පාදනයද කරනු ලැබේ.

පටුන

[සංස්කරණය] නාමය

මී පිරැණු නගරය, මී ගොමුව , ලෙස ප්‍රකටව පැවති මීගමුව නගරය පෘතුගීසි සමයේ "නිගම්බෝ" යන ඉංග්‍රීසි නමින් අරැත් ගැන්වුනද එය අර්ථාන්විත නමක් නොවේ. ‍ කළපු මෝය ඉවුරැබඩ පිහිටා ඇති මීගමුව නගරය පෘතුගීසි හා ලන්දේසි සමයන්හීදී වෙළද තොටුපලක් ලෙස ප්‍රචලිතව පැවති අතර, දැනට එහි පිහිටීම ගුවන් තොටුපලට ඉක්මනින් ලගා විය හැකි ලෙස පිහිටා ති‍ෙබ්. 1672 දී ලන්දේසින් විසින් නිම කරන ලද පැරණි ඕලන්ද කොටුව දැනට මීගමුව බන්ධනා ගාරය ලෙස පවත්වා ගෙන යන අතර, ඕලන්ද ජාතිකයින් විසින් ප්‍රවාහන මාර්ගයක් ලෙස පවත්වා ගෙන ගිය ඕලන්ද ඇළ, පැරණි දෙවස්ථාන හා ධීවර ගම්මාන නගරයේ ආකර්ශනීයත්වය වැඩි කිරීමට දායක වී ඇත. නගරය හරහා ගලායන කි.මී.100 ක් පමණ දිගැති ඇළ මාර්ගය නගරය නැරඹිමට කැමති සංචාරකයින් සදහා මනහර දසුනක් මවා පායි.

මීගමු‍ව සිට කොච්චිකඩේ දක්වා දිවෙන මාර්ගයෙහි අත්කම් භාණ්ඩ හා ආභරණ වෙළද සැල් මෙන්ම සංචාරක නි‍කේතන හා අන්තර් ඡාල සේවා මධ්‍යස්ථානද සංචාරකයන් සඳහා දිවා රාත්‍රී විවෘතව පවති. ‍‍

[සංස්කරණය] වෙරළ තීරය

මනහර වූ මීගමු වෙරල තීරය සාමාන‍්‍යයෙන් සංචාරකයින් බහුල ප්‍රදේශයක් නොවූවද, සංචාරකයින් ‍තමන්ගේ සංචාරයේ අවසාන දින කීපය මීගමු නගරයේ සංචාරය සදහා යෙදවීම‍ට අමතක නොකරති.එය මීගමු වෙරලින් එහි ජනයාට සැලසෙන කදිම වාසියකි. කෙසේ වුවද වසරින් වසර එහි සුන්දරත්වය සංචාරකයින් සදහා වැඩි දියුණු වෙමින් පවතිනු ඇත. මෙම වෙරළ තීරය ධීවරයින් බහුලව භාවිතා කළද එහි සුන්දරත්වය පවත්වා ගැනීමට එම වෙරළ අවට ඇති සංචාරක හෝටල පාලකයින් වගබලා ගෙන ඇත. එම සංචාරක හෝටල් මගින් හා ‍පෞද්ගලික ව්‍යාපාරිකයන් මෙම මුහුදුතීරය යොදා ගෙන සංචාරකයන් සඳහා ‍කිමිදුම් මෙන්ම සර්ෆ් ක්‍රීඩා සඳහාද පහසුකම් සපයයි.එම ජල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානද ඒ අව‍ට පිහිටා ඇත.

[සංස්කරණය] ආගම

රෝමානු කතෝලිකයින් බහුතරයක් වෙසෙන මීගමුව නගරයේ කතෝලික දේවස්ථාන රාශියක් පිහිටා ඇත. එම නිසා මීගමු නගරය ප‍ුංචි රෝමය ලෙසද ප‍්‍රචලිතය. එහි පෘතුගීසි හාල න්දේසි සමයන් තුල සාදන ලද දේවස්ථාන රාශියක් ද පිහිටා ඇත.

එයට අමතරව ‍ෙබෟද්ධාගමිකයන් , හින්දු ආගමිකයන් හා අනෙක් කතෝලිකයින් ඵනම් ජෙහෝවාගේ සාක්ෂිකරැවන්,ඒ.ඹ්.ඡි, එල්.ඩි.එස්. යන ආගමික යන් සදහාද දේවස්ථාන පිහිටා ඇත. ‍

[සංස්කරණය] රාත්‍රී සමය

වෙරල කලාපය නමින් ප්‍රචලිත මීගමු වෙරල තීරය අවට සංචාරක හෝටල් , නවාතැන් හා රාත්‍රී සමාජ ශාලා බොහොමයක් පිහිටා ඇත.මේ අතරින් රෝඩීයෝ,බ්‍රවුන්ස් සහ කැම්ලොට් වඩාත්ම ප්‍රචලිත සංචාරක හෝටල් කීපයකි.


[සංස්කරණය] පාසල් හා අධ්‍යාපනික ආයතන

මෙහි ආගමික හා පොදු පාසල් බොහොමයක් ඇති අතර පහත එයින් කීපයක් දක්වා ඇත.

  • මාරිස්‍ ටෙල්ලා විද්‍යාලය
  • ආ‍වේ මරීයා බාලිකා විද්‍යාලය
  • නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය
  • ශාන්ත මරීයා විද්‍යාලය
  • හරිහ්චන්ද්‍ර විද්‍යාලය
  • ශාන්ත පීතරවිද්‍යාලය
  • ශාන්ත ඡෝසප් විද්‍යාලය
  • අයි.ඩි.ම්. මීගමුව
  • ඒ.ඡි.එස්. කළමණාකරණ පුහුණු ආයතනය
  • ගේට්‍ වේ ආයතනය
  • කිතු නැණ ආයතනය

[සංස්කරණය] සිතියම

ශාන්ත මරියා දේවස්ථානය පිටිපන , මීගමුව.

[සංස්කරණය] වෙනත් සබෑදුම්

"http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80" වෙතින් නැවත ලබාගන්නා ලදි