ඉන්දු-අයිරේනියානු භාෂා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ඉන්දු-අයිරේනියානු
ආර්ය
භූගෝලීය
පැතිරීම:
දකුණු, මධ්‍ය, බටහිර ආසියාව, අග්නිදිග යුරෝපය සහ කොකේසස් / සම්පූර්ණ කථිකයින් ගණන = ආසන්න වශයෙන් රටවල් 15ක් තුළ බිලියන 1.5
භාෂාමය වර්ගීකරණය:ඉන්දු-යුරෝපීය
  • ඉන්දු-අයිරේනියානු
මූල-භාෂාව:ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු
අතුරු බෙදීම්:
ISO 639-5:iir
Indo-European branches map.svg
යුරේසියාවේ ඉන්දු-යුරෝපීය ශාඛාවන්ගේ වර්තමාන ව්‍යාප්තිය:      Indo-Iranian

ඉන්දු-අයිරේනියානු භාෂා (ඉන්දු-ඉරානීය භාෂා[1][2]), හෙවත් ආර්ය භාෂා[3] යනු ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ පවත්නා විශාලතම සහ වඩාත් අග්නිදිගට වන්නට පිහිටි ශාඛාව වේ. මෙම භාෂා කථා කරන්නන් බිලියන 1.5කට අධික සංඛ්‍යාවක් හමුවන අතර, ඔවුහු යුරෝපය (රොමානි), තුර්කිය (කුර්දි සහ සාසා–ගොරානි) සහ කොකේසස් (ඔසේෂියානු) සිට නැගෙනහිරට වන්නට ෂින්ජියෑං (සාරිකොලි) සහ ඇසෑමය (ඇසෑමි) දක්වාත්, දකුණින් ශ්‍රී ලංකාව (සිංහල) සහ මාලදිවයින (මාලදිවයින්) තෙක් මෙන්ම, ඕෂනියාව තෙක් (ෆීජි හින්දි) ව්‍යාප්ත වී ඇත. එමෙන්ම, වයඹදිග යුරෝපයේ (එක්සත් රාජධානිය), උතුරු ඇමරිකාවේ (එක්සත් ජනපදය සහ කැනඩාව) සහ ඕස්ට්‍රේලියාවේ ඉන්දු-අයිරේනියානු කථිකයින්ගේ විශාල ඩයස්පෝරා ප්‍රජාවක් දක්නට ලැබෙයි.

මෙම පවුලට අයත් සියලු භාෂාවන්හි පොදු මූල භාෂාව ලෙස ප්‍රාක්-ඉන්දු-අයිරේනියානු හෙවත් පොදු ආර්ය භාෂාව සැලකේ. මෙය ක්‍රි.පූ. 3වන සහස්‍රකයේ පමණ භාවිතා වන්නට ඇතැයි විශ්වාස කෙරේ නූතන ඉන්දු-අයිරේනියානු භාෂාවන් හි ප්‍රධාන ශාඛාවන් වනුයේ ඉන්දු-ආර්ය, අයිරේනියානු, සහ නූරිස්තානි භාෂා සැලකේ. මුලින් මෙහි සිව්වන ස්වාධීන ශාඛාවක් ලෙස දර්දික සැලකුණ ද, මෑත විද්වතුන් සාමාන්‍යයෙන් දර්දික භාෂා ඉන්දු-ආර්ය ශාඛාවේ පුරා සාමාජිකයකු ලෙස සඳහන් කොට ඇත.[4]

භාෂා[සංස්කරණය]

ඉන්දු-යුරෝපීය භාෂා තුළ ඉන්දු-අයිරේනියානු භාෂා වර්ගීකරණය දැක්වෙන සටහනක්
ඉන්දු-අයිරේනියානු භාෂා ව්‍යාප්තිය

ඉන්දු-අයිරේනියානු භාෂා යටතට ප්‍රධාන කාණ්ඩ තුනක් ඇතුළත් වේ:

ඉන්දු-අයිරේනියානු භාෂා කථිකයින් බිලියන 1.5කට වඩා හමු වේ. මෙහි කථා කරන්නන් බහුතරය ඉන්දු-ආර්ය සමූහයට ඇතුළත් වේ: හින්දි–උර්දු (~ මිලියන 590[5]) සහ ප්‍රදේශයේ ව්‍යාප්ත උපභාෂාවන් වන භෝජ්පූරි (මිලියන 40), අවධි (මිලියන 40), මෛථිලි (මිලියන 35), මාර්වාරි (මිලියන 30), රාජස්ථානි (මිලියන 20), ඡත්තීස්ගාර්හි (මිලියන 18), බෙංගාලි (මිලියන 205[6]), පන්ජාබි (මිලියන 100), මරාඨි (මිලියන 75), ගුජරාටි (මිලියන 50), ඔඩියා (මිලියන 35), සින්ධි (මිලියන 25), ඇසෑමි (මිලියන 24), සිංහල (මිලියන 19), නේපාලි (මිලියන 17), බිෂ්ණුප්‍රියා (මිලියන 12)[7] සහ රංග්පූරි (මිලියන 15). අයිරේනියානු ශාඛාවට අයත් ප්‍රධාන භාෂා වන්නේ පර්සියානු (මිලියන 90),[8] පෂ්ටෝ (මිලියන 50 පමණ), කුර්දි (මිලියන 35),[9] සහ බලෝචි (මිලියන 8) භාෂාවන් ය. එසේම තවත් කුඩා භාෂා ගණනාවක්ම ඇත.

History[සංස්කරණය]

The common proto-language of the Indo-Iranian languages is Proto-Indo-Iranian language, which has been reconstructed.

The oldest attested Indo-Iranian languages are Vedic Sanskrit, Older and Younger Avestan and Old Persian (ancient Iranian languages). A few words from another Indo-Aryan language (see Indo-Aryan superstrate in Mitanni) are attested in documents from the ancient Mitanni and Hittite kingdoms in the Near East.

Within the Indo-European family, Indo-Iranian belongs to the Satem group. Various proposals have been made that link the Indo-Iranian languages with other subgroups of Indo-European (like Graeco-Aryan, which posits a close relationship with Greek and Armenian), but these remain without wider acceptance.

Features[සංස්කරණය]

Innovations shared with other languages affected by the satem sound changes include: [තහවුරු කරන්න]

  • Fronting and assibilation of the Proto-Indo-European (PIE) palato-velar stops: *kʲ, *gʲʰ, *gʲ > *t͡ʃ, *d͡ʒʰ, *d͡ʒ
  • The merger of the PIE labiovelar and plain velar stops: *kʷ, *gʷʰ, *gʷ > *k, *gʰ, *g
  • The Ruki sound law

Innovations shared with Greek include: [තහවුරු කරන්න]

  • The vocalization of the PIE syllabic nasals *m̥, *n̥ to *a (may be independent developments)
  • Grassmann's law (may be independent developments)

Innovations unique to Indo-Iranian include: [තහවුරු කරන්න]

  • The lowering of PIE *e to *a
    • *o was also lowered to *a, though this occurred in several other Indo-European languages as well.
  • The PIE laryngeal *H between consonants became *i, though it was apparently reduced to zero in Iranian.
  • The use of a verb root *kr̥- to derive verbal forms from nouns.
  • The use of *-yá- to derive passive verbs from roots.
  • Brugmann's law

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. D. D. Mahulkar (1990). Pre-Pāṇinian Linguistic Studies. Northern Book Centre. ISBN 978-81-85119-88-5.
  2. Annarita Puglielli; Mara Frascarelli (2011). Linguistic Analysis: From Data to Theory. Walter de Gruyter. ISBN 978-3-11-022250-0.
  3. Jadranka Gvozdanović (1999). Numeral Types and Changes Worldwide. Walter de Gruyter. p. 221. ISBN 978-3-11-016113-7.: "The usage of 'Aryan languages' is not to be equated with Indo-Aryan languages, rather Indo-Iranic languages of which Indo-Aryan is a subgrouping."
  4. සැකිල්ල:Cite encyclopaedia
  5. Edwards, Viv. "Urdu Today". BBC.
  6. Thompson, Irene. "Bengali". AboutWorldLanguages. Retrieved 29 March 2013.
  7. "Census of India: Family-wise grouping of the 122 Scheduled and Non-Scheduled Languages -2001". www.censusindia.gov.in.
  8. Noack, Rick. "The future of language". Washington Post (in ඉංග්‍රීසි). Retrieved 2020-03-27.
  9. CIA- The World Factbook: 14.7 million in Turkey (18%)[1]සැකිල්ල:Failed verification, 4.9–6.5 million in Iraq (15-20%)[2]සැකිල්ල:Failed verification, 8 million in Iran (10%)"Archived copy". Archived from the original on 3 February 2012. Retrieved 31 March 2011.CS1 maint: archived copy as title (link)සැකිල්ල:Failed verification (all for 2014), plus several million in Syria, neighboring countries, and the diaspora

ප්‍රභව[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]


සැකිල්ල:Indo-European languages

සැකිල්ල:Persian language