බාලසිංහම් නඩේසන්

විකිපීඩියා වෙතින්
(නඩේසන් වෙතින් යළි-යොමු කරන ලදි)
බාලසිංහම් නඩේසන්
பாலசிங்கம் நடேசன்
මියගිය දිනය2009 මැයි 18
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවඑල්ටීටීඊ දේශපාලන නායක
ආගමහින්දු

බාලසිංහම් නඩේසන් යනු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ 2007 වර්ෂයේ අගභාගයේ සිට 2009 වර්ෂය දක්වා, එනම් ඔහු මියගිය වසර තෙක්, දේශපාලන අංශ නායකයා වශයෙන් කටයුතු කල පුද්ගලයා වෙයි.[1][2] ඔහු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට අයත් පොලීසියේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන ලදී.[3]

මුල් අවධිය[සංස්කරණය]

මුල් කාලයේදී නඩේසන්, ශ්‍රී ලංකා රජයේ පොලිස් නිළදාරියෙකු වශයෙන් සේවය කල බව සඳහන් වෙයි. සිංහල කාන්තාවක් විවාහ කර ගෙන සිටි ඔහු, 1983 කොළඹ කලු ජූලි කලබලවලින් අනතුරුව, ශ්‍රී ලංකා පොලිස් සේවය අතහැර එල්ටීටීඊ සංවිධානයට එකතු විය.[4]

එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සමග[සංස්කරණය]

1992 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීප කලාපය තුල පිහිටුවන ලද, එල්ටීටීඊ පොලිසියේ ප්‍රධානියා වශයෙන් නඩේසන් කටයුතු කරන ලදී. 2002 වසරේදී නෝර්වේ රාජ්‍යය විසින් මැදිහත්කරුවෙකු ලෙස ගෙනා සටන් විරාම ගිවිසුමත් සමග, නැගෙනහිර තුලද නව පොලිස් ස්ථාන පිහිටුවීම පිළිබඳ අධීක්ෂණය ඔහු විසින් සිදු කෙරුණු බව පැවසෙයි. එසේම විදෙස් රටවල් වල පැවැති රැස්වීම් බොහොමයකට එල්ටීටීඊය නියේජනය කරමින්, නඩේසන් සහභාගී වූ බව සඳහන්ය.

පසුකාලීනව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් මියගිය එස්. පී. තමිල්සෙල්වන්ගෙන් පසු, එල්ටීටීඊයේ දේශපාලන අංශයේ නායකයා බවට නඩේසන් පත්විය.

මරණය[සංස්කරණය]

ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ කොටීන්ගේ අවසන් බලකොටුව යටත් කර ගැනීමත් සමග, එනම් 2009 මැයි 18 දිනදී නඩේසන් ඝාතනයට ලක්විය.[5]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ශ්‍රී ලංකන් ට්රූප්ස් මාර්ච් ඉන්ටු 'ටයිගර්' කැපිටල් කිළිනොච්චි ඩේලි පයනියර් - ජනවාරි 2, 2009
  2. "නඩේසන් අපොයින්ටඩ් නිව් පොලිටිකල් හෙඩ් ඔෆ් ද එල්ටීටීඊ". ටැමිල්නෙට්. 2007-11-02. සම්ප්‍රවේශය 2008-12-20.
  3. ඉන්ඩියා ටු කීප් ඩිස්ටන්ස් ෆ්‍රොම් එල්ටීටීඊ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා - මැයි 21, 2005
  4. "ටයිගර් කොප්ස් ලර්න් සිංහල". සන්ඩේ ඔබ්සවර්. 12 ඔක්තෝම්බර් 2003. සම්ප්‍රවේශය 4 මාර්තු 2013.
  5. "ටයිම්ස් ඔන්ලයින්". Timesonline.co.uk. 18 මැයි 2009. සම්ප්‍රවේශය 2013-01-31.
"https://si.wikipedia.org/w/index.php?title=බාලසිංහම්_නඩේසන්&oldid=306062" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි