Jump to content

හෙළබස

විකිපීඩියා වෙතින්

සිංහල ප්‍රාකෘත භාෂාව යනු මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවකි ( Middle Indo Aryan ).එය පසුකාලිනව හෙල හෝ එළු ප්‍රාකෘත ලෙස සරලව හදුන්වා ඇත. මුල් කාලයේදී සෙල්ලිපි සකස් කිරීම උදෙසා මෙම සිංහල ප්‍රකෘතය භාවිතා කර ඇති අතර එහි සම්භවය බටහිර ඉන්දීය ප්‍රාකෘත ප්‍රභවයක් ලෙස හදුනා ගැනේ.

මහින්දාගමනයෙන් පසුව මෙහි නැ⁣ගෙනහිර ප්‍රකෘත ලක්ෂණ වර්ධනය වී වර්තමාන සිංහල භාෂාව දක්වා ක්‍රමිකව පරිණාමය වී ඇති අතර එම නිසාම මහින්දාගමනයෙන් පසු රචනා කර ඇති සෙල්ලිපි වල සිංහල ප්‍රාකෘතය පාලි භාෂාවට වඩාත් සමාන ලක්ෂණ දක්වයි.

ලිහිසි

[සංස්කරණය]

එළු බසෙහි ප්‍රධාන විශේෂාංගයක් වනුයේ කෙටි ස්වර පාවිච්චිය සහ දික් ගතකුරු අත්හැර දැමීමයි.

ව්‍යංජන

[සංස්කරණය]

පාලි බසට සාපේක්ෂව ශබ්ද වෙනස්වීම්

[සංස්කරණය]
  • පාලි සංස්කෘත ච් ශබ්දය ස් හෝ හ් වීම.
උදා: චන්‍ද්‍රසඳ, හඳ
  • ප් හඬ ඉවත් නොවන විට දී ව් බවට පත්වීම.
උදා: රූපරුව
උදා: දීපදීව
උදා: උපාංගඋවඟ

දික් ගතකුරු වෙනස්වීම

[සංස්කරණය]

වදනක මුලට එක් ගාත්‍රාක්ෂරයක් පමණක් ඉතිරි වීම. (ගතකුරු පිල්ලම් නොමැති වීම.)

උදා: ධර්මදම්
උදා: ප්‍රාණපණ

වචනයක මැදදී ද 'ර් හා න් වැනි හල් ගතකුරු ඉවත් වීම.

උදා: අර්ථඅරුත්
උදා: දන්තදත්
සරළ සිංහලසංස්කෘතපාලිමිශ්‍ර සිංහල
ඇසඅක්‍ෂිඅක්ඛි‍අක්‍ෂිය
ඇල්ම/ ආලයආදරආදරය
අකුරඅක්‍ෂරඅක්ඛරඅක්ෂරය
තේරුම්/ අරුත්අර්ථඅට්ඨඅර්ථය/ අරුත
අහස්ආකාශආකාසඅහස්
අනඳආනන්ද්ආනන්දආනන්‍දය
පුටුව/ අස්නආසනආසනආසනය/ අසුන
අතහස්තහත්ත‍හස්තය
බඹුබ්‍රහ්මබ්‍රහ්මබ්‍රහ්ම
බඹුරාබර්බරbarbarian
බමුණුබ්‍රහ්මන්බ්‍රාහ්මණබමුණා/ බ්‍රාහ්මණයා
බසභාෂාභාෂාභාෂාව
බිම්භූමිභූමිභූමිය/බිම
බිබිළබුද්බුඩබුබ්බුලබුබුල
කෑමභෝජනභොජන‍ බොජුන
බොදුබෞද්ධබෞද්ධබෞද්ධ/ බොදු
බෝසත්බෝධිසත්ත්‍වබෝධිසත්තබෝධිසත්ත්ව
දම්ධර්‍මධම්මදහම්/ ධර්මය
දත්දන්තදන්තදත
දෙවොලදෙවාලදෙවාලදේවාලය/ දෙවොල
දික්දීර්‍ඝදීඝදික්/ දිගු
දිවජිහ්වාජිහ්වාදිව
දිවිජීවිතජීවිතජීවිතය/ දිවිය
දුදනදුර්‍ජනදුජ්ජනදුදන
dukataදුශ්කෘතwicked deed
දුලබදුර්‍ලභදුල්ලභදුර්ලභ/ දුලබ
දුංධූම්‍රධූමදුම
දුම්ධූපධූපදුම්
ගම්ග්‍රාමගාමගම
ඇඟගාත්‍රගාත්තගත
ගතකුරුගාත්‍රාක්‍ෂරගාත්තක්ඛරගාත්‍රාක්ෂරය/ ගතකුර
කනකර්‍ණකණ්ණකන
කරුකාරperson
කෙත්ක්‍ෂෙත්‍රඛෙත්තක්ෂේත්‍රය/ කෙත
කිඩක්‍රීඩාක්‍රීඩාව
කිළකීළකීළාක්‍රීඩාව/ කෙළිය
කිණුකෘෂ්ණඅඳුර
කුණුක්ල්ශ්ඨකිලිට්ඨකිළිට/ කිළුට
කිරික්‍ෂීරඛීරකිර
කුමරකුමාරකකුමාරකුමරා/ කුමාරයා
කුමරිකුමාරිකාකුමාරිකුමරිය/ කුමාරිකාව
නපුරුකෘරකුරුරකුරිරු
ලක්ලංකාලංකා‍ලංකා/ ලක
ලස්සණලක්‍ෂණලක්ඛණලස්සන
ලොව්/ ලෙව්ලෝකලෝකලෝකය/ ලොව
මඟමාර්‍ගමග්ගපාර/ මඟ
මඟුලමංගල්‍යමංගල්ලමංගල්‍යය
මැතිරුම්මන්ත්‍රමන්තමැතිරුම
මැදිමධ්‍යම, මධ්‍යමජ්ඣිම, මජ්ඣමධ්‍යම, මැද
මිතුරුමිත්‍ර‍| යහළුවා/ සකි
මුදුමෘදුමුදුසිනිඳු/ මෘදු/ සුමට
මුවමුඛමුඛමුඛය/ කට
මැඳුරුමන්‍දිරමන්‍දිරමැඳුර
මුලමූලමූලමූලය
නැබනාභි‍|බුරිය/ නැබ
නැව්නෞකානාවානෞකාව/ නැව
නෙත්නේත්‍රානෙත්තනෙත
නිදන්නිධානනිධානනිධානය
නිමල්නිර්‍මලනිම්මලනිමල
නිපන්නිෂ්පන්නනිපැයුම/ නිමැවුම
නිවන්නිර්‍වාණනිබ්බානනිවන
නුවරනගරනගර‍නගරය
පබලප්‍රබලපබලසවිමත්
පමණප්‍රමාණපමාණප්‍රමාණය
පරපුරපරම්පරාපරම්පරාව
පැනප්‍රශ්නපණ්හප්‍රශ්නය/ පැනය
පව්පාපපාපපව
පවසපිපාසාතිබහ / පවස
පැරණිපුරාණපුරාණ
පරුසපරුෂඵරුසපරුෂ
පසන්ප්‍රසන්නපසන්නප්‍රසන්න
පාසැලපාඨශාලාපාඨසාලාපාසැල/ විදුහල
පැවරුණප්‍රකරණපකරණtreatise
පැතුම්ප්‍රාර්‍ථනාප්‍රාර්ථනාව
පෙදෙසප්‍රදෙශපදෙසප්‍රදේශය
පෙම්ප්‍රෙමපේමආලය
පුදපූජාපූජාපූජාව
පිංපුණ්‍යපුඤ්ඤපින
පොකුණපුෂ්කරිණීපොක්ඛරිණීපතහ
පොසොන්පූර්‍ව-ශ්‍රවණපුබ්බ-සවණපොසොන්
පොත්පුස්ථකපුත්‍ථකපුස්තකය
පොත්ගුල්පුස්ථකාලපුත්‍ථකාලපුස්තකාලය
පුන්පූර/ පූර්‍ණපුණ්ණපූර්ණ
මල්පුෂ්පපුප්ඵපුෂ්පය/ මල
පුත්පුත්‍රපුත්තපුතු
පෙරපූර්‍වපුබ්බපෙර/ කලින්
පුවත්ප්‍රවෘත්තිපුවත්තිප්‍රවෘත්තිය/ පුවත/ ආරංචිය
රදරාජ්න්රාජාරජ
රකුස්රාක්‍ෂරාක්‍ඛරාස්සයා
රත්රක්තකරත්තරතු
රැස්රශ්මිරස්මිරැස, රශ්මිය
රෑරාත්‍රීරාත්තීරාත්‍රිය
රුකවෘක්‍ෂරුක්ඛගස
රුවරූපරූපරූපය/ රුව
සඟමිත්සංඝමිත්‍රසංඝමිත්ත
සඳචන්‍ද්‍රචන්‍දචන්ද්‍රයා, හඳ
සැමුනිශාක්‍යමුනිsakyamuni
සෙන්සෙනාසෙනාසේනාව
සිදුරුචිදුර්චිද්දසිදුර/ හිල
සිරුරුශරීරසරීරසිරුර/ ඇඟ
සොයුරුසහෝදරසොදරියසහෝදරයා/ සොයුරා
සොඳුරුසුන්‍දරසුන්‍දරසොඳුරු
හීනස්වප්නසුපිනසිහිනය
සපිරිසම්පූර්‍ණසම්පුණ්ණසම්පූර්ණ/ සපිරුණු
තෙදතෙජතෙජතේජස/ තෙද
තවුස්තාපසතාපසයා
උතුරුඋත්තරඋත්තරාඋතුර
වැකියවාක්‍යවාක්‍යය
වෙසක්වෛශාඛවිසාඛවෙසක්/ වෙසඟ
වෙසෙස්විශෙෂවිසෙසවිශේෂ
වියරණව්‍යාකරණව්‍යාකරණ
යක්යක්‍ෂයක්ඛයක්‍ෂයා

ආශ්‍රේය

[සංස්කරණය]

    ආශ්‍රිත ලිපි

    [සංස්කරණය]
    "https://si.wikipedia.org/w/index.php?title=හෙළබස&oldid=730624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි