කන්‍යාභාවය

විකිපීඩියා වෙතින්

කන්‍යාභාවය යනු පුද්ගලයෙකු කිසිදිනෙක ලිංගික සංසර්ගයෙහි නොයෙදුනු තත්වයයි.[1][2] මෙම තත්වය සදහා ඇතැම් ආගම් හා සංස්කෘතීන්තුල විශේෂ වටිනාකමක් පවරාදී ඇත,විශේෂයෙන් කාන්තාවන්ගේ මෙම කන්‍යාභාවය බොහෝ ආගම්හා සංස්කෘතීන් වල අවධාරණය කරඇතිවා සේම විවාහයේදී කන්‍යාභාවය පරික්ෂාකිරීමද ඇතැම් සංස්කෘතීන්වල සිදුවේ.

බොහෝ අතීත සම්ප්‍රදායික සමාජයන්හි කන්‍යාභාවය සදහා ඉහළ පිළිගැනීමක් පැවති බව සදහන්වේ.ඇතැම් ආගම් හා අභිචාරයන්ට අනුව බිලිපූජා යාග හෝම වැනි කටයුතු සදහා කන්‍යාවියන් යොදාගෙන ඇත.තවද ඇතැම් කළු අභිචාර සිදුකිරීමේදී කන්‍යභාවය සහිත කාන්තාවන් යොදාගෙන ඇත..කන්‍යාභාවය බොහෝ ආගම්වල ලිංගික සදාචාර ඉගැන්වීම් සමග බැදී පැවතින..[3][4] මෙම සංකල්පයට සංස්කෘතිකමය වශයෙන් ප්‍රබල බලපෑමක් පැවතියද මේ හා සම්බන්ධ නීතිමය රාමුවක් නැත.බොහෝ රටවල පවතින දික්කසාද නීතීන් අනුව ස්ත්‍රියක් විවාහයට පෙර කන්‍යාභාවය බිඳගැනීම දික්කසාදයට හෝ කිසිම නීතිමය වශයෙන් දඩුවමකට භාජනයවීමට හේතුවක් නොවේ.කන්‍යාභාවය යනු හුදෙක් සංස්කෘතිකමය සංකල්පයක් පමණි.මෙහි ජීව විද්‍යාත්මක හා අචාර විද්‍යාත්මක පදනම විද්වතුන් විසින් ප්‍රශ්නයට නගා ඇත.

කන්‍යාවය සංකල්පයෙන් වැඩි වශයෙන්ම ඉලක්ක වන්නේ ස්ත්‍රීන්ය.[5][6][7] කන්‍යාභාවයට හානි වීමටනම් විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සංසර්ගයක් වියයුතුය.එහිදී පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිෂ්නය ස්ත්‍රියකගේ යෝනිමාර්ගයට ඇතුලත්වීම සිදුවිය යුතුය,[8][9] මුඛ ගුද හා ස්වංවින්දනයද ඇතැම් සංස්කෘතික ඉගැන්වීම් අනුව පවිත්‍රත්වය කෙලෙසීමක් වුවද ජීව විද්‍යාත්මකව කන්‍යාපටලය ඉවත්වීමට එවන් සම්භන්ධතා ඍජුව දායක නොවෙයි..[10] කෙසේ වෙතත් තවමත් ඇතැම් සංස්කෘතීන්තුල කන්‍යාභාවය ලිළිබද සංකල්පය තදින් ක්‍රියාත්මක වෙයි..

නිරුක්තිය[සංස්කරණය]

ඉංග්‍රීසි භාෂාවේ කන්‍යාභාවය හදුන්වන virgin යන වචනය ප්‍රංශ භාෂාවේ virgine යන වචනයෙන් බිඳී ආවකි.මෙම ප්‍රංශ භාෂවේ ඇතුලත් වචනයේ මූලය වන්නේ ලතික් භාෂාවේ virgo යන වදනයි.මෙහි අරුත ලිංගික සංසර්ගයට භාජනය නොවූ ස්ත්‍රිය යන්නයි[11] [12] .

ක්‍රිස්තියානි ආගම තුල ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මවුතුමිය හැදින්වීමට කන්‍යාව යන වදන එනම් virgin යන්න භාවිතකර ඇත. කතෝලික ආගමේ විශ්වාසයන්ට අනුව මරිය මවුතුමිය කන්‍යාවියක් එනම් ලිංගික සංවාසයේ නොයෙදුන තැනැත්තියක් ලෙස දැක්වේ.[13] ඇය ගැබ්ගන්නේ දෙවියන්වහන්සේගේ අභිමතය පරිදිය.

කන්‍යාව (virgin) යන වදනට විවිධ අරුත් කිහිපයක්ම ඇතිබව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය පෙන්වා දෙයි (Oxford English Dictionary) (OED1, pages 230–232). ඒ අනුව මෙයට සමාන වචන කිහිපයක් පවතී.

සංස්කෘතිය[සංස්කරණය]

ඇතැම් සංස්කෘතික සංකල්ප තුල කන්‍යාභාවයට විශාල වටිනාකමක් දී ඇති බව පැහැදිළිවේ.මේහා බැඳුනු ඓතිහාසික සමාජමය සංස්කෘතික හා ආගමික කාරණා රැසක්පවතී.ඇතැම් විද්වතුන් පවසන්නේ කන්‍යාපටලය යනු ස්ත්‍රියකගේ පවිත්‍රත්වය මැනියහැකි අවයවයක් නොව මානවපරිණාමයේ මුල් යුගයේ පැවති අවයවයක ශේෂයක් පමණක් බවයි.බොහෝ කාන්තාවාදී විශ්ලේෂකයන් මෙම කන්‍යාභාවය පිළිබද සංකල්පය මිත්‍යාවක් බව පෙන්වාදෙයි.ජීව විද්‍යාත්මකව කන්‍යාභාවය අහිමිවීමට බලපාන එකම හේතුව පුරුෂයෙකු හා ඇතිවන ලිංගික සංසර්ගය පමණක් නොවේ.එසේම ප්‍රථම ලිංගික එක්වීම තුල පමණක් කන්‍යාභාවය අහිමිවීමද ජීව විද්‍යාත්මකව පිළිනොගන්නා කරුණකි.[14] විවිධ සංස්කෘතීන් තුල කන්‍යාභාවය පිළිබද පවතින ආකල්ප ජෙසිකා වැලෙන්ටි(Jessica Valenti) නම් කතෘවරියගේ The Purity Myth නම් ග්‍රන්තයේ දක්වා ඇත., ඒ අනුව විවිධ සංස්කෘතීන් තුල කන්‍යාභාවය පිළිබද ඇති සංකල්ප විවිධවේ.කන්‍යාපටලම මිනිසාට පමණක් නොව ඇතැම් සතුන් තුලද පවතී.විශේෂයෙන් ඇතැම් ක්ෂීරපායි ගැහැණු සතුන්ට කන්‍යාපටලයක් පිහිට.උදාහරණ ලෙස තල්මසා,අශ්වයා(වෙළඹ),අලි ඇතුන්(ඇතින්න),චිම්පන්සි,හාවන් ආදිය දැක්විය හැක.

කන්‍යාභාවය අහිමිවීම[සංස්කරණය]

සමාන්‍ය පිළිගැනීම නම් යුවතියකගේ කන්‍යාභාවය අහිමි වන්නේ ඇය පුරුෂයෙකු හා ඇතිකරගන්නා යොනිමාර්ගික ලිංගික සංසර්ගයකින් පමණය.එනම් පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිෂ්නයක් කන්‍යාවියකගේ යෝනිමාර්ගයට අතුළුකල සිදුවන ලිංගික සංසර්ගයකදී පමණය.කන්‍යවියක් සමග මුඛ හා ගුද ලිංගික සංසර්ගයන් පැවැත්වීම හා ස්වංවින්දන සාමාන්‍ය අයුරින් සිදුකිරීම මගින් කන්‍යාභාවයට හානි සිදුනොවේ.තවද ස්ත්‍රින් අතර සිදුවන නාරිමෛථුන සෙවනයේදීද කන්‍යාභාවයට හානි සිදුවීමක් සිදුනොවේ.[15][16] ඇතැම් සංස්කෘතීන් තුල ඇති මෙම කන්‍යාභාවය පිළිබද සංකල්පය හේතුවෙන් සමලිංගික වර්‍යාවන්ට පුද්ගලයන් පෙළඹෙනබව සමාජ මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙයි.කන්‍යාභාවය ප්‍රබලව පවතින සංස්කෘතීන්තුල සමලිංගික සබදතා බහුලව පවතී.එහෙත් මෙම සමලිංගික සබදතා බටහිර සමාජයන් මෙන් සමාජයට විවෘත නොවේ.මෙවන් වර්‍යා රහසිගතව සිදුවේ..[17] බොහෝ සමලිංගිකයන් ඒ සදහා යොමුවීමට කන්‍යාභාවය නැමැති සංස්කෘතික සංකල්පය ඉවහල්වී ඇත.තමාට ඇතිවන ලිංගික ආතතිය පිටකරගැනීම සදහා සමලිංගියන්ගේ පිහිට පැතීම බොහෝ සමාජයන්හි සිදුවේ.සත්ව ලෝකය දෙස බැලීමෙදී ඇතැම් පිරිමි සතුන් ගැහැණු සතකු තම ලිංගික කාර්‍ය සදහා යොදාගැනීමට නොහැකිවූවිට සමලිංගිකයෙකු සමග හෝ එක්වී තම ලිංගික ආතතිය දුරුකරගනී.1971 ට පෙර මානසික රෝගයක් ලෙස සැළකූ සමලිංගිකත්වය මානසික රෝග වර්ගීකරණයෙන් ඉවත්කිරීමට මූලික පදනමක් ලැබුනේ සත්ව විද්‍යාඥයන්ගේ මෙම සොයාගැනීම්ය.

සමලිංගික වර්‍යා මගින් කන්‍යාපටලයට හානි සිදුවීමක් සිදු නොවෙයි.එබැවින් තරුණියන් අතර සමලිංගික සබදතා ඇතිකර ගැනීම සිදුවේ.පුරුෂයින් අතරද මෙම කන්‍යාභාවය නැමැති සාධකය නිසා විරුද්ධ ලිංගිකයන් කරා ඇදීයාම වෙනුවට සමලිංගික සබදතා පවත්වා ගැනීම ආරක්ෂිතබව පිළිගනී.

ඇතමුන් කන්‍යාභාවය අහිමිකරගැනීමකින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සදහා බහුල වශයෙන් මුඛ ලිංගික වර්‍යා සදහා පෙළඹේ.[18] උදාහරණ ලෙස නව යොවුන් වියේ පසුවන පෙම්වතුන් ලිංගික තෘප්තිය සදහා මුඛ ලිංගික වර්‍යා සිදුකරයි.එමගින් කන්‍යාපටලයට හානිවීමක් සහ ගැබ්ගැනීමක් කිසිවිට සිදු නොවේ.පුරුෂ ශුක්ක්‍රාණු ස්ත්‍රියකට ගිලුනද එය ආහාර මාර්ගයට ඇතුළු වනවා මිස කිසිසේත් ගැබ් ගැනීමක් සිදු නොවේ.[19] 1999 දී අමරිකාවේ පළවූ JAMA (the Journal of the American Medical Association),නම් සගරාව දක්වන ආකාරයට 1991 දී සිදුකල අහඹු පරීක්ෂණයකට අනුව අධ්‍යාපන ආයතන 599 සිදුන් අතරින් 60% පමණ සිසුන් මුඛ ලිංගික චර්‍යා සිදුකරනබව හෙළිවී ඇත..[20][21] මෙසේ බොහෝ සමාජයන්හි තරුණ තරුණියන් අතර කන්‍යාභාවයට හානිවීමක් නොවී සිදුකලහැකි ආරක්ෂිත ලිංගික හැසිරීමක් ලෙස මුඛ ලිංගික සංසර්ගය පවතී.කෙසේ වෙතත් බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මුඛ ලිංගික සංසර්ගය හා කන්‍යාභාවය පිළිබද මිත්‍යා අදහස් ඇතැම් සංස්කෘතීන් තුල බහුලව පවතින බවයි.උදාහරණ ලෙස මුඛ ලිංගික සංසර්ගයේදී පිටවන පුරුෂ බීජ මගින් ස්ත්‍රීන් ගැබ් ගන්නේය යන මිත්‍යාව දැක්විය හැක.[22]

2003 දී පළවූ Canadian Journal of Human Sexuality නම් සගරාව මගින් කන්‍යාභාවය හා බටහිර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය පිළිබද අධ්‍යනයක් සිදුකර ඇත.ඇමරිකා එක්සත් ජනපදයˌඑක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව යන රටවල විශ්ව විද්‍යාල සිසුන් ගෙන් 97% පමණ ශිෂ්න යෝනි ලිංගික සම්භන්ධතා පවත්වා ඇත.70%-90% පමණ සිසුන් ගුද ලිංගික(ශිෂ්න ගුද) සම්භන්ධතා පවත්වා ඇත.32%-58% මුඛ ලිංගික(ශිෂ්න මුඛ)සම්භන්ධතා පවත්වා ඇත..[23] මේ අයුරින් බටහිර රටවල කන්‍යාභාවය පිළිබද ඇති අවධානය වර්තමානයේ බොහෝ සෙයින් අඩුවී ඇත.තවද Kinsey Institute නම් ආයතනයක් මගින් බටහිර සමාජයේ සිදුකළ අධ්‍යනයකදී පුද්ගලයින් 484 දෙනකුගේ නියැදියක් යොදාගනිමින් කළ අධ්‍යනයේදී වයස අවුරුදු 18–96. අතර වයසේ පසුවන්නන් අතරින් 95% පමණ දෙනා ලිංගික සංසර්ගයක් ලෙස පිළිගන්නෙ ශිෂ්න යෝනි ලිංගික සම්භන්ධය පමණක් බව අවධාරණයවී ඇත.එනම් මුඛ හෝ ගුද ලිංගික සම්භන්ධතා ලිංගික සංසර්ගයක් ලෙස ඔවුන් පිළි නොගන්නා බවයි.එහෙත් ඇතැම් දෙනා ගුද හා මුඛ ලිංගික සම්භන්දතාද ලිංගික සංසර්ගයක් ලෙස පිළිගනී.ඒ ආකාරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සංස්කෘතියෙන් සංස්කෘතියට ලිංගික ක්‍රියාව හා කන්‍යාභාවය පිළිබද එකිනෙකට පරස්පර ආකල්ප පවතී.

කෙසේ වෙතත් කන්‍යාභාවය ආරක්ෂා කරගෙන ලිංගික තෘප්තිය ලැබීමට සමලිංගික වර්‍යාˌමුඛ ලිංගික වර්‍ය(මුඛ ශිෂ්න)ˌගුද ලිංගික චර්‍යා(ශිෂ්න ගුද) ආදියට පෙළඹීම සිදුවේ.මීට අමතරව පියයුරු සංසර්ගය,පාද සංසර්ගය හා කලවා සංසර්ගය වැනි බාහිර ලිංගික සංසර්ගයන් මහින්ද කන්‍යාපටලයට හානියක් සිදු නොවී ලිංගික තෘප්තිය ලැබිය හැකි ක්‍රම ලෙස සළකයි.වෙතත් ඇතැම් සංස්කෘතීන් තුල කන්‍යාභාවය යන සංකල්පයට එතරම් වටිනාකමක් නොදෙයි.විශේෂයෙන් සංවර්ධිත රටවල මේ තත්වය බහුලය.එහෙත් ඌන සංවර්ධිත රටවල මේ සදහා වූ පිළිගැනීම ඉහළය..[24][25]

වර්තමානයේදී පූර්වවෛවාහික ලිංගික සංසර්ගයක් මගින් කන්‍යාපටලයට හානිවීමක් සිදු වුවද අදාල ස්ත්‍රියට නැවත කන්‍යාපටලය ප්‍රතිස්ථාපනය කලහැකිය.එබැවින් ප්‍රථම ලිංගික සංසර්ගය මගින් ස්ත්‍රියක පවිත්‍රත්වය මැනීම වර්තමානය තුල ඉතා අවිද්‍යාත්මක නිෂ්පල ක්‍රියාවකි.එසේම ප්‍රථම ලිංගික සංසර්ගයේදී කන්‍යාපටලය බිඳීම සමග ඇතිවන වේදනාව බොහෝවිට මානසික හේතුමත තීරණයවන බව මනෝ විද්‍යාඥයන් පවසයි.ඒ අනුව ස්ත්‍රියක් උපරිම ලිංගික උත්තේජනයට පත්වූවිට ඇතිවන වේදනාව අඩුය.ස්ත්‍රියගේ අකමැත්ත බිය සහිතව ඇතිවන සංසර්ගයකදී වේදනාව අධිකය.

කාන්තාව[සංස්කරණය]

සංස්කෘතික වටිනාකම්[සංස්කරණය]

කාන්තාවකගේ පළමු ලිංගික සංසර්ගය ඇයගේ ජීවිතයේ ඉතා වැදගත්ම අවස්ථාවක් ලෙස බොහෝ සංස්කෘතීන් තුල පිළිගනී..[26]

සාම්ප්‍රදායිකව බොහෝ සමාජතුල විවාහයට පෙර ලිංගික සංසර්ගය අනුමත නොකරයි.විවාහ දිනයේදී සැමියා අතින් ඇගේ කන්‍යාභාවය අහිමිවිය යුතුය යන මතය පවතී.ස්ත්‍රියක් ලිංගික සංසර්ගයේ යෙදීම විවාහක සැමියා සමග පමණක් වියයුතු අතර ඇය විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම වරදකි.[27]

ඇතැම් සංස්කෘතීන් තුල අවිවාහක ස්ත්‍රීහූ විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන විට කන්‍යාපටලයට හානි සිදු නොවීම සදහා ඇතැම් උපක්‍රම අනුගමනය කරති.[තහවුරු කර නොමැත] ඇතැම් ස්ත්‍රීන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා ඇතිකරගත් විට ඔවුන් කන්‍යාපටලය ප්‍රථිස්තාපන සැත්කම් මගින් නැවත කන්‍යාභාවය ලබාගනී.[28] ඇතැම් සංස්කෘතීන් තුල ස්ත්‍රියකගේ කන්‍යාභාවය අහිමිවීමක් සිදුවූවිට විශේෂයෙන් ස්ත්‍රි දූශනයකට ලක්වූවි ඇගේ පවුලේ සාමාජිකයන් විසින් ඇය ගිනිතබා මරා දමයි.මෙය ගෞරවය වෙනුවෙන් සිදු කරන ඝාතන ලෙස දැක්වේ.එම සංස්කෘතීන්තුල සාමාජිකයන් මෙම ඝාතන අපරාධයක් ලෙස පිළි නොගනී.මෙවන් මිනී මැරුම් ඉස්ලාම් අන්තවාදී රටවල සිදුවේ.ඇතැම් පෙරදිග රටවල තරුණියන් විවාහයට පෙර ඇගේ කන්‍යාභාවය අහිමිවුවහොත් සියදිවිනසා ගැනීමටද පෙළඹේ.අප්‍රිකානු රටවල පවතින මිත්‍යා විශ්වාසයක් වන්නේ කන්‍යාවියන් සමග ලිංගික එක්වීම මගින් ඒඩ්ස් රෝගය හට නොගන්නා බවයි.මෙම මිත්‍යා මතය පදනම් කරගනිමින් අප්‍රිකානු රටවල තරුණ ගැහැණු ළමුන් දූශනයට ලක්වන ප්‍රමානය වැඩිවී ඇත.[29][30] කෙසේ වෙතත් වර්තමාන සංවර්ධිත රටවල් බොහෝමයක පූර්ව වෛාහික ලිංගික සම්බන්දතා සිදුවන අතර විවාහයේදී කන්‍යාභාවය පරික්ෂා කිරීමක් සිදු නොවේ.විවාහයට පෙර සිදුවන ලිංගික සම්භන්ධතා සාමන්‍ය දෙයක් ලෙස පිළිගැනෙයි.

අතීත සංස්කෘතින් බොහෝමයක විවාහයට පෙර ලිංගික සම්භන්ධතා ප්‍රතික්ෂේප කරයි.විවාහ දිනයේදී ස්ත්‍රියගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සිදුවන අතර ඇය කන්‍යාවියක් නොවුන හොත් විවාහය දෙදරා යයි.විවාහයකට ඇතුලත් විය හැක්කේ කන්‍යාවියකට පමණි.[31] .

ඇතැම් සංස්කෘතීන් තුල ස්ත්‍රියක් විවාහ වීමට පෙර දූශනයට ලක් වුහොත් ඇයගේ පියාට දූශකයා විසින් වන්දියක් ගෙවිය යුතුවිය.ඇතැම් සංස්කෘතීන් තුල දූශකයා විසින්ම අදාල ස්ත්‍රියව ආවාහ කරගත යුතුය.[32] .[33]

පරික්ෂාකිරීම[සංස්කරණය]

ඇතැම් සංස්කෘතීන් තුල ස්ත්‍රියක් විවාහයට පෙර කන්‍යාවියක්ව සිටීම එනම් මීට ප්‍රථම ලිංගික සංසර්ගයක් පවත්වා නොතිබීම අවධාරණය කරයි. එබැවින් එවැනි සාම්ප්‍රදායික සමාජයන්හි විවාහ දිනයේ ප්‍රථම ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳීමෙන් පිටවන රුධිරය සාක්ෂි ලෙස ගෙන කන්‍යාභාවය සොයාගනී.[34][35][36] ඇතැම් සංස්කෘතීන් තුල විවාහ දිනයේදී නව යුවල මධුසමය ගතකරන යහනේ සුදු රෙද්දක් එලා තබයි.එම සුදු රෙද්ද තුල ලේ බිංදු තැන්පත්වී ඇත්නම් අදාල මනාලිය කන්‍යාවක් බව ඥාතීන් තේරුම් ගනී.

පර්යේෂකයන්ට අනුව ප්‍රථම ලිංගික එක්වීමෙන් පිටවන රුධිරය පරික්ෂාවෙන් ස්ත්‍රියක් කන්‍යාවියක්ද යනවග සොයාගත නොහැකි බවයි.කන්‍යා පටලය යනු යෝනි මාර්ගය තුල ඇති සියුම් පටලයකි. එය නම්‍යශ්‍රීලී හා ඇදෙනසුලු අවයවයකි.එබැවින් ප්‍රථම ලිංගික එක්වීමේදීම එය බිඳී නොයාමට ඉඩතිබේ.මීට අමතරව ඇතැම් භෞතික හේතු මතද කන්‍යා පටලය බිඳීමට ලක්විය හැක.ඇතැම් කාන්තාවන්ට ඉතා තුනී කන්‍යාපටලයක් පිහිටා තිබීම නිසා ඉක්මනින් බිඳීයාමට ඉඩඇත, ඇතැම්විට ගැහුණු ළමුන් තමා නොදැනුවත්වම ඇගේ කන්‍යා පටලය බිඳීයා හැක,බොහේ විට ඇතැම් මලල ක්‍රීඩා කිරීමේදී මෙම අවදානමට දැරියන් ලක්වේ. බයිසිකල් පැදීම වැනි ක්‍රියා වලදීද ගැහැණු දරුවකුගේ කන්‍යාභාවය අහිමි වියහැක,යොනි මාර්ගයට ඇතිවන තද තෙරපුමකදී මෙසේ කන්‍යාපටලයට හානි සිදුවිය හැකිය[37] තවද ස්ත්‍රියක් පුරුෂයෙකු හා ලිංගික සංසර්ගයක් පැවැත්වීමෙන් පසු කන්‍යාපටලය අහිමි වුවහොත් ඇයට ශල්‍යකර්මයක් මගින් ඇගේ කන්‍යාපටලය පෙරතිබූ තත්වයට පත්කිරීමට අදවනවිට සිදුකල හැකිය.මෙම සැත්කම් සිදු කිරීමෙන් පසු ලිංගික එක් වුවහොත් රුධිරය පිටවීම මුල් අවස්ථාවේ මෙන් සිදුවේ.ඇතමුන් මෙම සැත්කම හදුන්වන්නේ කන්‍යාවියක් වී නැවත ඉපදීමක් ලෙසයි.

ඇතුම් ගැහුණු දරුවන් උපතින්ම කන්‍යාපටලයක් අහිමිව උපදී,[38][39] .[40] එබැවින් එවන් ස්ත්‍රියක් ලිංගික සංසර්ගයේ යෙදුනද රුධිරය පිටවීමක් සිදු නොවේ.

ඇතැම් සෞඛ්‍යමය තත්වයන් යටතේ කන්‍යාපටලය ඉවත්කිරීමට වෛද්‍යවරු උපදෙස් දෙති.

පුරුෂයන්[සංස්කරණය]

ඉතිහාසයේ මෙන්ම වර්තමාන සමාජයේද බොහෝවිට ස්ත්‍රීන්ගේ කන්‍යාභාවය පමණක් අවධාරණය කලද ඇතැම් සංස්කෘතීන් තුල පුරුෂයන්ගේ ලිංගික පවිත්‍රත්වය පිළිබදවද අවධාරණය කරඇත.කෙසේ වෙතත් බොහෝ සමාජවල පුරුෂයන් සතු ලිංගික බලපරාක්‍රමය මත පුරුෂයින්ගේ ලිංගික හැසිරීම් පාලනයවී නැත.[41] ඉස්ලාම් දහමට අනුව ගැහැණියට මෙන්ම පිරිමියාටද විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම තහනම්ය.ඇතැම් ඉස්ලාමීය සංස්කෘතීන් තුල ස්ත්‍රියක් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම හෝ දූශනයට ලක්වූ විට ඇය තම පවුලේ ගෞරවය නැතිකල අයකු ලෙස සලකා මරා දමනු ලබයි.ඇතැම් සංස්කෘතීන් තුල ස්ත්‍රියක් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වූ විට ඇයව තවදුරටත් ලිංගික හැසිරීම් සිදුකිරීමට යොසු කරයි.එහෙත් පුරුෂයන්ට හැකිපමණ විවාහයට පෙර ලිංගික අද්දැකීම් ලබාගන්නට ඉඩදෙයි..[42][43] එහෙත් මෙසේ වැඩිදුර ලිංගික අද්දැකීම් ලැබීමට යන පුරුෂයන් අන් පුරුෂයන්ගේ සරදමට හා හොරෙන් බැලීමේ ක්‍රියාකාරකම්වලට ලක්වේ.[44] බොහෝ පර්යේෂණයන්ට අනුව පුරුෂයන් වැඩි දෙනෙක් විවාහයට පෙර ලිංගික අද්දැකීම් ලබනබව සනාථවී තිබේ.මෙය සෑම සංස්කෘතියකටම වගේ පොදු ධර්මතාවකි.[45]

ව්‍යාප්තිය[සංස්කරණය]

Prevalence of sexually experienced 15-year-olds based on self-reports[46]
රට පිරිමි ලමුන් (%) ගැහැණු ලමුන් (%)
ඔස්ට්‍රියාව 21.7 17.9
කැනඩාව 24.1 23.9
Croatia 21.9 8.2
England 34.9 39.9
Estonia 18.8 14.1
Finland 23.1 32.7
Belgium 24.6 23
France 25.1 17.7
Greece 32.5 9.5
Hungary 25 16.3
Israel 31 8.2
Latvia 19.2 12.4
Lithuania 24.4 9.2
Macedonia 34.2 2.7
Netherlands 23.3 20.5
Poland 20.5 9.3
Portugal 29.2 19.1
Scotland 32.1 34.1
Slovenia 28.2 20.1
Spain 17.2 13.9
Sweden 24.6 29.9
Switzerland 24.1 20.3
Ukraine 47.1 24
Wales 27.3 38.5

කන්‍යාභාවය පිළිබද සංකල්පය සංස්කෘතියෙන් සංස්කෘතියට විසරණයවී ඇත.එනම් එක් සංස්කෘතියක සිට තවත් සංස්කෘතියකට ව්‍යාප්තවී ඇත.ඒ අනුව බොහෝ සාම්ප්‍රදායික සංස්කෘතීන් තුල විවාහයට පෙර ස්ත්‍රියක් ලිංගික සහවාසයක යෙදී නොසිටිය යුතුය.විවාහ දිනයේදී රුධිර පරික්ෂාව මගින් එය සනාථ කරගතයුතුය.රුධිර පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඇයට විවාහවිය නොහැකිය.

ඇතැම් සංස්කෘතීන් අධ්‍යනයේදී හෙළිවී ඇත්තේ එම සංස්කෘතීන් තුල ගැහැණු දරුවකු වැඩිවියට පැමිණි සැණින් විවාහ කරදීමේ සම්ප්‍රධායක් පවතින බවයි.ඇතැම් සංස්කෘතීන් තුල ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීමට පෙරද විවාහය සිදු කරයි.උප සහරා මහද්වීපය හා සහ ඉන්දියානු උප මහද්වීපය හා අරාබි රටවල මෙම තත්වය දැකිය හැකිය..

ඇතැම් සංස්කෘතීන් තුල ස්ත්‍රියකගේ විවාහවීමේ වයස වැඩිය.එනම් ප්‍රමාධවී විවාහය සිදුවේ.විවාහය කල් ගියද විවාහයට පෙර ලිංගික අද්දැකීම් ලැබීම තහංචිය.එහෙත් පුරුෂයන්ට හැකිතාක් ලිංගික අද්දැකීම් ලබන්නට අවසර ඇත.පුරුෂයින් ගණිකාවන් හා අනියම් භාර්‍යාවන් කරා ගොස් ලිංගික අද්දැකීම් ලබයි.මෙවන් සංස්කෘතීන් දකුණුදිග යුරෝපා රටවල හා ලතික් ඇමරිකානු රටවල දක්නට ලැබේ.ඇතැම් අසියාතික රටවලද මෙම තත්වට පවතී..

තවත් සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම පුද්ගයන්ට විවාහයට පෙර ලිංගික අද්දැකීම් ලැබීම තහංචිවන අතර විවාහයද ප්‍රමාදවී සිදුවේ.පෝලංතය ශ්‍රී ලංකාව සිංගප්පූරුව චීනය වියට්නාමය වැනි රටවල මෙම තත්වය දක්නට ලැබේ.

ඇතැම් සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම විවාහයට පෙර ලිංගික අද්දැකීම් ලැබිය හැකිය.එහෙත් විවාහය බොහෝවිට ප්‍රමාදව සිදුවේ.උතුරු හා නැගෙනහිර යුරෝපා රටවල් ස්විස්ටර්ලන්තය ජර්මනිය චෙස් ජනරජය වැනි රටවල් මෙයට උදාහරණ වෙයි.

යුනිසෙෆ් සංවිධානය විසින් 2001 දී සිදුකල සමීක්ෂණයකින් පෙන්වා දෙන්නේ බටහිර රටවල තරුණ තරුණියන් 2/3 ක්ම නවයොවුන් වියේදීම ලිංගික අද්දැකීම් ලබන බවයි.ජර්මනිය අයිස්ලන්තය නෝර්වේ එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය යන රටවල් මෙයට අයත්වේ.අවුරුදු 15ත් 17 ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන්ද විවාහ පූර්ව ලිංගික අද්දැකීම් ලබයි..[47] 2002 වසරේදී සිදුකල සමීක්ෂණයකට අනුව බටහිර රටවල් 24ක තරුණ සිසු සිසුවියන් 33,943 ම ලිංගික අද්දැකීම් ලබා ඇත.ඔවුන් වැඩි දෙනෙක් උපත්පාලන ක්‍රම අනුගමනය කරමින් අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගෙන ඇත.[48] 2005 දී සිදුකළ සමීක්ෂණයකට අනුව ඇමරිකානු තරුණ තරුණියන්ගෙන් සියයට 29% දෙනා ලිංගික අද්දැකීම් ලබන බවයි.තරුණ තරුණියන් ගෙන් 33% පමණ පමණටත්ත් වඩා ලිංගික අද්දැකීම් ලබා ඇති බවයි.ඇතැම් දෙනා පවසා ඇත්තේ තමාට ලිංගික අද්දැකීම් ලබන්නට අනවශ්‍ය වුවද විරුද්ධ ලිංගිකයන්ගේ බලකිරීම් මත තමාට එවන් අද්දැකීම් ලබාගැනීමට සිදුවූ බවයි..[49] ඇතමුන් පවසා ඇත්තේ අනෙක් තරුණ තරුණියන් ලිංගිකව හැසිරෙනවා දැකීමෙන් තමාද එට පෙළඹුන බවයි.[50][51]

සමීක්ෂණයන්ට සහභාගීවූ බොහෝ සිසුන් පවසා ඇත්තේ පෙර පරම්පරාවට වඩා වර්තමාන පරම්පරාව ලිංගික අද්දැකීම් අඩු වයසේදීම ලබන බවයි.[52][53] එහෙත් ලෝකයේ මේ තත්වය පිළිබද අවදානය යොමු කිරීමේදී තවමත් දියුණු වෙමින් පවතින රටවල කන්‍යාභාවය පිළිබද ආකල්පය නිසා ප්‍රථම ලිංගික අද්දැකීම ලැබීම විවාහය තුලට සීමාවී ඇත..[54][55] ඇතැම් බටහිර රටවල පවා ඇතැම් තරුණ තරුණියන් ප්‍රථම ලිංගික අද්දැකීම විවාහයට සීමාකරගෙන ඇත.එහෙත් මෙය ප්‍රතිශතයක් ලෙස ඉතා අවම අගයක් ගනී.උදාහරණ ලෙස මහා බ්‍රිතාන්‍ය යේදී 2008 කල සමීක්ෂණයකට අනුව තරුණියන්ගෙන් 6% පමණ ප්‍රථම ලිංගික අද්දැකීම ලබා ඇත්තේ විවාහය තුලය.[56]

වර්ෂ 2011 දී ඇමරිකා එක්සත් ජනපදයේදී සිදුකල සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 15 ත් 19 අතර පිරිමි ළමුන්ගෙන් 43% දෙනාටවිරුද්ධ ලිංගික සහකරුවකු නොමැති බව පවසා ඇත.එම වයසේම පසුවන ගැහැණු ළමුන්ගෙන් 48% කටද විරුද්ධ ලිංගික සහකරුවන් නොසිටි බව පවසා ඇත..[57]

අප්‍රිකානු රටවල ගැහැණු ළමුන් 14.3% දෙනකු ළමා මවුවරුන් බවට පත්වෙයි.එනම් ළමාවියේදීම මවුවරුන් බවට පත්වේ.දකුණු කොරියාවේ ළමා වියේ ගැබ්ගැනීම් ප්‍රතිශතයක් ලෙස 0.29%.කි.අැමරිකාවේ ළමාවියේදී ගැබ්ගැනීම් ප්‍රතිශතය 5.21%කි..[58] ළමාවියේ ඇතිවන මෙම දරු උපත් පාලනය කිරීම සදහා බටහිර රටවල පාසැල්තුල ලිංගික අධ්‍යාපනය නිවැරදි ලෙස ලබාදීමට කටයුතු යොදා ඇත.

සමාජ මනෝවිද්‍යාව[සංස්කරණය]

ඇතැම් සංස්කෘතික මානව විද්‍යාඥයන්ට අනුව ප්‍රේම සම්භන්ධතා හා ලිංගික ඊර්ෂ්‍යව යනු සෑම සංස්කෘතියකම පාහේ දක්නට ලැබෙන පොදු විශ්වීය තත්වයකි.[59] කන්‍යාභවය වැනි සංකල්ප බිහිවීමට මිනිසා සතු මෙම ලිංගික ඊර්ෂ්‍යාව වැනි සංකල්ප හේතුවන්නට ඇතිබව මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි.

1965ත් 1985 අතර කාලය තුල ඇමරිකාවේ විවාහවූ කාන්තාවන් තුල කන්‍යාභාවය අහිමිවී තිබීම දික්කසාදයට හෝ විවාහ දිවියේ නොයෙක් ප්‍රශ්න ඇතිවීමට හේතුවේයැයි විශ්වාසයක් තිබුනබව පර්යේෂකයන් පෙන්වාදී ඇත.

ආචාර ධර්ම[සංස්කරණය]

සමාජ අචාර ධර්ම හා නීතිමය තත්වය[සංස්කරණය]

ලිංගික වර්‍යායනු සත්ව ලෝකයට පොදු ධර්මතාවකි.එය තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා සොබාදම් මාතාව විසින් ලබාදුන් අපූරු ක්‍රියාවලියකි.එහෙත් මානවයා විසින් නිර්මාණය කරගත් සංස්කෘතිය මත මිනිසා ලිංගික වර්‍යාවට නොයෙක් තහංචි දමාගත්හ.මුල් යුගයේදී මිනිසා සමූහ ලෙස ලිංගික චර්‍යාවන් සිදු කලද පසුව ක්‍රමයෙන් ආගම හා සංස්කෘතිය බිහිවීම සමග ඇතිවූ පරිවර්තනය නිසා සමූහ ලිංගික චර්‍යා වෙනුවට ඒක විවාහක්‍රම බිහිවිය.විවාහයෙන් පිට ලිංගික චර්‍යා තහංචිවිය.එපමණක් නොව විවාහයට පෙර ලිංගික චර්‍යා සිදුකිරීමද තහනම්විය.මෙහි ප්‍රථිපලයක් ලෙස කන්‍යාභාවය වැනි සංකල්ප ඇතිවිය.විශේෂයෙන් බොහෝ ආගම් තුල කන්‍යෘභාවයට වැඩි අගයක් ලබාදීම සිදුවිය.පසුව ආගම හා රාජ්‍ය අතර ඇති සම්භන්දය මත නීතිරීති පැනවීමද සිදුවිය.

බොහෝ රටවල්වල විවාහය සදහා අවම වයස් සීමාවක් නීතිගතකර ඇත.මෙලෙස ඇති වයස් සීමාවන් ලෙස වයස අවුරුදු 16-18 අතර වයස් සීමාවන් දැක්වේ.එහෙත් ඇතැම් රටවල මෙම නීති ලිහිල්කර ඇති අවස්තා දක්නට ලැබේ.උදාහරණ ලෙස විවාහ සහකාරිය ගැබ්ගෙන ඇතිනම් අවම වයස්සීමාව නොතකා විවාහවීමේ අයිතිය ඇතැම් රටවල පවතී.මීට අමතරව ලිංගික අද්දැකීම් ලැබියහැකි අවම වයස් සීමාවන්ද නීතිගතකර ඇත.අතීතයේ 19 වන සියවසට පෙර ඇතැම් බටහිර රටවල විවාහවීමේ අවම වයස් සීමාව ලෙස දක්වා තිබුනේ වයස අවුරුදු 10-13 අතර වයස් සීමාවන්ය.,[60] 19 වන සියවසෙන් පසු විවාහවීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 ත් 18 අතර කාලය දක්වා වෙනස්විය..[61] වර්තමානයේ ලිංගික අද්දැකීම් ලැබියහැකි හොදම වයස් සීමාව ලෙස වයස අවුරු 12 සිට 21 දක්වා කාලය ලෙස දැක්වේ.ඇතැම් රටවල විවාහයෙන් පෙර සිදුවල ලිංගික සබදතා අනුමත කරයි.

අතීතයේ මෙන්ම වර්තමානයේ පවා ඇතැම් රටවල විශේෂයෙන් ස්ත්‍රීන්ට විවාහයට පෙර ලිංගික අද්දැකීම් ලැබීම තහංචිය.ස්ත්‍රියක් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම බරපතල වරදක් ලෙස සළකයි.එවන් ස්ත්‍රියකට විවාහයක් සිදුකරගැනීමටද නොහැකිය.ස්ත්‍රියක් දූශනයට ලක්වුහොත් ඇයටද විවාහයක් සිදුකරගත නොහැක.ඇතැම් රටවල එවන් ස්ත්‍රීන් මරාදමයි.එවන් මිනී මැරුම් ගෞරවය උදෙසා සිදුකරන මිනීමැරුම් ලෙස සලකනු ලැබේ.ඇතැම් රටවල ස්ත්‍රියක් දූශනය කරනු ලැබූවිට දූශකයා විසින්ම එම ස්ත්‍රිය විවාහකරගත යුතුය.නැතිනම් ඇය සදාකාලිකව අවිවාහකව සිටිය යුතුය.එවන් දූශනයකින් උපන් දරුවන්ට පියාගේ වාසකම ලෙස දූශකයාගේම වාසකම ලබාදියයුතුය.එසේත් නැතිනම් දරුවන් මරාදැමිය යුතුය.ඇතැම් සංස්කෘතීන් තුල දූශනයකට ලක්වුවද ස්ත්‍රියට තමා කැමති වෙනත් අයකු හා විවාහවීමේ හැකියාව ඇත.එහිදී ඇය දූශකයාගෙන් ගැබ්ගෙන සිටියද වර්තමාන විවාහක සැමියාගේ වාසකම දරුවන්ට ලබාදිය හැක..

මේවාත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  • Virgin Complex
  • Artificial hymen
  • Purity ball
  • Almah
  • Brahmacharya  සැකිල්ල:Nb10
  • Celibacy
  • The Purity Myth
  1. "වර්ජිනිටි". මේරියම්-වෙබ්ස්ටර්. සම්ප්‍රවේශය දෙසැම්බර් 21, 2013. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. "Virginity". TheFreeDictionary.com. සම්ප්‍රවේශය December 21, 2013.
  3. See here [1] and pages 47–49 for views on what constitutes virginity loss and therefore sexual intercourse or other sexual activity; source discusses male virginity, how gay and lesbian individuals define virginity loss, and how the majority of researchers and heterosexuals define virginity loss/"technical virginity" by whether or not a person has engaged in penile-vaginal sex.
  4. Linda Rae Bennett (2005). Women, Islam and modernity: single women, sexuality and reproductive health in contemporary Indonesia. Psychology Press. pp. 19–21. ISBN 0-415-32929-9. සම්ප්‍රවේශය October 9, 2011.
  5. Bryan Strong; Christine DeVault; Theodore F. Cohen (2010). The Marriage and Family Experience: Intimate Relationship in a Changing Society. Cengage Learning. p. 186. ISBN 0-534-62425-1. සම්ප්‍රවේශය October 8, 2011. Most people agree that we maintain virginity as long as we refrain from sexual (vaginal) intercourse. But occasionally we hear people speak of 'technical virginity' [...] Data indicate that 'a very significant proportion of teens ha[ve] had experience with oral sex, even if they haven't had sexual intercourse, and may think of themselves as virgins' [...] Other research, especially research looking into virginity loss, reports that 35% of virgins, defined as people who have never engaged in vaginal intercourse, have nonetheless engaged in one or more other forms of heterosexual sexual activity (e.g., oral sex, anal sex, or mutual masturbation).
  6. Hanne Blank (2008). Virgin: The Untouched History. Bloomsbury Publishing USA. pp. 304 pages. ISBN 1-59691-011-9. සම්ප්‍රවේශය October 8, 2011.
  7. Friedman, Mindy (September 20, 2005). "Sex on Tuesday: Virginity: A Fluid Issue". The Daily Californian. 2009-05-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 6, 2011.
  8. Richard D. McAnulty; M. Michele Burnette (2000). Making Healthy Decisions. Allyn & Bacon. p. 229. ISBN 0-205-19519-9.
  9. Joseph Gross, Michael (2003). Like a Virgin. The Advocate, Here Publishing. p. 45. 0001-8996. සම්ප්‍රවේශය 2011-03-13. {{cite book}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. Charlton T. Lewis and Charles Short, 'virgo', in A Latin Dictionary.
  11. 'virgin' in American Heritage Dictionary of the English Language.
  12. 'Consecrated virgins and widows', Catechism of the Catholic Church 922–24.
  13. Valenti, Jessica (2009). The Purity Myth. Seal Press.
  14. Ken Plummer (2002). Modern Homosexualities: Fragments of Lesbian and Gay Experiences. Routledge. pp. 187–191. ISBN 1134922426. සම්ප්‍රවේශය August 24, 2013. The social construction of 'sex' as vaginal intercourse affects how other forms of sexual activity are evaluated as sexually satisfying or arousing; in some cases whether an activity is seen as a sexual act at all. For example, unless a woman has been penetrated by a man's penis she is still technically a virgin even if she has had lots of sexual experience.
  15. Jayson, Sharon (2005-10-19). "'Technical virginity' becomes part of teens' equation". USA Today. සම්ප්‍රවේශය 2009-08-07. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  16. Karen Bouris (1995). The First Time: What Parents and Teenage Girls Should Know about "Losing Your Virginity". Conari Press. pp. 133–134. ISBN 0-943233-93-3. සම්ප්‍රවේශය 2013-12-15.
  17. "Oral Sex and HIV Risk" (PDF). Centers for Disease Control and Prevention (CDC). June 2009. සම්ප්‍රවේශය August 30, 2013.
  18. Sonya S. Brady; Bonnie L. Halpern-Felsher (2007). "Adolescents' Reported Consequences of Having Oral Sex Versus Vaginal Sex". Pediatrics. 119 (2): 229–236. doi:10.1542/peds.2006-1727. PMID 17272611. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  19. Cox, Lauren (March 8, 2010). "Study: Adults Can't Agree What 'Sex' Means". ABC.com. සම්ප්‍රවේශය September 5, 2012.
  20. Michael R Kauth (2000). True Nature: A Theory of Sexual Attraction. Springer. p. 74. ISBN 0306463903. සම්ප්‍රවේශය August 30, 2012.
  21. "Perception That Teens Frequently Substitute Oral Sex For Intercourse A Myth" (Press release). 2008-05-20. සම්ප්‍රවේශය March 12, 2012.
  22. "What is sex? Students' definitions of having sex, sexual partner, and unfaithful sexual behaviour". The Canadian Journal of Human Sexuality. 12: 87–96. 2003. Recently, researchers in the United States, the United Kingdom, and Australia have investigated university students' definitions of having sex. These studies found that students differ in their opinions of what sexual behaviours constitute having sex (Pitts & Rahman, 2001; Richters & Song, 1999; Sanders & Reinisch, 1999). While the vast majority of respondents (more than 97%) in these three studies included penile-vaginal intercourse in their definition of sex, fewer (between 70% and 90%) respondents considered penile-anal intercourse to constitute having sex. Oral-genital behaviours were defined as sex by between 32% and 58% of respondents. {{cite journal}}: Italic or bold markup not allowed in: |journal= (help)
  23. {{cite web}}: Empty citation (help)
  24. Bearman, Peter; Brueckner, Hannah (April 2005). "After the promise: The STD consequences of adolescent virginity pledges". Journal of Adolescent Health. 36 (4): 271–278. doi:10.1016/j.jadohealth.2005.01.005. PMID 15780782. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  25. Carpenter, Laura M. (May 2001). "The Ambiguity of "Having Sex": The Subjective Experience of Virginity Loss in the United States". The Journal of Sex Research. 38.
  26. Moore, Newlyn B.; Davidson Sr., J. Kenneth; Fisher, Terri D. (2010). Speaking of Sexuality: Interdisciplinary Readings Third Edition. New York, New York: Oxford University Press Inc. p. 256. ISBN 9780195389494.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  27. "Muslim women in France regain virginity in clinics". Reuters. April 30, 2007.
  28. "South African men rape babies as 'cure' for Aids".
  29. Vickers, Steve (2006). "Staging sex myths to save Zimbabwe's girls". BBC. සම්ප්‍රවේශය 2013-12-15.
  30. Schlegel, Alice (November 1991). "Status, Property, and the Value on Virginity". American Ethnologist. 18 (4).
  31. {{{1}}} Exodus 22:16–17, {{{1}}} Deuteronomy 22:28–29.
  32. Brockhaus 2004, Kranzgeld
  33. Perlman, Sally E. (2004). Clinical protocols in pediatric and adolescent gynecology. Parthenon. p. 131. ISBN 1-84214-199-6. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  34. The London medical and physical journal, Volume 51. Harvard University. May 15, 2007. p. 211. සම්ප්‍රවේශය October 8, 2011.
  35. Kathleen Coyne Kelly (2000). Performing virginity and testing chastity in the Middle Ages. Volume 2 of Routledge research in medieval studies. Psychology Press. p. 129. ISBN 0-415-22181-1. සම්ප්‍රවේශය October 8, 2011.
  36. "Torn hymen (virgin or not?)". Studenthealth.co.uk. 2005-12-12. සම්ප්‍රවේශය 2014-04-30.
  37. Emans, S. Jean.
  38. McCann, J; Rosas, A. and Boos, S. (2003) "Child and adolescent sexual assaults (childhood sexual abuse)" in Payne-James, Jason; Busuttil, Anthony and Smock, William (eds).
  39. The Marks of Childhood or the Marks of Abuse?, The New York Times
  40. Marysol Asencio (2002). Sex and sexuality among New York's Puerto Rican youth. Lynne Rienner Publishers. pp. 57–64. ISBN 1-58826-073-9. සම්ප්‍රවේශය October 9, 2011.
  41. Bozon, Michael.
  42. Christine A. Colón; Bonnie E. Field (2009). Singled Out: Why Celibacy Must Be Reinvented in Today's Church. Brazos Press. p. 30. ISBN 1-58743-237-4. සම්ප්‍රවේශය October 9, 2011.
  43. {{cite web}}: Empty citation (help)
  44. Guttmacher Institute (2003) In Their Own Right: Addressing the Sexual and Reproductive Health Needs of Men Worldwide. pages 19–21.
  45. Godeau, Emmanuelle; Nic Gabhainn, Saoirse; Vignes, Ce´line; Ross, Jim; Boyce, Will; Todd, Joanna (January 2008). "Contraceptive Use by 15-Year-Old Students at Their Last Sexual Intercourse Results From 24 Countries" (PDF). Archives of Pediatrics & Adolescent Medicine. 162 (1). 27 November 2020 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 January 2012.
  46. UNICEF. (2001).
  47. "Contraceptive use by 15-year-old students at their last sexual intercourse: results from 24 countries". Arch Pediatr Adolesc Med. 162 (1): 66–73. January 2008. doi:10.1001/archpediatrics.2007.8. PMID 18180415. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  48. {{cite web}}: Empty citation (help) (147 KB) Kaiser Family Foundation, January 2005.
  49. The National Campaign to Prevent Teen Pregnancy. (1997).
  50. Allen, Colin.
  51. Judith Mackay, The Penguin Atlas of Human Sexual Behavior, Myriad Editions, published by Penguin, 2000; ISBN 978-0-14-051479-7 Human Sexual Behavior Atlas
  52. Durex 2005 Face of global sex report, http://www.durexnetwork.org/en-GB/research/faceofglobalsex/Pages/Home.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-01-13 
  53. de Irala, J. (2011). "Mean age of first sex. Do they know what we mean?". Archives of Sexual Behavior. 40: 853–855. doi:10.1007/s10508-011-9779-4. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  54. de Irala, J. (2014). "Informing Youth about the Age of Sexual Initiation Using Means or Percentages". Health Communication. 29 (6): 629–633. doi:10.1080/10410236.2013.775931. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  55. {{cite web}}: Empty citation (help)
  56. http://www.nytimes.com/2011/04/26/health/research/26statistics.html
  57. Treffers PE (November 2003). "[Teenage pregnancy, a worldwide problem]". Ned Tijdschr Geneeskd (Dutch and Flemish බසින්). 147 (47): 2320–5. PMID 14669537. {{cite journal}}: More than one of |PMID= and |pmid= specified (help)CS1 maint: unrecognized language (link)
  58. Donald Brown, Human Universals, 1991.
  59. Waites, Matthew (2005). The Age of Consent: Young People, Sexuality and Citizenship. Palgrave Macmillan. ISBN 1-4039-2173-3. OCLC 238887395.
  60. Stephen Robertson, University of Sydney, Australia. "Children and Youth in History | Age of Consent Laws". Chnm.gmu.edu. සම්ප්‍රවේශය 2010-06-30.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=කන්‍යාභාවය&oldid=591632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි