යාපනය
| යාපනය | |
|---|---|
| — නගරය — | |
| පුස්තකාලය - යාපනය | |
|
|
|
| ඛණ්ඩාංක: 9°40′0″N 80°0′0″E / 9.666667°N 80°E | |
| රට | ලංකා |
| Province | උතුරු පළාත |
| District | Jaffna |
| රජය | |
| • Type | මහනගර සභාව |
| • පුරපති | |
| Area | |
| • Total | 20.2 km2 (7.8 sq mi) |
| ජනගහණය (2007) | |
| • සම්පූර්ණ | 83,563 |
| • Density | 4,137/km2 (10,713/sq mi) |
| වේලා කලාපය | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
| Website | Jaffna city website |
යාපනය යනු ශ්‍රී ලංකාවේ , උතුරු පළාතේ ප්‍රධාන නගරයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නගරය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුවරක් වූවද, ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුවරක් වී තිබේ.
[සංස්කරණය] ඉතිහාසය
ක්‍රිස්තු වර්ෂ 11වන සියවස තෙක් ප්‍රධාන වශයෙන් සිංහලයින් සහ දකුණු ඉන්දීය වෙළන්දුන් ගැවැසි නුවරක් වූ මෙම නුවර 11 සිට 15වන සියවස දක්වා මලබාර-දෙමළ ජාතික ප්‍රාදේශීය රජ පරපුරක අගනුවර විය. ඉන්පසුව පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතික පාලනයට යටත්ව, ඔවුන්ගේ පාලන මධ්යස්ථානයක්ව පැවතින.
[සංස්කරණය] ත්‍රස්තවාදී යුගය
ක්‍රි. ව. 1948න් පසුව කෙටි සෞභාග්‍යයක් දුටුව ද ක්‍රි. ව. 1983න් පසුව ඇරඹි, ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් විශාල පිරිහීමක් සිදුව තිබේ. 1981දී එවකට පැවති රජයට සම්බන්ධ කල්ලියක් විසින් ගිනි තබා විනාශ කරන තුරු, යාපනයේ පැවති පුස්තකාලය දකුණු ආසියාවේ පිහිටි විශාලතම වූත් වටිනාම පොත් රැසක් තිබූ පුස්තකාලය විය. මෙය මෑතදී පිළිසකර කර නැවත විවෘත කර ඇත්තේ යාපනයට නැවත සාමයේ අරුණළු ගෙනෙමිනි.