ඩොල්ෆින්

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

Dolphin8.jpg

ගොඩබිම වාසය කරන සතුන් මෙන්ම මිනිසාට වඩාත්ම සමීප සතුන් ම‍හ මුහුදේද වාසය කරති. ඒ අතරින් ඉතා කෙටි කාලයකදී මිනිසාට වඩාත් සමීපව මිනිසා අනුකරණය කළ පුදුමාකර සත්වයෙක් සි‍ටී. ඒ වැඩිදෙනෙකුගේ ආදරයට හුරතලයට පාත්‍ර වූ සෙල්ලක්කාර ‍ඩොල්ෆින් මත්ස්‍යයාය. අප ර‍ට වටකර ඇති ඉන්දියන් සයුරේ ඩොල්ෆින් මසුන් බහුලව දක්නට ලැබේ. මත්ස්‍යයින් අතුරෙන් බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය ලෙස සලකන්කේ මොවුන්ය. මුහුදු ක්ෂීරපායියෙකු වන ඩොල්ෆින් විද්‍යාත්මක වර්ගීකරණය කිරීමේදී සිටේසියානු ගෝත්‍රයට අයත්වේ.


පටුන

[සංස්කරණය] ඩොල්ෆින් නම සෑදුනේ කෙසේද?

ඩොල්ෆින් යන නම පුරාණ ග්‍රීක “ඩෙල්ෆිස්” යන වචනයෙන් සම්භවය වී ඇත. ග්‍රීක භාෂාවෙන් “ඩෙල්ෆිස්” යන්නෙහි තේරුම වනුයේ ගර්භාෂය යන්නයි. එමනිසා මෙම මත්ස්‍යයාගේ නමෙහි අර්ථය ලෙස ‘ගර්භාෂයක් සහිත මත්ස්‍යයා’ යන්න දැක්විය හැකිය.

[සංස්කරණය] ඩොල්ෆින් දක්නට ලැබෙන ස්ථාන

ලොව පුරාම මෙම ඩොල්ෆින් සතුන් වාසය කරති. අප ර‍ට වටකර ඇති ඉන්දියන් සයුරේ ඩොල්ෆින් මසුන් බහුලව දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ මහද්වීපික තටක වල නොගැඹුරු මුහුදු ප්‍රදේශයේය.


[සංස්කරණය] ඩොල්ෆින් මත්ස්‍යයාගේ ළමා කාලය

Dolphin7.jpg

ක්ෂීරපායි ගණයට අයත් වන ඩොල්ෆින් දත් සහිත තල්මසුන් ගණයට අයත් කුඩා තල්මසෙකු ලෙස වර්ග කෙරේ. උපතේදී ඩොල්ෆින්ට දත් නැත. එහෙත් සති කීපයකින් දෙඇන්දේම දත් හතලිස් හතර බැගින් එන්නට පටන් ගනී. මාස 18ක් පමණ වනතුරු සිය මව‍ගේ කිරි බීමටද ඩොල්ෆින් මත්ස්‍යයා හුරුවී සිටී.


[සංස්කරණය] වැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයා‍

3.1. වර්ධනය

වැඩුනු ඩොල්ෆින් මත්ස්‍යයෙකු දිගින් අඩි 8 සිට 12 දක්වාද බරින් රාත්තල් 300-400 අතර ප්‍රමාණයක්ද‍ වෙයි. එසේම ඩොල්ෆින්ගේ කිරි එළකිරි වලට වඩා හය ගුණයකින් පමණ ශක්තිය වඩවන අතර මේද වැඩි ප්‍රමාණයක්ද සහිත වේ.


3.2. ආහාර

මාංශ භක්ෂක මත්ස්‍යයෙකි. ඩොල්ෆින් ආහාර වශයෙන් ගන්නේ බෙල්ලන් හා කුඩා මාළුවන්ය. නමුත් උගේ ප්‍රියජනකම ආහාරය වන්නේ පියාමැස්සන්ය.


3.3. හැසිරීම් රටාව

සමූහ වශයෙන් ජීවත්වීම ප්‍රීතියක් සේ සලකන මොවුන් එක රංචුවක් වුවහොත් අඩු තරමින් එතැන දහසක් පමණ සිටිතැයි කිවහැක. නිතරම මුහුදු ගමන් වල යෙදෙන මගීන් හට මුහුදේ පිහිනමින් ක්‍රීඩා කරමින් සිටින ඩොල්ෆින් මත්ස්‍යයන් සුලබ ලෙස දක්නට ලැබේ.


3.4. නින්ද

මිනිසෙකුගේ ගතිගුණ ප්‍රියකරනු ලැබූවද ඩොල්ෆින් නිදාගැනීමට ගත කරන්නේ තත්පර තිහකටත් වඩා අඩු කාලයකි. ගොඩබිම වසන අනෙක් ක්ෂීරපායීන් මෙන් නොව ඩොල්ෆින්ට හුස්ම ගැනීමට ජලය මතුපිටට ඒමට සිදුවීම එයට හේතුවයි.මිනිත්තු පහක නින්ද ඩොල්ෆින්ට ඉතා දිගු නින්දකි.

නින්දේ ප්‍රථම අදියරේදී ඩොල්ෆින් නිදා ගනුයේ මොළයේ එක් අර්ධයකිනි. එනම් එක් ඇසක් පමණක් වසා ගෙනය. අනෙක් අර්ධය සහ ඇස පරිසරයේ සිදුවන වෙනස්කම් සහ සතුරන් පිලිබඳව විමසිල්ලෙන් පසුවේ. නින්දේ දෙවන අදියරේදී සුපුරුදු පරිදි ඇස් දෙකම වසා ගෙන නින්දට යති.


[සංස්කරණය] ඩොල්ෆින් සතු විශේෂ ලක්ෂණ

3.1.අසාමාන්‍ය හැඟීම් සමුදායක් ඇති සත්වයෙක් ලෙස ප්‍රචලිතය

සංවේදන හැකියාවන්

මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට සමතෙක් වේ

මිනිස් කටහඬ අනුකරණය කිරීමේ ජග‍තෙකි


3.2. මිනිසාට සමානවූ ගතිගුණ දරයි


[සංස්කරණය] අවදානමට ලක්ව ඇති සත්ත්වයෙකි

Dolphin10.jpg Dolphin9.jpg


මිනිසාගෙන් ඇතිවී ඇති අවදානම

•අසරණවූ ධීවරයින් බේරාගන්නා ඩොල්ෆින් අද ධීවරයින් නිසාම ඉතා අසරණ තත්වයට පත්ව සිටී. ඒ. ශ්‍රී ලංතාවේ ධීවරයින් වසරකට ඩොල්ෆින් මසුන් 662,000 පමණ මරති. ජපානය, මෙක්සිකෝව, තායිවානය, පේරු හා ශ්‍රී ලංතාව එම සතුන් මැරීමේ යෙදෙන ප්‍රධාන රටවල් වේ. රැකගතයුතු සාගර ජීවී සම්පතක් ලෙස ඩොල්ෆින් සාගර නීති වලට අඩංගු වී තිබුනද මින්සුන් මේ නීතිරීති වලික් මිදී ඩොල්ෆින් දඩයම දිගටම කරගෙන යති.

•සාගර වලට මුදාහරින බැර ලෝහ, ප්ලාස්ටික් සහ අනෙකුත් කාර්මික හා කෘෂිකාර්මික අපදුව්‍ය නිසාද ඩොල්ෆින්ට වන හානිය සුළු පටු නොවේ.

•ගමන් ගන්නා නැව් සහ බෝට්ටු වල හැප්පීම නිසාද ඒවායේ අවරපෙති වල ගැටීම නිසාද ඩොල්ෆින් සතුන් මියයති.

•ජපානයේ ටයිජි නගරය හැඳින්වෙන්නේ ඩොල්ෆින් රස මසවුළු වලින් සපිරි ගෙයක් ‍ලෙසටය. එහි ඩොල්ෆින් මසුන්ගෙන් නිර්මාණය කර ගන්නා සුකියාකි (Sukiyaki) නම් ආහාරය දිව පිනවන ආහාරයක් ලෙස ප්‍රකටය. ටයිජි නගරයේ මෙම ව්‍යසනයට එරෙහිව පරිසරවේදීන් දැනටමත් පියවර ගෙන ඇත.


විලෝපිකයන්ගෙන් ඇතිවී ඇති අවදානම

•කුඩා වර්ග වල ඩොල්ෆින් සතුන් ව්ශේෂයෙන්ම ඩොල්ෆින් පැටවුන් විශාල මෝරුන්ගේ ප්‍රධාන ආහාරයක් වේ.

•සමහරක් ප්‍රමාණයෙන් විශාල ඩොල්ෆින් විශේෂ, ප්‍රමාණයෙන් කුඩා ඩොල්ෆින් විශේෂ ආහාරයට ගන්නා නමුත් මෙය ඉතා දුලබ සිදුවීමක් ගලස දැක්විය හැක.

[සංස්කරණය] මිනිසා සහ ඩොල්ෆින් අතර සම්බන්ධය

සමුද්‍රයේ ගුප්ත සතා

ඩොල්ෆින් මාළුවා ගැන ඉතාවැදගත් කරුණු ඇතුලත් ග්‍රන්ථයකි.


ඩොල්ෆින් සතෙකු සුරතල් කිරීමට ‍ඔබත් කැමතිද? Dolphin6.jpg


Commons-logo.svg
Wikimedia Commons has media related to:
"http://si.wikipedia.org/wiki/%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%8A" වෙතින් නැවත ලබාගන්නා ලදි