ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.
ඉතිහාසය
[සංස්කරණය]කලාප
[සංස්කරණය]කලාපය | ප්‍රමාණය | වනෝද්‍යානයට එක්වූ දිනය |
---|---|---|
I | 14,101 hectares (54.44 sq mi) | 1938 |
II | 9,931 hectares (38.34 sq mi) | 1954 |
III | 40,775 hectares (157.43 sq mi) | 1967 |
IV | 26,418 hectares (102.00 sq mi) | 1969 |
V | 6,656 hectares (25.70 sq mi) | 1973 |
Source: Sri Lanka Wetlands Information and Database |
පිහිටිම
[සංස්කරණය]උද්‍යානයේ උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.
උද්‍යානය වෙත පිවිසිම
[සංස්කරණය]- කොළඹ සිට හම්බන්තොට තිස්සමහාරාමය කිරින්ද පාරේ පැමිණ යාල හන්දියෙන් හැරි පළටුපාන උද්‍යාන මුලස්ථානය එක් ප්‍රවේශ මාර්ගයකි.
- කොළඹ රත්නපුර ඇඹිලිපිටිය සුරියවැව මිරිජ්ජවිල හම්බන්තොට හරහා හෝ
- කොළඹ රත්නපුර උඩවලව තණමල්විල තිස්සමහාරාමය යාල හන්දියට පැමිණ ද
- තණමල්විල ලුණුගම්වෙහෙර හන්දියෙන් එම ජලාශ වේල්ල මතින් කතරගමට පැමිණ ද උද්‍යානයට ළඟා විය හැකිය.
- මහියංගන බිබිල බුත්තල සෙල්ලකතරගම කටගමුව ද එක් පිවිසුම් මාර්ගයකි.
පහසුකම්
[සංස්කරණය]උද්‍යානය තුළ පළවන කලාපයේ සංචාරක නිවහන් 9 ක් ඇත. මහාසිලව,නව බුතව, පැරණි බුතව, තල්ගස්මංකඩ,වරහන,හින්වැව, ඔන්ඩචිචි,යාල,පහළහේන්තොට යන ඒවාය. පළටුපාන කාර්යාලයේ වැඩි පිරිසක් සඳහා වෙන්කරවා ගත හැකි නිවහනක් ද වෙයි. පටනංගල නිවහන සුනාමියෙන් විනාශ වූ අතර යාල නිවහන ත්‍රස්තවාදී ගිනි තැබිමකින් විනාශ වූ අතර නැවත එය දෙමහල් බංගලාවක් ලෙස ගොඩනංවන ලදී.
තවද කලාප අංක 3 හි දඹකොටේ හා කුඩා ගල් අමුණ නමින් බංගලා දෙකක් තිබේ
උද්‍යානය තුළ ප්‍රවේශ මාර්ග
[සංස්කරණය]ඉතා හොඳ ප්‍රවේශ මාර්ග පද්ධතියක් ඇත. ප්‍රධාන මාර්ගය පළටුපාන සිට මැණික් ගඟ පරණ තොටුපළ දක්වා දිවේ. අතුරු මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ගයේ සිට ඌරණිය බුතවපිටිය ප්‍රධාන මාර්ගය, ගෝනලැහැබ මැද පාර තල්ගස්මංකඩ වරහන ප්‍රධාන මාර්ගය-යාල හරහා තල්ගස්මංකඩ බුතව-ස්පිල් පාර හරහා ආකාශ චෛත්‍යයේ සිට තල්ගස්මංකඩ බුතව වැව-ගෝනගල හීන්වැව මාපටිටිය විල ජඹුරාගල හරහා බුතල වැව යනාදී ප්‍රවේශ මාර්ග යාලයේ ප්‍රධානතම තැන් ය. මේ අතරින් ගෝනලැහැබ මැද පාර ඌරණිය මාර්ග යාල හරහා තල්ගස්මංකඩ, රුක්විල, කොටිගල, රකිනවල සුදුවැලිමුල්ල පාර කරවිගස්වල මැද පාර කොටියා දැක ගැනිම සඳහා ඉතා ප්‍රකට තැන් ය. සංචාරකයන් සඳහා දැනට ප්‍රධාන වශයෙන් විවෘතව ඇත්තේ යාල කලාප අංක එක ය.
උද්‍යානයේ භෞතික ලක්ෂණ
[සංස්කරණය]කලාප අංක එක තුළ බුතව, හින්වැව, ගෝනගල, කොමාවැව, පටනංගල වැව, පළටුපාන, බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැව් දෙකක් ද රුක්විල, පටිටියවිල, දෙබරගස්වල, ඛරවිගස්වල, රනිවල වශයෙන් දියවළවල් ද රැසකි. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක් ද මෙහි වේ. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි. කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන, පහළ පොත්තන, මහිරාව, ගජබාව ප්‍රකට ය. මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථාන ය. මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.
ජෛව විවිධත්වය හා වන සතුන්
[සංස්කරණය]යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි. ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ :විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරම් ප්‍රචලිත වනෝද්‍යානයක් සිරිලක නැති තරම් ය. කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත. කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්‍රමණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්‍රිත මෙන්ම වනබද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි. ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල ය. වළිකුකුළා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන්, පිඹුරන්, නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.
ඉබ්බන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද, වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන්, උභයජිවින්, කෘමීන්, මොලස්කාවුන් වැනි සංවේදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමේ හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.
-
Water buffalo
රුක් ගොමුව හා ශාක විවිධත්වය
[සංස්කරණය]මෙහි ප්‍රධාන ලෙස පවතින්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරයකි . එමෙන්ම කටු පඳුරු ආශ්‍රිත ළඳු කැලෑ ද බහුල ය. මේවා බොහෝ විට හේන් ගොවිතැන් නිසා බිහි ව ඇත. දඹකොටේ ප්‍රදේශයේ වියළි මිශ්‍ර ගණ වනාන්තර පවති. තෘණ බිම් ද පිහිටයි. සමස්තයක් ලෙස මෙහි ද්විතීයික වානාන්තර ආකාර පිහිටයි. ඒවායේ බුරුත, වීර, පලු, මයිල, මලිත්තන්, කුඹුක්, හල්මිල්ල, තිඹිරි වැනි ශාක බහුල ය. පඳුරු අතර මයිල, කටුපිල බහුලව ඇත. වෙරළබඩ ශාක ප්‍රජා හා වැලි කඳු පරිසර පද්ධති පවතී.