සමලිංගිකතාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


ලිංගික පෙළගැස්ම
පෙළගැසුම්
අලිංගික • ද්විලිංගික • විෂමලිංගික • සමලිංගික
ලිංගභේදය-පදනම් වන විකල්ප සංකල්ප
මානව ස්ත්‍රී ලිංගිකතාව • මානව පුරුෂ ලිංගිකතාව • අන්තර්-ලිංගිකතාව • තෙවන ලිංගය • ද්වි-ස්වභාවය
පර්යේෂණ
ජීව විද්‍යාව • ජනවිකාශනය • පරිසරය • කින්සේ පරිමාණය • ක්ලෙයින් ජාලකය • ස්නායුවිද්‍යාව • විෂමලිංගික-නොවන • මනෝවිද්‍යාව • අසාමාන්‍යතා අධ්‍යයන • ලිංග විද්‍යාව • ලිංගික පෙළගැස්ම හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ කාලානුරූපය
මානව-නොවන සත්ත්වයන්:
සත්ත්වයන් අතර සමලිංගික හැසිරීම (ලැයිස්තුව)
ප්‍රවර්ගය:ලිංගික පෙළගැස්ම
ලිංගිකත්වය ද්වාරය
සමලිංගිකතාව

සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි. ලිංගික පෙළගැස්මක් නයින්, සමලිංගිකත්වය දැක්වෙන්නේ, ප්‍රාථමික ලෙසින් හෝ අනන්‍ය වශයෙන් හෝ එකම ලිංගත්වය සහිත ජනතාව අතර " ලිංගික, ප්‍රේමවන්ත, හෝ ශෲංගාරාත්මක ආකර්ෂණයන් අත්දැකීමට භාවිතා කෙරෙන චිරස්ථායි මාදිළියක් හො සංවිහිතියක් " ලෙසිනි; "එය තවත් ලෙසකින් දැක්වෙන්නේ එවන් ආකර්ෂණයන්, ඒවා ප්‍රකාශකිරීමේ චර්යාවන්, සහ මේවාට හවුල් අනෙකුන්ගේ ප්‍රජාවන්ගේ සාමාජිකත්වය පදනම් කොට ගෙන යමෙකුගේ පුද්ගලික හා සමාජීය අනන්‍යතාවය පිළිබඳ හැඟීම ලෙසටයි."[1][2]

නිරුක්තිය[සංස්කරණය කරන්න]

ඉංග්‍රීසි බසින් සමලිංගිකත්වය හදුන්වන homosexual යන වචනය ග්‍රීක භාෂාෙව් ὁμός(same)සම වචනයත් ලතික් භාෂාෙව් sexus යන වචනයත් එක්වීෙමන් සෑදී ඇති.සමාන ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා මෙයින්ම අදහස් කරයි..මෙහිදී පුරුෂයන් පුරුෂයන් අතර ඇතිවන ලිංගික සභදතා මෙන්ම ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර ඇතිවන සභදතා(නාරිමෛථුන්‍ය) මෙයට අයත්ය.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

මානව ඉතිහාසයේ මූලාරම්අභයේ දී ප්‍රාථමික මානවයා තම ලිංගික ආශාවන් තමාට අවශ්‍යවූ මොහොතේම නිදහස්ව ඉටුකරගත්හ.මානවයා ක්‍රමයෙන් ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීමත් සමග විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාවලියට චාරිත්‍ර වාරිත්‍ර ගනාචාර ජනචාර නිතිරීති එක්කර ගනිමින් ලිංගික ක්‍රියාවලියට සීමා මනවාගැනීම සිදුවිය.මිනිසා මෙසේ සංස්කෘතික මිනිසකු බවට පත්වීමත් සමග ඇතිවූ සංස්කෘතික තහංචි මගින් සීමාකර ඇති ලිංගික ආවේගයන් පිටකර ගැනීමට විකල්ප ක්‍රමයක් ලෙස සමලිංගික ක්‍රියාකාරකම් වලට යොම්විය.වර්තමානයේ පවා විරුද්ධ ලිංගික චර්‍යා මගින් තම ආශාවන් තෘප්ත කරගැනීමට නොහැකිවූවිට සමලිංගික ක්‍රියාකාරකම් වලට යොමුවීම දක්නට ලැබේ.මෙයට හොද උදාහරණයක් ලෙස බන්ධනාගාර උප සංස්කෘතිය දැක්විය හැකිය.ඒ අනුව ආදී මානවයාද තම ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට භාවිතකළ විකල්පයක් ලෙස සමලිංගිකත්වය බිහිවූ බව මානව විද්‍යාඥයන් විශ්වාස කරයි.කෙසේ වෙතත් මෙම සමලිංගික සම්බන්ධතා කෙරෙහිද ශිෂ්ට සම්පන්න මිනිසා තුල ඇතිවූයේ විරෝධී ආකල්පයකි. බොහෝ ආගම් හා දර්ශනයන් මගින් දක්වා ඇති ආකාරයට සමලිංගික සම්භන්ධතා යනු ස්වභාව ධර්මයේ කැමැත්තට එරෙහිව යාමක් හා දේව කැමැත්තට පිටුපෑමක් ලෙස සළකා ඇත.ඇතැම් සංස්කෘතීන්ට අනුව සමලිංගික චර්‍යවල නිරතවීම මරණ දණ්ඩනයට යටත්වීය හැකි බරපතල අපරාධයක් ලෙස සැළකූහ.

ඇතැම් ප්‍රාථමිත සමාජවල පැවති චාරිත්‍ර වාරිත්‍ර වීශ්වාසයන් නිසා සිදුවූ ස්ත්‍රී පුරුෂ අනුපාතය බරපතල ලෙස වෙනස්වීම පදනම් කරගෙන ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට සමලිංගික සේවනය භාවිතා කර ඇතිබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.ගැහැණු දරුවකු ඉපදීම අශුභ සිදුවීමක් ලෙස සැළකූ ඇමරිකානු ස්වදේශික ආදිවාසීන් උපතේදීම ගැහැණු දරුවන් මරා දැමීය.ඇතැම් ආදිවාසීන් ගැහැණුන් බිළි පූජා සදහා භාවිත කළහ.මේ ආකාරයෙන් සිදුවූ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයට පිළියමක් ලෙස ඇතැම් ප්‍රාථමික සමාජ සමලිංගිකත්වයට නැඹුරුවිය

අප්‍රිකාව[සංස්කරණය කරන්න]

මුල් වරට සමලිංගික යුවලක් හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 2400 දී පමණ පුරාණ ඊජිත්තුවෙනි මානව විද්‍යාඥයින් පවසන ආකාරයට ලෙසොතෝ රාජ්‍ය යෙහි ගෝත්‍රික ස්ත්‍රීන් අතර සමලිංගික සබදතා අනුමතවී ඇතිබව පැවසේ එවන්ස් ප්‍රීව්චාඩ් දක්වන ආකාරයට අසාන්දේවරුන් පුරුෂයන් අතර සමලිංගික සබදතා පැවතිබව වාර්ථා නරයි.අසාන්දේ ගොත්‍රික වඩිහිටි පුරුෂයන් නව යොවුන් වියේ පසුවන වයස 12ත් 13 අතර පිරිඹි දරුවන් සමලිංගික චර්‍යා සදහා යොදාගැනීම සිරිතක් ලෙස සිදුකර ඇතිබව එවනස් ප්‍රීචාර්ඩ් සදහන් කරයි.ඒ අනුව අප්‍රිකානු සමාජවල සමලිංගික චර්‍යා අතීතයේ සිට පවතිනබව විශ්වාස කළ හැකි ආකාර සාක්ෂි ලැබී ඇත.

ඇමරිකාව[සංස්කරණය කරන්න]

ඇමරිකාවට යුෙරා්පා ජාතීන් පැමිණීමට ෙපර සිටම ඇමරිකානු ස්වෙද්ශීක ආදිවාසීන් අතර සමලිංගික සම්භන්ධතා පැවතුරි.ඔවුන් තම ගෝත්‍රයට අයත් සමාජිකයන් සමග සමලිංගික වර්‍යා පැවැත්වීම සිරිතක් වශයෙන් සිදුවිය.ලතින් අමරිකානු ස්වදේශිකයන් වූ මායන් ඇස්ටෙක් න්වෙචාස් මෝචස් සැපොටික් යන ගෝත්‍රිකයන් අතර සමලිංගික සබධතා පැවතිබව මානව විද්‍යාඥයන් සදහන් කරයි.ස්පාංඥ්ඥ අධිරාජ්‍යවාදීන් විසින් මෙම ස්වදේශික ජනයා ප්‍රසිද්ධියේ සමලිංගික සේවනය කරනු දුටු විට ඔවුන්ට මරණීය දණ්ඩනය දීම පණපිටින් පුඵස්සා දැමීම හා සිරුර කැබලි වලට ඉරා බල්ලන්ට කෑමට දීම වැනි දඩුවම් පමුණුවන ලදී.කතෝලිකයන් වූ යුරෝපා ජාතීන්ට අනුව සමලිංගිකත්වය බරපතල වරදක් කොට සැළකීය.1986 දීඑක්සත් ජනපද ශේෂ්ටාදිකරණය මගින් පුරුෂ සමලිංගික සේවනය දණ්ඩන අපරාධයක් ලෙස නම් කළේය.එහෙත් එම තීරණය 2003 වසරේදී ඉවත්කරගන්නා ලදී.1998 වසරේදී සමලිංගික විවාහ වලට විරුද්ධව ව්‍යවස්ථා යොජනාවක් ගෙනඑනු ලැබුවද 2003 වසරේදී සමලිංගික අයිතිවාසිකම් පිළිගැනීමට එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග සමලිංගික විවාහ සහදා නිත්‍යානුකූල අනුමැතිය ලැබිණි.

අග්නිදිග ආසියාව[සංස්කරණය කරන්න]

චීන සාහිතය ග්‍රන්ත තුල පුරුෂ සමලිංගිකත්වය පිළිබද සදහන් කර ඇත.විරුද්ධ ලිංගික සබදතා ෙමන්ම සමලිංගික සබදතා 2 වන ශත වර්ෂෙය් දී චීනෙය් පැවතිබව චීන සාප්‍රධායික කවි වල දැක්වේ.කෙසේ නමුක් ඇතැම් බටහිර සංස්කෘතීන් හා ප්‍රාථමික සංස්කෘතීන්වල මෙන් සමලිංගික චර්‍යා චීනය තුල දක්නට නොලැබේ.

සිංගප්පූරුව[සංස්කරණය කරන්න]

සිංගප්පූරුව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377A වගන්තිය යටතේ වසර දෙකකට නොඅඩු සිර දඩුවමකට යටත් විය හැකි වරදකි.

ශ්‍රී ලංකාව[සංස්කරණය කරන්න]

1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365Ą වගන්තීන්ට අනුව දඩුවම් ලැබියහැකි වරදකි.ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික වර්‍යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ෂවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්‍යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය.එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.

365A වගන්තිය අනුව යම් පිරිසක් පුසිද්ධ ස්ථානයක දී සමලිංගික වර්‍යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුල සමලිංගික වර්‍යාවකට තම අභිමතය පරිධි අනෙක් පාර්ෂවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික වර්‍යාවක යෙදීම දඩුවම් ලැබියහැකි වරදකි.[3]

යුරෝපය[සංස්කරණය කරන්න]

ග්‍රීක සාහිත්‍ය කෘතීන්ට අනුව සහ ජනප්‍රවාදයන්ට අනුව සමලිංගික සබදතා පැවතිබව විස්තරවෙයි.

මැදපෙරදිග[සංස්කරණය කරන්න]

ලිංගිකත්වය හා අනනයතාවය[සංස්කරණය කරන්න]

ජනවිකාශනය[සංස්කරණය කරන්න]

මනෝවිද්‍යාව[සංස්කරණය කරන්න]

මනෝ විද්‍යාව තුල මුල් යුගයේ දී සමලිංගිකත්වය අසාමාන්‍ය මානසික තත්වයක් ලෙසත් මානසික රෝගයක් ලෙසත් සැළකීය.කෙසේ වෙතත් 1971 න් පසු ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය විසින් මෙය මනසික රෝග වර්ගීකරනයෙන් ඉවත් කිරීමට තීරණය කළහ.එයට හේතු වූයේ ඇමරිකානු ආදිවාසීන් අතර සංස්කෘතික අනන්‍යතාවයක් ලෙස පැවති සමලිංගික වර්‍යාවන් සදහා සමාජ පිළිගැනීමක් ලබා ගැනීමට ඔවුන් සිදුකල අරගලයන්ගේ ප්‍රතිපලයක් ලෙසයි

1952 ලොව ප්‍රමුඛතම මනෝ විද්‍යා පර්යේෂණ ආයතනය වන ඇමරිකානු මනෝ විද්‍යා සංගමය නිකුත්කළ මානසික රෝග ලැයිස්තුව(DSM) තුල සමලිංගිකත්වය පැහැදිළිවම මානසික අපගමනකාරී තත්වයක් ලෙස හදුන්වා තිබිණ.1971 පසු ඇතිවූ සමලිංගිකත්ව අයිතිවාසිකම් සදහා වූ අරගල වලදී මතුවූ තත්වය මත 1973 රැස්වූ ඇරිකානු මනෝ විද්‍යා සංගමය මගින් සමලිංගිකත්වය මනසික රෝග වර්ගීකරණයෙන්(DSM) ඉවත් කර දමන ලදී.කෙසේ වෙතත් මෙම තීරණය ලොව පුරා සිටින බොහෝ මනෝ විද්‍යාඥයන්ගේ විවේචනයට භාජනය විය.

මනෝ විශ්ලේෂණවාදයේ දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සඳහන් කරන්නේ ලිංග රූප අවධියේදී ඇතිවන අක්‍රමිකතාවයන් නිසා වැඩිවියට පත්වූවිට සමලිංගික චර්‍යා කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.ලිංගරූප අවධිය ළමයකුගේ ජීවිතයේ ඉතා වැදගත් අවධියකි.මෙම කාලය සමාන්‍යයෙන් වයස අවුරුදු 3-5 අතර කාල පරාසයවෙයි.මෙම අවධියේ දී දරුවාගේ ලිංගික ආශය බාහිර ලිංගික අවයව වෙත විතැන්වේ.තම ලිගේද්‍රිය නිරීක්ෂණය කිරීමේ ප්‍රථිපලයක් ලෙස මව පියා අතර ලිංගික වෙනස්කම් අවබෝධ කරගනී.ඔවුන් දෙදෙනා පිළිබද වෙන වෙනම ආකල්ප දරන්නට දරුවා පෙළඹේ.මෙම අවධියේදී පිරිම් ළමයා තුල ඊඩිපස් සංකීර්ණයත් ගැහැණු දරුවා තුල ඉලෙක්ට්‍රා සංකීර්ණයත් හටගනී.මෙගින් පිරිමි ළමයාගේ පිරිමිකමත් ගැහැණු දරුවාගේ ගැහැණු කමත් හටගනී.තමාගේ ලිංගය ගැහැණු දරුවාට වඩා විශේෂිතව පිටතට නෙරාවිත් වර්ධනය වී ඇතිබව පිරිමි දරුවා වටහා ගන්නා අතර තම මවකෙරේ ඇල්මක්ද පියා කෙරේ ඊර්ෂාව මුසු බියක්ද හටගනී.පිරිම් දරුවා අවිඥානිකව තම මව කෙරේ ආදරයක්ද පියාකෙරේ ඊර්ෂාව මුසු වෛරයක්ද හටගනී.මේ අතර ගැහැණු දරුවා තමාට පිරිමි දරුවන්ට මෙන් පිටතට නෙරාගිය ලිංගයක් නැතිබවත් එය තමාට නොලැබුනේ මව නිසා බවත් සිතයි.ගැහැණු දරුවා තම මවට වෛර කරන අතර පියාට ඇල්මක් දක්වයි.මේ ආකාරයට ඊඩිපස් හා ඉලෙක්ට්‍රා සංකීර්ණ පදනම් කරගෙන විරුද්ධ ලිංගිකයන්ට ආදරයක් ඇල්මක් දැක්වීමට උගනී.එහෙත් තම පියාගේ අසීමිත දණ්ඩණයන්ට හිංසනයන්ට ලක්වන ගැහැණු දරුවා තුලත් මෙසේ තම මවගේ අසීමිත හිංසනයන්ට නොසලකා හැරීම් වට ලක්වද පිරිමි දරුවා තුලත් වැඩිවිය පත්වූවිට විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇල්මක් නැතිවීයයි.එහි ප්‍රථිපලයක් ලෙස විරුද්ධ ලිංගිකයන් වෙනුවට සමලිංගික යන් වෙත ආකර්ෂණයවීමටත් ඔවුන්හා ලිංගික තෘප්තිය ලැබීමටත් යොමුවෙයි.

තවද තම මවගේ අසීමිත රැකබලා ගැනීම්වට ලක්වන පිරිමි දරුවා තුලත් තම පියාගේ අසීමිත රැකබලාගැනීම්වලට ලක්වන ගැහැණු දරුවා තුලත් ඊඩිපස් හා ඉලෙක්ට්‍රා සංකීර්ණයන් අවරෝධනය වීමට බාධා පැමිණීම නිසාද විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂණය අඩුවී සමලිංගියන් දෙසට ආකර්ෂනය සිදුවේ.මෙහිදී අසීමිත රැකබලා ගැනීම් යනු තම දරුවාට ස්වාධීනව තීරණ ගැනීමට ස්වාධීනව වැඩකටයුතු කිරීමට ඉඩ නොදී දරුවාගේ සෑම ක්‍රියාවලියකටම අනවශ්‍ය ලෙස අතගැසීමයි.

හේතුව[සංස්කරණය කරන්න]

සෞඛ්‍ය[සංස්කරණය කරන්න]

සමලිංගික චර්‍යා නිසා බොහෝ ලිංගිකව සංප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවෙයි.ඒ අතර ඒඩ්ස් රෝගය හා පෙටයිටිස් බී වැනි රෝග ප්‍රමුඛය.මෙම හේතුව නිසා ඇතැම් යුරෝපා රටවල සමලිංගික චර්‍යාවල නිරතවන ස්ත්‍රීන් හෝ පුරුෂයන් ගෙන් රුධිර පාරවිලනය සදහා රුධිරය ලබාගැනීම තහනම් කර ඇත[4].ඒඩ්ස් රෝගය මුල් අවධියේ දීද වැඩිවශයෙන් ව්‍යාප්තවී ඇත්තේ සමලිංගික වාර්‍යාවල නිරතවූ පුරුෂයන් අතරය.ඇතැම් රටවල විරුද්ධ ලිංගික සභදතා මගින් ව්‍යාප්තවනවාට වඩා බහුලව සමලිංගික වර්‍යා මගින් ඒඩ්ස් හා වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවී ඇත.මෙම තත්වය වැඩි වශයෙන් දකුණු ආසියාව අප්‍රිකාව ලතික් අමරිකා රටවල වාර්ථාවේ.මෙයට හේතුව ලිංගාශ්‍රීත රේග ව්‍යාප්තිය පිළිබදව සාමාන්‍ය ජනයා අතර ඇති කොදැනුවත් බවයි.ඇතමුන් සමලිංගික චර්‍යානිසා සමාජ රෝග බොවන බව පවා නොපිළිගනී.බොහෝ සංස්කෘතීන්තුල විරුද්ධ ලිංගික සබදතාවල අවධානම සමාජගතවන තරමට විරුද්ධ ලිංගික චර්‍යා නිසාවන සෞඛමය අවධානය නොසළකා හරී.

නීතිය හා දේශපාලනය[සංස්කරණය කරන්න]

නීතිය හා දේශපාලනය[සංස්කරණය කරන්න]

සමාජ විද්‍යාව[සංස්කරණය කරන්න]

සමලිංගික වර්‍යා කෙරෙහි යොමුවීමට සමාජ විද්‍යාත්මක සාධකද බලපානු ලබයි.සංචාරක කර්මාන්තය දුප්පත්කම අසභ්‍ය ප්‍රකාශන අවිධිමත් ලිංගික අධ්‍යාපනය සාවද්‍ය සමාජානුයෝජනය අපසංස්කෘති හා විරෝධී සංස්කෘතින් මගින් ඇතිවන සාවද්‍ය සමාජානුයේජනය මේ අතර ප්‍රමුඛය.සංවාරක කර්මාන්ත බිහිවීමත් සමග තුන්වන ලෝකයේ රටවලට පැමිනෙන සංචාරකයන් සදහා සමලිංගික ගණිකා ව්‍යාපාරවල නිරත වෙමින් මුදල් උපයා ගන්නා දුප්පත් පිරිමි දරුවන් ලංකාව වැනි රටවල බහුලය.ශ්‍රී ලංකාවේ ජීවත්වූ ශේෂ්ඨ සමාජ විද්‍යාඥයෙකු වූ මහාවාර්‍ය නන්දසේන රත්නපාලයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බහුලව සිදුවන ප්‍රදේශවල සමලිංගික ළමා ගණිකා ව්‍යාපාරය බහුලව පවතින බවයි.ඔවුන් මේ සදහා යොමුවීමට බලපා ඇති ප්‍රධාන හේතුව දුප්පත්කම බවයි.මීට අමතරව ලිංගික අධ්‍යාපනය පිළිබද පවතින වැරදි මත නිසා සමලිංගිකත්වය එතරම් බරපතල කරුණක් ලෙස නොසලකයි.ශ්‍රී ලාංකික සංස්කෘතිය තුලද විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සබදතා බරපතල කාරණා ලෙස උළුප්පා දැක්වුද සමලිංගිකත්ව පිළිබද ඇති ආකල්ප ඉතා පටුය.මෙම කාරණා හේතුවෙන් මෙම ළමා ගණිකා ව්‍යාපාරයේ නිරතවන පිරිමි දරුවන් ඉතා ඉක්මනින් ලිංගිකව ආසාධනයවන රෝගයන්ට ගොදුරුවේ.

වෙනත් සතුන් අතර[සංස්කරණය කරන්න]

මේවාත් බලන්න[සංස්කරණය කරන්න]

සටහන්[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සමලිංගිකතාව&oldid=388664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි