ජලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Water වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජලය අවස්ථා තුනෙහිදී: ද්‍රව, ඝන (අයිස්), සහ වාතය තුල ඇති (අදෘශ්‍යමාන) ජල වාෂ්ප. වලාකුළු වනාහි ජල වාෂ්පයෙන්-සංතෘප්ත වූ වාතයෙන් ඝණීභවනය වූ ජල බිඳිති වල සංචයනයන් වේ.

වතුර හෙවත් ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි.[1]

සාමාන්‍ය වහරේදී, වතුර යන්නෙන් අදහස් කරන්නේ එහි ද්‍රව ආකාරය හෝ අවස්ථාව පමණක් වුවද, මෙම ද්‍රව්‍යය සඳහා ඝන අවස්ථාව වන, අයිස්, සහ වායුමය අවස්ථාව වන, ජල වාෂ්ප හෝ හුමාලය ද පවතියි. ජලය, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 71% ක් වසා පැතිර පවතියි. [2] පෘථිවිය මත, එය බොහෝ ලෙසින් සාගර සහ අනෙකුත් විසල් ජල තලයන්හිද, ජලයෙන් 1.6% පොළොව අභ්‍යන්තරයෙහි ජලධරයන්හි සහ 0.001% වාතයෙහි වාෂ්ප, වලාකුළු (ඝන හා ද්‍රව ජල අංශු වාතයෙහි අවලම්බනය වීමෙන් තැනෙයි), සහ වර්ෂාපතනය ලෙස පවතියි. [3] සාගරයන් භූතල ජලයෙන් 97% ක් දරන අතර, ග්ලැසියරයන් හා ධ්‍රැවීය අයිස් වැස්මන් 2.4% ක්ද, අනෙකුත් ගොඩබිම භූතල ජල ධාරකයන් වන ගංගාවන්, විල් හා පොකුණු තවත් 0.6% දරති. පෘථිවියෙහි ජලයෙන් ඉතා කුඩා කොටසක්, ජීවවිද්‍යාත්මක දේහයන් සහ නිමැවුනු භාණ්ඩ තුල රඳවා තැබෙයි.

ජලය නිරන්තරයෙන්ම, වාෂ්පීභවනය හෝ උත්ස්වේදනය (වාෂ්පෝත්ස්වේදනය), වර්ෂාපතනය, සහ අපධාවය, යන අවස්ථාවලින් සමන්විත චක්‍රයක් ඔස්සේ ගමන් කරමින් සාමාන්‍ය වශයෙන් මුහුදට සැපත් වේ. ගොඩබිමෙහි, වාෂ්පීභවනය හා උත්ස්වේදනය,ගොඩබිම වර්ෂාපතනය දායක වෙයි.


පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනුමෙහි හැකියාව පසුගිය දශක කිහිපය තුලදී ලොව සියළු ප්‍රදේශයකම පාහේ ක්‍රමයෙන් හා විද්‍යාමාන ලෙසින් උන්නතියට පත්ව ඇත.[4][5] ආරක්ෂා සහිත ජලය සපයා ගැනුමෙහි හැකියාව සහ ඒක පුද්ගල දදේනි අතර පැහැදිලි සහසම්බන්ධයක් ඇත.[6] කෙසේවෙතත්, සමහරක් නිරීක්ෂක‍යන් නිමානය කර ඇත්තේ 2025 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජල-ආශ්‍රිත අන්තරාදායකයන්ට මුහුණ දෙනු ඇති බවයි.[7] මෑත වාර්තාවක් (නොවැම්බර් 2009) අඟවනුයේ 2030 වන විට, ලොව සමහරක් දියුණු වෙමින් පවතින පලාත් වල, ජල ඉල්ලුම සැපයුමට වඩා 50% අභිබවන බවයි.[8] ජලය විසින් ලෝක ආර්ථිකයෙහි වැදගත් කාර්යභාරයක් ඉෂ්ඨ කරනුයේ, එය පුළුල් පරාසයක රසායනික ද්‍රව්‍ය සඳහා ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරන හෙයින් හා කාර්මික සිසිලනය හා ප්‍රවාහනය සඳහා පහසුකම් සපයන්නකු වීම හෙයිනි. මිරිදිය ප්‍රමාණයෙන් දළ වශයෙන් 70% පමණ කෘෂිකර්මය සඳහා භාවිතා කෙරේ.[9]

පටුන

රසායනික සහ භෞතික ගතිගුණ[සංස්කරණය]

ජල අණු අතර හයිඩ්‍රජන් බන්ධනයන්ගේ ආකෘතියක්
ජල බිඳුවක් හා ගැටුම නිසා වෘත්තාකාර කේෂික තරංගයන් ගෙන් වටවූ උඩුකුරු "පොළාපැනි" ක්ෂේපයක් ජනිත වේ.
1902 දී විල්සන් බෙන්ට්ලි විසින් නිර්මිත හිමපෙති
මකුළු දැළ ක ඇලී ඇතිතුෂාර බිඳු
රසදිය හා සමග සැස‍‍ඳෙන ජලයේ කේශාකර්ෂණ ක්‍රියාව

ජලය තැනී ඇති අයුර


ජලය සමග අන්තරාදායක ලෙසින් ප්‍රතික්‍රියාකරන භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා වූ ADR ලේබලය

ජලය තැනී ඇති අයුරු[සංස්කරණය]

ද්‍රව ජලය චලනය වීමේදී


ජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේ දී එය නොයෙකුත් ආකාර ගනී. ජල වාෂ්ප ලෙස සහ වළාකුළු ලෙස අහසේ දී , කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේ දී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කඳු මත දී හා ගලා යන ජලය ලෙස පොළවේ දී ජලය දක්නට ලැබේ.

නොයෙකුත් ද්‍රව්‍යයන් ජලයේ දියවිය හැකිය. එහි දී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිව හොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජල ධරයන්හි හෝ කඳුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසා ද මද රස්නය ඇති ජලයට වඩා සීතල ජලය ප්‍රිය කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි ක්ෂුද්‍ර ජීවීන් අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි නිසාය. බොහෝ විට වෙළෙඳ දැන්වීම්වල යොදාගනු ලබන ඛණිජ, ජලයෙහි සහ උල්පත් ජලයෙහි රසය ලැබෙන්නේ ජලයේ දිය වී ඇති ඛනිජ ද්‍රව්‍ය නිසාය. ශුද්ධ H2O වල කිසිදු රසයක් නොමැත. කරුණු එසේ සලකා බැලූ විට උල්පත් සහ ඛණිජ ජලයෙහි ශුද්ධ භාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොයෙකුත් විෂ ද්‍රව්‍ය, දුෂක ද්‍රව්‍යය සහ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොර වීමයි.

කෘෂිකර්මාන්තයට සහ සාමාන්‍යයෙන් මිනිසාට වර්ෂාපතනයේ ඇති වැදගත්කම හේතුවෙන් එහි නොයෙකුත් ආකාරවලට නොයෙකුත් නම් ලබා දී ඇත.

1902 විල්සන් බෙන්ට්ලේ විසින් හිම පතනය ආකාර අනුව[සංස්කරණය]

  • ඝණමය - අයිස්
  • ද්‍රවමය - ජලය ( අධික ලෙස සීතල කළ ජලය)
  • වායුමය - ජල වාෂ්ප


කාළගුණ විද්‍යාවට අනුව වර්ෂාපතනය ලැබෙන ආකාරය අනුව[සංස්කරණය]

  • ද්‍රාව්‍යමය වර්ෂාපතනය
  • වර්ෂාපතනය


වර්ෂාපතනයේ බෙදීම්[සංස්කරණය]

සිරස් වර්ෂාපතනය

  • වර්ෂාව
  • මිදුණු වර්ෂාව
  • වැහි පොද
  • මිදුණු වැහිපොද
  • හිම
  • හිම පෙති
  • හිම අංශු
  • පින්න

ඝණමය වර්ෂාපතනය

  • හිම
  • හිම කැටිති
  • අයිස් කැටිති
  • මිදුණු දිය පෙති
  • මිදුණු වැසි
  • හිම කැට වැස්ස
  • අයිස් පලිගු

තිරස් වර්ෂාපතනය

  • පින්න
  • තුහින
  • වායුගෝලයේ අයිස්
  • දිලිසෙන මතුපිටක් ඇති අයිස්
  • හිම කැටිති
  • අයිස් කැටිති
  • මිදුණු වර්ෂාව
  • හිම කැට වැස්ස
  • පළිගු හිම
  • වායුගෝලයේ අයිස්
  • දිලිසෙන මතුපිටක් ඇති අයිස්

මිශ්‍ර වු වර්ෂාපතනය

  • සෙල්සියස් අංශක 0 ට ආසන්න උෂ්ණත්වයේ දී


අහසේ ඉහළ පහළ යන කොටස්

  • වළාකුළු
  • මීදුම
  • BR (මීටරයට අනුව)

පහළ බසින කොටස්

  • කැලතුණු හිම
  • සිහින් පොද


මිහිපිට ජලය පවතින ආකාර[සංස්කරණය]

  • පොළවෙහි අඩංගු ජලය
  • මිදුණු ජලය
  • මීටරයට අනුව ජල ප්‍රමාණය
  • නැවුම් ජලය
  • ඛණිජ ජලය - ඛනිජ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ
  • කිවුල් ජලය
  • අවජලය - මෙය සිදුවන්නේ කිවුල් ජලය හෝ නැවුම් ජලය ඝනත්වයෙන් වැඩි ලුණු ජලය මත රැඳී තිබුණු විටයි. එවිට මෙම ජල තට්ටු දෙක මිශ්‍ර නොවේ. මෙම ජලය මත නෞකා ගමන් කිරීම භයානක වේ.
  • මුහුදු ජලය
  • කරදිය

ජලට ප්‍රයෝජනයට ගන්නා අවස්ථා[සංස්කරණය]

  • නල ජලය
  • බෝතල් කළ ජලය
  • පානීය ජලය - දිනපතා පානයට අවශ්‍ය වේ.ශරීරයට හානි නොකරන තුලිත ඛණිජ ප්‍රමාණයක් අඩංගු වේ.
  • පිරිසිදු කරන ලද ජලය - විද්‍යාගාර තත්ත්වයේ ,විශ්ලේෂණ තත්ත්වයේ හා ප්‍රතික්‍රියාකාරක තත්ත්වයේ ජලය - මෙම ජලය විද්‍යාවට හෝ ඉංජිනේරු විද්‍යාවට යොදාගැනීම සඳහා බොහෝ සෙයින් පිරිසිදු කොට තබා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් මේවා නම් කරනු ලබන්නේ වර්ග I , වර්ග II හෝ වර්ග III වශයෙනි. මෙම වර්ගයේ ජලයෙහි අඩංගුවන ද්‍රව්‍ය පහත සදහන් ද්‍රව්‍යයන්ට සීමා නොවේ.
  • ආස්‍රැත ජලය
  • දෙවරක් ආස්‍රැත කරන ලද ජලය
  • අයන වෙන්කරන ලද ජලය

විශේෂ ලක්ෂණ අනුව ජලයේ බෙදීම්[සංස්කරණය]

  • මෘදු ජලය - ඛණිජ ලවණ අඩු ප්‍රමාණයක් අඩංගුවේ
  • කඨින ජලය - පොළව යටින් ලබා ගනී. ඛණිජ ද්‍රව්‍යය වැඩිපුර අඩංගු වේ.
  • ආස්‍රැත ජලය - දෙවරක් ආස්‍රැතකරන ලද ජලය
  • අයන වෙන් කරන ලද ජලය - එහි ඛණිජ ලවණ කිසිවක් අඩංගු නොවේ.
  • බැර ජලය - බැර හයිඩ්‍රජන් - ඩියුටීරියම් පරමාණු මගින් නිෂ්පාදනය කරයි. ඉතාම අඩු සාන්ද්‍රණයකින් සාමාන්‍ය ජලයේ මෙය දක්නට ලැබේ. ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක සකස් කිරීම සඳහා මෙය යොදා ගෙන ඇත.
  • ට්‍රයිෂිඒටඩ් ජලය (T2O)

ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව[සංස්කරණය]

  • පානීය ජලය
  • ඉවතලන ජලය
  • මතුපිට ජලය


රස සහ ගඳ[සංස්කරණය]

බොහෝ විවිධාකාර ද්‍රව්‍යයන් ද්‍රවණය කිරීමේ හැකියාව තුලින් එයට විවිධාකාර රසයන් හා ගන්ධයන් ලබා දීමමේ හැකියාව ජලයට ඇත. මානවයන් සහ අනෙකුත් සතුන් විසින් වර්ධනය කරගන්නා ලද සංවේදයන් උපකාරයෙන් පානීයෝග්‍යතාවය නිශ්චය කිරීමෙන් ලවණ බව වැඩි හෝ පල්වූ හෝ ජලය මගහැරීමට ඔවුන්ට (තරමක ආකාරයට) හැකියාවක් ලබා දෙයි. සිසිල් ජලයෙහි ක්ෂුද්‍රජීවීන් අඩු ප්‍රමාණයන් පැවතීමට ඉඩ ඇති බැවින් ඇල්මැරුණු ජලයට වඩා සිසිල් ජලයට මනාප වීමට නැඹුරු බවක් මානවයන් තුල ඇත.[තහවුරු කරන්න] උල්පත් ජලය හෝ ඛනිජ ජලය තුල ඇතැයි ප්‍රචාරණය කෙරෙන රසය ව්‍යුත්පන්න වී ඇත්තේ එහි දීයවී ඇති ඛනිජයන් තුලිනි: පරිශුද්ධ H2O නීරස හා ගඳ රහිත වේ. උල්පත් හා ඛනිජ ජලයෙහි ඇතැයි ප්‍රචාරණය කෙරෙන පරිශුද්ධ භාවය නිර්දේශනය කරන්නේ විෂ, අපද්‍රව්‍ය සහ ක්ෂුද්‍රජීවීන් රහිත භාවයයි.

ද්‍රාව්‍ය වායූන් හා ලවණ වර්ග නිසාද සත්ත්ව දේහ වලින් බැහැර වන කාබනික බහිස්ස්රාවී ඵල නිසාද ජලයට ගඳ සහ රස එකතුවේ.ජලයේ ගඳ සහ රස ඉවත් කිරීම සඳහා වාතනයත්, සක්‍රීය අඟුරු ප්‍රතිකාරයත් (අධිශෝෂණය) භාවිතා කල හැක.

හයිඩ්‍රජන් සල්ෆයිඩ් (H2S) ජලයේ දියවීම නිසා ජලයට "කුණු වූ බිත්තර" ආකාරයේ ගඳක් එකතු වේ. සල්ෆේට(SO4 2-)මත නිර්වායු තත්වයන් යටතේ සල්ෆේට හාරක බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් ජලයට H2S එකතු වේ. වගුරු බිම් වල ඇති ජල සංචිත වල මීතේන්(CH4) වායුව බහුලව දියවී සුදු ළූණු ගඳ ජලයට එක් කරයි.තවද ජලයේ අවලම්බිත ඝන ද්‍රව්‍ය නිසාද කලීලමය සල්ෆර් නිසාද ජලයේ ආවිලතාවය(Turbidity)ඇති වී වර්ණය වෙනස් වේ.

ස්වභාවධර්මය තුල ජලයෙහි ව්‍යාප්තිය[සංස්කරණය]

විශ්වයෙහි ජලය[සංස්කරණය]

ජලය හා වාසෝචිත කලාපය[සංස්කරණය]

පෘථිවිය මත ජලය[සංස්කරණය]

පෘථිවිය මත ජලය ඇති ස්ථාන නිරූපණය කෙරෙන ප්‍රස්තාරිත ව්‍යාප්ති සටහනක්.
පෘථිවි පෘෂ්ඨයෙන් 71% ජලය විසින් වසා ගෙන ඇත; පෘථිවියෙහි ජලයෙන් 97.2% අයත් වන්නේ සාගර වලටය. පෘථිවිය මත මිරිදිය ප්‍රමාණයෙන් 90% දරණ ඇන්ටාක්ටික් අයිස් තට්ටුව, පහළ දර්ශනය වෙයි. ඝනිභවනය වූ වායුගගෝලීය ජලය atmospheric water can be seen as වලාකුළු ලෙසින් දිස්වෙමින්, පෘථිවියෙහි පුභානුපාතයට දායක වෙයි.

ජල චක්‍රය[සංස්කරණය]


මිරිදිය ගබඩාකිරීම[සංස්කරණය]

සැකිල්ල:Imageframe

මුහුදු ජලය[සංස්කරණය]

උදම්[සංස්කරණය]

ජීවයට බලපෑම[සංස්කරණය]

ප්‍රභාසංස්‍ලේෂණය සහ ශ්වසනය හි සමාලෝචනයක්. ජලය (දකුණේ ඇති), කාබන් ඩයොක්සයිඩ් හා සමග (CO2), ඔක්සිජන් හා කාබනික සංයෝග (වමේ ඇති) සදන අතර, ඒවා දහනය වී ජලය හා (CO2) නිපැදිය හැක.
Some of the biodiversity of a coral reef

ජලජ ජීවි ස්වරූපයන්[සංස්කරණය]

සමහරක් සාමුද්‍රික ඩයටමයන් – ප්‍රධාන ශාක ප්ලවාංග කාණ්ඩයක්

මානව ශිෂ්ඨාචාරය මත බලපෑම්[සංස්කරණය]

‍ඓතිහාසික වශයෙන් ශිෂ්ඨාචාරය සමෘධිමත් ලෙසින් වර්ධනය වී ඇත්තේ ගංගා සර ප්‍රධාන ජලමාර්ග අසබඩ වේ; මෙසපොටේමියාව, ඊනියා ශිෂ්ඨාචාරයෙහි තොටිල්ල, පිහිටා තිබූයේ ටයිග්‍රීස් සහ යුප්‍රටීස් යන මහා ගංගා දෙක අතරය; ඊජිප්තියානුවන්ගේ පුරාතන සමාජය සම්පූර්ණ ලෙසින් රඳා පැවතුනේ නයිල් මතය. like රොටර්ඩෑම්, ලන්ඩනය, මොන්ට්‍රියල්, පැරිස්, නිව් යෝක් නගරය, බුවනොස් අයර්ස්, ෂැංහයි, ටෝකියෝ, චිකාගෝ, සහ හොං කොං ආදි විශාල පුරවරයන්, ඒවායේ සමෘද්ධියෙහි කොටසක් පිළිබඳ හෝ ණයගැති විය යුත්තේ ජලය ඔස්සේ පහසුවෙන් ලඟාවීමට තිබූ හැකියාව සහ එම නිසා වෙළෙඳාමෙහි ව්‍යාප්තිය වෙතය. සිංගප්පූරුව වැනි, සුරක්ෂිත ජල වරායන් සහිත දූපත් සමෘද්ධියට ලක්වූයේද මෙම හේතුව නිසාමය. ජලය බොහෝ ලෙසින් දුලබ, උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග වැනි ස්ථාන වල, මානව සංවර්ධනය සඳහා ප්‍රධාන සාධකයක් වූයේ පිරිසිදු පානීය ජලය ලබා ගැනුමට ඇති හැකියාවයි.

සෞඛ්‍යය සහ දූෂණය[සංස්කරණය]

පාරිසරික විද්‍යා වැඩසටහන යටතේ, අ‍යෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙහි සිසුවෙක් ජලය නියැදිකරණය කරමින්.

මානව භාවිතයන්[සංස්කරණය]

වගා බෝග සඳහා ජල සම්පාදනය[සංස්කරණය]

කෘෂිකාර්මික කටයුතුවලදී ජලය ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන්නේ බෝග සඳහා ජල සම්පාදනයට වන අතර මෙය ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයේ මූලිකම අවශ්‍යතාවයයි. සමහර දියුණු වන රටවල පරිභෝජනය කරන ජල ප්‍රමාණයෙන් 90% ක් පමණ යොදා ගැනෙන්නේ බෝග සඳහා ජල සම්පාදනයටය.

විද්‍යාත්මක සම්මතයක් ලෙස[සංස්කරණය]

1795 අප්‍රේල් 7 වැනි දින ප්‍රංශයේ දී ග්‍රෑම් එකක් පහත පරිදි අර්ථ දක්වන ලදී. එනම් අයිස් විලයනය වන උෂ්ණත්වයේ දී , මීටරයක් සියයෙන් එකක් වන ඝනකයක් තුළ අඩංගු පිරිසිදු ජල පරිමාවේ නිරපේක්ෂ ස්කන්ධය ලෙසයි. නමුත් ප්‍රායෝගික භාවිතයන් සඳහා ලෝහමය සම්මත සමුද්දේශයක් අවශ්‍ය වූ අතර එය ඉහත අගය මෙන් දහස් ගුණයත් විශාල “කිලෝග්‍රෑමයයි”. එම නිසා ජලය ලීටරයක් විශාලත්වය නිවැරදිව සෙවීම සඳහා ද කටයුතු කරන ලෙස නියම කරන ලදී. ග්‍රෑමය සඳහා වූ නිල අර්ථ දැක්වීම ඉතා ස්ථායී උෂ්ණත්ව ලක්ෂ්‍යයක් වූ 00C සඳහා අර්ථ දක්වා ඇති නමුත් විද්‍යාඥයින් විසින් මෙම සම්මතය වෙනස් කොට ඔවුන්ගේ මිනුම් කටයුතු වඩාත්ම ලක්ෂ්‍ය සඳහා නැවත අර්ථ දක්වන ලදී. එම කාලයේ මනින ලද අයුරින් ජලය ඉහලම ඝනත්වය ලබා ගන්නා උෂ්ණත්වය 40C යි.

SI ක්‍රමයේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණ‍ය ජලයේ ත්‍රික ලක්ෂ්‍යය මත පදනම් වී ඇත. මෙම උෂ්ණත්ව පරිමාණය ජලයේ තාපාංකය (1000 C) හා අයිස්වල ද්‍රවාංකය (00 C) මත පදනම් වූ සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ ම වඩා වැඩි දියුණු කිරීමෙන් සාදාගත් එකයි.

ස්වාභාවික ජලය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ හයිඩ්‍රජන් - 1 හා ඔක්සිජන් - 16 සමස්ථානික වලින් වුව ද සුළු ප්‍රමාණයක් , බරින් වැඩි හයිඩ්‍රජන් - 2 (ඩියුටීරියම්) වලින් සමන්විත වේ. ඩියුටීරියම් ඔක්සයිඩ් හෙවත් බැර ජලයේ ප්‍රමාණය ඉතා කුඩා වුව ද එය ජලයේ ගතිගුණවල බලපෑම් ඇති කරයි. ජලාශවල හා ගංඟාවල ඇති ජලයේ පවතින ඩියුටීරියම් ප්‍රමාණය මුහුදු ජලයට වඩා අඩුය. එම නිසා සම්මත ජලය ලෙස හඳුන්වන “වියානා සම්මත මධ්‍යන්‍ය සාගර ජලය” සම්මත ලෙස අර්ථ දැක්වේ.


පානය සඳහා[සංස්කරණය]

බෝතල් කළ ජලය පානය කරන තරුණ ළමයෙක්

මිනිස් දේහ ප්‍රමාණය අනුව එහි ප්‍රමාණයක් 55% සිට 78% දක්වා ජලයෙන් සමන්විත වේ. දේහයේ විජලනය වළක්වා එහි ක්‍රමානුකූල ක්‍රියාකාරීත්වය සඳහා දිනකට ජලය ලීටර් එකේ සිට හතත් අතර ප්‍රමාණය පානය කිරීම අවශ්‍ය වේ. මෙහි නිවැරදි ම ප්‍රමාණය දේහ ක්‍රියාකාරීත්වය, ආර්ද්‍රතාවය, උෂ්ණත්වය හෝ වෙනත් සාධක මත රඳා පවතියි. පානීය ජලය අමතරව මෙම ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ ආහාර හා අනෙකුත් පාන වර්ග මගිනි. නිරෝගී පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති වුව ද බොහෝ දෙනා එකඟ වන පරිදි සිරුර නිසි සජල තත්වයක පවත්වා ගැන්මට දිනකට ජලය වීදුරු 6-7 (ආසන්න වශයෙන් ලීටර් 2) ක් පානය කළ යුතුය. නමුත් වෛද්‍ය විද්‍යාව මීට වඩා අඩු අගයක් නිර්දේශ කරයි. ව්‍යායාම හෝ උණුසුම් කාලගුණය නිසා සිදුවන තරල හානිය නොසැලකූ විට සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර එකක් පානය කළ යුතු බවයි. නිරෝගී වෘක්ක ඇති පුද්ගලයෙකුට පමණට වඩා ජලය පානය කිරීම අපහසු වන අතර ජලය ඉතා සුළු වශයෙන් පානය කිරීම (විශේෂයෙන් උණුසුම් ආර්ද්‍රතාවය අධික කාලගුණ තත්වවලදී හා ව්‍යායාම කිරීමේ දී) ද අනතුරුදායක විය හැකිය. ව්‍යායාම සිදු කරන විට දී පුද්ගලයින්ට අවශ්‍ය පමණට වඩා ඉතා වැඩිපුර ජලය පානය කළ හැකි වුව ද මේ නිසා ජලය විෂ වීම ( අධි සජලනය) ඇති විය හැකි අතර එය මාරාන්තික විය හැකිය. කෙසේ වෙතත් පුද්ගලයෙකු දිනකට ජලය වීදුරු අටක් පානය කළ යුතුය යන කරුණු සඳහා විද්‍යාත්මක මූලාශ්‍රයක් සොයා ගත නොහැකිය. බර අඩු කර ගැනීම හා මළ බද්ධය සඳහා ජලයේ ඇති බලපෑම පිළිබඳ මිත්‍යා මත පැවතුන ද ඒවා දැන් බැහැර කර ඇත.

ජාතික පර්යේෂණ කවුන්සිලයේ ආහාර හා පෝෂණ මණ්ඩලය මඟින් 1945 දී ජලය පානය කිරීම පිළිබඳ පහත ආකාරයේ නිර්දේශයක් කර ඇත. “විවිධ පුද්ගලයින් සඳහා සාමාන්‍ය සම්මතය වන්නේ කැලරි එකක ආහාර ප්‍රමාණයක් සඳහා මිලිලීටර එකකි. පිළියෙල කරන ලද ආහාරවල මෙම අගයෙන් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. එක්සත් ජාතීන්ගේ ජාතික පර්යේෂණ කවුන්සිලය මඟින් නිකුත් කළ නවතම ආහාර පරිභෝජනය පිළිබඳ වාර්තාව මඟින් නිර්දේශ කරන පරිදි පුරුෂයින් සඳහා හා කාන්තාවන් සඳහා භාවිතා කළ යුතු මුළු ජල ප්‍රමාණයන් පිළිවෙලින් ලීටර 3.7 හා 2.7 වේ. නමුත් ගර්භාෂ හෝ කිරි දෙන මවුවරුන් විජලනය වැළැක්වීමට අමතර තරල ප්‍රමාණයක් ලබා ගත යුතුය. පුරුෂයන් සඳහා ජල ලීටර 3ක් ද කාන්තාවන් සඳහා ජල ලීටර 2.2 ක් ද නිර්දේශ කරන වෛද්‍ය විද්‍යා ආයතනය මඟින් ගර්භනී මවුවරුන් සඳහා ජලය ලීටර 2.4 ක් (ආසන්න වශයෙන් කෝප්ප 9ක්) හා කිරිදෙන මවුවරුන් සඳහා ජලය ලීටර 3ක් (ආසන්න වශයෙන් කෝප්ප 12.5ක්) ලබා දිය යුතුය. කිරිදෙන මවුවරුන් සඳහා මෙසේ වැඩි වශයෙන් ජලය ලබා දෙන්නේ මවු කිරි දීමේ දී ජලය වැඩි වශයෙන් ඉවත් වන නිසාය. සාමාන්‍යයෙන් නිරීක්ෂණය කර ඇති පරිදි ජලය දේහයට ලැබෙන ජල ප්‍රමාණය 20% ක් ආහාර මඟින් ලැබෙන අතර ඉතිරි ප්‍රමාණය පානීය ජලය මගින් හෝ අනෙකුත් පාන වර්ග (කැෆේන් අඩංගු පාන වර්ග ද ඇතුළත්ව) මඟින් ලබා ගත හැක. ජලය සිරුරෙන් බහිස්ස්‍රාවය වීම විවිධ ක්‍රමවලින් සිදුවේ. එම ක්‍රම වන්නේ මුත්‍රා හා මළ මගින් , දහඩිය මඟින් හා ප්‍රශ්වාසයේ දී පිටවන ජලය වාෂ්ප මගින් ආදී වශයෙනි. කායික වෙහෙස හා තාපයට නි‍රාවරණය වීම මගින් දේහයෙන් සිදුවන ජල හානිය වැඩිවන අතර දෛනික තරල අවශ්‍යතාවය ද ඉහළ යයි.


පානීය ජලය නොමැති බව හඟවන අන්තරාය සංකේතය

මිනිසුන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ එතරම් අපද්‍රව්‍ය අඩංගු නොවූ ජලයයි. පොදු අපද්‍රව්‍ය වන්නේ ලෝහ ලවණ ‍හා / හෝ Vibrio වැනි හානිකර බැක්ටීරියා වර්ගයි. සමහර ද්‍රාව්‍යයක් ජලයේ තිබිය යුතු වන අතර ඒවා මඟින් ජලයේ වැඩි දියුණු කිරීම හා අවශ්‍ය විද්‍යුත් විච්ඡේද්‍ය සැපයීම සිදු කරයි.

සයිබීරියාවේ ඇති බයිකල් විල, ලොව ඇති තනි, විශාලතම, පානයට සුදුසු මිරිදිය ජලය අඩංගු ජල මූලාශ්‍රය වන අතර එහි ඇති ලවණ හා කැල්සියම් ප්‍රමාණය ඉතා අවම වන අතර ජලය ඉතා පිරිසිදු ද වේ.

ද්‍රවණ කාරකයක් හෝ ද්‍රාවකයක් ලෙස[සංස්කරණය]

ජලයේ ඇති ද්‍රවණය කිරීමේ ගුණය එදිනෙදා ජීවිතයේ සේදීම් කටයුතුවල දී (උදා - මිනිස් ශරීරය, ඇඳුම් පැළඳුම්, ගෙබිම, රථ වාහන, ආහාර හා සුරතල් සතුන්) යොදා ගනියි. ඒ අතරම මළ අපවහන පද්ධතිවල මිනිස් මළ ද්‍රව්‍ය රැගෙන යාම සිදු කරනු ලබන්නේ ද ජලය මඟිනි. මීට අමතරව බොහෝ කාර්මීකරණය වූ රටවල දි ජලය පිරිසිදු කිරීමේ දී යොදා ගන්නා ද්‍රාවකයක් ලෙස ද භාවිතා කරනු ලැබේ.

අපජලය පිරියම් කිරීමේ රසායනික ක්‍රියාවලීන් වල දී ද ජලය ප්‍රයෝජනවත් වේ. අපද්‍රව්‍ය බිඳ හෙලීම සඳහා ජලීය පරිසරයක් වඩා සුදුසු වන අතර එහි දී ලැබෙන සමජාතීය ද්‍රාවණය පොම්ප කළ හැකි පිරියම් කිරීමට වඩා නම්‍යශීලී වේ. ද්‍රාවනය ඔක්සිජන් හෝ වාතය මඟින් ස්වායු පිරියම් කිරීමකට ලක් කර එහි අඩංගු ද්‍රව්‍යවල ප්‍රතික්‍රියාශීලීතාවය අඩු කළ හැකිය.

ජලයේ දියවී ඇති අපද්‍රව්‍ය ජෛව රසායනික ක්‍රියාවලීන්ට බඳුන් වීමේ දී ද ජලය වැදගත් වේ. ජලයේ අඩංගු ක්ෂුද්‍ර ජීවීන්ට ජලයේ ද්‍රවණය වූ අපද්‍රව්‍ය මත ක්‍රියා කරමින් ඒවා වඩාත් අඩු දූෂ්‍ය තත්වයෙන් යුතු ද්‍රව්‍ය බවට බිඳ හෙලනු ල‍ැබේ. පන් ආදිය වැවෙන ගොහොරු බිම් හා නිර්වායු ජීරක අපජලය පිරියම් කිරීම සඳහා යොදා ගත හැකි ජෛව විද්‍යාත්මක පද්ධති සඳහා උදාහරණ වේ. රසායනික හා ජෛව විද්‍යාත්මක යන අපද්‍රව්‍ය පිරියම් කිරීමේ ක්‍රියාවලි 2හි දීම ක්‍රියාවලිය අවසානයේ ඝන , ඇලෙන සුළු, අ‍වශේෂයක් ඉතිරි වේ. එහි වගාවකට අවශ්‍ය සංඝටක අඩංගු වේ නම් එය පොහොරක් ලෙස පස මතට යෙදිය හැකි අතර එහි අඩංගු සංඝටක වාසි දායක නොවේ නම් එය පහත් බිම් ගොඩ කිරීමේ දී යොදා ගත හැකි අතර ‍එසේත් නොමැති නම් පුළුස්සා දමනු ලැබේ.

ජීවී දේහ තුළ වඩාත් බහුලතම අණුව වනුයේ ජලයයි. පළතුරු වියලී යාමේ දී ඒවා හැකිලී යන්නේ ඒවා මූලික වශයෙන් සමන්විත වන්නේ ජලයෙන් බැවිනි. තාප හුවමාරු තරලයක් ලෙස


සිසිලන සඳහා අයිස් භාවිතා කරනු ලැබේ. ජලය හා හුමාලය, සිසිලන කාරකවලදී හා තාපගත කිරීම්වලදී තාප හුවමාරු තරලයක් ලෙස යොදා ගැනෙන අතර එහි බහුතාවය හා ඉහල තාප ධාරිතවය නිසා විවිධ වූ තාප හුවමාරු කිරීමේ පද්ධතිවල දී යොදා ගනු ‍ලැබේ. සිසිල් ජලය ජලාශ හා මුහුදුවල දී ස්වාභාවිකව ද හමුවේ. එහි ඉහල වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය නිසා ඝනීභවනය වන හුමාලය තාපගත කිරීම්වල දී යොදා ගත හැකි කාර්යක්ෂම තරලයකි. නමුත් මෙහි ඇති අවාසියක් වන්නේ හුමාලය හා ජලය යම් තරමකට විඛාදන ගතිගුණ පෙන්නුම් කිරීමයි. සියළුම විදුලි බලාගාරවල දී පාහේ ජලය සිසිලනකරනය වන අතර එය වාෂ්ප වී හුමාල ටර්බයින කැරකැවීම මඟින් විදුලි ජනක යන්ත්‍ර ධාවනය කරවනු ලැබේ.

න්‍යෂ්ටික ‍තාක්ෂණය යොදා ගන්නා කර්මාන්තවලදී ජලය, නියුට්‍රෝන මැදිහත්කරුවකු ලෙස යොදා ගනු ලැබේ. පීඩනයට ලක් කරන ලද ජලය අඩංගු ප්‍රතික්‍රියාකාරකවල දී ජලය සිසිලනකරණයක් හා ප්‍රමතකරණයත් යන දෙආකාරයෙන්ම ක්‍රියා කරයි. මෙය අක්‍රීය ආරක්ෂක ක්‍රමෝපායක් ලෙස ද භාවිතා කෙරේ. ඒ කෙසේ ද යත්, ප්‍රතික්‍රියා කාරකයන් ජලය ඉවත් කිරීමේ දී ප්‍රතික්‍රියාවේ වේගය ද අඩු වීම නිසාය.

ගිනි නිවීමේ කටයුතුවල දී[සංස්කරණය]

ජලය ලැව්ගිනි නිවීම් කටයුතුවලදී ද යොදා ගනු ලැබේ.

ජලයට ඉහල වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයක් ඇති අතර එය සාපේක්ෂ වශයෙන් අක්‍රීය වේ. මේ නිසා ජලය ගිනි නිවීමට උචිත තරලය වේ. ජලය වාෂ්පීකරණය මඟින් ගින්නෙහි ඇති තාපය ඉන් ඉවතට රැගෙන යයි. නමුත් විදුලි උපකරණවල ඇති වන ගිනි නිවීමට ජලය භාවිතා කළ නොහැක. මක්නිසා ද යත් අපද්‍රව්‍ය මුසු වූ ජලය විද්‍යුතය සන්නයනය කරන බැවිනි. තෙල් හෝ කාබනික ද්‍රාවක මඟින් ඇතිවන ගිනි නිවීම සඳහා ද ජලය භාවිතා කළ නොහැක. මක් නිසා ද යත් තෙල් හා කාබනික ද්‍රාවක, ජලය මතුපිට පාවෙමින් ගිනි ගන්නා අතර එහි දී උතුරන ජලය මඟින් ඇති වන පිපිරීම් මඟින් දැවෙන ද්‍රව විසිරී යා හැකි වන බැවිනි.

ජලය වියෝජනය ද චර්නොබිල් ඛේදවාචකයේ යම් කාර්යයක් ඉටු කරන ලදැයි සිතිය හැකිය. මුල දී තාප දීප්ත ප්‍රතික්‍රියාකාරකය ජලය ‍මඟින් පිරියම් කිරීමට උත්සාහ කරනු ලැබුව ද එය පුපුරා ‍ගියේය. මෙහි දී ඉතා ඉහල උෂ්ණත්ව හේතුවෙන් ජලය එක්වරම වාෂ්ප බවට පත් වීමෙන් ජලවාෂ්ප නිසා ඇති වන ක්ෂණික පිපිරීමක් සිදු විය. ඊට අමතරව ඉතා අධික උෂ්ණත්ව මඟින් ජල අණු හයිඩ්‍රජන් හා ඔක්සිජන් බවට වියෝජනය වීම ද මෙම පිපිරීමට හේතු වූවා විය හැකිය.

රසායනික භාවිතයන්[සංස්කරණය]

කාබනික ප්‍රතික්‍රියාවන් ජලය හෝ අම්ල භෂ්ම හෝ ස්වාරක්ෂක ජලීය ද්‍රාවණයක් හමුවේ හෝ සිදු කරනු ලැබේ. අකාබනික ලවණ ඉවත් කිරීම සඳහා ජලය සාමාන්‍යයෙන් යොදා ගත හැකිය. එය සාමාන්‍යයෙන් කාබනික ප්‍රතික්‍රියාවල දී ද්‍රාවකයක් ලෙස යොදා නොගනියි. මක්නිසාද යත් කාබනික ප්‍රති‍ක්‍රියාවේ ප්‍රතික්‍රියක ජලයේ ද්‍රවණය නොවන නිසාත් , ජලය නියුක්ලියෝෆිලික හා උභය ගුණී ගතිගුණ පෙන්වන නිසාත්ය. කෙසේ වෙතත් මෙම ගති ගුණ සමහර අවස්ථාවලදී ප්‍රයෝජනවත් වේ. උදාහරණ ලෙස ඩීල්ස් - ඇල්ඩර් ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය ජලය මඟින් වැඩි කරනු ලැබේ. අති අවධි ජලය නූතන පර්යේෂණවල ප්‍රධාන මාතෘකාවක් වී ඇත. ඔක්සිජන් වලින් සංතෘප්ත කරන ලද අති අවධි ජලය මඟින් කාබනික දූෂක කාර්යක්ෂම ඉවත් කරන බව සොයා ගෙන ඇත.

විනෝදාත්මක කටයුතු[සංස්කරණය]

මිනිසා විවිධ විනෝදාත්මක කටයුතු සඳහා, ව්‍යායාම හා ක්‍රීඩා කටයුතු සඳහා ජලය භාවිතා කරනු ලබයි. මේවායින් සමහරක් නම් පිහිනීම, දිය මත ලිස්සායාම, බෝට්ටු පැදීම, හා කිමිදීමයි. මීට අමතරව අයිස් හොකී, අයිස් මත ලිස්සායාමා වැනි ක්‍රීඩා ද අයිස් මත කරනු ලබයි. ජලාශ ඉවුරු අද්දර, මුහුදු වෙරළ හා ජල උද්‍යාන ද මිනිසාගේ ගිමන් නිවන හා විනෝදය සඳහා භාවිතා වන ස්ථානය. ගලා යන ජලයේ හඬ ද බොහෝ දෙනාගේ අදහස පරිදි, ඉතා සන්සුන්ය. සමහරු මසුන් හා අනෙකුත් ජලජ ශාක හා ජීවීන් මත්ස්‍යාගාර හෝ පොකුණුවල ප්‍රදර්ශනය සඳහා , විනෝදය සඳහා හෝ හුදෙකලාව දුරු කර ගැ‍නීම සඳහා ඇති කරනු ලබති. මිනිසා, හිම ක්‍රීඩා සඳහා ද ජලය භාවිතා කරයි. උදා - හිම මත ලිස්සායාම මෙහිදී ජලය ඝන බවට පත් කිරීම අත්‍යාවශ්‍ය වේ. මීට අමතරව හිම බෝලවලින් දමා ගැසීම, ජලය විදින තුවක්කු, ජලය පිරි බැලුන මඟින් දමා ගැසීම ආදී ‍විනෝද ක්‍රීඩා සඳහා ද මිනිසා ජලය භාවිතා කරයි. මේ අතර පෞද්ගලික හෝ පොදු අලංකරණ කටයුතු සඳහා ජල උල්පත් නිර්මාණය ද සිදු කරනු ලබයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. එක්සත් ජාතීන්
  2. "සීඅයිඒ- ස වර්ල්ඩ් ෆැක්ට් බුක්". මධ්‍යම ඔත්තු සංවිධානය. සම්ප්‍රවේශය 2008-12-20. 
  3. වෝටර් වේපර් ඉන් ද ක්ලයිමෙට් සිස්ටම්, විශේෂ වාර්තාව, [AGU], දෙසැම්බර්1995 (linked 4/2007). වයිටල් වෝටර් UNEP.
  4. Lomborg, Björn (2001). The Skeptical Environmentalist. Cambridge University Press. පි. 22. ISBN 0-521-01068-3. Archived from the original on 25 July 2013. https://web.archive.org/web/20130725173040/http://www.lomborg.com/dyn/files/basic_items/69-file/skeptenvironChap1.pdf. 
  5. "MDG Report 2008" (PDF). සම්ප්‍රවේශය 25 July 2010. 
  6. "පබ්ලික් සර්විසස්", ගැප්මයින්ඩර් වීඩියෝ
  7. කුල්ශ්‍රේෂ්ත, එස්.එන් (1998). "අ ග්ලෝබල් අවුට්ලුක් ෆෝ වෝටර් රිසෝසර්ස් ටු ද ඉයර් 2025". වෝටර් රිසෝසර්ස් මැනේජ්මන්ට්. 12 (3): 167–184. doi:10.1023/A:1007957229865. 
  8. "චාටින් අවර් වෝටර් ෆියුච: ඉකනමික් ෆ්‍රේම්වර්ක්ස් ටු ඉන්ෆෝම් ඩිෂිෂන්-මේකිං"
  9. Lua දෝෂය in Module:Citation/CS1 at line 3565: bad argument #1 to 'pairs' (table expected, got nil).


වැඩිදුර කියවීම[සංස්කරණය]

Find more information on water by searching Wikipedia's sister projects:

Wiktionary-logo.svg Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

  • OA Jones, JN Lester and N Voulvoulis, Pharmaceuticals: a threat to drinking water? TRENDS in Biotechnology 23(4): 163, 2005
  • Franks, F (Ed), Water, A comprehensive treatise, Plenum Press, New York, 1972–1982
  • PH Gleick and associates, The World's Water: The Biennial Report on Freshwater Resources. Island Press, Washington, D.C. (published every two years, beginning in 1998.)
  • Marks, William E., The Holy Order of Water: Healing Earth's Waters and Ourselves. Bell Pond Books ( a div. of Steiner Books), Great Barrington, MA, November 2001 [ISBN 0-88010-483-X]
  • Debenedetti, P. G., and Stanley, H. E.; "Supercooled and Glassy Water", Physics Today 56 (6), p. 40–46 (2003). Downloadable PDF (1.9 MB)

ජලය ස්වභාවික සම්පතක් ලෙසින්[සංස්කරණය]

  • Anderson (1991). Water Rights: Scarce Resource Allocation, Bureaucracy, and the Environment. ISBN 0884103900. 
  • Maude Barlow, Tony Clarke (2003). Blue Gold: The Fight to Stop the Corporate Theft of the World's Water. ISBN 1565848136. 
  • Gleick, Peter H.. The World's Water: The Biennial Report on Freshwater Resources. Washington: Island Press. ISBN 1559637927.  (November 10, 2006)| ISBN 978-1-59726-105-0]
  • Miriam R. Lowi (1995). Water and Power: The Politics of a Scarce Resource in the Jordan River Basin. ISBN 0521431646.  (Cambridge Middle East Library)
  • William E. Marks (2001). The Holy Order of Water: Healing Earths Waters and Ourselves. 
  • Postel, Sandra (1997, second edition). Last Oasis: Facing Water Scarcity. New York: Norton Press. ISBN 0393034283. 
  • Reisner, Marc (1993). Cadillac Desert: The American West and Its Disappearing Water. ISBN 0670199273. 
  • Vandana Shiva (2002). Water Wars: Privatization, Pollution, and Profit. London: Pluto Press [u.a.]. ISBN 0-7453-1837-1. OCLC 231955339. 
  • Anita Roddick, et al (2004). Troubled Water: Saints, Sinners, Truth And Lies About The Global Water Crisis. ISBN 095439593X. 
  • Marq de Villiers (2003, revised edition). Water: The Fate of Our Most Precious Resource. ISBN 0618030093. 
  • Diane Raines Ward (2002). Water Wars: Drought, Flood, Folly and the Politics of Thirst. ISBN 1573222291. 
  • Worster, Donald (1992). Rivers of Empire: Water, Aridity, and the Growth of the American West. ISBN 039451680X. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජලය&oldid=403981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි