මඩොල් දූව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මඩොල් දූව
මඩොල් දූව නවකථාවේ මුල් කෘතියේ පිටකවරය
කර්තෘමාර්ටින් වික්‍රමසිංහ
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල
ප්‍රභේදයළමා සාහිත්‍යය
ප්‍රකාශිත දිනය
1947
මාධ්‍ය වර්ගයමුද්‍රිත

මඩොල් දූව (ඉංග්‍රීසි: Madol Doova [maˌɖol ˈduːʋə]) සිංහල ළමා නවකථාව ශ්‍රී ලාංකික මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට ඇත.1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කොට ඇත.1890 ගණන් වල ලංකාවේ දකුණු පලාතේ වෙරළබඩ ජීවත්වූ උපාලි ගිනිවැල්ලලේ යන යොවුන් තරුණයා මෙහි ප්‍රධාන චරිතයයි.ඔහු හා ඔහුගේ මිතුරා වන ජින්නා නොහොත් ජිනපාළ සමඟ සිදු කල අපූරු ක්‍රියා මෙම කථාවට පාදක වී තිබෙනවා.උපාලි සිය මිතුරා සමඟ පාළු දූපතක ජීවත් වීම සඳහා සිදුකරන ලද ඉමහත් කැපවීම මෙහි හොදින් විස්තර කෙරෙනවා.මෙම කෘතිය පසුව දෙමළ,ඉංග්‍රීසි,ලන්දේසි,රුසියන්,චීන,රුමේනියන්,බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර තිබෙනවා.1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මෙම කථාව චිත්‍රපටයකටද නඟා තිබෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=මඩොල්_දූව&oldid=429150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි