ස්වයං වින්දනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ස්වයං වින්දනය - පිරිමි

ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය අතින් පිරිමැදගනිමින් හෝ උපකරණ භාවිතයෙන් (බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා) උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී.

සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

හැඳින්වීමට භාවිත යෙදුම්[සංස්කරණය කරන්න]

ගොනුව:1-320x240.jpg
භගමණිය ඇඟිලි වලින් පිරිමදිමින් ස්ත්‍රීන් ස්වයං වින්දනයේ යෙදීම.

සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම (හස්තෝපක්‍රම) හෝ වැල ඇදීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.

ස්වයං වින්දනය යන්න Maturbation යන ඉංගිරිසි වදනේ සිංහලයට අනුරූප වචනය යයි සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉංගිරිසි Masturbation යන වචනයට ලිංගික එක් වීමකින් තොරව ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම (Non-penetrative sex) යන අරුත ද පවතී.

ක්‍රමයන්[සංස්කරණය කරන්න]

ස්වයං වින්දනයේ යෙදීමට හේතු ලෙස ලිංගික දර්ශන නැරඹීම, වෙනත් ලිංගික උත්තේජනයන් හේතු විය හැක.

ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් පිරිමින් ස්වයං වින්දනයේ යෙදීම.

පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද​, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.

ආගමික පසුබිම[සංස්කරණය කරන්න]

බුදුදහම[සංස්කරණය කරන්න]

ස්වයං වින්දනය සම්බන්ධව ගිහි පිරිසට විශේෂ පැනවීමක් හෝ තහනමක් කොට නොමැත.[1] නමුත් උපසම්පදා භික්ෂූන්ට එය ඇවතක් වශයෙන් දක්වා ඇත.

ක්‍රිස්තියානි ආගම[සංස්කරණය කරන්න]

ස්වයං වින්දනය පවක් වශයෙන් හැදින්වේ.[තහවුරු කරන්න]

මුස්ලිම් ආගම්[සංස්කරණය කරන්න]

ෂියා ඉස්ලාම් නිකායට අනුව ස්වයං වින්දනය හරාම් (අකැප) ය.[2] සුන්නි ඉස්ලාම් දහමේ, මේ පිළිබඳව නොයෙක් මත පවතී. ඉමාම් මලික්ට අනුව එය සුන්නි දහමේ ද හරාම් ය.[3][4] නමුත් අනෙක් ඉමාම්වරු තිදෙනාට අනුව ස්වයං වින්දනය, කාම මිථ්‍යාචාරයෙන් වැළකීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරන්නේ නම් කැප ය​. කවරාකාරී හෝ ශුක්‍ර විමෝචනයකින් පසු ස්නානය අනිවාර් ය වේ.

හින්දු ආගම[සංස්කරණය කරන්න]

හින්දු දහමට අනුව ගිහි සැප සෙවීම, මනුෂ්‍ය ජිවීතයේ ප්‍රධාන අරමුණු සතරෙන් එකකි.

කාම සූත්‍රය කිසි සේත්ම ස්වයං වින්දනය හෙළා දැක නොමැති අතර එය ස්වයං වින්දනයේ යෙදිය හැකි උපක්‍රම විස්තර කරයි.[5]

සෞඛ්‍යමය බලපෑම[සංස්කරණය කරන්න]

වෙෙද්‍යමය පොදු එකඟතාව නම් ස්වයං වින්දනය යනු වෙෙද්‍ය විද්‍යාත්මකව සෞඛ්‍යමත් සහ මනෝවිද්‍යාත්මකව සාමාන්‍ය හැසිරීම් රටාවක් වේ.[6][7][8][9][10] මර්ක් මැනුවල් ඔෆ් ඩයනොසිස් ඇන්ඩ් තෙරපි (Merck Manual of Diagnosis and Therapy) වෙෙද්‍ය ග්‍රන්ථයට අනූව, "partner-oriented හැසිරීම නිෂේදනය කිරීම, ප්‍රසිද්ධියේ සිදුකිරීම, හෝ පීඩාවට හේතුවන තරම් අත්හල නොහැකි භාවය, ස්වයං වින්දනයේ අසාමාන්‍ය තත්වයන් ලෙස සැලකේ."[11]

ස්වයං වින්දනය මගින් නොමේරූ ශුක්‍රාණු නිපදවීම සිදු නොකරයි.[12]

එක්සත් ජනපද, අමෙරිකානු මනෝ චිකිත්සක සංගමයේ ඩයනොස්ටික් ඇන්ඩ් ස්ටැටිස්ටිකල් මැනුවල් ඔෆ් මෙන්ටල් ඩිසෝඩර්ස් (Diagnostic and Statistical Manual of Mental Disorders (DSM)) II (1968) යන ප්‍රකාශනය තෙක්, ස්වයං වින්දනය චිකිත්සාවට ලක් කල හැකි මානසික තත්වයක් විය.[13] 1972 වර්ෂයේදී අමෙරිකානු වෙෙද්‍ය සංගමය විසින් ස්වයං වින්දනය කිරීම සාමාන්‍ය කරුණක් ලෙස ඒකමතිකව ප්‍රකාශයට පත්කරන ලදී.[14]

මේවාද බලන්න[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර​[සංස්කරණය කරන්න]

සටහන්[සංස්කරණය කරන්න]

  1. බෞද්ධාගමික ලිංගික ආචාර ධර්ම​, වින්ටන් හිගින්ස්
  2. Rizvi, Muhammad (1994). "3. The Islamic Sexual Morality (2) Its Structure". Marriage and Morals in Islam. Scarborough, ON, Canada: Islamic Education and Information Center. http://www.al-islam.org/marriage-and-morals-islam-sayyid-muhammad-rizvi/chapter-three-islamic-sexual-morality-2-its#b-masturbation. 
  3. The Lawful And The Prohibited In Islam, Yusuf Al-Qardawi - 1997
  4. The New Arab Man: Emergent Masculinities, Technologies, and Islam in the Middle East, p 168, Marcia C. Inhorn - 2012
  5. How to Raise Kids Who Won't Hate You ඇලන් තික් විසිනි.; පි.125
  6. Porter, රොබට් එස්.; කැප්ලන්, ජස්ටින් එල්., eds (2011). "165 පරිච්චේදය. සෙක්ෂුවලිටි අැන්ඩ් සෙක්ෂුවල් ඩිසෝඩර්ස්". ද මර්ක් මැනුවල් ඔෆ් ඩයග්නොසිස් ඇන්ඩ් තෙරපි (19th සංස්.). වයිට්හවුස් සටේෂන්, NJ: මර්ක් ෂාර්ප් ඇන්ඩ් ඩොමී කොර්ප්., අ සබිසිඩයරි ඔෆ් මර්ක් ඇන්ඩ් ක., ඉන්කෝ.. ISBN 978-0-911910-19-3. http://www.merckmanuals.com/home/mental_health_disorders/sexuality/overview_of_sexuality.html. 
  7. Shpancer, Noah (29 සැප්තැම්බර් 2010). දා මස්ටබේෂන් ගැප්. ද පේයින්ඩ් හිස්ට්‍රි ඔෆ් සෙල්ෆ් ප්ලෙෂර්. සයිකොලොජි ටුඩේ (නිව්යොර්ක් සිටි: සසෙක්ස් පබිලිෂර්ස්). සම්ප්‍රවේශය 27 ජූනි 2013. කින්සී'ස් ඇන්ඩ් මාස්ටර්ස්ගේ ප්‍රකාශනය සහ ජොන්සන්ගේ සමීක්ෂණය, ස්වයං වින්දනය පොදු හා හානි රහිත බැව් හොළිදරව් කොට තිබේ. මෙම ප්‍රාථමික සත්‍යය බොහොමයක් අධ්‍යයන තුලින් තහවුරු කොට තිබෙන අතර තවදුරටත් ඒවායින් හෙළිදරව් කොට ඇත්තේ ස්වයං වින්දනය "සැබෑ" සම්බෝගය කෙරේ ආදේශකයක් නොවන බව හා අවධානම් සම්බෝගය පහසු නොකරවන්නක් බවයි. 
  8. කූන්, ඩෙනිස්; මිටටර්, ජෝන් O. (1 ජනවාරි 2015). "11. ජෙන්ඩර් ඇන්ඩ් සෙක්ෂුවලිටි". ඉන්ට්‍රොඩක්ෂන් ටු සයිකොලොජි: ගේටවෙයිස් ටු මයින්ඩ් ඇන්ඩ් බිහේවියර් (14 සංස්.). සෙන්ගේජ් ලර්නිං. පි. 363. ISBN 978-1-305-54500-7. https://books.google.com/books?id=-4jCBAAAQBAJ&pg=PA363. "ස්වයං වින්දනය, හානිදායක හේතුකාරකයක් විය හැකි කුමන හෝ මාර්ගයක් තිබේද? වසර හැත්තෑවකට පෙර, ස්වයං වින්දනය සිහිවිකල්වීමට, වඳ භාවයට හෝ වෙනයම් එවැනි විකාර සහිත තත්වයන්ට ලක්වීමට හේතුකාරක විය හැකි බවට දරුවෙකුට පවසා තිබිය හැක. "ස්වයං-දූෂණය," ලෙස එකල හඳුනාගත් එය, දීර්ඝ සහ අවාසනාවන්ත ආගමික හා වෙෙද්‍යමය අනනුමතියට ලක්වූ ඉතිහාසයක් සමග වැජඹී තිබිණි (කැරොල්, 2013). ස්වයං වින්දනය යනු සාමාන්‍ය ලිංගික හැසිරීම් රටාවක් බැව් නූතන අදහස වේ (Hogarth & Ingham, 2009). අවබෝධාත්මක දෙමාපියන් මේ කරුණ සම්බන්ධව හොඳින් දැනුවත්ය. සිය රහස් අවයව ස්පර්ෂය, තවමත් බොහෝ දරුවන් දඬුවමට හෝ තමන් සිදුකලේ වැරැද්දක් යන්න සංවේදනයට ලක්කිරීම සිදුකෙරේ. මෙය අවාසනාවක් වන්නේ ස්වයං වින්දනය හානිකර නොවන දෙයක් නිසාවෙනි. මූලික ලෙසම මෙහි වූ එකම ඍණාත්මක බලපෑම් වන්නේ බිය ඇතිවීම, වැරදිකාරී බව, හෝ ස්වයං වින්දනය යනු "නරක" හෝ "වැරදි" දෙයක් ලෙස සිතීමට ඉගෙනගැනීම නිසා ඇතිවන වියවුල් සහිත බව වැනි දේ වේ. ජනයා "ආරක්ෂිත සංසර්ග ක්‍රම" අනුගමනය කෙරේ දිරිමත් කරනු ලබන අදාල වයස්හීදී, ස්වයං වින්දනය සියල්ලටම වඩා ආරක්ෂාකාරීම ආකාරය ලෙස ඉතිරිව පවතී." 
  9. Sigel, Lisa Z. (සමර් 2004). "මස්ටර්බේෂන්: ද හිස්ට්‍ර ඔෆ් ද ග්‍රේට් ටෙරර් බයි ජීන් ස්ටෙන්ර්ස්ජ; Ann Van Neck; Kathryn Hoffmann". ජර්නල් ඔෆ් සෝෂල් හිස්ට්‍රි (Oxford: ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්) 37 (4): 1065–1066. doi:10.1353/jsh.2004.0065. ISSN 0022-4529. 
  10. Wood, Kate (මාර්තු 2005). "මස්ටර්බේෂන් ඈස් අ මීන්ස් ඔෆ් ඇචීවින් සෙක්ෂුවල් හෙල්ත් බයි වොල්ටර් බොක්ටිං; ඇලී කොල්මන්". කල්චර්, හෙල්ත් ඇන්ඩ් සෙක්ෂුවලිටි (ලන්ඩන්: ටේලර් ඇන්ඩ් ෆ්‍රැන්සිස්, ලිමිටඩ්.) 7 (2): 182–184. ISSN 1369-1058. 
  11. George R. Brown, MD. ඕවර්වීව් ඔෆ් සෙක්ෂුවලිටි. මර්ක් මැනුවල්ස් ප්‍රොෆෙෂන්ල් වර්ෂන්. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2015. 
  12. Strassberg, Donald S.; මැකරෝනිස්, ජූලියා ඊ.; පෙරල්මන්, මයිකල් ඒ. (2015). "සෙක්ෂුවල් ඩිස්ෆන්ක්ෂන්ස්". මෙම කෘතිය තුල: බ්ලේනි, පෝල් එච්.; Krueger, රොබට් එෆ්.; මිලන්, Theodore. ඔක්ස්ෆෝඩ් ටෙක්ස් බුක් ඔෆ් සයිකොපැතොලොජි (තුන්වන සංස්.). NY: ඔක්ස්ෆොර්ඩ් යුනිවසිටි ප්‍රෙස්. පිටු 441–442. ISBN 978-0-19-981177-9. OCLC 879552995. https://books.google.nl/books?id=VoEZBAAAQBAJ&pg=PA442&lpg=PA442&focus=viewport&dq=editions:n7U-Dq0ClTsC&hl=nl. Retrieved 21 ඔක්තෝම්බර් 2015. 
  13. David J. Ley (10 ජූලි 2014). ද මිත් ඔෆ් සෙක්ස් ඇඩික්ෂන්. රෝමාන් ඇන්ඩ් ලිටිල්ෆීල්ඩ්. පි. 12. ISBN 978-1-4422-1305-0. https://books.google.com/books?id=YlBQ8G56X7YC&pg=PA12. 
  14. ප්ලෑන්ඩ් පෙරන්ට්හුඩ් ෆෙඩරේෂන් ඔෆ් අමෙරිකා (මාර්තු 2003). "මස්ටර්බේෂන්: ෆ්‍රොම් මිත් ටු සෙක්ෂ්වල් හෙල්ත්". කන්ටෙම්පරරි සෙක්ෂුවලිටි (මවුන්ට වර්නන්, IA: අමෙරිකන් ඇසෝසියේෂන් ඔෆ් සෙක්ස් එඩියුකේටර්ස්, කවුන්සිලර්ස්, ඇන්ඩ් තෙරපිස්ට්ස්) 37 (3): v. ISSN 1094-5725. OCLC 37229308. "අවසානයේ අමෙරිකානු වෙෙද්‍ය ප්‍රජාව, ස්වයං වින්දනය සාමාන්‍ය කරුණකි යන්න 1972 අමෙරිකානු වෙෙද්‍ය සංගම හියුමන් සෙක්ෂුවලිටි ප්‍රකාශනයෙහි නිශ්චිතකොට ඇත, (රෝවන්, 2000).". 

වැඩිදුර පරිශීලනය​[සංස්කරණය කරන්න]

අඩවියෙන් බැහැර පිටු

"https://si.wikipedia.org/w/index.php?title=ස්වයං_වින්දනය&oldid=368028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි