මාර්ටින් වික්‍රමසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
මාර්ටින් වික්‍රමසිංහ
උපත 1890 මැයි 29 වන දින
මියගියේ 1976 ජූලි 23වන දින
නාවල
මරණයට හේතුව රෝගී තත්ත්වයක්
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
රැකියාව නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
මව්පියෝ ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි
වෙබ් අඩවිය
මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය

මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.

සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

පටුන

[සංස්කරණය] මුල් කාලය

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සල් හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසැලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

[සංස්කරණය] නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.

1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.

වික්‍රමසිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙළක් පිලිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක්‍රමික පිලිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

[සංස්කරණය] මේ ලිපිත් කියවන්න

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්