ගාල්ල

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

ගාල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි අගනගරයයි. එය වර්ග සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතී. එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත.

ගාල්ල නගරය සතුව ඓතිහාසික ස්ථාන කිහිපයක් පවතියි. එයින් එකක් වන්නේ ගාලු කොටුපවුරයි. මෙය පෘතුගීසින් විසින් ක්‍රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද බලකොටුවකි.

ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.

මීට අමතරව රූමස්සල කන්ද හේතුවෙන් ද නගරය ප්‍රසිද්ධ වී ඇත. ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර රිච්මන්ඩ් විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, මහින්ද විද්‍යාලය, ඇලෝසියස් විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර යන මහත්වරුන් ප්‍රමුඛ වේ.

[සංස්කරණය] මේ අඩවිත් බලන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

"http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD" වෙතින් නැවත ලබාගන්නා ලදි