මුඛ සංසර්ගය

විකිපීඩියා වෙතින්

යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම ශිශ්න මුඛෝත්තේජනය ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙනත් ස්ථාන උත්තේජනය කිරීම(සිප ගැනීම, ලෙවකෑම) මුඛ ලිංගික ක්‍රියා ලෙස නොසැලකේ. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ සංසර්ගය අතර හෝ මුඛ ලිංගික ක්‍රියාවල යෙදේ.

දිව දැමීම

භගලේහය[සංස්කරණය]

දිව හා තොල් මගින් ස්ත්‍රියකගේ භගමණිය සහ යෝනිය උත්තේජනය කිරීම මෙලෙස හඳුන්වයි. භගමණිය කාන්තාවකගේ ඉතාමත් සංවේදී ස්ථානයක් බැවින් එය දිවෙන් උත්තේජනය කිරීමෙන් ඇයට පහසුවෙන් සුරාන්තයට පත්විය හැකිය. එසේම යෝනි තොල් දිවෙන් පිරිමැදීමෙන් මෙන්ම දිව යෝනිය තුලට ඇතුල් කිරීමෙන් ද භගලේහය සිදුකල හැකි අතර ඇඟිලි හෝ ලිංගික උත්තේජක උපකරණ ද උදව් කරගත් හැකිය.

ශිශ්න මුඛෝත්තේජනය[සංස්කරණය]

ශිශ්න මුඛෝත්තේජනය යනු මුඛය, දිව හෝ උගුර මගින් පුරුෂයෙකුගේ ශිශ්උනය ත්තේජනය කිරීමයි. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කරයි. අවිවාහක පෙම්වතුන් ද අනවශ්‍ය ගැබ් ගැනිම් වලින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා මෙම මුඛ ලිංගික ක්‍රියාවේ යොදා ගනී.

භාවිතය[සංස්කරණය]

විවිධ හේතු මත යෝනි සංසර්ගයට විකල්පයක් ලෙස බහුලව මුඛ සංසර්ගය යොදාගැනේ. ලිංගික සහකරුවන් දෙදෙනෙකු සංසර්ගයේ යෙදීමට ප්‍රථම පෙර සුදානමක් ලෙස මුඛ ලිංගික ක්‍රියාවල යෙදීම වැදගත්ය. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරයි. අවිවාහකයන් බොහෝවිට මුඛ සංසර්ගයේ යෙදෙනුයේ අනවශ්‍ය ගැබ් ගැනීමකින් තොරවත් කන්‍යාභාවය හානිකර නොගෙනත් ලිංගිකව හැසිරීමට හැකි ආරක්‍ෂිත ක්‍රමයක් ලෙසය.

සාමාන්‍යයෙන් මුඛ ලිංගික ක්‍රියාවල දීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකිය. නමුත් ඇඟිලිවල හෝ ශරීරයේ වෙනත් ස්ථානයක තැවරුණු ශුක්‍ර තරලය යෝනිමර්ගයේ ස්පර්ශ වුවහොත් ගැබ්ගැනීමේ අවදානමක් පවතියි. ශුක්‍ර තරලය ගිලීමෙන් වුවද කිසිසේත්ම ගැබ්ගැනීමක් සිදුනොවන අතර උදරයේ අම්ල මගින් ශුක්‍රාණු ජීර්ණය වේ. ගර්භණී සමයේදි ද ආරක්ෂාකාරීව මුඛ සංසර්ගයේ යෙදිය හැකිය. තවද සහකරුගේ ශුක්‍රාණු ගිලීමෙන් කාන්තාවකට ගබ්සාවක් සිදුවීමේ අවධානම බොහෝ සෙයින් අඩුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

සෞඛ්‍ය අවධානම[සංස්කරණය]

HIV, HPV, හර්පීස්, ගොනෝරියා සහ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මුඛ සංසර්ගයෙන්ද සම්ප්‍රේෂණය විය හැකිය. නමුත් යෝනි හෝ ගුද සංසර්ගයට සාපේක්‍ෂව මුඛ සංසර්ගයෙන් මෙම රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු මට්ටමක පවතී. මුඛයේ තුවාල පැවතීම මෙන්ම මුඛ සංසර්ගයට පෙර දත් මැදීම , රළු ආහාර සැපීම මගින්ද මෙම අවධානම ඉහල යාහැකිය.දුම්බීම හා බුලත්විටකෑම හා වෙනත් නිකොටින් අඩංගු මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් හා මුඛ සංසර්ගයේ යෙදීමද අවධානම් සහගතබව පර්යේෂකයන් පෙන්වා දෙයි.මානව පැපිලෝමා වෛරසය (HPV) හේතුවෙන් ඇතිවන මුඛ පිළිකා අවදානම ඉහළයාමට නිකොටින් හා වෙනත් පිළිකා කාරක අඩංගු මත්ද්‍රව්‍ය හේතුවේ.මෙම වෛරසය මුඛ සංසර්ගය මගින්ද පැතිරිය හැක.කෙසේ වෙතත් දුම්පානය හා බුලත්විට කෑම හා වෙනත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභොජනය කරන පුද්ගලයන් අතර HPV වෛරසය නිසා ඇතිවන පිළිකා බහුල වුවද කාලාතුරකින් දුම්පානය නොකරන අය අතරත් HPV නිසා ඇතිවන පිළිකා දැකිය හැකිය.මුඛ පිළිකා පුරුෂයන් අතර බහුලව දක්නට ලැබෙන අතර කාන්තාවන් අතර ද කලාතුරකින් පිළිකා දක්නට ලැබේ.සාමාන්‍යයෙන් නිකොටින් අඩංගු මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත කරන්නේද පුරුෂයන්ය.මුඛ පිළිකා රෝගීන් වැඩි වශයෙන්ම වාර්ථාවන රටකි ශ්‍රී ලංකාව.

ඉරියව්[සංස්කරණය]

  • පුරුෂයා සිටගෙන හෝ පුටුවක වාඩිවී සිටින විට ස්ත්‍රිය දන ගසාගෙන තම මුවින් පුරුෂ ලිඟුව උරාබීම හා ලෙවකෑම.
  • ස්ත්‍රිය සිටගෙන හෝ පුටුවක වාඩිවී සිටින විට පුරුෂයා දන ගසාගෙන තම මුවින් යෝනිය හා භගමණිය උරාබීම හා ලෙවකෑම.
  • පුරුෂයා උඩුබැලි අතට ඇඳක හාන්සි වී සිටඉින විට මුඛයට යෝනිය සිටින සේ ස්ත්‍රිය ඔහුගේ මුහුණ මත වාඩිවීම.
  • පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හිස දෙසටත් ඇයගේ යෝනිය පුරුෂයාගේ හිස දෙසටත් සිටින සේ ඇඳක වැතිරී එකිනෙකාගේ ලිඟු උරාබීම හා ලෙවකෑම. මෙය 69 ක්‍රමය ලෙස හැඳින්වේ.ස

සතුන්[සංස්කරණය]

සත්ව රාජධානියට අයත් බොහෝ සත්ව විශේෂ අතර මුඛ ලිංගික සංසර්ගය දැකිය හැකිය.විශේෂයෙන් ක්ෂීරපායී සතුන් අතර සුලභය.ගැහැණු සතුන් විසින් පිරිමි සතුන්ගේ ශීශ්නය උරාබීම ලෙවකෑම වැනි ක්‍රියා සත්ව ලෝකයේ දක්නට ලැබෙන්නකි.උදාහරණ ලෙස වවුලන් අතර මුඛ ලිංගික සංසර්ගය දැක්විය හැක.[1] සුනඛයන් අතරද මෙය දැකිය හැක.

  1. http://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0007595
"https://si.wikipedia.org/w/index.php?title=මුඛ_සංසර්ගය&oldid=543996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි