මාතලේ

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

මාතලේ යනු මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මනරම් නගරයකි. එහි මුලු භුමි ප්‍රමානය 1,987 km² කි. එය කොළඹින් කිලෝමීටර 142ක් පමණ (සෑතපුම් 90ක්) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ (සෑතපුම් 16) දුරින් පිහිටා ඇති මාතලේ නගර‍යෙහි වත්මන් නගරාධිපති වශයෙන් කටයුතු කරනුයේ හිල්මි කරීම් මැතිතුමා ය. (2007 නොවැම්බර් මස 3 වැනිදාට)

ලෝක ප්‍රසිද්ධ ස්ථ‍ාන වන අලුවිහාර ලෙන් විහාරය, දඹුල්ල ගල් විහාරය, සීගිරිය බලකොටුව යන ස්ථාන පිහිටා ඇත්තේ මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය තුලය. මාතලේ නගරය, ඊට බටහිරින් පිහිටා ඇති විල්ෂයර් කඳු පන්තියෙන් මායිම් වී ඇ‍ති තැනිතලා ප්‍රදේශයකි. කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් වන මෙහි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ තේ, රබර්, කුලුබඩු වර්ග සහ එළවලු වර්ග ය. නගරයේ උතුරු දෙසින් පිහිටා ඇති අලුවිහාරස්ථානය ත්‍රිපිටකය මුල්වරට ග්‍රන්ථාරූඪ කිරීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇත.

වර්ෂ 1815 දී ලංකාද්වීපය මුලුමනින්ම ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරු‍ව ඇ‍ති වූ සෑම නිදහස් අරගලයකටම පාහේ මූලික වී කටයුතු කරන ලද්දේ මාතලේ ප්‍රදේශයේ වීරෝදාර ජනතාව ය (1817-18, 1848).

"http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A" වෙතින් නැවත ලබාගන්නා ලදි
වෙනත් භාෂා වලින්