පොළොන්නරුව
Wikipedia වෙතින්
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමභාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමභාහු රජු සමත් විය.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල පරාක්‍රමභාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංකමල්ල රජු රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.
පටුන |
[සංස්කරණය] පොළොන්නරු යූගයේ විසු රජවරු
[සංස්කරණය] පුරාවිද්‍යාත්මක නටඹුන්
- විජයන්ත ප්‍රාසාදය
- රුස්වීම් ශාලාව
- වටදාගෙය
- සඳකඩපහන්
- ථූපාරාමය
- නිශ්ශංකලතා මණ්ඩපය
- අටදාගෙය
- ගල් පොත
- ගල් විහාරය
- දෙමළ මහා සෑය
- නෙලුම් පොකුණ
- සත්මහල් ප්‍රාසාදය
- හැටදාගෙය
- ලංකාතිලක විහාරය
- රන්කොත් වෙහෙර
- භික්ෂූ රෝහල්
- පබලු වෙහෙර
- කිරි වෙහෙර
- පොත්ගුල් වෙහෙර
- තිවංක පිළිමගෙය
- ආලහන පිරිවෙන
- ශිව දේවාලය
- කුමාර පොකුණ
ශ්‍රි ලංකාවෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.
[සංස්කරණය] පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම
අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස
- අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
- ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
විදහා දැක්විය හැකිය.
ඹ්නෑම දේශයක දියුනුව ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්‍රතිහත ධෛර්යයේ ළුලය බව අමතක නොකල යුතුය.දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරයට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.
පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් [["මහා විජයබාහු රජතුමා"]] සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල "මහා පරාක්‍රමබාහු රජතුමාය" ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.
- ඇතුල් නුවර
- පිට නුවර
- පිට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,ගොවිබිම්)
පොළොන්නරුව වු කලි සැබවින්ම වැදගත්වුත්,අමරණියවුත් ප්‍රදේශයකි.පුලතිස් පුරවරය ගැන කථාකරන විට අප මතකයට නැගෙන ස්ථාන රාශියකි.
- ප්‍රරාක්‍රම සමුද්‍රය
- පුරාවිද්‍යා කෞතුකාගාරය
- ශිව දේවාලය
- වටදා ගෙය
- හැටදා ගෙය
- මැණික් වෙහෙර
- ලංකා තිලක
- තිවංක පිළිමගෙය
- පරාක්‍රම මාලිගාව
- නිශ්ශංකමල්ල මාලිගා සංකිර්ණය
- නිශ්ශංකලතා මණ්ඩපය
- අටදා ගෙය
- සත්මහල් ප්‍රසාදය
- රන්කොත් වෙහෙර
- කිරිවෙහෙර
- පොත්ගුල් වෙහෙර
- කුමාර පොකුණ
ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.
ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්නර20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයකට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු "වෛජසන්න ප්‍රසාදය" හෙවත් "සත්මහල් ප්‍රසාදය" අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත.පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වයක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.
බෞද්ධ ගෘහ නිර්මාණ,ශිල්පයන්,බෞද්ධ කලාවන්,හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන්, හින්දු කලාවන්පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත.එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත්සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි.මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අතීතයේ මුතුන් මිත්තන්ගේ මහේශාක්‍ය දිවිපැවැත්මේ සහ ප්‍රතිභාවෙි යටගිය පුවත් බොහෝ දුරට ඉස්මතු කර දෙමින් වත්මන් පොළොන්නරුව සාඩම්බරව නැගිසිටින්නට උත්සාහ දරමින් ඇත.ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්‍රිවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට කටයුතු කිරිම නිසා එම ශ්‍රි විභුතිය වඩාත් ඹපනැංවි පවතින බව කිව යුතුය.අවුරුදු දහස් ගණනක් තිස්සේ විදේශ ආක්‍රමනයන්ට ගොදුරු වෙමින්,ඝන වනාන්තර තුල හව් හරනක් නැතිව හුදකලා වෙමින් අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් පැවති අතීත නටබුන් වර්තමාණයේදි පවා මෙවන් ශ්‍රි විභුතියකට හිමිකම් කියන්නේ නම් එකල කොතරම් මහේශාක්‍ය ලීලාවෙන් මේ මහපොළොව මත නැගී සිටින්නට ඇත්ද??
[සංස්කරණය] මේ අඩවියත් බලන්න
පොළොන්නරුව
[සංස්කරණය] පොළොන්නරු දිස්ත්‍රිකයෙහි පිහිටා ඇති අනෙකුත් නටඹුන් ස්ථාන
[සංස්කරණය] වත්මන් පසුබිම
ඵෙතිහාසික නටඹුන් නගරයට සමීපව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පවතින ආපනශාලා හා සිල්ලර වෙළඳසැල් කීපයකින් යුත් නගරයකි. මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වන පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.
[සංස්කරණය] මේ අඩවියත් බලන්න
අසිරිමත් පොළොන්නරුව සිංහලේ රාජාවලිය
















