ඉන්‍දු-ආර්ය භාෂා

විකිපීඩියා වෙතින්
(ඉන්දු-ආර්ය භාෂා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ඉන්‍දු-ආර්ය
ඉන්‍දීය
භූගෝලීය
පැතිරීම:
දකුණු ආසියාව
භාෂාමය වර්ගීකරණය:ඉන්දු-යුරෝපීය
මූල-භාෂාව:ප්‍රාග්-ඉන්දු-ආර්ය
අතුරු බෙදීම්:
(the W, C, and E zones all include languages traditionally counted as dialects of Hindi)
ISO 639-2 සහ 639-5:inc
Major Indo-Aryan languages.png
මෙම 1978 සිතියමින් ඉන්‍දු-ආර්ය භාෂාවල භූගෝලීය පැතිරීම පෙන්‍වයි. (උර්දු හින්‍දි යටතේ දක්වා ඇත. රෝමානි, දොමාරි, හා ලොමාව්‍රෙන් මෙම සිතියමේ අන්තර්‍ගත නැත.) තිත්/ඉරි ප්‍රදේශ බහුභාෂිකත්වය සාමාන්‍ය වන පෙදෙස් ය.

     මධ්‍යම      දර්දික      නැගෙනහිර      උතුරු      වයඹදිග      දකුණු

     බටහිර

ඉන්‍දු-ආර්ය හෙවත් ඉන්‍දු භාෂා යනු ඉන්‍දීය අර්ධද්වීපයේ ප්‍රමුඛ ම භාෂා පවුල යි. මේවා ඉන්‍දු-යුරෝපීය භාෂා පවුලේ ඉන්‍දු-ඉරානීය භාෂාවල ශාඛාවකි. බිලියන 3ක් පමණ වූ ඉන්දු-යුරෝපීය බස් වහරන්නන්ගෙන් බිලියන 1.5ක් ම පමණ ඉන්දු-ආර්ය කථිකයෝ ය. මෙබස් ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ වැහැරුණ ද යුරෝපයේ සහ මැද පෙරදිග ද සුළු වශයෙන් සොයාගත හැක.

කථික සංඛ්‍යාවෙන් විශාලතම බස් පිළිවෙලින් හින්දුස්ථානී (හින්දි-උර්දු, මිලියන 329ක් පමණ),[1] බෙංගාලි (මිලියන 242),[2] පංජාබි (මිලියන 100ක් පමණ),[3] ඉන්පසු අනෙක් බස්, 2005 ඇස්තමේන්තුවට අනුව මුලු දේශීය කථික ප්‍රජාව මිලියන 900ට ආසන්න වෙයි.[4]


ඉතිහාසය[සංස්කරණය]

ප්‍රාග්-ඉන්‍දු-ආර්ය භාෂා[සංස්කරණය]

ප්‍රාග්-ඉන්දු-ආර්ය, හෝ යම්විටෙක ප්‍රාග්-ඉන්දීය ලෙස හඳුන්වන්නේ ඉන්දු ආර්ය භාෂාවල නැවත ගොඩනැඟූ ප්‍රාග්-භාෂාව යි. ඒ ප්‍රාග්-ඉන්දු ආර්යයන්ගේ බස යළි ගොඩනැඟුම සඳහා ය. ප්‍රාග්-ඉන්දු-ආර්ය බස පුරාතන ඉන්‍දු-ආර්ය (ක්‍රි.පූ.1500–300) වෛදික සහ මිතන්නි-ආර්ය භාෂාවල මුතුන්මිත්තා ලෙස ගතහැක. වෛදික බසෙහි පොරණ සැලකිය යුතුමුත්, වෛදික බසින් තුරන්වී ගිය යම් පෞරාණික ලක්‍ෂණ අන් ඉන්‍දු-ආර්ය භාෂාවල ඇත.

ඉන්‍දීය අර්ධද්වීපය[සංස්කරණය]

  • ප්‍රාග්-ඉන්‍දු-ආර්ය (මෙ බස වාග් විද්‍යාඥයන් විසින් යළි ගොඩනගන ලද වඳව ගිය බසකි)
  • පුරාතන ඉන්‍දු-ආර්ය (ක්‍රි.පූ. 1500–300)
    • ප්‍රාග් පුරාතන ඉන්‍දු-ආර්යය: වෛදික සංස්කෘත (ක්‍රි.පූ. 1500 සිට 500)
    • පශ්චාත් පුරාතන ඉන්‍දු-ආර්යය: මහාකාව්‍ය සංස්කෘත, ලෞකික සංස්කෘත (ක්‍රි.පූ. 500 සිට 300)
  • මධ්‍යතන ඉන්‍දු-ආර්ය හෙවත් ප්‍රාකෘත බස(ca. 300 BCE to 1500 CE) [see]
  • පූර්ව නූතන ඉන්‍දු-ආර්ය (Late Medieval India)
    • මුල් දක්ඛිණී සහ ඛරිබෝලී භාෂා

පුරාතන ඉන්‍දු-ආර්ය භාෂා[සංස්කරණය]

ඉන්‍දු ආර්යය භාෂා කාණ්ඩයේ පැරණිතම සාක්‍ෂි වන්නේ වෛදික හා මිතන්නි-ආර්යන්ගෙන් පැවත එයි. වෛදික භාෂා, පුරාණ සංරක්‍ෂිත ආගමික “වේද” වල භාවිත කර ඇත. වේදය, හින්‍දු ආගමේ මූලික ඉගැන්වීම් සහිත ග්‍රන්‍ථ වේ. මිතන්නි-ආර්යය භාෂාවට ඍග්වේදයෙහි (මෙය ද වේද ග්‍රන්‍ථය කි.) භාෂාවට සමාන වයසක් ඇති නමුත් එයට ඇති එකම සාක්‍ෂිය වන්නේ නිසි නාමයන් සහ විශේෂිත ඍණිතපද (loanwords) කිහිපයක් පමණි. තව ද "වෛදික සංස්කෘතය" ලෙස පොදුවේ හඳුන්වන වේද ග්‍රන්‍ථයන් හි භාෂාව, නූතන විද්වතුන් විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ප්‍රාග්-ඉන්‍දු-ආර්යය භාෂාවට වඩා සුළු වශයෙන් වෙනස් වේ. වෛදික භාෂාවක් ලෙස “සංස්කෘත භාෂාව”, සංස්කෘතිය, විද්‍යාව සහ ආගම මෙන් ම නීතිය සහ රංග කලාව වැනි අංශ ඔස්සේ කීර්තිමත් භාෂාවක් ලෙස වර්ධනය විය. කෙසේ නමුත් නූතන විද්වතුන් සම්මුතියකට පැමිණ අර්ථ ගන්වන ලද “සම්භාව්‍ය සංස්කෘතය (ලෞකික සංස්කෘතය)” පෙර පැවති ”වෛදික සංස්කෘතය”ට පටහැණි සහ සාපේක්‍ෂව තරමක් වෙනස් වන නමුත් එය බොහෝ දුරට නූතන සංස්කෘත කථිකයින්ට පහසුවෙන් තේරුම් ගත හැකිය.

මධ්‍යතන ඉන්‍දු ආර්ය (ප්‍රාකෘත) භාෂා[සංස්කරණය]

සංස්කෘත භාෂාවෙන් උගත් ක්‍ෂේත්‍රයන්ගෙන් පිටත භාෂා හෙවත් ස්වභාෂා නැතහොත් උප භාෂා ප්‍රාකෘත භාෂා ලෙස හඳුන්වයි. ඉපැරණිතම සනාථිත ප්‍රාකෘත භාෂාවන් වන්නේ පිළිවෙලින් බෞද්ධ සහ ජෛන ආගමික මූල භාෂාවන [පාලි] සහ මාගධී ය. කෙසේ වෙතත් මධ්‍යකාලීන යුගය වන විට ප්‍රාකෘත භාෂා විවිධ මධ්‍යම ඉන්‍දු-ආර්ය උප භාෂාවලට විවිධාංගීකරණය වීම ආරම්භ විය.
"අපභ්‍රංස" යනු 6 වන සහ 13 වන සියවස්වල දළ වශයෙන් විහිදී පැවති මුල් මධ්‍යම ඉන්‍දු-ආර්යය භාෂාවක් වන අතර එය නූතන ඉන්‍දු-ආර්යය භාෂා හා සම්බන්‍ධ වන සංක්‍රාන්තික උප භාෂා සඳහා මූලාරම්භය යෙදී ය. මෙසේ ඇරඹි උප භාෂාවන්ගෙන් සමහරක් සැලකිය යුතු සාහිත්‍යමය දියුණුවක් පෙන්නුම් කළේ ය. උදාහරණයක් ලෙස “දේවසේනයන්”ගේ “ශ්‍රාවකචර” (ක්‍රි.ව.930 ගණන්වල සිට) ග්‍රන්‍ථය පළමු හින්‍දි ග්‍රන්‍ථය ලෙස සැලකේ. නමුත් සිංහල මරාඨි (මහාරාෂ්ඨ්‍රී) වැනි ප්‍රාකෘත භාෂා මීටත් වඩා ඉපැරණි ස්වභාවයක් පෙන්නුම් කරයි. 13 වන සහ 16 වන සියවස්වල දී ඉන්‍දියානු උප මහද්වීපය මුස්ලිම්වරුන් විසින් අත්පත් කර ගැනීමත් සමඟ භාෂා කෙරෙහි ප්‍රධාන සන්‍ධිස්ථානයක් ඇති විය.
සමෘද්ධිමත් තුර්කි-මොංගෝලියානු මෝගල් අධිරාජ්‍යය යටතේ, “පර්සියානු” භාෂාව ඉස්ලාමීය අධිකරණවල කීර්තිමත් භාෂාව ලෙස ඉතා බලවත් විය. කෙසේ වෙතත්, පර්සියානු භාෂාව ඉතා ඉක්මනින් “හින්‍දුස්ථානීය භාෂා” විසින් සිය භාෂා කෙරෙහි අවශෝෂණය කර ගනු ලැබීය. මෙහෙයින් ඉන්‍දු-ආර්ය භාෂාවල වචන මාලාවට පර්සියානු, අරාබි සහ තුර්කි මූල වදන් මිශ්‍ර විය. තව ද දේශීය උප භාෂා වල ව්‍යාකරණ සමඟ ද සංයෝජනය විය. සමහර සිංහල වචනවල පවා අදටත් තුර්කි මූල වදන්වලින් බිඳී ආ වචන පවතී.


නූතන ඉන්දු ආර්ය භාෂා[සංස්කරණය]

ව්‍යවහාර ප්‍රවර්‍තනය[සංස්කරණය]

උතුරු ඉන්දියාවේ සහ පාකිස්තානයේ මෙන් ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ආශ්‍රිතව ව්‍යාප්ත ව පවතින ඉන්‍දු-ආර්ය භාෂාවන් අදටත් අඛණ්ඩව පවතී. ඉන්‍දියාවේ "හින්‍දි" ලෙස හඳුන්වනු ලබන්නේ බොහෝ විට සම්මත හින්‍දි භාෂාව යි. කෙසේ වෙතත් “හින්දි” යන පදය බිහාරයේ සිට රාජස්ථානය දක්වා මධ්‍යම ඉන්‍දියානු උප භාෂා බොහොමයක් හැඳින්වීම සඳහා ද භාවිතා වේ. ඉන්‍දු-ආර්ය ප්‍රාකෘත භාෂා, සින්‍ධි, ගුජරාති, අසාමී, බෙංගාලි, ඔඩියා, නේපාලි, මරාඨි, පංජාබි(පඤ්ජාබි), සිංහල සහ දිවෙහි වැනි භාෂාවන් බොහෝමයකට ජන්මය දුන් අතර මේ භාෂාවන් සතුව තවත් විශාල උප භාෂා විශාල ප්‍රමාණයක් පවතී.

උදාහරණ ලෙස සිංහල භාෂාවේ වැදි, වන්නි, දිගාමඩුලු, දකුණු(රුහුණු) වැනි උප භාෂා ව්‍යවහාරයන් ද හින්‍දි භාෂාවේ දිල්ලි, බිහාරි, බෝජ්පූරි, ඡත්තීස්ගඪි, රාජස්ථනි වැනි උප භාෂා ව්‍යවහාරයන් ද බෙංගාලි භාෂාවේ බංගලි සහ බංග්ලා උප භාෂා ව්‍යවහාරයන් ද පෙන්වා දිය හැක. .

හින්‍දුස්ථානි[සංස්කරණය]

බටහිර හින්‍දි භාෂාව කතා කරන ප්‍රදේශවල දීර්‍ඝ කාලයක් තිස්සේ කීර්තිමත් උප භාෂාව වූයේ “බ්‍රජ් භාෂා” භාෂාව යි. නමුත් මෙම භාෂාව 19 වන සියවසේ දී “ඛරිබෝලි හින්‍දුස්ථානි” (කෞරාවී?) ලෙස ප්‍රතිස්ථාපනය විය. කෙසේ වෙතත් හින්‍දුස්ථානි භාෂා, සංස්කෘත හා පර්සියානු භාෂාවෙන් මෙන් ම අරාබි භාෂාවෙන් ද දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර නූතන සම්මත හින්‍දි සහ නූතන සම්මත උර්දු ලෙස හින්‍දුස්ථානි භාෂාව ප්‍රධාන භාෂා 2ක් ලෙස බිහි වීමට මෙම බලපෑම් හේතු විය. .[5][6] 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියානු අධිරාජ්‍යය බෙදෙන තෙක් මෙම තත්වය පැවතුණි.හින්‍දි ඉන්‍දියාවේ රාජ්‍ය භාෂාව බවට පත් වූ අතර උර්දු පාකිස්තානයේ නිල භාෂාව බවට පත් විය
. විවිධ අක්ෂර මාලාවන් තිබිය දීත් එනම් හින්‍දි සඳහා “දේවනාගරී (देवनागरी)” අක්‍ෂර මාලාව ද උර්දු සඳහා “පර්සෝ-අරාබියානු (فرسو عربى)” අක්‍ෂර මාලාව ද භාවිත කළ ද මූලික ව්‍යාකරණ එක හා සමාන ය, සුළු වෙනසක් ඇතත් තනිකරම භාෂාමය වශයෙන් එකිනෙකාට තේරුම් ගත හැක. අද එය දකුණු ආසියාව පුරා බොහෝ දෙනෙකු ගේ දෙවන හෝ තෙවන භාෂාවක් (second or third language) ලෙස පුළුල්ව කථා කරති. [7][8][9] [10]

මිතන්නි-ආර්ය[සංස්කරණය]

මිතන්නින්ගේ බස, සමහර සිද්ධාන්තයන්, අනන්‍යනාමයන් සහ බොහෝමයක් පාරිභාෂිත පදයන් ඔස්සේ ඉන්‍දු-ආර්ය භාෂාවන් හා අතිශය සමානාත්මක බවක් ප්‍රදර්ශනය කරයි. පුදුමයක මහත නම් “හිත්තීවරුන් සහ මිතන්නිවරුන්” සිය වන්‍දනාවන්වලදී මිත්‍ර, වරුණ, ඉන්‍ද්‍ර සහ නස්‍ය (අශ්වින) යන දෙවිවරුන් කැඳවනු ලැබේ. “කික්කුලිකයින්”ගේ අශ්ව පුහුණු සටහන්හි භාවිත, ඓක (සං.ඒක, සිං.එක), තෙරා (සං.ත්‍රි, සිං.තුන), පංzස (සං.පංච, සිං.පහ), සත්ත (සං.සප්ත, සිං.හත), නා (සං.නව, සිං.නවය), වර්තන (සං.වර්තන, සිං.හැරීම සැ.යු.- මෙහිදී කුක්කුලී අර්‍ථය නම් අශ්ව ධාවන තරඟයේ එක් වටයකි) යන තාක්‍ෂණික වදන් ඉන්‍දු-ආර්යය භාෂාවන්ට අතිශයින් සමාන වෙයි. පොදුවේ ගත් කල ඉන්දු-ඉරාන භාෂා කාණ්ඩය සමඟ ද සමතාවක් දක්වයි. [11]එසේම තවත් සටහන් තුළ බබ්රු (සං.බබ්රු, සිං.දුඹුරු), පරිතා (සං.පාලිත, සිං.අළු) සහ පිංකරා (සං.පිංගල, සිං.රතු) වැනි වර්‍ණ පිළිබඳ සමාන වචන ද හමුව ඇත.
ඔවුන්ගේ ප්‍රධාන උත්සවය වූයේ පුරාණ ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල සුලබව පැවති සූර්‍ය්‍යග්‍රහණය සැමරීමයි. මිතන්නි රණශූරයන් “මාර්යා” ලෙස හැඳින්වූ අතර එය සංස්කෘත භාෂාවෙන් ‘රණශූරයා’ යන යෙදුමට ද සමාන ය. [mišta-nnu (= miẓḍha, ≈ Sanskrit mīḍha)] . තවද මිතන්නි රාජකීය නාමවල සංස්කෘතාර්‍ථනාම බොහෝමයක් පවතී.
*1සං.-සංස්කෘත *2සිං-සිංහල

රොමනි, ලොමාව්‍රෙන් හා දෝම්වාරි භාෂා[සංස්කරණය]

දෝම්වාරි හෙවත් දෝමාරී ( Dōmʋārī, Dōmʋārī ǧib, Dômarî ĵib דּוֺמָרִי ,دٛومَرِي)[සංස්කරණය]

දෝමාරී යනු මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව පුරා විසිරී සිටින පැරණි “දෝම් ජනයා” වහරන ලද ඉන්‍දු-ආර්ය භාෂාවකි. තුර්කිය, ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, ඉන්දියාව, ඉරාකය, පලස්තීනය, ඊශ්‍රායලය, ජෝර්දානය (යෝර්දානය), ඊජිප්තුව, සුඩානය, ලිබියාව, ටියුනීසියාව, ඇල්ජීරියාව, මොරොක්කෝව සහ අසර්බයිජානය දක්වාත් මධ්‍යම සුඩානය දක්වාත් මෙම භාෂාව කතා කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් ශබ්ද වෙනස් වීම් ක්‍රමානුකූලව පදනම් කර ගෙන, “දෝමාරී සහ රොමනි” යන නම් සෑදී ඇත්තේ ඉන්දු-ආර්ය වචනයක් වන ‘දෝම්’ යන වචනය ඇසුරිනි. .[12] [13]

රොමනි (Rromani ćhib)[සංස්කරණය]

“රොමනි භාෂාව” සාමාන්‍යයෙන් බටහිර ඉන්‍දු-ආර්ය භාෂාවලට ඥාතිත්‍වයක් දක්වයි. රොමනි, ප්‍රධාන වශයෙන් යුරෝපයේ විවිධ ප්‍රදේශවල කථා කරනු ලැබේ. එසේම රොමනි මධ්‍යම ඉන්‍දු-ආර්ය භාෂාවල ව්‍යාකරණවල ට සමානකමක් දක්ව යි. කෙසේ වෙතත් රොමනි භාෂාවේ මුල් අවධීන් පිළිබඳව දන්නා ඓතිහාසික ලේඛන නොමැත. .[14]

ලොමාව්‍රෙන් (Լոմավրեն)[සංස්කරණය]

“ලොමාව්‍රෙන්” යනු වඳ වී ගිය මිශ්‍ර භාෂාවක් වන අතර එය ‘ලොම්’ ජනයා විසින් කථා කරනු ලැබේ. එය රොමනි සහ දෝමාරී හා ආර්මේනියානු (හයරස්තානි) යන භාෂා අතර ඇති වූ සම්බන්‍ධතාවයකින් බිහි වූ බව පැවසේ

වර්ගීකරණය[සංස්කරණය]

Language region map of India, most commonly spoken first language.[15] Right click to see image summary giving 'List of percentage of people speaking as L1'.

මෙම වර්ගීකරණය Masica (1991) හා Kausen (2006)ට අනුව ය.
මුලින්ම දැක්‍වෙන්නේ ප්‍රධාන භාෂා කාණ්ඩය වන අතර පසුව ඒම භාෂා සහ උප භාෂා දක්‍වා ඇත.

දාර්දික[සංස්කරණය]

කාශ්මිරි - 5.6 million ක් භාෂකයින්

  • ශිනා - 500,000 ක් භාෂකයින්
  • බ්‍රොස්කාත් - 10,000 ක් භාෂකයිින්
  • දෝමාකී- 340 ක් භාෂකයින්
  • කුණ්ඩල් ශාහී - 700 ක් භාෂකයින්
  • කල්කාති - 6,000 ක් භාෂකයින්
  • උශෝජි - 2,000 ක් භාෂකයින්
  • පාලුලා - 10,000 ක් භාෂකයින්
  • සාවි - 3,000 ක් භාෂකයින්

පෂායී - 400,000 ක් භාෂකයින්

  • කුනාර්
  • දෙමේලි- 5,000 ක් භාෂකයින්
  • ගවර්බාතී - 9,500 ක් භාෂකයින්
  • නංගලාමී- 5,000 ක් භාෂකයින්
  • ශුමාෂ්තී - 1,000 ක් භාෂකයින්

චිත්‍රාල්

  • කලාෂා - 5,000 ක් භාෂකයින්
  • ඛෝවාර් - 290,000 ක් භාෂකයින්

කෝහිස්තානි

  • මය්‍යා - 200,000 ක් භාෂකයින්
  • බතේරි - 29,000
  • චිලිස්සෝ - 1,000 ක් භාෂකයින්
  • ගෝව්‍රෝ - 200 ක් භාෂකයින්
  • කලාමී - 100,000 ක් භාෂකයින්
  • තිරාහී - 100 ක් භාෂකයින්
  • තෝර්වාලී - 80,000 ක් භාෂකයින්
  • Wotapuri-Katarqalai †

උතුරු කලාපය[සංස්කරණය]

මධ්‍යම පහාඩී භාෂා

  • ගඪ්වාලී - 2.9 million ක් භාෂකයින්
  • කුමාඌනී - 2.4 million ක් භාෂකයින්

නැගෙනහිර පහාඩී භාෂා

  • නේපාලි - 17 million ක් භාෂකයින්
  • ජුම්ලි- 850
  • Palpa †

වයඹ කලාපය[සංස්කරණය]

ඩෝග්රි-කංග්රි (බටහිර පහාඩී) * ඩෝග්රි - 4 million ක් භාෂකයින්

  • කංග්රි - 1.1 million ක් භාෂකයින්
  • මණ්ඩියාලී - 1.7 million
  • ජෞන්සාරී - 100,000 ක් භාෂකයින්
  • කුල්ලු - 110,000
  • පහාඩී කන්නෞරී - 6,300 ක් භාෂකයින්
  • මහාසූ පහාඩී - 1 million ක් භාෂකයින්
  • හින්‍දූරී - 30,000 ක් භාෂකයින්
  • සිර්මෞරී - 400,000 ක් භාෂකයින්

පංජාබි

  • පංජාබි - 122 million ක් භාෂකයින්
  • දෝආබි
  • ලාඳා (lahnda)
  • * සරයිකී- 20 million ක් භාෂකයින්
  • * හින්‍දුකෝ - 3.7 million ක් භාෂකයින්
  • Jakati †
  • පෝත්‍වාරී - 2.5 million ක් භාෂකයින්
  • මාඣි
  • මාල්වෛ

සින්‍ධි

  • සින්‍ධි - 25 million ක් භාෂකයින්
  • ජද්ගාලි - 25,000 ක් භාෂකයින්
  • කුච්චි- 873,000 ක් භාෂකයින්
  • කෝලි - 1.4 million ක් භාෂකයින්
  • පර්කාලි කෝලි - 250,000 ක් භාෂකයින්
  • කාචි කෝලි - 500,000 ක් භාෂකයින්
  • වර්දියාලා කෝලි - 542,000 ක් භාෂකයින්
  • ලුවාති- 5,000 ක් භාෂකයින්
  • ඓර්- 100-200 ක් භාෂකයින්
  • මේමෝනි

බටහිර කලාපය[සංස්කරණය]

රාජස්ථානී

  • මාර්වාඩි - 22 million ක් භාෂකයින්
  • රාජස්ථානී - 20 million ක් භාෂකයින්
  • මේවාතී - 3 million ක් භාෂකයින්
  • මාල්වී - 5.6 million ක් භාෂකයින්
  • ධුන්‍දඩි - 9.6 million ක් භාෂකයින්
  • හරෞති - 4.7 million ක් භාෂකයින්
  • මෝවාඩි - 5.1 million ක් භාෂකයින්
  • ශේඛාවතී - 3 million ක් භාෂකයින්
  • බග්රී - 2.1 million ක් භාෂකයින්
  • ධාට්කී හෙවත් ධත්තී - 150,000 ක් භාෂකයින්

ගුජරාති

  • ගුජරාති - 49 million ක් භාෂකයින්
  • ජාන්‍දව්‍රා - 5,000 ක් භාෂකයින්
  • සෞරාෂ්ට්‍රී - 190,000 ක් භාෂකයින්
  • වඝ්‍රී - 10,000 ක් භාෂකයින්
  • වසාවී - 1.2 million ක් භාෂකයින්

භිල් උත්තර භිල්

  • බෞරියා - 27,000 ක් භාෂකයින්
  • භිලෝරි - 200,000 ක් භාෂකයින්
  • මගාරි

මධ්‍යම භිල්

  • භිල් - 3.5 million ක් භාෂකයින්
  • භිලාලි - 1.1 million ක් භාෂකයින්
  • චෝද්‍රී - 210,000 ක් භාෂකයින්
  • ධෝඩියා - 170,000 ක් භාෂකයින්
  • ධංකි - 140,000 ක් භාෂකයින්
  • දුබ්ලි - 250,000 ක් භාෂකයින්

බරේලි

  • පල්‍යා බලේරි - 10,000 ක් භාෂකයින්
  • පෞරි බලේරි - 640,000 ක් භාෂකයින්
  • රත්‍වී බලේරි - 100,000 ක් භාෂකයින්
  • පර්දි - 49,000 ක් භාෂකයින්
  • කල්තෝ - 15,000 ක් භාෂකයින්
  • ඛන්‍දේශී - 1.9 million ක් භාෂකයින්

දෝම්වාරී - 4 million ක් භාෂකයින්
රොමනි
උතුරු රොමනි

  • සින්තේ රොමනි - 300,000 ක් භාෂකයින්
  • කාර්පේතියානු රොමනි - 150,000 ක් භාෂකයින්
  • බල්කන් රොමනි - 600,000 ක් භාෂකයින්
  • ව්ලැක්ස් රොමනි - 500,000 ක් භාෂකයින්

මධ්‍යම කලාපය (හෙවත් හින්‍දී)[සංස්කරණය]

Indic, Central Zone

පර්යා - 4,000 ක් භාෂකයින් බටහිර හින්‍දි

  • හින්‍දුස්තානි ( සම්මත හින්‍දි සහ සම්මත උර්දු) - 329 million ක් භාෂකයින්
  • බ්‍රජ් - 21 million ක් භාෂකයින්
  • හර්‍ය්‍යාන්වී - 8 million ක් භාෂකයින්
  • බුන්‍දේලි - 3.1 million ක් භාෂකයින්
  • කන්නෞජී - 9.5 million ක් භාෂකයින්

නැගෙනහිර හින්‍දි

  • අවධි - 3.5 million ක් භාෂකයින්
  • බඝේලි - 8.4 million ක් භාෂකයින්
  • ඣත්තීස්ගඪී - 24 million ක් භාෂකයින්

නැගෙනහිර කලාපය[සංස්කරණය]

මෙම භාෂාවන් ව්‍යුත්පන්න වී ඇත්තේ මාගධී සහ අපභ්‍රංස ප්‍රාකෘතයන් ගෙනි. මෙම භාෂා කාණ්ඩය තුළ වැඩිපුරම කතා කරන භාෂා වන්නේ මිලියන 250 ක කථිකයන් සිටින බෙංගාලි, කථිකයන් මිලියන 40ක් ඇති භෝජ්පූරි සහ මිලියන 33 ක කථිකයන් සිටින ඔඩියා ය. මෙම භාෂා “නැගෙනහිර නාගරි අක්‍ෂර” ක්‍රමය වැඩිපුරම භාවිත කළ අතර පසුව එය “බෙංගාලි-අසාමියානු අක්‍ෂර” ඇති වීම සඳහා මූලික විය. පසුව පිළිවෙලින් මෛථිලි සහ ආඞ්ගිකා සඳහා ද “බෙංගාලි-අසාමියානු අක්‍ෂර” භාවිත විය. “කෛති අක්‍ෂර ක්‍රමය” වරෙක භෝජ්පූරි භාෂාව සහ මගහී භාෂාව සඳහා භාවිත වූ නමුත් දැන් එය “දේවානගරි අක්ෂර” ක්‍රමයෙන් ලේඛනය සිදු කරයි. “ඔඩියා අක්‍ෂර ක්‍රමය” ඔඩියා භාෂාව සඳහා භාවිත කරයි. “සෛල්හේති නගාරි අක්‍ෂර” (කෛති අක්‍ෂරයන්ට සමීපව සම්බන්‍ධ වේ) සෛල්හේති සඳහා ද හනීෆි අක්‍ෂර රෝහිංග්‍යා භාෂාව සඳහා ද භාවිතා වේ. (නමුත් රෝහිංග්‍යා සඳහා පර්සෝ-අරාබි, ලතින් සහ බුරුම අක්ෂර ද භාවිත වේ.)

බිහාරී
  • භෝජ්පූරී
    • කැරිබියානු හින්‍දුස්තානි - 166,000 speakers
    • ෆීජි හින්‍දි - 460,000 speakers
  • මගහී (मगही) - 14 million speakers
  • මෛථිලි (মৈথিলি) - 33.9 million speakers
  • අඞ්ගිකා (অঙ্গিকা) - 743,000 speakers
ථාරු - 1.9 million speakers
ඕඩියා (ଓଡ଼ିଆ) - 33 million speakers
හල්බික
  • හල්බි - 600,000 speakers
  • භත්‍රී - 220,000 speakers
  • කමර් - 40,000 speakers
  • මිර්ගාන්- 60,000 speakers
  • නහාරී - 20,000 speakers
බෙංගාලි - අසාමි (ඇසෑමි)
  • බාංගලා හෙවත් බෙංගාලි (বাংলা) - 268 million speakers
  • අසමියා හෙවත් අසාමි /অসমীয়া - 24 million speakers
  • බිෂ්ණුප්‍රිියා මනිපූරි (বিষ্ণুপ্রিয়া মনিপুরী) - 120,000 speakers
  • චක්මා (𑄌𑄋𑄴𑄟𑄳𑄦) - 330,000 speakers
  • සෛල්හේති (ꠍꠤꠟꠐꠤ/ছিলটি) - 11 million speakers
  • චිටගෝනියා (চাঁটগাঁইয়া) - 16 million speakers
  • රොහින්ග්‍යා (Ruáingga) - 1.8 million speakers
  • KRNB (কোচ ৰাজবংশী/রংপুরী/কমতা)

දක්‍ෂිණ කලාපය[සංස්කරණය]

මෙම භාෂා කාණ්ඩය මහාරාෂ්ඨ්‍රී ප්‍රාකෘතය ආධාර කොට ගෙන බිහිවිය.

මරාඨි-කෝංකණී
  • මරාඨි භාෂාව - 73 million speakers
  • ඵුදාගිි - 1,000 speakers
  • කඩෝඩි
  • කෝංකණි - 7.4 million speakers
  • කත්කාරි- 12,000 speakers
  • කුක්නා - 110,000 speakers
  • වර්ලී - 600,000 speakers
  • මහාරාෂ්ට්‍රියානු කෝංකණි - 2.4 million speakers
ඉන්‍දු ද්වීපික

අවාර්ගීකෘත[සංස්කරණය]

මෙම භාෂා කිසිඳු ඉන්‍දු-ආර්ය පුාකෘතයකට නෑකම් නොකියයි.

කුස්වාරික [16]

  • දන්වාර් - 46,000 speakers
  • Bote-Darai - 20,000 speakers

චිනාලි–ලාහුල් ලෝහර්[17]

  • චිනාලි - 750 speakers
  • ලහුල් ලොහාර් - 750 speakers
ඛොලොසි

මෙම භාෂාව මෑතකදී දකුණුදිග ඉරානයෙන් හඳුනාගන්නා ලදි.

තව බලන්න[සංස්කරණය]

  • Indo-Aryans
  • Iranic languages
  • Indo-Aryan migration
  • Proto-Vedic Continuity
  • The family of Brahmic scripts
  • Linguistic history of the Indian subcontinent
  • Indo-Aryan loanwords in Tamil
  • Languages of Bangladesh
  • Languages of India
  • Languages of Pakistan
  • Languages of Nepal

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Standard Hindi first language: 260.3 million (2001), as second language: 120 million (1999). Urdu L1: 68.9 million (2001-2014), L2: 94 million (1999): Ethnologue 19.
  2. Bengali or Bangla-Bhasa, L1: 242.3 million (2011), L2: 19.2 million (2011), Ethnologue
  3. "världens-100-största-språk-2010". Nationalencyclopedin. Govt. of Sweden publication. Retrieved 30 August 2013.
  4. Edwin Francis Bryant; Laurie L. Patton (2005). The Indo-Aryan Controversy: Evidence and Inference in Indian History. Routledge. pp. 246–247. ISBN 978-0-7007-1463-6.
  5. Kulshreshtha, Manisha; Mathur, Ramkumar (24 March 2012). Dialect Accent Features for Establishing Speaker Identity: A Case Study. Springer Science & Business Media. p. 16. ISBN 978-1-4614-1137-6.
  6. Robert E. Nunley; Severin M. Roberts; George W. Wubrick; Daniel L. Roy (1999), The Cultural Landscape an Introduction to Human Geography, Prentice Hall, ISBN 0-13-080180-1, https://books.google.com/?id=7wQAOGMJOqIC, "... Hindustani is the basis for both languages ..." 
  7. "Urdu and its Contribution to Secular Values". South Asian Voice. Archived from the original on 11 November 2007. Retrieved 26 February 2008. Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. "Hindi/Urdu Language Instruction". University of California, Davis. Archived from the original on 3 January 2015. Retrieved 3 January 2015. Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. "Ethnologue Report for Hindi". Ethnologue. Retrieved 26 February 2008.
  10. Otto Zwartjes Portuguese Missionary Grammars in Asia, Africa and Brazil, 1550-1800 Publisher John Benjamins Publishing, 2011 ISBN 9027283257, 9789027283252
  11. Paul Thieme, The 'Aryan' Gods of the Mitanni Treaties. JAOS 80, 1960, 301–17
  12. Matras (2012)
  13. "Archived copy". Archived from the original on 2 April 2015. Retrieved 25 March 2015. Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link) Encyclopedia Iranica
  14. "Romani (subgroup)". SIL International. n.d. Retrieved September 15, 2013.
  15. "Report of the Commissioner for linguistic minorities: 50th report (July 2012 to June 2013)" (PDF). Commissioner for Linguistic Minorities, Ministry of Minority Affairs, Government of India. Archived from the original (PDF) on 8 July 2016. Retrieved 17 September 2016. Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  16. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Kuswaric". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/kusw1234. 
  17. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Chinali–Lahul Lohar". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/chin1491. 

වැඩිදුර කියැවුම්[සංස්කරණය]

පිටස්තර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්‍දු-ආර්ය_භාෂා&oldid=478411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි