ලිංගාශ්‍රිත රෝග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted infection – STI) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිත‍ා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.

ලිංගික රෝගවල ව්‍යාධි විද්‍යාව[සංස්කරණය කරන්න]

බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්‍රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල (mucous Membranes) සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා ඉඩ ප්‍රස්තා ලබාදෙන බැවිණි.

මෙලෙස බොහෝ රෝග තත්ත්වයන් ලිංගික නොවන ස්පර්ශයන් වැනි (සිපගැනීම, ස්පර්ශය අතට අත දීම) වෙනත් ක්‍රමවලට වඩා ලිංගික ක්‍රියාකාරකම්වලින් බෝවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබීමට එය එක් හේතුවකි. ස්‍රාවී ද්‍රව්‍යයන් නිකුත් කරන ආස්තරණ පටල ලිංගික අවයවවල මෙන්ම මුඛයෙහි ද පිහිටා ඇති බැවින් බොහෝ ලිංගික රෝග තදින් සිපගැනීමකට වඩා මුඛයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී වඩා පහසුවෙන් ව්‍යාප්ත වේ. දක්වා ඇති වගුවට අනුව මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ, ලිංගික අවයවවලින් මුඛයට පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුඛය වෙතට බෝවීම දුෂ්කර කාර්යයකි. එච්.අයි.වී. වෛරස මගින් ආසාදිත ලිංගික ස්‍රාවයන්වල ඛේටයට වඩා වැඩි ප්‍රමාණයකින් ව්‍යාධිසන්නකයින් අන්තර්ගත වේ. ඇතැම් ලිංගික රෝග සම හා සෘජුව ස්පර්ශ වීමෙන් බෝවිය හැකිය. හර්ප්ලෙක්ස් හා HPV මේ සඳහා උදාහරණ වෙයි. KSHV තදින් සිපගැනීමකදී සහ සම ලිංගික පිරිමින් ගුද මාර්ගයෙන් සිදු කරන ලිංගික එක්වීම්වල දී ලිහිසි ද්‍රව්‍යයක් ලෙසට ඛේටය භාවිතා කරන අවස්ථාවලදී බෝවීම සිදු වේ.

එක් එක් ලිංගික රෝග අනුව අදාල ආසාදිත පුද්ගලයාට රෝග ලක්ෂණ නොමැති වුවද ඔහුට තවදුරටත් අන්‍යයන් හට රෝගය බෝ කලහැක. HIV / AIDS රෝගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාවන්හිදී ඔහුට රෝගය බෝ කිරීමට පහසුවෙන් පිළිවන.

කිසියම් පුද්ගලයෙකුගේ සිරුරෙන් නිකුත් කරන ස්‍රාවයන් හා ස්පර්ශයක් ඇති කරනු ලබන සියළුම ලිංගික ක්‍රියාකාරකම්වලදී ලිංගික රෝග ඇතිවීම සඳහා අවධානමක් ඇතැයි සැළකේ. මෙහිදී බොහෝ විට අවධානයයොමු වී ඇත්තේ HIV / AIDS රෝගය පාලනය කිරීම සඳහාය.

ලිංගිකව බෝවන රෝග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. බැක්ටීරියා, දීලිර, ප්‍රොටොසෝවාවන් හා වෛරස මෙම රෝග කාරක ද්‍රව්‍යයන් වේ. ලිංගික රෝගයක් ඇති පුද්ගලයෙකුගෙන් මිස තවත් අයෙකුට එවන් රෝගයක් වැළඳිය නොහැක. වෙනත් ආකාරයකට පැවසුවහොත් ලිංගික රෝගයක් සහිත පුද්ගලයෙකුට එය උරුම වී ඇත්තේ තවත් එවන්ම වූ පුද්ගල‍යෙකුගේ දේහ ස්‍රාවයන් මගිනි. HIV වැනි ඇතැම් ලිංගික රෝග ගර්භණී සමයේදී හා මවුකිරී දිමේදී මවගෙන් දරුව‍ාට ගමන් කළ හැකිය.

විවිධාකාර වූ ක්‍රියාකාරකම්වලින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලින් විවිධ ලිංගික රෝග ව්‍යාප්ත වීම විවිධාකාර වුවද පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සියළුම ලිංගික ක්‍රියාකාරකම් පොදුවේ ගත් කළ ලිංගික රෝග බෝවීම දෙපසටම ක්‍රියාකාරී වන මාර්ගයක් ලෙසට හැදින්වේ. උදා - “රෝගය ලබාදෙන්නා” හා “රෝගය ලබාගන්නා” යන දෙපිරිසම අවධානම් තත්ත්වයකට මුහුණ පාති.

සෞඛ්‍ය වෘත්තිකයන් කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික එක්වීම් ක්‍රම භාවිතා කිරීම මගින් ලිංගික රෝග ඇතිවීමේ අවධානම අවම කල හැකි බවට යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ආරක්ෂිත ලිංගික එක්වීම්වලින් සියයට සියයක්ම ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව නොමැත. දේහ තරල මගින් , රුධිර පාරවිලනය මගින්, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම මගින්, එන්නත් කටු ඇනීම මගින් (වෛද්‍ය පරීක්ෂණවලදී රෝහල් කාර්යය මණ්ඩලය මෙකී අනතුරු වලට භාජනය වේ.)පච්චා කෙටීම් සදහා භාවිතා කරන ඉදිකටු හවුලේ භාවිතා කිරීම මගින් හා දරු ප්‍රසූතියේදී ලිංගික රෝග බෝවීමේ අවස්ථාවන් ඇත. වෛද්‍යවරුන්, හිමෝෆීලියා [1] රෝගීන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් මෙලෙස අවධානමට ලක් වූ පිරිස් ලෙසට වර්ගීකරණය කර ඇත.

නූතනයේදී සිදු කරනු ලැබූ වසංගතවේදය පිළිබඳව වූ අධ්‍යයනවලින් පුද්ගලයන් අතර පවත්නා ලිංගික සම්බන්ධතා ජාලයක් පිළිබඳව හදාරා ඇත. මෙලෙස වූ ලිංගික සබඳතා ජාලයන් එම රෝග බෝ කිරීම සඳහා තීරණාත්මක වේ. මෙලෙස ලිංගික සහකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ජාලයක් මගින් එම රෝග බෝ කිරීම සඳහා වැඩි අවදානමක් ඇත.

ලිංගිකව බෝවන රෝගයක් සහිත ප්‍රද්ගලයෙකුට රෝග ලක්ෂණ නොමැති වාහකයකු ලෙසට රෝගය බෝකිරීමේ හැකියාව ඇත. ලිංගික රෝගයක් සහිත කාන්තාවකට ඇයගේ ශ්‍රෝණි ප්‍රදේශය (උකුළු ප්‍රදේශය) ආසාදනයට පත්වීමෙන් ඇති වන භයානක තත්ත්වය උදාවිය හැකිය. (Pelvic inflammatory disease)

වළක්වා ගැනීම[සංස්කරණය කරන්න]

ලිංගික රෝග ‍බෝවීම වැළැක්වීම සදහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි අන්දමට ආසාදිත තරලය ස්පර්ශය ඇති නොවීමට වග බලා ගැනීමයි. මෙහිදී ආසාදිත සහකරුවෙකු සමග ලිංගික ක්‍රියාකාරකමක් ඇතිවීම අත්‍යාවශ්‍යම නොවේ. එලෙස ස්පර්ශයක් නොමැතිවීම මගින් අවධානමක් ඇතිවීම වළක්වාගත හැකිය. සියළුම ලිංගික චර්යාවන්වලදී ස්පර්ශය සිදුවීම අත්‍යාවශ්‍ය නොවේ. අන්තර්ජාලය , දුරකථන මාර්ග මගින් සිදු කරන ලිංගික චර්යාවලදී , ස්වයං වින්දනය සිදු කිරීමේදී හා ලිංගික එක්වීමක් සිදුනොවන අවස්ථාවන්හිදී මෙලෙස ස්පර්ශවීමක් සිදුනොවේ. ලිංගික එක්වීමකට පෙර දී හෝ තම සහකරු වෙනත් පුද්ගලයින් සමග සබදතා පවත්වා ඇති නම් හෝ සහකරුවන් ‍දෙදෙනාම තමාට ලිංගික රෝගයක් ඇති දැයි පරීක්ෂා කරවා ගත යුතුවේ. නමුත් එසේ කළ ද HPV වැනි ඇතැම් වෛරස නූතන වෛද්‍ය උපක්‍රම මගින් හදුනා‍ගත නොහැක්කේ එම රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වන බැවිණි. HIV හා හර්පීස් යන රෝග සුව කළ නොහැකි බැවින් ඒවා බෝවීමෙන් වැළකීම ප්‍රධාන ඉලක්කය වී ඇත. බොහොමයක් ලිංගික රෝග සිරුර තුළ පූර්ණ කාලීනවම ඇතිවී ප්‍රති ශක්තිකරණ පද්ධතියට හානි කරන බැවින් වෙනත් රෝග පහසුවෙන් බෝවීමේ හැකියාව ලැබී ඇත.

හෙපටයිටිස් B හා ඇතැම් HPV ආසාදන වළක්වා ගැනීම සදහා එන්නත් නිෂ්පාදනය කර ඇත. උපරිම ආරක්ෂාවක් තහවුරු කිරීම සදහා ලිංගික එක් වීමක් සිදු කිරීමට ප්‍රථම මෙම එන්නත් වර්ග ලබා ගැනීම නිර්දේශ කෙරේ.

දේහ ගත වූ HIV වෛරස සංඛ්‍යාව ඉතා කුඩා නම් සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV රෝගය ඇතිවීම පාලනය කළ හැකිය. නමුත් වෛරස සංඛ්‍යාව ඉහළ නම් හෝ වෙනත් වෛරස වර්ග ද සිරුරට ඇතුළත්ව ඇති නම් HIV රෝගය ඇති වේ. ඇතැම් වෛරස මගින් ඇති කරන ලිංගික රෝග මගින් HIV මගින් ආසාදනයට ලක් වූ රෝගීන් මරණයට පත් වීම සීඝ්‍ර කළ හැකිය.

කොන්ඩම්[සංස්කරණය කරන්න]

කොන්ඩම් මගින් ආරක්ෂාවක් ලබාදෙනුයේ ඒවා අදාල ප්‍රදේශය නිසි පරිදි ආවරණය වන පරිදි බාධකයක් ලෙසට භාවිතා කළහොත් පමණි. නමුත් ආවරණය නොවූ ප්‍ර‍ෙද්ශ තව දුරටත් ලිංගික රෝවලට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් HIV රෝගය ගත් කළ එම වෛරසයට තුවාල නොවූ සම හරහා ගමන් කළ නොහැකි නිසා ව්‍යාප්තිය සිදු වනුයේ ශිෂ්ණය මාර්ගයෙනි. නිසි පරිදි ආවරණය වනසේ කොන්ඩමයක් භාවිතා කිරීම මගින් යෝනි මාර්ගයක් හෝ ගුද මාර්ගයක් භාවිතා කරමින් ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී HIVබෝවීම ඵලදායී ලෙස නවතාගත හැකිය. තුවාල වූ සම මතුපිටට ආසාදිත තරලය ස්පර්ශවීමෙන් HIV රෝගය ඇතිවීම “ලිංගික ක්‍රියාකාරකම් මගින්” රෝගය බෝවීමක් ලෙසට හදුන්වනු නොලැ‍බේ. නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලදී වුවද මෙය සිදුවිය හැකි බැවින් විවෘත , ලේ ගලන තුවාල ඇති අවස්ථාවලදී ලිංගික එක් වීම් සිදු නොකිරීමෙන් ඒවා වළක්වාගත හැකිය. වෙනත් වෛරස මගින් බෝවන ලිංගික රෝග ද ලේටෙක්ස් කොන්ඩමයක් භාවිතා කිරීම මගින් වළක්වාගත හැකිය. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස ඉතා කුඩා බැවින් ඒවාට ස්වාභාවික කොන්ඩමයක ඇති සිදුරු හරහා ඇතුළු විය හැකිය. නමුත් ලේටෙක්ස් කොන්ඩමයක් හරහා ඇතුළුවීමට ඒවාට නුපුළුවන.

නිසි පරිදි භාවිතා කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අන්දමට කොන්ඩම් වර්ග නිර්මාණය කර , නිෂ්පාදනය කරමින් අත්හදා බලා ඇත. නිසි පරිදි නිර්මාණය නොකළ කොන්ඩම්වලින් එකදු HIV රෝග ව්‍යාප්තියක්වත් වාර්ථා වී නොමැත. කෙසේ වුව ද දකුණු අප්‍රිකාවේ සිදු වූවාක් මෙන් කොන්ඩම අවලංගු කළ අවස්ථාවන් ද පවතී.

කොන්ඩම් නිසි පරිදි භාවිතා කිරීමේදී‍

  1. කොන්ඩමයේ අග කොටස ඉතා තදින් ඇදී පවතින ආකාරයට පැළදීම නොකළ යුතුය. ශුක්‍ර මෝචනය සිදුවීම සදහා 1.5 cm (අගල් ¾) ක ප්‍රමාණයක් ඉඩ තබා පැළදිය යුතුය. නිසි පරිදි කොන්ඩමය නොපැළදීමෙන් එය අසාර්ථක විය හැකිය.
  2. කොන්ඩමය බුරුලට පිහිටන පරිදි පැළදීමෙන් ද නිසි පරිදි එහි ක්‍රියාකාරීත්වය ලබාගත නොහැක.
  3. කොන්ඩමය තුළට ශුක්‍ර මෝචනය සිදුවුවත් නැතත් ඉතා කුඩා අවස්ථාවකට පවා එය නැවත පරිහරණයේදී එය කනපිට හරවා භාවිතා කිරීම නොකළ යුතුය.
  4. HIV වලට එරෙහිව ආරක්ෂාවක් ලබා නොදෙන නිසා ලේටෙක්ස් හෝ පොලියුරතේන් වලින් විනා වෙනත් ද්‍රව්‍යවලින් සාදනු ලැබූ කොන්ඩම් භාවිතා නොකළ යුතුය.
  5. තෙල් වර්ග හෝ එවන් ද්‍රව්‍යවලින් සෑදූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. ඒවා මගන් කොන්ඩමයේ ඇති සිදුරු විනාශ කරයි.
  6. මුඛ මගින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්වලට පමණක් රසකාරක යෙදූ කොන්ඩම් භාවිතා කිරීම. එසේ නොමැතිව භාවිතා කළ හොත් එහි ඇති සීනි මගින් දිලීර ආසාදන ඇතිවිය හැකිය.

ඉහතින් මුලින්ම සදහන් කරන ලද උපදෙස් පහ නිසි පරිදි ක්‍රියාවට නොනැංවීම මගින් ඇතිවන අපහසුකාර තත්වයන් නිසා ඒවා නිසි ලෙස නිර්මාණය කර පරීක්ෂණවලට බදුන් කර නොමැතිය, යන මිත්‍යා මත මිනිසුන් තුළ ඇති වේ. අදාල පුද්ගලයා සහ සහකරුවා ලිංගික රෝගවලින් ආරක්ෂාවීම පිණිස වරක් භාවිතා කරන ලද පැරණි කොන්ඩම් වර්ග හා ඒවායේ අන්තර්ගතයන් තවදුරටත් ආසාදිත තත්වයේ පවතින බව අවබෝධ කරගත යුතුවේ. එබැවින් පැරණි කොන්ඩම් නිසි පරිදි බැහැර කර යුතුවේ.අළුතින් භාවිතා කරන කොන්ඩමයක් එක් ලිංගික සංසර්ගයකදී පමණක් භාවිතා කළ යුතුවන අතර කිහිපවතාවක්ම භාවිතා කිරීම මගින් ඒවා සිදුරු වීම මගින් බාධකයක් ලෙස ක්‍රියාකාරීවීමේ ගුණාංගය නොමැති වී යයි. මෙලෙස වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාවය ඉහළ යයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගාශ්‍රිත_රෝග&oldid=357872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි