යථාභූතං ඤාණදස්සනං

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක.පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබාදෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුද්ධාමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

අභිධර්මය
මූලාශ්‍ර හා සබැඳි
පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

ධම්ම සාකච්ඡා
සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

යථාර්ථය පිළිබද ත්‍රිපිටකාගත විග්‍රහයක් මෙ තුළින් ගම්‍ය වන්නේ යැයි උපකල්පනය කෙරේ. [1] [2]

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා ඉස්සර වෙලාම ලෝකයාට දේශනා කළා වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයදී "මහණෙනි, යම්තාක් කල් මම වට්ට තුනකින් යුක්ත මේ ධර්‍මතාවය හතර ආකාරයෙන් වැඩිලා, දොළොස් ආකාර වූ ධර්‍මතාවය ඇත්ත ඇති හැටියේ දැකලා ඥාන දර්ශනය සම්පූර්ණ නොවුන ද, ඒ තාක් කල් මම දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ සත්ව ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිතවූ ප්‍රජාවෙහි ද අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින නොකළෙමි. යම් කලෙක සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියන මේ තුන් ඥානය දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්‍ග කියන සත්‍ය සතරෙහි බහාලා මැනවින් දැක්කද, අවබෝධ කළාද, අවබෝධ වුණාද, එදා මම දෙවි මිනිසුන් සහිත ලොකය තුළ සම්මා සම්බුද්ධයි කියලා ලෝකයට ප්‍රකාශ කළා" කියලා දේශනා කළා.

තිපරිවට්ටය - මෙහි වට්ට තුන යනු[සංස්කරණය]

  1. සත්‍ය ඥානය - ආර්‍ය්‍ය සත්‍යයන් පිළිබද ඉගෙනීම.
  2. කෘත්‍ය ඥානය - ආර්‍ය්‍ය සත්‍යයන් වටහාගැනීම සදහා හේතුවන ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම.
  3. කෘත ඥානය යි - ආර්‍ය්‍ය සත්‍යයන් තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කිරීම.

ද්වාදසාකාරය - දොළොස්ආකාරය යනු වට්ට තුන සත්‍ය හතරෙහි යෙදීමයි.[සංස්කරණය]

  • දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය, සමුදය සත්‍යයේ සත්‍ය ඥානය, නිරොධ සත්‍යයේ සත්‍ය ඥානය, මාර්‍ග සත්‍යයේ සත්‍ය ඥානය,
  • දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥානය, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥානය, නිරොධ සත්‍යයේ කෘත්‍ය ඥානය, මාර්‍ග සත්‍යයේ කෘත්‍ය ඥානය,
  • දුක්ඛ සත්‍යයේ කෘත ඥානය, සමුදය සත්‍යයේ කෘත ඥානය, නිරොධ සත්‍යයේ කෘත ඥානය, මාර්‍ග සත්‍යයේ කෘත ඥානය යි.

අපට සසර ගමන, සසර දුක නිමාකරන්න පුළුවන්. යන්න ඉස්සෙල්ලා යන තැන දැනගෙන යන්න. මේ දුක, මේ දුක ඇතිවුණේ මෙන්න මෙහෙමයි,මේ දුක නැති තැන, දුක නැතිකරන මාර්‍ගය මෙන්න මේකයි කියලා කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් දැනගැනීම. දැනගත්තට පස්සෙ තමයි තමන්ට යමක් කරන්න හම්බවෙන්නෙ. ඔන්න ඕක තමයි භාවනාව නැත්නම් මාර්‍ගය. ඉස්සෙල්ලාම සත්‍ය ස්වභාවය තේරුම් ගන්න. ඒ ස්වභාවය තේරුම් ගත්තහම කිරීමේ නුවන - කෘත්‍ය ඥානය - තමන්ටම ලැබෙනවා. කරන කොට කරන කෙනාට කරලා ඉවරයි කියන නුවණ - කෘත ඥානය - ලැබෙනවා. එදාට සියලු සසර දුක්, සසර ගමන අවසන්. භාවනා කරනවා කියල යමක් කරන්න කලින් කරන්නෙ මොකටද, කරන්නෙ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තර ලබාගත යුතුයි.

සත්‍ය ඥානය[සංස්කරණය]

  • සත්‍ය ඥානය කියන්නෙ ඇත්ත පිළිබදව නුවණ, දුක පිළිබදව, දුක ඇතිවීම පිළිබදව නුවණ. බුදුරජාණන් වහන්සෙ දේශනා කළ නිසාම නොවෙයි. විචාරශීලී මනුස්සයෙක් හදන්නයි තථාගතයන් වහන්සේගේ මේ උත්සාහය. 'හිතන්න' ඉගැන්වීමයි සත්‍යය ඥානය. මේක ඇත්තද කියලා බලන්න.
  • තම තමන්ගෙ ජීවිතේ වටා පිටාව ඇස් ඇරලා බලන්න. එහෙම බැලුවහම පෙනේවි ජීවිතේ කියන තැනක තියෙන්නෙ දුකම විදිමින්, දුකෙන් ගොඩ එන්න වෙර දරන, ඒත් දුකටම පතිත වෙන ස්වභාවයක් නේද කියන එක බුදුරජාණන් වහන්සෙ පෙන්නනවා.
  • නූපන්න අනාගතයවත්, මැරුණ අතීතයවත්, සිහි කරන්න ඕන නෑ. නැත්නම් නොපෙනෙන අතීත, අනාගත දෙක පසෙකින් තබන්න. පෙනෙන ජීවිතය දිහා ඇස් ඇරලා බලන්න. බලනකොට ඉපදීම, ලෙඩවීම. මහලු වීම, මරණය, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම ආදී යම්තාක් දුක් තියේ නම් මේ දුක් දිහා බලන්න.
1.සංඛිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා -(දුක)[සංස්කරණය]
  • කෙනෙකුට නුවණක් ආවොත් ඇත්තටම දුකක් තියෙනවා, මේ දුක පංචඋපාදානස්කන්යකයි නේද කියලා එ්කට 'දුක්ඛේ ඥාණං' කියනව. මේ දුක් ගත්තහම මේවා ස්කන්ධ නිසා, ස්කන්ධයන් තුළ එන දුක්. නමුත් ලෝකයාට ඒක පෙනෙන්නෙ නැහැ.
  • ලෝකයා ඒක දකින්නෙ සත්වයෙක් පුද්ගලයෙක්ගෙ දුකක් හැටියට. මම ඉපදෙනවා, මම ලෙඩවෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා කියල හෝ තව සත්වයෙක්, පුද්ගලයෙක් උපදිනවා, ලෙඩවෙනවා, මහලු වෙනවා මැරෙනවා කියලා හෝ තමයි දකින්නෙ.
  • උපාදාන වශයෙන් ගෙන තිබෙන ස්කන්ධ ටිකයි දුක. ස්කන්ධ දුකයි, ඒ දුක් වූ ස්කන්ධ බර ගැනීමත් දුකයි. එහෙම නොගෙන ඉන්ඩ නම් දුක පිරිසිඳ දකින්න වෙනවා.
ගස් උපමාව[සංස්කරණය]

දැනට නොපෙනෙන නාම ධමර්‍ පසෙකින් තබා රූපය කියන තැනින් විතරක් ගනිමු.

අර මිදුලෙන් එහා තියෙන පිහිඹිය ගහ ගනිමු.

ඔය ගහට තිබුණා බීජ අංකුර අවස්ථාවක්.

ඔය ගහට තිබුණා පුංචි පැළෑටි අවධියක්.

ඔය ගහට තිබුණා ළමා අවධියක්.

ඔය ගහට අතු පතර විහිදුන හොඳට සවි ශක්තිය තියෙන තරුණ කාලයක් තියෙනවා. ක්‍රම ක්‍රමයෙන් වැඩිලා ඔය ගහටත් තියෙනවා තලත්තෑනි වයසක්. ක්‍රමයෙන් වියපත් වෙලා ඒ ගහේ ආයු සන්තතිය අවසන් වෙලා මහලු වෙලා, දිරලා, මැරෙන දවසක් එනවා.

ඉපදීමේ ස්වභාවය, වයසට යාමේ, ජරාවීමේ ස්වභාවය, මැරෙනවා කියන ස්වභාවය, ජාති ජරා මරණ කියන ලක්ෂණ තුන ඒ ගහට අයිතියි. ගහට හිතෙනවද මමයි ඉපදුණේ, මම දැන් මහලු වෙලා, මම දැන් මැරෙන්නයි යන්නෙ කියලා ගහට හිතෙනවද? නෑ. ගහ එහෙම දුකකින් දුක් විදින්නෙ නෑ. ඒ ගහ අචේතනිකයි. නමුත් ජාති ජරා මරණ කියන ධර්‍මතාවය තියෙනවා.

මම කියලා ගත්ත තමන් කියල ගන්න මේ රූපය ගන්න.

මේ රූපයටත් තිබුණා අංකුර අවස්ථාවක්.

මේ රූපයටත් තිබුණා ළමා අවධියක්.

මේ රූපයටත් තරුණ කාලයක් තියෙනවා.

මේ රූපයටත් තලත්තෑනි වයසක් තියෙනවා.

මේ රූපයද ක්‍රමයෙන් දිරාගිහින් මරණයට පත් වෙනවා.

ගස නම් වූ ඒ අචේතනික චස්තුවත්, මමයි කියලා හිතාගෙන ඉන්න මේ සචේතනික කයත් අතර වෙනසක් තියෙනවද?

ජාති ජරා මරණ කියන ධර්‍මතාවය අයිති ස්කන්ධයන්ට මිසක, රූපෙට මිසක පුද්ගලයෙකුට නොවෙයි කියන එක තේරෙනවද?

මේ කය ආහාරයෙන් හැදුණ, ගහ පොලොවෙ තිබුණ ඕජා සාරයෙන් හැදුණෙ. ඒ ගස නැමැති අචේතනික වස්තුව හදන හේතුවත් අනාත්මයි. අනාත්ම වූ ඕජා සාරය නිසා හැදුණ ගහ පුද්ගලයෙක් නොවෙයි, අනාත්මයි. අනාත්ම වූ ඒ රූපයේ ස්වභාවය ඉපදීම, මහලුවීම, මරණය. ඒ ධර්‍මතාවය කෙනෙක්ගෙ නොවෙයි, අනාත්මයි.

ඒ වගේ අපි මම කියල හිතුවට, මම කියල හිතාගෙන හිටියට, මගේ කියල මෙච්චර කල් දැක්කට, මේ කයත් කන බොන ආහාරයෙන් හැදුණෙ. මේ කයත් දිරනවා. මේ කයත් මැරෙනවා. මේ රූපයේ හැටි. රූපයේ ස්වභාවය.

  • "තීණි මානි භික්ඛවේ සංඛත ලක්ඛණානි උප්පාදො පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති". මහණෙනි, සංඛතයන්ගේ ලක්ෂණ තුනකි. ඉපදීීම පෙනේ, මැරීම නැසීම පෙනේයි, ඒ අතර තුර සිටියහුගේ වෙනස් වීම පෙනෙයි.(අනිත්‍යයයි)
  • "භාර දානං දුක්ඛං" බර ගැනීම ලෝකෙ දුකක්. මේ ධර්‍මයෝ (රූපය) දුකක්, මේ ධර්‍මයෝ බරක්.
  • පංචඋපාදානස්කන්ධයෝ ද දුකයි. ඒවා මම මගේ කියල ගත්ත කෙලෙස් නිසාත් දුකයි කියල දකින කොට, උරුම වුණ දේත් දුකයි, උරුම වුණ දේ නිසා ඇතිවන මානසික මට්ටමත් දුකයි කියලා උත්තරයක් ලැබෙයි.
2.දුක ඇතිවුනේ කොහොමද? - (සමුදය)[සංස්කරණය]
  • මීට පෙර ජීවිතයෙත් මේ විදියෙම රූපයක් තිබුනානම් එදා ඒ රූපෙ හැදුනෙත් කන බොන ආහාරයෙන්මයි.
  • ඒ රූපය පිරිසිද නොදැක්ක අවිද්‍යාව නිසා, රූපය මම, මගේ, මගේ ආත්මයයි කියන දිට්ඨි සහගත කෙලේසයක්, කර්‍මයක් ඇතිකරගත්තා.
  • කය මම කියල දැක්කම මම මට ආදරෙයි, තණ්හාව ඇතිවෙනව. වැරදි දැක්මක් මානයක් ඇතිවෙනව.
  • රූපය නැතිවී ගියත්, මමයි කියල හදාගත්ත රූප නිමිත්තත්, එ් අරබයා ඇතිවූ තණ්හාවත් කියන ගති ටික නිසා විඤ්ඤාණය නැවත මව්කුසක රූපෙකට බැසගත්තා.
මෝහය[සංස්කරණය]
  • කය සවිඥානික වුණාට කය වෙනමම සිද්ධියක්. කය ඇසුරු කරගෙන තිබෙන සිත වෙනමම සිද්ධියක්.
  • කයේ ඇත්ත නොදන්නාකම නිසා, කයේ තත්වාකාරය අවබෝධ නොවුන නිසා හිතේ ඇතිකරගත්ත ගතියකුයි මම කියන්නෙ කියන රූපය ගැන විද්‍යාව දන්නෙත් නැහැ. ඒ නොදන්නාකම නිසා හිතේ ඇතිවෙච්ච ගතියක්ය, කෙලේසයක්ය මම කියන්නෙ කියලා ඒ බව දන්නෙත් නෑ. අනාගත දුකට හේතුවයි පෝෂණය කරන්නෙ කියල ඒ බව දන්නෙත් නෑ. එවිට ආපහු දුක ඇතිකරවන හේතුව හැදෙනවා.
3.දුක නොවන්නෙ කොහොමද? - (නිරෝධය)[සංස්කරණය]
  • අතීතයේදී දැකල තිබුණ නම්, මේ දුක හටගැනීම නිසාත්, මානසිකව දුක හදා ගැනීම නිසාත්. දුකම නේද උරුම වුණේ කියල,
  • මේක මම හෝ මගේ හෝ මගෙ රූපේ හෝ නෙමේ, මේකට කියන්න වෙන්නෙ දුක නේද කියන නුවණ අතීතෙ තිබුණානම්,
  • මේ කය මම, මගේ, මගේ ආත්මය කියල අතීතයේ නොදැක්ක නම්, අද මෙබදු වූ දුක් ඇති කයක් අපට උරුම වෙන්නෙනෑ කියන පිළිතුර ලැබෙනවා.
4.මාර්‍ගය උපදින හැටි - (මාර්‍ගය)[සංස්කරණය]
  • රූපය මම මගේ කියල ගන්නකම අත් හැරියොත්, දුකෙන් මිදුණොත්, දුක අත හැරියොත්, නැවත දුක් හදන හේතුව නැතිවෙනවා නේද කියන මාර්‍ගය උපදිනවා.
  • රූපය විදියමයි ඉතිරි නාම ධර්‍මත්, ඒවාත් මම මගේ මගේ ආත්මයයි කියන හැගීම නැතිවෙනවා, තණ්හා මාන දිට්ඨි කියන කෙලේශය නැතිවෙනවා.

කෘත්‍ය ඥානය[සංස්කරණය]

නොපමාව උත්සාහය, වීරිය යෙදීම

  • දුක්ඛ සත්‍යය - පිරිසිද දැකීමට
  • සමුදය සත්‍යය - ප්‍රහාණය කිරීමට
  • නිරෝධ සත්‍යය - සාක්ෂාත් කිරීමට
  • මාර්ග සත්‍යය - වැඩීමට

නොපමාව උත්සාහය, වීරිය යෙදීම පිළිබද උපදෙස්.

කෘත ඥානය[සංස්කරණය]

කළයුතුදේ කරල ඉවර කළා

  • දුක්ඛ සත්‍යය - පිරිසිද දැක්කා
  • සමුදය සත්‍යය - ප්‍රහීණ කළා
  • නිරෝධ සත්‍යය - ප්‍රත්‍යක්ෂ කළා
  • මාර්ග සත්‍යය - සම්පූර්ණ කළා

කළයුතුදේ කරල ඉවර කළා කියණ අවබෝධය.

ස්කන්ධ ටික - ආහාර ප්‍රත්‍යයෙන් හැදුන මේ රූපය පවතිනකම් තියෙයි. එයාට මේ රූපය මම කියලවත්, මගෙ කියලවත්, මගෙ ආත්මය කියලවත් හිතෙන්නෙ නෑ. මේ දුක කියලා දකිනවා. දුකක් තියෙනවා. දුකක් එනවා. ඒත් ඒ හේතුවෙන් දුක් විදින කමක් නැහැ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්, අප්‍රියයන් හා එක්වීමේ දුක් නැහැ. මම ඉපදෙනවා, ලෙඩවෙනවා, මැරෙනවා කියල තමා ජරා මරණ ධර්‍මයෝ අල්ලගෙන, විදින සත්වයෙක් පුද්ගලයෙක් ජරා මරනයට යනවා කියන දුකෙනුත් මිදෙනවා. දුක්ඛ නිරෝධයම සිද්ධවෙනවා.

සබැදි[සංස්කරණය]

සමුද්දේස[සංස්කරණය]

  1. අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන ලද ධර්මදේශනයක උද්ධෘත, මාතෘකාවට අදාළ අන්දමින් මෙහි ගොනු කර ඇත.
  2. මුද්‍රිත පොත පිළිබද විමසීම් : කේ දයානන්ද මහතා. (දුරකතනය - 0777665198 ) ධර්ම දානයකි. මුද්‍රණය 2014 දෙසැම්බර්.
"https://si.wikipedia.org/w/index.php?title=යථාභූතං_ඤාණදස්සනං&oldid=377742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි