මහනුවර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න



ඛණ්ඩාංක: 7°17′49.06″N 80°38′18.43″E / 7.2969611°N 80.6384528°E / 7.2969611; 80.6384528

මහනුවර
Kandy lake and city centre
Nickname(s): නුවර
Motto: Loyal and Free
රට  ශ්‍රී ලංකාව
පළාත Central Province[1]
දිස්ත්‍රික්කය Kandy District[2]
සෙංකඩගලපුර ~1480
මහනුවර මහනගර සභාව 1865
රජය
 • නගරාධිපති Duminda Wickremasinghe [3]
ජනගහණය (2001)
 • සම්පූර්ණ 110,049
 • Density 57/km2 (150/sq mi)
  [4]
වේලා කලාපය Sri Lanka Standard Time Zone[5] (UTC+5:30)
 • Summer (DST) Summer time (UTC+6)
Website www.kandycity.org
මහනුවර දුම්රිය ස්ථානය

මහනුවර (ශබ්ද වර දෙමළ බසින් கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

පටුන

[සංස්කරණය] ඉතිහාසය

[සංස්කරණය] නමේ මූලාරම්භය

ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. [6]. පසුව ලංකාවේ අගනුවර වූ බැවින් වත්මන් නම වන මහනුවර හෙවත් කෙටියෙන් නුවර යන නාමය භාවිතයට පත්ව ඇත. "කැන්ඩි" යන ඉංග්‍රීසි නාමය කන්ද උඩ රට යන සිංහල නාමයෙන් විකාශනය වුවක් බව වඩාත් පිළිගත් මතයයි. පෘතුගීසින් කන්ද උඩරට කෙටියෙන් "කන්ඩියා (Candea)" නමින් හඳුන්වා ඇති අතර පසුව එය "කැන්ඩි (Kandy)" යන වත්මන් නමට පරිවර්තනය වී ඇත.

[සංස්කරණය] මහනුවර රාජධානිය

1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය. [7] ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1818 දී සහ 1848 කැරලි ක්‍රියාත්මක විය. ඉන් පසු පාලනයේ ප්‍රතිසංස්කරන ගනනාවකට පසු Dominion තත්ත්වය යටතේ 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය.


[සංස්කරණය] සංස්කෘතිය

[සංස්කරණය] ලෝක උරුම නගරය

පූජනීය මහනුවර නගරය*
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

මහනුවර ශ්‍රී දලඳා මාලිගාව
රට  ශ්‍රී ලංකාව
වර්ගය සංස්කෘතික
වර්ගීකරණය iv, vi
යොමුව 450
කලාපය Asia-Pacific
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය 1988  (10th Session)
* ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.


[සංස්කරණය] පුරාණේ භාවිතා කළ නාමය

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර

[සංස්කරණය] මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු

[සංස්කරණය] පිහිටීම

[සංස්කරණය] වැදගත් ස්ථාන

19 වන සියවසෙහිදී මහනුවර ජනාධිපති මන්දිරිය දිස් වූ අයුරු
19 වන සියවසෙහිදී මහනුවර රැජිණ හෝටලය දිස්වූ අයුරු
  • මහනුවර සිටි සෙන්ටර් (මෙය මහනුවර නගරයට අලුතින් ම එකතු වු ස්ථානයකි. මෙහි ගෘහනිර්මාණ ශිල්පය ඉතා සුවිශේෂි එකකි)

[සංස්කරණය] කාලගුණය

මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මෙ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.

[සංස්කරණය] සංස්කෘතිය

[සංස්කරණය] ස්වාභාවික උරුමය

  1. උඩ වත්ත කැලය
  2. දුනු මඞලාව
  3. හන්තාන කදු වැටිය

[සංස්කරණය] ආර්ථිකය

ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.

[සංස්කරණය] මූලාශ්‍ර

  1. http://en.wikipedia.org/wiki/Central_Province,_Sri_Lanka
  2. http://en.wikipedia.org/wiki/Kandy_District
  3. http://www.askbiography.com/bio/Kandy.html
  4. Sri Lanka: Districts & Major Cities - Statistics & Maps on City on City Population
  5. http://www.timeanddate.com/worldclock/city.html?n=389http://www.timeanddate.com/worldclock/city.html?n=389
  6. http://si.wikipedia.org/wiki/මහනුවර_රාජධානිය
  7. http://en.wikipedia.org/wiki/Kandy
  8. http://www.diyatha.com/web/ithihasaya/kandy1.htm
  9. http://www.botanicgardens.gov.lk/peradeniya/

[සංස්කරණය] බාහිර සබැඳුම්

"http://si.wikipedia.org/w/index.php?title=මහනුවර&oldid=210183" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්