Jump to content

ත්‍රිශික්‍ෂා

විකිපීඩියා වෙතින්

බුදුදහමේ දැක්වෙන ත්‍රිශික්ෂාව නම්,

පාලි ධර්ම ග්‍රන්ථ

[සංස්කරණය]

තේරවාදී බුදුදහමට අනුව ත්‍රිශික්ෂාව පුහුණු කිරීමෙන් ලෝබ, දෝෂ හා මෝහ නැති කරගැනීමට මග සැලසේ. මෙම ත්‍රිශික්ෂාව සම්පුර්ණයෙන් අවබෝධ කරගන්නා තැනැත්තා නිර්වාණය අවබෝධ කර ගනි.

අංගුත්තර නිකායට අනුව අධිශීලය පිරීම සඳහා ප්‍රාතිමෝක්ෂය අනුගමනය කළ යුතු අතර, උසස් සමාධියකට පත්වීමට සතර ධ්‍යාන වැඩීමද, අධි ප්‍රඥාව ලබා ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත යුතුය.

ගිහි සාමාන්‍ය ජනයා සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ කර ගැනීම තුළින් චතුරාර්ය සත්‍යයද, එමඟින් ත්‍රිශික්ෂාවද අවබෝධ කර ගත හැක.

ත්‍රිශික්ෂාවේ හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමානතා

[සංස්කරණය]

ධම්මදින්නා භික්ෂුනීන් වහන්සේ විසින් විචාරන ලද ගැටළුවකට පිළිතුරු උදෙසා දේශනා කරන ලද කුලවේදල්ල සුත්‍රයට අනුව ත්‍රිශික්ෂාවේ හා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගොනු කිරීම් අතර සම්බන්ධතාවයක් පවතී.

ත්‍රිශික්ෂාව - ආර්ය අෂ්ඨාංගික මාර්ගය

[සංස්කරණය]

සම්මා වාචා (නිවැරදි වචනය)

සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියා)

සම්මා ආජීව (නිවැරදි දිවි පැවැත්ම)

සමාධි

[සංස්කරණය]

සම්මා වායාම

සම්මා සති

සම්මා සමාධි

ප්‍රඥා

[සංස්කරණය]

සම්මා දිට්ඨි(නිවරදි බැලිම)

සම්මා සංකප්ප

සටහන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිශික්‍ෂා&oldid=731449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි