කළුතර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Kalutara
කඵතර
களுத்துறை
Kalutara කඵතර களுத்துறை Sri Lanka
Kalutara
කඵතර
களுத்துறை
ඛණ්ඩාංක: 6°35′13″N 79°57′37″E / 6.58694°N 79.96028°E / 6.58694; 79.96028
Province Western Province
වේලා කලාපය Sri Lanka Standard Time Zone (UTC+5:30)
 • ගිම්හානය (DST) Summer time (UTC+6)

කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති සංචාරක ලැගුම්හල් නගරයකි. එමෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍ර‍‍යෙනි. එකො‍‍‍ළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපයේ ‍‍‍ෙපරදී ‍පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර ‍‍‍වෙළඳාම සඳහා ‍‍යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංගිරිසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.

මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකා‍‍ෙවී පළමු ‍කොන්ක්‍රීට් පාලමද වෙයි.පාල‍ෙම් දකුණු අන්තයේ මහල් 3 ක් උස ‍බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර ,1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.

Kalutara2.jpg
259152041 b2d5ad2956.jpg


"http://si.wikipedia.org/w/index.php?title=කළුතර&oldid=249089" වෙතින් නැවත ලබාගන්නා ලදි