දෙමළ ජනතාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දෙමළ ජනතාව
Tamil people
தமிழர்கள்
අක්ෂර දෝෂය
මුළු ජනගහනය
77 million[1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ආගම්
 India 60,793,814 (2001)[2]
 Sri Lanka 3,113,247 (2012)[3]
 Malaysia

1,396,000 (2000)[4]

for others see Tamil diaspora
භාෂා
Tamil
ආගම

Predominantly: සැකිල්ල:Hlist

Minorities: සැකිල්ල:Hlist
ආශ්‍රිත මිනිස් ජාතීන්
සැකිල්ල:Hlist

දෙමළ ජනතාව යනු ද්‍රවිඩමය ජාතියක් වන දෙමළ ජාතියේ ජනතාවයි. (එනමුත් සමහර බ්‍රාහ්මණ වංශිකයන්ය ඉන්දු-යුරෝපිය සම්භවයක් ඇතැයි සැලකේ). ලෝකය පුරා මිලියන 77 පමණ දෙමළ ජනතාවක් ඇත. ලොව භාෂාමය ශිෂ්ටාචාරයන් අතර තම ජාතිය බහුතරය වන දේශයක් නොමැති විශාලතම හා වඩාත්ම පෞරාණික ශිෂ්ටාචාරය ලෙස සැලකෙන අතර එබැවින්ම සිය ජාතිය බහුතරය වන දේශයන් ගොඩනැගීම පිණිස ඉතිහාසය තුලත් වර්තමානයේත් විවිධ අරගලවල යෙදේ.

පැතිරීම[සංස්කරණය]

රට දෙමළ ජන ප්‍රතිශතය දෙමළ ජන සංඛ්‍යාව
ශ්‍රී ලංකාව 15 % [තහවුරු කරන්න] 2270000[තහවුරු කරන්න]
ඉංදියාව 6 %[තහවුරු කරන්න] 60793000[තහවුරු කරන්න]
මුරුසිය 6 %[තහවුරු කරන්න] කොටුවේ පෙළ
සිංගප්පූරුව 5 %[තහවුරු කරන්න] කොටුවේ පෙළ
මැලේසියාව  % ~1,396,000[තහවුරු කරන්න]
එක්සත් රාජධානිය  % ~300,000[තහවුරු කරන්න]
ඇ.එ.ජ.  % ~300,000[තහවුරු කරන්න]
දකුණු අප්‍රිකාව  % ~250,000[තහවුරු කරන්න]
කැනඩාව  % ~200,000[තහවුරු කරන්න]

.ජනගහනය අනුව ශ්‍රීලංකාවේ 15.36% ද,ඉන්දියාවේ 5.91% ද,මුරුසියේ 5.83% හා 5% සිංගප්පුරුවේ ද ද්‍රවිඩ ජනය අඩංගු වේ. එමෙන්ම පැරණි යටත්විජිතයන්ගෙද ද්‍රවිඩ ජනය දැක ගත හැකි අතර ද්‍රවිඩ ජනයා නිදහස සදහා කල අරගලයන් වූ දකුණු අප්‍රිකානු සත්‍යග්‍රහ හා මලයාසියානු Azad Hind ව්‍යාපාරය තුලදී ප්‍රධාන බලවේග අතර වුහ. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය තුලදී මහත්මා ගාන්ධින්ව දකුණු අප්‍රිකානු දෙමළ ජනයා බොහෝ දුරට ප්‍රබෝදමත් කරන ලදී.

අවුරුදු දහස් ගානකට පෙර, නාගරීකරණය සහ වර්තමාන කේරළ හා තමිල්නාඩු ලෙස හැදින්වෙන බටහිර සහ නැගෙනහිර මුහුදුබඩ තීරයේ වාණිජ කටයුතු විශාල දේශපාලනමය ජනපද හතරක් (කේර,චෝල,පාණ්ඩය,පල්ලවස් ) හා සැලකියයුතු ප්‍රමාණයක් වූ එකිනෙකට අනෝන්‍ය ප්‍රතිවිරුද්ධ වූ කුඩා ජනපද සංවර්ධනයට මුලපුරන ලදී. ක්‍රි.පු 3 වන සියවස හා ක්‍රි.ව 3 වන සියවස අතර ද්‍රවිඩ ජනයා සුවදේශීය සාහිත්‍යක් බිහිකිරීමට සමත් වූ අතර පසුකාලීනව එය සංගම් සාහිත්‍ය ලෙස ව්‍යවහාර කරන ලදී.

ද්‍රවිඩයන් ඔවුන්ගේ රණකාමිත්වය, ආගමික බව හා වෙළද කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ දේශ සීමාවන්ගෙන් ඔබ්බටද ප්‍රසිද්ධියට පත්වූවෝ වුහ. පාන්ද්‍යන් හා චෝලයන් ඉතිහාසයේ ශ්‍රීලංකාව තුල ක්‍රියාකාරී කොට්ඨාසයක් වුහ.පල්ලව වෙළෙදුන් සහ ආගමික නායකයින් දකුණු ආසියාවේ සංචාරය කල අතර කලාපීය සංස්කෘතිය ඉන්දියානුකරණයේ විශේෂ භූමිකාවක් නිරුපනය කළේය. ප්‍රාදේශීයව දියුණු කරන ලද ග්‍රන්ථ සහ පල්ලව ආදී අක්ෂරමාලා khmer, javanese, තායි ආදී බොහෝ ස්වදේශීය අක්ෂරමාලා විකාශනය කෙරෙහි බලපා ඇත.

දමිළ දෘශ්‍ය කලාව ප්‍රධාන ස්ථානයන් හි ඉදිකරන ලද අලංකාර වාස්තුවිද්‍යාත්මක සිද්ධස්ථාන නිර්මාණයන් සහ ලෝකඩ හා ශෛලමය දේව ප්‍රතිමා මගින් විද්‍යමාන වේ. චෝල සමයේ ලෝකඩ නිර්මාණයන් අතරින් විශේෂිත වූ නටරාජා මුර්තිය, හින්දු ධර්මයේ සංකේතය බවට පත්ව ඇත. ද්‍රවිඩ ප්‍රසාංගික කලාව (performing art) ජනප්‍රිය හා ශාස්ත්‍රීය වශයෙන් කොටස් දෙකකි. ශාස්ත්‍රීය ආකාරය වන භරත ගම්මානයන්හි සිද්ධස්ථානයන් වලද ජනප්‍රිය ආකාරය ලෙස හදුන්වන kuthus විදි වල රග දක්වයි. ද්‍රවිඩ සිනමාව කොලිවුඩ් (kollywood) ලෙස හදුන් වන අතර එය ඉන්දිය සිනමාවේ වැදගත් අංගයකි. එසේම සංගීතයද ශාස්ත්‍රීය වශයෙන් කර්ණාටක ලෙස හා ජනප්‍රිය ලෙස විවිධ ප්‍රභේදයන්ට වෙන් කෙරේ. බොහෝ ද්‍රවිඩ ජනතාව හින්දු භක්තිකයන් වුවත්, බොහෝමයක් පරිචය කරනුයේ ජන හින්දුදහම ලෙස සලකන ගම්භාර දෙවි දේවතාවන් වන්දනාමාන කිරීමය.ද්‍රවිඩ සම්භවයක් සහිත ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනයාද තරමක ප්‍රමාණයක් වෙසෙති. චිරාත් කාලයක් පුරා නොනැසී පැවත එන කුඩා ජෛන ආගමික ප්‍රජවක්ද ඉතිරිව ඇත. ද්‍රවිඩ ඉවුම් පිහුම් වීවිධ වූ නිර්මාංස හා මාංශමය අංගයන් ප්‍රාදේශීයව සපයා ගත හැකි කුළුබඩු වලින් රසකර ඇත. ඔවුන්ගේ ආදී ජනයා මෙන්ම සංගීතය, වාස්තු විද්‍යාව හා සුවිශේෂි මුර්ති ශිල්පය කෙරෙහි ද්‍රවිඩ ජනයා ඇල්ම දක්වනවා මෙන්ම තවමත් ඒවා පුරුදු පුහුණු කරති. ඉංග්‍රීසි ඉතිහාසය.... සහ ප්‍රචාරකයෙකු වන මයිකල් වුඩ් ද්‍රවිඩ ජනයා මිහි මත නොනැසී වෙසෙන අවසාන පෞරාණික ශිෂ්ඨාචාරය ලෙස හදුන්වයි. ද්‍රවිඩ මුඛ්‍යධාරාව නුතන ගෝලීය ව්‍යාප්තිය තුලද ඔවුන්ගේ ඇදහීම් , සංස්කෘතිය , සංගීතය සහ සාහිත්‍යයේ මුලිකාංග ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කරගැනීමට සමත් වීමයි.

ඉතිහාසය[සංස්කරණය]

ඉන්දියානු දෙමල ජනතාව[සංස්කරණය]

ප්‍රාග්-ඓතිහාසික යුගය[සංස්කරණය]

පිළිබිඹු වන පුරාවිද්‍යා සාධකයන්ට අනුව දමිළ ජනයාගේ මානව යටගියාව පිළිබඳ සාධක ක්‍රිපූ 1500 අතර කාලය දක්වා ඈතට දිවයයි. ඉන්දියාවේ වර්තමාන තමිල්නාඩුව, තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ අදිචනාල්ලුර් ප්‍රදේශවල ව්‍යාප්තව ඇති භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ශෛලමය ස්මාරකයන් තුලින් මෙම කරුණු තහවුරු වී ඇත.

ක්‍රි.ව 10 සියවසින් පසු දමිළ ජනයාගේ ඉතිහාසය පිළිබඳ වූ අනේ ප්‍රකාර පුරාවෘත්ත සමාජයේ පිළිගැනීමට ලක් විය. ඉරෛයානර් අගප්පොරුල් (Iraiyanar Agapporul ) සඳහන් කරන ආකාරයට, සංගම් සාහිත්‍යයේ 10 වෙනි සහ 11 වෙනි සියවසේ විවරණයට අනුව, ඉන්දියානු අර්ධද්වීපය තුල දමිළ ජනපද ඔවුන්ගේ ස්වාභාවික දේශ සීමාවෙන් ඔබ්බට දකුණු ප්‍රදේශයේ කොට්ඨාස 49ක් පුරා ව්‍යාප්ත වන ලදි .

පෞරාණික යුගය[සංස්කරණය]

Grey pottery with engravings, Arikamedu, 1st century AD.

ක්‍රිපූ. 3 වන සියවසේ පමණ සිට, රජ වංශිකයන් වූ චෝළ , චෞර , පන්ධ්‍යන් පැරණි දමිළ දේශයේ බලය ලබා ගැනීම සදහා නැගී සිටියෝ ය.එම සැම වංශිකයන්ට දමිළ බස භාවිතා වන ප්‍රාන්තයක් තුළ ඔවුන්ගේම රාජධානියක් පැවතුනි. පුරාතන සාහිත්‍ය හා ශිලාලේඛන වල සඳහන් පරිදි මධ්‍යම තමිල්නාඩුවේ විශාල ප්‍රදේශයක් ප්‍රාදේශීය නායකයන්ගේ එකමුතුවෙන් පාලනය කරන ලදී. මෙම ප්‍රාදේශීය නායකයන් හා රජුන් අතර සටන් සුලබ දසුනක් විය. එසේම ඔවුන් අතීත ශ්‍රිලංකාව සමගද ගැටුම් ඇතිකර ගත්හ. මෙවැනි බොහොමයක් යුද්ධයන්ගේ අරමුණ වුයේ ගැටුම්කාරී ප්‍රදේශයන් යටත් කර ගැනීම හෝ තම භූමියට ඈදා ගැනීමටත් වඩා තම ආධිපත්‍ය තහවුරුකර ගැනීම හා රට වැසියාගේ ගෞරවය දිනාගැනීමය . කෙසේ නමුත් රජුන් හා ප්‍රාදේශීය නායකයින් කලාව හා එකල පැවතුණ සුවිශේෂී සාහිත්‍ය සදහා අනුග්‍රාහකයෝ වුහ. එසේම මෙම පුරාතන යුගයේ දී සංස්කෘතික ක්‍රියාකාරකම් සුවිශේෂී කොට සලකනු ලැබූ බව දමිළ සාහිත්‍ය මගින් පෙන්නුම් කරයි.

මෙම යුගයේ කෘෂිකර්මය යනු ඉතා වැදගත් අංගයක් ව තිබූ බව ක්‍රි.ව. 2වන සියවසේ මුල් භාගයේ පැවති වාරිමාර්ග ජාලාවන්ගෙන් සනාථ වේ. අභ්‍යන්තර හා බාහිර වෙළඳ කටයුතු ඉතා උසස් මට්ටමක පැවතුණු අතර රෝමය හා සුවිශේෂී සබඳතා පැවතපු බවට ද සාධක පවතී. කරුර් හා අරිකමේඩු ප්‍රදේශ වලින් විශාල ප්‍රමාණයෙන් රෝමන් කාසි හා රෝමානු වෙළෙන්දන් පැමිණි බවට සලකුණු හමුවී ඇත. රජුන් විසින් ඕගස්ටස් රෝමානු අධිරාජ්‍ය වෙත අවම වශයෙන් තානාපති මණ්ඩල දෙකක් වත් යැවුව බවට සාධක පාණ්ඩය ඇත. රතු මුහුදේ කැණීම් වල දී දමිළ අක්ෂර සහිත වළං කැබලි හමුවීම එම ප්‍රදේශයේ දමිළ වෙළදුන්ගේ ක්‍රියාකාරකම් නිරූපනය කරයි. පළමු සියවසේ විසු නිර්නාමික සංචාරකයෙකු ගේ ග්‍රීක සටහන්, Periplus Maris Erytraei , පාණ්ඩය හා චෞර රාජධානි වල තිබූ නැව් තොටුපලවල් හා ඒවායේ වානිජ්‍ය කටයුතු පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් සපයයි . එසේම periplus සටහන් අනුව ආදී දමිළ ජනයා ගම්මිරිස්, පා වට්ට, මුතු, ඇත් දළ, සිල්ක්, දියමන්ති, නිල් මැණික් සහ කැස්බෑ ලෙලි ප්‍රධාන වශයෙන් අපනයනය කරන ලදි.

පුරාතන යුගයේ අවසානය ක්‍රි.ව. 4 වන සියවසේ සිදු වූ kalabhr ආක්‍රමණයත් සමග සනිටුහන් වේ. එය දමිළ සාහිත්‍යයේ හා ශිලා ලේඛනයන් හී kalappirar ලෙස සඳහන් වේ. මෙම ආක්‍රමණිකයන් උතුරු දමිළ දේශයෙන් පැමිණි ම්ලේච්ඡ හා රෞද්‍ර රජුන් බවට සඳහන් වේ. දමිළ දේශයේ මෙම අඳුරු යුගය පල්ලව රාජ වංශිකයන්ගේ පිබිදීමත් සමග නිමාවට පත් විය. එමෙන්ම පුරාතන යුගය තුලදී දමිළයන්ට මාලදිවයින තුල සංහිඳියාවක් ඇති කර ගැනීමට ද හැකි වූ බව ක්ලැරන්ස් මැලෝනි (Clarence Maloney) සඳහන් කරයි.

වෙළදාම හා ආර්ථිකය[සංස්කරණය]

ගොනුව:Varaha Cave Bas relief.jpg පුරාතන දමිළ දේශයේ ආර්ථිකය මෙම ලිපිය සිංහලට පරිවර්තනය කර නොමැත.

අධිරාජ්‍යවාදී සහ පශ්චාත්-අධිරාජ්‍යවාදී යුගය[සංස්කරණය]

The Varaha cave bas relief at Mahabalipuram built by the Pallava king Narasimhavarman II in 7th century AD

පල්ලව රජ වංශිකයන් පිළිබඳ වාර්තා ක්‍රි.ව. 2 වන සියවස තෙක් දිව යන මුත් ක්‍රි.ව. 6 වන සියවසේ මහේශාක්‍ය රාජ වංශයක් බවට පරිවර්තනය වන තුරු ඔවුන් පිළිබඳ වාර්තා ප්‍රමුඛත්වයක් ගෙන නොමැත . පල්ලවයින් අති විශාල භූමි ප්‍රදේශයක් තම සෘජු පාලනයට යටත් කර තම රජාත්වය අධිරාජ්‍යයක් බවට පරිවර්තනය කර ගන්න ලදි. පල්ලවයින් හින්දු භක්තිකයින් වූහ. ඔවුන්ගේ එක් රාජ වංශිකයෙකු ජෛන ආගම වැළඳ ගත්තද පසුව නැවත හින්දු දහමට යොමුවන ලදි. වර්තමාන හින්දු දහමේ එන බක්ති ව්‍යාපාරය (Bakthi Movement ) ස්ථාපිත වීම මෙම සමයේ සිදු වූ අතර එය ජෛන ආගම සහ බුදු දහමේ ආභාෂය සමග ක්‍රමයෙන් නැගි සිටින්නට විය. පල්ලවයින් අලංකෘත , සුවිසල්, ශෛලමය සිද්ධස්ථාන තැනීමේ පුරෝගාමියෝ වූහ. එය ද්‍රවිඩ සිද්ධස්ථාන නිර්මාණ ශිල්පයේ පදනම විය. ඔවුන් මෙම කාලය අතරතුර ශාක්‍ය වංශිකයන් සමග ගැටුම් ඇති කර ගත්හ. ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශික පුල කෙසි 2 රජු ශාක්‍ය අධිරාජ්‍ය පල්ලව රාජධානියේ උතුරු ප්‍රදේශය දක්වා පුළුල් කිරීමට සමත් වූ අතර මෙහි දී සිදු වූ යුද්ධයන් වල දී පල්ලවයින්ට පරාජය අත් විය. නරසිම්හවර්මන්(narasimhavarman ) නම් පල්ලව රජු ක්‍රි.ව. 642 දී බදාමි (badami ) ප්‍රදේශයේ බලය නැවත ලබා ගැනීමට සමත් වූවත් එය තාවකාලික ජයග්‍රහණයක් විය. පසුව ශාක්‍ය වංශික වික්‍රමාදිත්‍ය 2 රජු එයට පලිගැනීමක් ලෙස නැවත ආක්‍රමණයක් දියත් කොට පල්ලව රාජ්‍යයට අයත්ව තිබු තොන්දෙමන්දලම්(Tondaimandalam ) භූමි ප්‍රදේශයද , එවකට පල්ලව රජු වූ නන්දිවාරම් 2 (Nandivaram 2) හා යුද්ධ කර අනුක්‍රමයෙන් ජය ලබා කාන්චිපුරම් ප්‍රදේශයද තම රාජ්‍යයට ඈඳා ගැනීමට සමත් විය. පල්ලව රාජවංශය 9 වන සියවසේ දී රාශ්ට්‍රකුට (Rashtrakutus) අධිරාජ්‍ය විසින් බිදහෙලන ලදී. රාශ්ට්‍රකුට අධිරාජ්‍යයේ අවසන් ශ්‍රේෂ්ඨ රජු වූ ක්‍රිෂ්ණා 3 , නර්මදා ගංගාවේ සිට කාවේරි ගංගාව හා උතුරු දමිළ දේශය (Tondaimandalam ) දක්වා තම රාජ්‍ය පුළුල් කරමින් අධිරාජ්‍ය වඩා ශක්තිමත් කරන ලද අතර එහි ගෞරවය යුද්ධ සේනා සපයා දුන් ශ්‍රිලංකා රජුටද හිමි වේ.

The Tamil Chola Empire at its height, 1030AD

රාජරාජ චෝළ සහ ඔහුගේ පුත් රාජේන්ද්‍ර චෝළ යටතේ , ක්‍රි.ව. 10 වන සියවසේ දී චෝළයන් බලසම්පන්න වූ අතර දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ හා ශ්‍රිලංකාව තම බලයට නතු කර ගනිමින් අධිරාජ්‍යයක් ගොඩ නැගීමට සමත් වුහ. චෝළ අධිරාජ්‍ය හා චීනයේ Song Dyanasty සහ ගිනිකොන දිග ආසියාවත් සමග ශක්තිමත් වෙළඳ සබඳතා පැවතුනි. ඔවුන් තම අධිරාජ්‍ය රට අභ්‍යන්තරයේ ගංගානම් ගංගාව තෙක් පුළුල් කල අතර බෙංගාල බොක්ක අවට වෙරළ තීරය තම පාලනයට නතු කර ගත්හ. රාජේන්ද්‍ර චෝළ තම පියාගේ නාවික බල ඇණිය සවිමත් කර ඉන්දියානු උප මහද්වීපයේ පළමු වන විශිෂ්ට ගණයේ කැපී පෙනෙන නාවික බල ඇණියක් නිර්මාණය කළේය. චෝළ නාවික හමුදාව ඉන්දුනීසියාවේ හා පිලිපීනයේ ශ්‍රී විජය අධිරාජ්‍ය පරාජය කර චීනය දක්වා වූ මුහුදු වෙළඳ මාර්ගය සුරක්ෂිත කළේය. චෝළයන් තම බලය පතුරවා තායිලන්තය හා කාම්බෝජය යන රටවලින් කප්පම් ලබාගත්තේය . නමුත් 13 වන සියවස අතරතුර චෝළ බලය හීන විය. එය පාණ්ඩය අධිරාජ්‍යයට කෙටි පුනර්ජීවයක් ලද්දා වූ කාලයක් විය. පසුව පාණ්ඩය අධිරාජ්‍ය නිරන්තර දකුණු ඉන්දියානු ඉස්ලාමීය ආක්‍රමණයන්ට ලක් වූ අතර 14 වන සියවසේ මුල් භාගයේ දී පාන්ඩයන්ගේ අගනුවර වූ මදුරාසිය, ජලලුදින් අෂාන් ඛාන් විසින් අත්පත් කර ගන්නා ලදි. පසුව එහි මදුරාසි සුල්තාන් රාජ්‍ය පිහිටුවන ලද අතර කෙටි කලක් තුල එනම් 1378 දී විජයනගර් අධිරාජ්‍ය විසින් එය අත්පත් කරගන්නා ලදි. 15 වන සියවස තුලදී දකුණු ඉන්දියාවේ බලසම්පන්න ම අධිරාජ්‍ය බවට විජයනගර් පත්වුණි. 1646 විජයනගර් අධිරාජ්‍යයේ පරිහානියත් සමග තමිල්නාඩුවේ බලය Madurai Nayak වැනි කුඩා ජනපද අත්පත් කර ගන්න ලදී.

13 වන සියවසේ චෝළ සහ පාණ්ඩය අධිරාජ්‍යයන්ගේ පාලනයෙන් මිදීමත් සමග ක්‍රමයෙන් බටහිර දමිළ භූමි ප්‍රදේශයන් අනෙකුත් දමිළ භූමි ප්‍රදේශයන්ගෙන් දේශපාලනමය වශයෙන් වෙන් විය. ඔවුන් දෙමළ බසින් ප්‍රභින්න වුත් ඔවුන්ටම විශේෂ්‍ය වූ භාෂා සහ සාහිත්‍ය සංස්කෘතියක් ගොඩනගා ගත් අතර වර්තමානයේ එය මලයාලම් භාෂාව දක්වා විකාශය වී ඇත.

ශ්‍රිලාංකිය දෙමල ජනතාව[සංස්කරණය]

Megalithic burial urns or jar found in Pomparippu, North Western, Sri Lanka dated to at least five to two centuries before Common Era. These are similar to Megalithic burial jars found in South India and the Deccan during similar time frame.[5]

මධ්‍යකාලීන චෝළ යුගයට පෙර ශ්‍රී ලංකාවේ විසූ දෙමළ ජනතාවගේ හමුවීම පිළිබඳ පොදු විද්වත් එකඟතාවත් ඇත[තහවුරු කරන්න]. එක් න්‍යායක් අනුව ක්‍රි.ව 10 වන සියවසේ දකුණු ඉන්දියාව වෙතින් එල්ල වූ ආක්‍රමණයන්ට පෙර ශ්‍රිලංකාවේ ක්‍රමවත් දෙමළ නියෝජනයක් නොතිබූ බවත්, තවත් න්‍යායකට අනුව දෙමළ ජනයා ලංකා දිවයිනේ මුල් ආදිවාසීන් බව ට පිළිගැනීමක් ඇත[තහවුරු කරන්න]. නමුදු අනෙක් සංස්කෘතික විසරණ න්‍යාය අනුව දමිළ භාෂාව ඉන්දියානු අර්ධද්වීපයේ සිට අනෙකුත් මධ්‍ය ශිලා (Mesolithic)යුගයේ ජනයා අතර විහිදීම ක්‍රිස්තියානු සමයටත් සියවස් ගණනාවකට පෙර සිට සිදුවී ඇත.

කෙසේ නමුත් ශ්‍රිලංකාවේ දමිළ සංස්කෘතික විශ්වාසයට අනුව ඔවුන් ආදීවාසී යක්ෂ හා නාග ගෝත්‍රික පරම්පරාවෙන් පැවත එන්නන්ය[තහවුරු කරන්න].”Nakam” ලෙස දෙමළ භාෂාවෙන් හඳුන්වන නාග රූපය තවමත් හින්දු දමිළ සම්ප්‍රදායේදී උප ප්‍රධාන දෙවියෙක් ලෙස සලකනු ලැබේ.

ප්‍රාග්-ඓතිහාසික යුගය[සංස්කරණය]

ස්වදේශීය වැදි ජනයා ජනවාර්ගික වශයෙන් දකුණු ඉන්දියානු ගෝත්‍රික ජනයාට නෑකම් කියති[තහවුරු කරන්න]. ක්‍රි.පු 5 වන හා ක්‍රි.ව 2 සියවස් අතරතුර ශ්‍රිලංකාවේ හා නූතන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ ගම්මාන හා ජනාවාස ඇතිවීමේ සමානකම් පවතින බව ඉන්දියාවේ බටහිර වෙරළ බඩ Pomparippu හා ශ්‍රිලංකාවේ නැගෙනහිර වෙරළ බඩ කදිරවේලි පෞරාණික සුසාන භූමි කැණීම් මගින් පිළිබිඹු වේ.

දකුණු ඉන්දියානු හා ශ්‍රී ලාංකික ආදාහන ක්‍රමවේදයන්ගේ ඇති සංස්කෘතික සමානකම් ක්‍රිපූ 10 වන සියවස තෙක් දිවෙන බව පුරාවිද්‍යාඥයන් සඳහන් කලද , ඉන්දියානු ඉතිහාසය හා පුරාවිද්‍යාව මගින් එය ක්‍රි.පූ 15 සියවස තෙක් පසුපසට ගෙන ඇත. අනුරාධපුරයේ බ්‍රාහ්මීය නොවන සලකුණු සහිත භාණ්ඩයන් හා සිදුකල විකිරණ පරීක්ෂණ මගින් ඒවා ක්‍රි.පූ 9 හා 10 වන සියවසට පමණ අයත් බව තහවුරු වී ඇත.


ඓතිහාසික යුගය[සංස්කරණය]

South Indian type Black and Red ware potsherds found in Sri Lanka and dated 1st to 2nd century AD. Displayed at the National Museum of Colombo, Sri Lanka.

ක්‍රි.පු. 2 වන සියවසේ මුල් කාලීන දමිළ අක්ෂර සහිත වළං කැබලි දිවයිනේ උතුරින් වන පුනරින් (Pooneryn) ප්‍රදේශයේ කැණීම් කටයුතු වලදී සොයාගෙන ඇති අතර [තහවුරු කරන්න]ඒවායේ පුරාණ දමිළ දේශයේ වේලා(Velir) වංශය පිළිබඳ සටහන් අන්තර්ගත වේ. තවද දමිළ බ්‍රාහ්මීය සටහන් සහිත වළං කැබලි දිවයිනට දකුණින් වූ තිස්සමහාරාමය ආශ්‍රිත කැණීම් වලදී ද සොයාගෙන ඇත.

ක්‍රි.පු. 2 වන සියවසේ මුල් කාලයේ දී රජරට රාජධානියේ අගනුවර වූ අනුරාධපුර හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල දමිළ හෝ ද්‍රවිඩ යනුවෙන් හදුන්වාදෙනු ලැබූ ජනයා ජිවත් වූ බව පුරාවිද්‍යාලේඛන සාධක අනුව හෙළිදරව් වේ[තහවුරු කරන්න]. ඉතිහාසමය වාර්තා [තහවුරු කරන්න]සනාථ කරන පරිදි වර්තමාන ඉන්දියානු දේශයේ පැවතියා වූ දෙමළ රාජධානි ක්‍රි.පු. 2 වන සියවසේ පමණ සිට ලංකා දිවයින හා එහි කටයුතු සම්බන්ධව ඉතා සමීපව කටයුතු කර ඇත. ක්‍රි.පු. 145 දී සිදුවූ එළාර ආක්‍රමණය වැනි වාර්ගික දමිළ වික්‍රමිකයින් පිළිබඳ සිංහල මහාවංශයේද සදහන්ව ඇත. එමෙන්ම 7වන හා 11 වන සියවස අතරතුරදී ප්‍රාදේශීය නායකයින් හා රජුන් ඔවුන්ගේ නිත්‍යනුකුලභාවය ස්ථාපනය බලය රැකගැනීම උදෙසා දකුණු ඉන්දියාවේ සිට දමිළ සොල්දාදුවන් විශාල වශයෙන් අනුරාධපුර වෙත රැගෙන එන ලදී. ක්‍රි.ව. 8 වන සියවස වන විට ක්‍රමයෙන් දෙමළ ගම බිම් ස්ථාපිත වූ අතර පොදුවේ ඒවා දෙමළ- කැබැල්ල (Tamil-allotment) නම් විය.




මද්‍යකාලීන යුගය[සංස්කරණය]

ක්‍රි.ව. 9 වන හා 10 වන සියවසේ, පාණ්ඩය සහ චෝළ ආක්‍රමණයන් උච්ච වූ අතර චෝළයන් ලංකාව අල්ලා ගැනීමට සමත් විය. ඔවුන්ගේ පාලනය ක්‍රි.ව. 11 සියවසේ මැද භාගය වන තෙක් පැවතුනි.
11 වන සියවසේ අවසාන හා 12 වන සියවසේ මුල් භාගය තුල ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශික වික්‍රමාදිත්‍ය 6 වන පාලන සමයේ බටහිර ශාක්‍ය රාජධානිය අවස්ථාවක් කීපයකදී ප්‍රබල ලෙස චෝළයන් පරාජයට පත් කර ඔවුන්ගේ රාජ්‍ය දුර්වල කරන ලදී. 12 වන සියවසේ දී දකුණු ඉන්දියාවේ චෝළ බලය පිරිහීමත් සමග කලාපයේ හොයිසල බලය ක්‍රමයෙන් වර්ධනය විය. හොයිසලයන් තම බල ප්‍රදේශ වර්ධනය කරමින් 1225 අතර තුර කාලයේදී ශ්‍රීනගර් ආසන්නයේ Kannaru Kuppam නමින් අගනගරයක් ඉදිකළ අතර ,එය දකුණු ඉන්දියානු දේශපාලනයේ පාලන බලයත්, දකුණු දිග ඩෙකෑනයේ හොයිසල ආධිපත්‍යයේ ආරම්භය සනිටුහන් කිරීමට මහෝපකාරී විය. හොයිසල වංශික 2 වන වීර නරසිම්හ රජුගේ පුත් වීර සෝමේශ්වරගේ දියණිවරු පාණ්ඩය හා චෝළ වංශිකයන් හා විවාහ වූහ. ශ්‍රිලංකාවේ චෝළ බලය පිරිහීමත් සමග පොළොන්නරු රාජධානියේ ප්‍රතිෂ්ඨාපනය ක්‍රි.ව. 11 වන සියවසේ අග භාගයේ දී සිදු විය.
ක්‍රි.ව. 1215 සිදු වූ පාණ්ඩය ආක්‍රමණය සමග ආර්ය චක්‍රවර්ති රාජ වංශය යාපනය අර්ධද්වීපය හා ශ්‍රිලංකාවේ උතුරු ප්‍රදේශ ආවරණය වන පරිදි ස්වාධීන යාපනය රාජධානිය ස්ථාපනය කරන ලදී. ආර්ය චක්‍රවර්තීන්ගෙන් දකුණු ප්‍රදේශ වෙත එල්ල වූ ආක්‍රමණයන් අලගක්කෝනාර නැතහොත් අලකේශ්වරයන් විසින් නවතාලන ලදි. සමහර විද්වතුන්ගේ මතය වන්නේ ඔවුනටමලයාලම් සමිභවයක් ඇති බවයි , සමහරෙක් ඔවුන්ගේ ආරමිභය ඉන්දියාවේ තමිල්නාඩු හි කාංචිපුර යයි පවසති. ඔහු පස්වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1344-59 )රජු ගේ ප්‍රධාන අමාත්‍යවරයා විය. අලගක්කෝනාර පරම්පරාවෙ නායකයෙකු වූ වීර අලකේශ්වර පසු කාලීනව සිංහලයන්ගේ රජු බවට පත්විය. නමුත් ක්‍රි: ව 1409 දි චින අද්මිරාල් ෂැන් හේ විසින් අලගක්කෝනාර පවුලේ නායක වු වීර අලකේශ්වර පරාජයට පත් කොට සිර භාරයට ගන්නා ලදි. ක්‍රි.ව. 1619 දී පෘතුගීසින් යාපනය රාජධානිය විජයග්‍රහණය තෙක් උතුරු නැගෙනහිර විශාල භූමි ප්‍රදේශයක් ආර්ය චක්‍රවර්ති රාජ වංශය විසින් පාලනය කරන ලදි. දිවයිනේ වෙරළබඩ තීරය ලන්දේසීන් විසින් අත්පත්කරගත් අතර පසුව 1976 දී එය බ්‍රිතාන්‍ය කිරීටයට යටතට පත් විය. ඉංග්‍රීසි යාත්‍රිකයෙකු වූ රොබට් නොක්ස් 1681 ඔහුගේ An Historical Relation of the Island Ceylon නම් ප්‍රකාශනයෙන් දිවයිනේ දමිළ ප්‍රදේශයන් තුල කල සංචාරයන් පිළිබඳ විස්තර හා දෙමළ රාජධානි පිහිටි ප්‍රදේශ සිතියම් ගතකර ඇත. 17 වන සියවසේ සිට යුරෝපීය ආගමනයත් සමග දිවයිනේ ඊශාන දිග ප්‍රදේශය වාසභූමිය කර ගත් වෙන්වූ ජාතියක් ලෙස විස්තර කරන්නට විය.
සිංහල ජාතිය තුල පවත්නා කුල ක්‍රමය, 13 වන සියවසේ පැමිණි දකුණු ඉන්දියානු සංක්‍රමනිකයින්ගෙන් . මෙය සිංහලයන් තුල සලාගම , දුරාව, කරාව යනුවෙන් කුල තුනක් ඉස්මතුවීමට අවකාශය සලසා දෙන ලදී.

නූතන යුගය[සංස්කරණය]


1947 ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු මදුරාසි පාලන ප්‍රදේශය මදුරාසි ජනපදය බවට පරිවර්තනය වුනි. එයට වර්තමාන තමිල්නාඩුව ,වෙරළ බඩ ආන්ද්‍රා ප්‍රදේශය , උතුරු කේරලය සහ කර්ණාටක ප්‍රාන්තයේ නිරිත දිග වෙරළ ප්‍රදේශ අයත්විය.
රාජ්‍ය පසු කාලීනව භාෂාමය නිර්ණායකයන් ඔස්සේ ක්‍රමයෙන් විදාරණය විය. 1953 දී උතුරු දිස්ත්‍රික්කයන් එක් කොට ආන්ද්‍රා පදේශය පිහිටුවන ලදී.1956 යේ රාජ්‍ය ප්‍රතිසංවිධාන පනත මගින් මදුරාසියට බස්නාහිරට වන්නට වූ වෙරළ බඩ දිස්ත්‍රික්කයන් අහිමි විය. Bellary සහ south Kanara දිස්ත්‍රික්කයන් මයිසූර් ප්‍රාන්තයට පවරාදෙන ලද අතර කේරළය මලබාර් හා Princely ප්‍රාන්තය එක් කර පිහිටුවන ලදී. 1968 දී මදුරාසිය තමිල්නාඩුව ලෙස නම් කරන ලදී.
ෆෙඩරල් ක්‍රමය ස්ථාපිත වීමත් සමග ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිළිබඳ අවශ්‍යතාව මතු වන්නට විය. කෙසේ නමුත් ශ්‍රිලංකාව තුල ඒකීය සංවිධාන හා ව්‍යවස්ථාදායකය දුර්වලතා මත දමිළ ජනයා පරිහාරයට ලක් වූ අතර එහි ප්‍රතිඵල ලෙස පෙඩරල්වාදී ඉල්ලීම් කරළියට පැමිණියේය. තවද 1970 වන විට එය ස්වාධීන දෙමළ දේශයක් වෙනුවෙන් වූ ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය. මෙම තත්වය තවත් නරක අතට හැරෙමින් 1980 දී සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. 2002 වසරේදී දෙපාර්ශවය අතර සාම ගිවිසුමක් අත්සන් කල නමුත් ගිවිසුම් කඩකිරීමේ හේතුත් මත 2006 වසරේ දී එය පළුදු විය. 2009 වසරේදී ශ්‍රිලාංකිය හමුදා විසින් දියත් කල මානුෂිය මෙහෙයුම් තුලින් කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කරන ලදී. වර්තමානයේ ශ්‍රිලංකා ජනගහනයෙන් 18% ක් දෙමළ ජාතිකයින් වේ (මිලියන 3.8).


භූගෝලීය ව්‍යාප්තිය[සංස්කරණය]

ඉන්දියානු දෙමළ ජනයා[සංස්කරණය]


බොහෝ ඉන්දියානු දෙමළ ජනයා තමිල් නාඩුව තුල ජිවත් වේ. අතීත ප්‍රංශ කොලනියක් වූ පුදුචෙරි (Puducherry) හි වාසය කරන වැසියන්ගෙන් බහුතරය දමිළයන් වේ.එමෙන්ම අන්දමන් හා නිකොබාර් දූපත් වාසීන්ගෙන් හයෙන් එකක් පමණ ජනතාව දමිළ සම්භවයක් සහිත වුවන් බවට ගණන් බලා ඇත.
ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වලද සැලකිය යුතු දෙමළ ප්‍රජාවක් විසිරී සිටී. මේවායින් බොහොමයක් වර්තමානයේ ඉස්මතු වන්නට වූ අතර යටත් විජිත සමය හා පශ්චාත් යටත් විජිත සමය තෙක් එහි ඉතිහාසය දිව යයි. නමුත් සමහර විශේෂ දමිළ වාසභූමි වන දකුණු කර්ණාටය(මිලියන 2.9), පුනේ, මහාරාෂ්ට(මිලියන 1.4), ආන්ද්‍රා ප්‍රදේශය(මිලියන 1.2), කේරළය(මිලියන 0.6) සහ දිල්ලි (මිලියන 0.1) යන ප්‍රදේශ වල ඉතිහාසය මධ්‍යකාලීන යුගය තෙක් විහිදේ.

ශ්‍රී ලාංකික දෙමළ ජනයා[සංස්කරණය]

Tamil distribution.png

ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය සහිත දෙමළ ජනතාව ශ්‍රි ලාංකික දෙමළ ජනයා වේ. ලාංකා සම්භවයක් සහිත සහ ඉන්දියානු සමභවයකි සහිත දෙමළ ලෙස ශ්‍රී ලංකාව තුල උප වර්ග දෙකකි.

ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා[සංස්කරණය]

ලංකා සම්භවයක් සහිත දමිළ ජනයා යාපනය රාජධානිය බිහිවීමටත් පෙර සිටම ලක්දිව තුල පදිංචිව සිටි දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මොවුන් අති බහුතරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හෝ බස්නාහිර පලතෙය අයත් කොළඹ පරිපාලන දිස්ත්‍රික්යේ ජිවත් වෙයි.

ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජනයා[සංස්කරණය]

ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා (කදුකර දමිළ ජනයා) ක්‍රි.ව. 19 වන සියවසේ තමිල් මදුරාසි පරිපාලන ඒකකයේ සිට තේ වගාව සදහා ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන් වේ. මින් බහුතරය තවමත් මධ්‍යම කදුකරයේ ජිවත් වෙයි. බ්‍රිතාන්‍ය ලංකාව සහ බ්‍රිතාන්‍ය රාජ් භූමි දෙකම එක්සත් රාජධානිය යටතේ වූ බැවින් ලංකාව‍ (1984දී) සහ ඉන්දියාව (1947දී) නිමින් ස්වෛරීය රාජ්‍යයන් ලෙස නිදහස ලබනතුරු මෙවුන්ගේ පුරවැසිභාවය පිලිබඳ ටැටළුවක් නොවීය. මොවුන්ගේ ඉරණම පිළිබඳව සලකාබැලීමක්න් හෝ තීරණයකින් තොරව ස්වාධීන රාජයන් බිහිවීමෙන් පසු මෙය සමාජයීය සහ දේශපාලන්ක ගැටළුවක් බවට පත්විය. 1960 දී ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව 40% වූ ඉන්දීය දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය පිරිනමන ලද ශේෂ ජනයා තම මවුබිම වූ ඉන්දියාවට පමුණුවන ලදී.1990 වන විට ශ්‍රිලංකාවේ වෙසෙන බොහෝ ඉන්දියානු දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය හිමිවුනි.


තවද දෙමළ බස කතා කරන සලකියයුතු මුස්ලිම් ජනතාවක් ශ්‍රිලංකාවේ වාසය කරයි. කෙසේ නමුත් ඉන්දියාවේ වෙසෙන දමිළ මුස්ලිම්වරු මෙන් ඔවුන් දමිළ වාර්ගිකයින් නොවෙති. එබැවින් ඔවුන් වෙනම ජනවාර්ගික කණ්ඩායමක් ලෙස නිල සංඛ්‍යා ලේඛන වල දක්වා ඇත.
1960 දී ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව 40% වූ ඉන්දීය දමිළ ජනයාට ඉන්දියානු දෙමළ ජනයා මධ්‍යම කදුකරයේ ජිවත් වෙයි. ඉතිහාස සාධකයන්ට අනුව එකිනෙකට ප්‍රභින්න වූ ජන කොට්ඨාසයන් දෙකක් සේ පිළිබිඹු වුවද 1980 සිට ඔවුනොවුන් අතර කැපී පෙනෙන එකමුතු බවක් වර්ධනය වන්නට විය. ශ්‍රිලාංකීය පුරවැසිභාවය පිරිනමන ලද ශේෂ ජනයා තම මවුබිම වූ ඉන්දියාවට පමුණුවන ලදී.1990 වන විට ශ්‍රිලංකාවේ වෙසෙන බොහෝ ඉන්දියානු දමිළ ජනයාට ශ්‍රිලාංකීය පුරවැසිභාවය හිමිවුනි.


දෙමළ ඩයස්පෝරාව[සංස්කරණය]

Kavadi dancers in Hamm, Germany in 2007

දමිළ ජනයාගේ ගෝලීය ව්‍යාප්තිය 18 වන සියවසේ බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍ය පාලනය ගිවිසුම් ප්‍රකාරව දුගී දමිළ ජනයාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් දුර බැහැර ප්‍රදේශ වලට කම්කරුවන් සේ පිටත් කිරීමත් සමග විශේෂ මුහුණුවරක් ගන්නා ලදි. මෙලෙස ඉන්දීය කම්කරුවන් මලයාසියාව, දකුණු අප්‍රිකාව, ෆීජි, මුරුසිය හා කැරිබියන් දූපත් සදහා ප්‍රධාන වශයෙන් පිටත් කර හැරිය අතර ඊට සමකාලීනව බොහෝ දමිළ ව්‍යාපාරිකයින් ද බුරුමය හා නැගෙනහිර අප්‍රිකාව ඇතුළු අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රදේශයන්ට සංක්‍රමණය විය.

Batu Caves temple built by Tamil Malaysians in circa 1880s

බොහෝ දමිළයන් තවමත් මෙම රාජ්‍යන් හි ජිවත් වේ. සිංගප්පූරුව , මලයාසියාව, දකුණු අප්‍රිකාව යන රට වල වෙසෙන දමිළ ප්‍රජාව ඔවුන්ගේ උරුමය වූ ආදිමය සංස්කෘතිය හා භාෂාව බොහෝ සෙයින් නොවෙනස්ව පවත්වා ගැනීමට සමත්ව ඇත. දෙමළ පාසල් වලට යන මලයාසියානු ළමුන් ගණන බොහෝ වේ. මුරුසියේ හා ...... වෙසෙන දමිළ ළමුන්ගෙන් සැලකියයුතු මට්ටමකගේ මුඛ්‍ය භාෂාව දමිළ වේ. සිංගප්පූරුවේ දමිළ සිසුන් ඔවුන්ගේ ප්‍රාථමික භාෂාව ලෙස ඉංග්‍රීසි සහ ද්ව්තියක භාෂාව ලෙස දමිළ ඉගෙන ගනී. දමිළ භාෂාව ආරක්ෂා කර ගැනීම සදහා සිංගප්පූරු රජය එය නිල භාෂාවක් ලෙස නම් කර ඇත. දකුණු අප්‍රිකාව හා ෆීජි වැනි රටවල වෙසෙන දමිළ ප්‍රජාව ඔවුන්ගේ ප්‍රාථමික භාෂාව සේ දෙමළ භාවිතා නොකරනමුත් සවිමත් වූ දෙමළ අනන්‍යතාවයක් රඳවා ගැනීමට හැකි ව ඇත. ඔවුන් බොහොමයකට දෙමළ පිළිබද අවබෝධයක් පවතින අතර බොහෝ වැඩිහිටි ජනයා දෙමළ ඔවුන්ගේ ප්‍රාථමික භාෂාව ලෙස තවම භාවිතා කරති.
1980 දී ශ්‍රිලංකාව තුල ඇතිවූ වාර්ගික ගැටුම් හේතුවෙන් දෙමළ ජනයා විදේශ රාජ්‍යන් කරා සංක්‍රමණය වන්නට විය. මෙම සංක්‍රමණයන් බොහෝ විට ඔස්ට්‍රේලියාව , යුරෝපය , උතුරු ඇමෙරිකාව හා නිරිත දිග ආසියානු රටවල් වෙත සිදු විය. වර්තමානයේ දී දකුණු ආසියාවෙන් එපිට වැඩිම දෙමළ ජන ඝනත්වයක් ඇති ප්‍රදේශය ලෙස කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශය සැලකේ.




සංස්කෘතිය[සංස්කරණය]

භාෂාව හා සාහිත්‍ය[සංස්කරණය]

An idol in Madurai representing the Tamil language as a goddess; The caption on the pedestal reads Tamil Annai ("Mother Tamil").

දෙමළ ජනයා ඔවුන්ගේ භාෂාව අතර ප්‍රබල වූ සහසම්බන්ධයක් ඇත. සාහිත්‍ය තුල දී භාෂාව, දමිළ ජනයාගේ මාතෘ පදවිය සේ නිරතුරුව සලකා ගරුබුහුමන් දක්වයි. එය ඉතිහාසය පුරා හා වර්තමානයේ දෙමළ අනන්‍යතාවයේ ප්‍රධාන කේන්ද්‍රය හා සංකේතය සේ සලකනු ලැබේ. දකුණු ඉන්දියාවේ අනෙකුත් භාෂාවන්සේම දෙමළ භාෂාවද Dravidian භාෂාවක් වේ. අනෙක් Dravidian භාෂාවන් හා සසඳන කල දෙමළ භාෂාව සදහා සංස්කෘත භාෂාවේ බලපෑම ඉතා අල්ප වන අතර එය මුල් Dravidian හි මුල් අංග ලක්ෂණ ආරක්ෂා කොට ගෙන ඇත. සංස්කෘත හා ඉංග්‍රීසි වචන මුසු කොටගත් මුල් දමිළ භාෂාවෙන් නිදහස් ලෙස පරිවර්තනය වූ දමිළ භාෂාවක් වර්තමානයේ දී තමිල්නාඩු ජනයා භාවිතා කරනු ලැබේ. ඉන්දීය ජනරජය දෙමළ සාහිත්‍යයේ පෞරාණික බව නිසාම සම්භාවනීය පුරාණ භාෂාවක් ලෙස හදුන්වාදී ඇත. පෞරාණික දෙමළ සාහිත්‍යයේ පරාසය භාව ගිතයන්ගේ සිට කාව්‍ය ශාස්ත්‍රය සහ ආචාරධර්මී දර්ශන වාදය දක්වා විහිදී තිබේ. එය සමකාලීන පසු කාලීන ඉන්දියානු භාෂා සාහිත්‍යන්ගෙන් දෙමළ භාෂාව විශේෂ කොට දැක්වීමට මහෝපකාරී වී ඇත. තවද එය දකුණු ආසියානු ලෞකික සාහිත්‍යයේ පැරණිතම ස්වරූපය නිරූපනය කරයි.

ආගම[සංස්කරණය]

Grave of Sulthan Syed Ibrahim Shaheed in Erwadi who first brought Islam to Tamil Nadu.
The Om symbol in Tamil script.
Velankanni Our Lady of Good Health Church, a Marian church.
Tamil Jain Temple Karandai Digambar

තමිල්නාඩුවේ වෙසෙන 88 % ජනයා හින්දු භක්තිකයෝ වන අතර ක්‍රිස්තියාන හා මුස්ලිම් ජාතිකයින් පිළිවෙලින් 6 % හා 5.5 % අගයක් ගනී. බහුතරයක් වූ තමිල්නාඩු මුස්ලිම් ජනයා දෙමළ කතා කරයි.ඔවුන්ගෙන් 15 % පමණ දෙනා මවු භාෂාව ලෙස උර්දු භාවිතා කරන බවට වාර්තා වේ.

දෘශ්‍ය කලාව හා නිර්මාණ ශිල්පය[සංස්කරණය]

සංගීතය[සංස්කරණය]

චිත්‍රපට හා නාට්‍ය කලාව[සංස්කරණය]

Martial Arts[සංස්කරණය]

  1. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; vistawide නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Census_2001 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "A2 : Population by ethnic group according to districts, 2012". Department of Census & Statistics, Sri Lanka. 
  4. "Ethnologue report for language code tam", Ethnologue: Languages of the World, http://www.ethnologue.com/show_language.asp?code=tam, retrieved 2007-07-31 
  5. de Silva, A. History of Sri Lanka, p. 129
"http://si.wikipedia.org/w/index.php?title=දෙමළ_ජනතාව&oldid=313278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි