යථාර්ථය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Reality.PNG

දර්ශනය හා දර්ශනවාදය හා යථාර්ථය (Vision Views & Reality)[සංස්කරණය]

යථාර්ථය පිළිබදව ප්‍රත්‍යක්ෂයෙන් හෙවත් කිසියම් ප්‍රතිපත්ති හෝ ඉගෙනුම් මාර්ගයක් අනුගමනය කිරීමෙන් ලබන අත්දැකීමක් - දර්ශනය (vision) ලෙසද, යථාර්ථය පිළිබදව මති මතාන්තර වශයෙන් වූ දැකීම් (views) හෙවත් විශ්වාසයන් - දර්ශනවාදයන් ලෙසද සැලකිය හැක.

දර්ශනය (Vision)[සංස්කරණය]

ත්‍රිවේදය, ත්‍රිපිටකය, ශු.බයිබලය, ශු.කෝරාණය ආදී ග්‍රන්ථ තුළින් කරනු ලබන හෙළිදරව් කිරීම්.

උපනිෂදයෙහි ඉගැන්වෙන පරිදි යමෙකු පුද්ගල ආත්මය හා විශ්වීය ආත්මය වන බ‍්‍රහ්මන් එකමය යනුවෙන් අවබෝධ කර ගැනීම මෝක්ෂය සාක්ෂාත් කරගැනීම වන්නේය.

ශු.බයිබලයෙහි - පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ හා ශුද්ධාත්මයාණන් වහන්සේ එකමය යි අවබෝධ කරගැනීම විමුක්තිය හෙවත් ගැලවීම වන්නේය.

"The Christian Gnostics practiced a spirituality more similar to Eastern traditions than to the Western Christianity we know today. 'Gnostic' is Greek for 'knower' and it is 'Gnosis' or 'Knowledge' that they were seeking. Unlike the blind faith demanded by today's Churches, 'Gnosis' meant direct, mystical experience of the divine, which was to be found by individual spiritual evolution to Self-Realisation, and not within the confines of intellectual dogma. The experience of Gnosis was trans-rational and non-intellectual.[1]

අල්.කුරාණයෙහි - පිළිගැනීම වන්නේ දෙවියන් රූපයකින් නොවන බවයි, එය ප්‍රත්‍යක්ෂ කිරීම මාර්ගය වේ.

☀මා දෙවියන් විශ්වාස කරන අතර ඔහුව ඔහුගේ නම්වලින් හා ගුණාංග වලින් දනිමි. මම ඔහුගේ සියලු විධාන පිළිගනිමි. විශ්වාසය පවතින්නේ හදවතේ සහ බුද්ධියේ වේ. හදවත සහ බුද්ධිය පිළිබඳ කරුණු වලදී කෙනෙකුට යමෙකු රැවටීමට හැකිවෙනවා පමණක් නොව ඔහුවම රවටාගෙන සිටිය හැක. ඔහු තමා මුඃමීන් (විශ්වාසවන්තයා) කෙනෙකු නොවන නමුත් තමා මුඃමීන් යැයි සිතයි. එමනිසා මෙය සනාථ කිරීමට අවශ්‍යතා ඇත: ඒ පුද්ගලයෙකුගේ වචන සහ පුද්ගලයෙකුගේ ක්‍රියාවන් වේ. කෙනෙකුගේ වචන අසත්‍ය නම් ඔහු තුළ ඇත්තේ වචනයට පමණක් සීමා වූ විශ්වාසයකි. ඔහු විශ්වාසවන්තයෙක් නොවේ. එමෙන්ම පුද්ගලයෙකුගේ ක්‍රියාවන් මගින්ද ඔහුගේ විශ්වාසය ගැන ප්‍රකාශ වන බව සැලකේ. මක් නිසාද යත් කුරානයේ :ඔබ ඔබගේ දිව සමග විශ්වාසවන්තයෙකු වන්න! ඔබගේ ක්‍රියාවන් සමග විශ්වාසවන්තෙයෙකු වන්න[1]

ත්‍රිපිටකයට අනුව යථාර්ථය අවබෝධ කිරීම යනු නිවන් දැකීමයි.[සංස්කරණය]

ඇත හා නැත යන අන්ත දෙකෙන් ම තොරවූ ත්‍රිලක්ෂණ දර්ශනය හා මජ්ජිම පටිපදාව (අරි අටැගි මග) අනුගමනයෙන් සිදුවන චතුරාර්‍ය සත්‍යාවබෝධයයි. (යථාභූතං ඤාණදස්සනං) එය ලෝකාවබෝධය ලෙසද, සත්‍යයාවබෝධය ලෙසද හදුන්වයි. ලෝකයෙන් එතෙරවීම ලොකෝත්තරත්වය ලෙසද, ලෝකයට අයත්ව යටත්ව පැවතීම ලෞකිකත්වය ලෙසද සලකයි.

පැවැත්ම - සංකේතයක්
නටරාජ -පැවැත්ම - සංකේතයක්

මෙම ලෝකය යනු කුමක්ද?[සංස්කරණය]

දුක්ඛ සමුදය නිරෝධ මාර්‍ග යන චතුරාර්‍යය සත්‍ය ධර්මයට අනුව දුකෙහි නිවීම ම නිරෝධය බැවින්, දුක යන්න ලෝකය හා සමාන අර්‍ථ ගන්නා බව පෙනේ.

සත්‍යය[සංස්කරණය]

සත්‍යය යන්න සම්මුතිසත්‍යය හා පරමාර්‍ථසත්‍යය යනුවෙන් දෙයාකාරයකින් අභිධර්මයේදී විග්‍රහ වේ

සම්මුති නම් ගෙය, පුටුව, රථය, මිනිසා දෙවියා ආදියයි.

පරමාතර්‍ නම් චිත්ත, චෛතසික, රූප, හා නිබ්බාන යන්නයි.

ධම්මතාව[සංස්කරණය]

මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා - සියලු ධර්මයෝ මනසේ ම නිර්මාණයෝ ය. මනස ම ප්‍රමුඛ වේ ශ්‍රේෂ්ඨ වේ.

මනසාචේ පසන්නේන - භාසතීවා කරෝතිවා .. කර්මය අනුව සිදුවන විපාකදීමේ ක්‍රියාවලිය. යහපත් ක්‍රියාවට හොද විපාක ආදීවයෙන් ප්‍රතික්‍රියාවක් ඇතිවීම.

ග්‍රීක දර්ශනයට අනුව යථාර්ථය යනු කුමක්දැයි විමසමු.[සංස්කරණය]

ප්ලේටෝට අනුව -ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව අනුස්මෘතිය යැයි කියාය.[2]

ඔහුගේ සුප්‍රසිද්ධ ලෙන් උපමාව අනුව යථාර්ථාවබෝධය උපන්ගෙයි සිරකුටියකින් නිදහස්වීමක් ලෙස පෙන්වා දෙයි.[3]


"ප්ලේටෝ සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ ඥාන විභාගය, සත්භාවවේදය, ආචාර ධර්ම හා රසඥානය යනාදියෙන් පාරභෞතිකව ලෝකය වටහා ගන්නා ආකාරයක් හැටියටයි. ප්ලේටෝ ට පසුකාලීන ව එන සියලු දාර්ශනිකයන් කරන්නේ මේ දර්ශනික සම්ප්‍රදායෙන් මිනිසා නැමති සිරකරුවා අන්ධකාරයෙන්, මායාවෙන් හා අසත්‍ය නැමති වහල් භාවයන් වලින් මුදවන්නට ගන්නා දාර්ශනික උත්සාහයන් යැයි සැලකේ."[3]

ඔහු සාමාන්‍යයන් පිළිබද ගැටලුවේ සැලකෙන අන්දමින් ලෝකය විග්‍රහ කිරීම සදහා රූප(form) හා නාම(idea) යන සංකල්ප භාවිතා කරන බව අනුමාන කළහැකියි. මෙහි රූප යන්න මනසින් ස්වායත්ත වූ වස්තුවක් ලෙස සලකා ඇත. [4][5] වදනක අර්ථය පිළිබදව "මඩ" යනු කුමක්ද? යන විග්‍රහය අනුව වඩාත් ගැඹුරෙන් සිතා ඇත.[2]

Without void no objects or particles can exist. In this void the ancient philosophers in Greece describe a primal material called the “boundless”, from which all other elements emerge.

දර්ශනවාදය (Views) - isms[සංස්කරණය]

Viraugmixmodmediated reality.png

Buddhism, Catholicism, Hinduism, Muslim, etc.. මෙම වාදයන් හි පොදු ලක්ෂණය නමි ඇත හෝ නැත යන අන්ත දෙකින් කිසියම් එක් අන්තයකට බරව මතයක් දැරීමයි. එනම් ස්ථීර වූ සදාකාලික පැවැත්මක් හෝ නොපැවැත්මක් - ශුන්‍යතාවක් - පිළිගැනීමයි.

නූතන බටහිර දර්ශනයට අනුව[සංස්කරණය]

ඩෙකාට් ට අනුව - දෙවියන් වහන්සේගේ පැවැත්ම සාධනය කරයි.[සංස්කරණය]

ප්‍රත්‍යක්ෂමය ඥානය පරම නියත ස්වරූපයෙන් අවිශ්වාසයෙන් තොරව පිළිගත නොහැකි බව පෙන්වා දෙයි. [3]එසේ වූවද සර්ව බලධාරී, සර්ව ව්‍යප්ත වූ දෙවියන් වහන්සේගේ පැවැත්ම සාධනය කරයි.

Nihilism - ශුන්‍යතාව දැක්මක් ලෙස සාධනය කරයි.[6][සංස්කරණය]

Voidness is that which stands right in the middle between this and that. The void is all-inclusive, having no opposite–there is nothing which it excludes or opposes. It is living void, because all forms come out of it and whoever realizes the void is filled with life and power and the love of all beings…

    ~ Bruce Lee, Tao of Jeet Kune Do

ථේරවාදී බෞද්ධ දැක්මට අනුව[සංස්කරණය]

නැවත නැවත සිදුවන ඉපදීම දුකකි. එහි නැවැත්ම නිවීමයි.

මහායාන බෞද්ධ දැක්මට අනුව[සංස්කරණය]

සියලු සත්වයන් බුද්ධත්වයට පත්වන බව. එතෙක් සියල්ලෝ බෝධිසත්ත්වයන් වෙත්, ඔවුහු ධර්මකායයෙහි අවතාර වශයෙන් මහායානිකයෝ සලකති. බුදුන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට ලක් නොවන විවිධ අවතාරයන්ගෙන් පෙනී සිටින සදාකාලික ද උතුමෙකු ලෙසින් හඳුන්වා දී ඇත. මහායාන බුදු දහමෙහි ඉතා ජනපි‍්‍රය අංගයක් වන ත්‍රිකාය සංකල්පයට අයත් ධර්මකාය සංකල්පය දාර්ශනික සංකල්පයකි.

හින්දු දැක්මට අනුව[සංස්කරණය]

ලෝකයේ පැවැත්ම නටරාජ සංකේතානුසාරයෙන් පෙන්වා දෙයි. පුද්ගලයා තුළ ආත්මය යනුවෙන් හදුන්වන නිත්‍ය පදාර්ථයක් ඇතැයි බොහෝ හින්දුහු විශ්වාස කරති. ඒකත්වවාදය අනුව මෙම පුද්ගල ආත්මය අවසාන විග‍්‍රහයේදී විශ්ව ආත්මය වන බ‍්‍රහ්මන්ගෙන් වෙනස් නොවේ.

ඉස්ලාම් ආගමට අනුව[සංස්කරණය]

ඉස්ලාම් යන වචනයේ අරුත වන්නේ "අවනතිය" නොහොත් මුළුමනින්ම දෙවියන් (අරාබි: الله ; අල්ලාහ්) ට යටත් වීමයි. මුස්ලිම්වරු විශ්වාස කරනුයේ දෙවියන් අල්-කුරානය දෙවියන්ගේ අවසන් මාර්ගෝපදේශකයා වන මුහම්මද් ට ලබා දුන් බවත්, අල්-කුරානය සහ සුන්නහ්ව (මුහම්මද්ගේ වචන සහ ක්රියා) ඉස්ලාමයේ මූලධර්ම මූලාශ්‍ර වන බවයි.[7] මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ඉස්ලාම් විශ්වාසයට අනුව ඉස්ලාම් භක්තිකයන් ඔවුන් ජීවත්ව සිටි කාලයේදී සිදු කරන ලද කි‍්‍රයාවන් අනුව දෙවියන් අතින් විනිශ්වයකට ලක්වන අතර ඒ අනුව පුනරුත්ථාපනය ලබයි. මේ පිළිබඳ විස්තරයන් කුරානයේ සහ හදීස් හි අන්තර්ගතය වේ.

යථාර්ථය (Reality)[සංස්කරණය]

යථාර්ථය ප්‍රත්‍යක්ෂයෙන් හෙවත් කිසියම් ප්‍රතිපත්ති හෝ ඉගෙනුම් මාර්ගයක් අනුගමනය කිරීමෙන් ලබන අත්දැකීමක් - දර්ශන ප්‍රතිලාභයක් (vision) ලෙසද,

යථාර්ථය පිළිබදව මති මතාන්තර වශයෙන් වූ දැකීම් (views) හෙවත් විශ්වාසයන් - දර්ශනවාදයන් ලෙසද සැලකිය හැක.

Duality (CoP).png

ලෝකයේ පැවැත්ම පිළිබද විග්‍රහයන්[සංස්කරණය]

ද්වයතාව - In Buddhist philosophy[සංස්කරණය]

Male-female duality figure from Remojadas.jpg
Yin yang duality 400.jpg

During the classical era of Buddhist philosophy in India, philosophers such as Dharmakirti argue for a dualism between states of consciousness and Buddhist atoms (the basic building blocks that make up reality), according to "the standard interpretation" of Dharmakirti's Buddhist metaphysics.[6] Typically in Western philosophy, dualism is considered to be a dualism between mind (nonphysical) and brain (physical), which ultimately involves mind interacting with the physical brain, and therefore also interacting with the micro-particles (basic building blocks) that make up the brain tissue. Buddhist dualism, in Dharmakirti’s sense, is different in that it is not a dualism between the mind and brain, but rather between states of consciousness (nonphysical) and basic building blocks (according to the Buddhist atomism of Dharmakirti, Buddhist atoms are also nonphysical: they are unstructured points of energy). Like many Buddhists from 600-1000 CE, Dharmakirti’s philosophy involved mereological nihilism, meaning that other than states of consciousness, the only things that exist are momentary quantum particles, much like the particles of quantum physics (quarks, electrns, etc.).[citation needed][8]

සමුද්දේශ[සංස්කරණය]

  1. Quran 4:136
  2. https:\\si.wikipedia.org/wiki/ප්ලේටෝ
  3. 3.0 3.1 https://si.wikipedia.org/wiki/ප්ලේටෝ - ලෙන් උපමාව
  4. Plato's interpretation of universals is linked to his Theory of Forms in which he uses both the terms εἶδος (eidos: "form") and ἰδέα (idea: "characteristic") to describe his theory. Forms are mind independent abstract objects or paradigms (παραδείγματα: patterns in nature) ...
  5. https://en.wikipedia.org/wiki/Platonic_realism
  6. https://en.wikipedia.org/wiki/Nihilism
  7. https://si.wikipedia.org/wiki/ඉස්ලාම්_යනු"
  8. https://en.wikipedia.org/wiki/Dualism
"https://si.wikipedia.org/w/index.php?title=යථාර්ථය&oldid=403030" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි