සාගරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පෘථිවියෙහි පෘෂ්ඨීය සාගරය[සංස්කරණය]

කලාප සහ ගැඹුර[සංස්කරණය]

භෞතික හා ජීව විද්‍යාත්මක කලාප තත්ව පාදක කොට ගෙන සමුද්‍ර කලාප ගණනාවකට බෙදා ඇත. සියලු විවෘත සමුද්‍ර කලාප අන්තර්ගත වන්නේ සාමුද්‍රික කලාපවලටයි. ආලෝක සුලභතාව හා ගැඹුර පදනම් කොට ගෙන එය තවත් උපකොටස්වලට බෙදා වෙන් කළ හැක. 200 m සිට මතුපිට මට්ටම දක්වා සමුද්‍රය ප්‍රකාශ කලාපයෙන් ආවරණය වේ. මෙය වඩාත් සුලභව ප්‍රභාසංස්ලේෂණය සිදු වන කාලාපයි. එබැවින් ජෛව විවිධත්වය අධිකතම කලාපයද වේ. ශාක ප්‍රභාසංස්ලේෂණයෙන් පමණක් නොනැසී පැවතිය හැකි බැවින් මෙයට වඩා පහළ පවතින ඕනෑම ජීවයක් පාවෙන ද්‍රව්‍ය මත යැපීම හෝ (සමුද්‍රහිම බලන්න) වෙනත් ප්‍රාථමික ප්‍රභවයක් සොයාගැනීම සිදු කළ යුතුය. අප්‍රකාශ කලාපයේදී මීටර් 200 ට වඩා ගැඹුරු තාප ජලධාරා ලෙස මෙය සුලභව දැක ගත හැක. ප්‍රකාශ කලාපයේ සාමුද්‍රික කලාපය අපිසාමුද්‍රික කලාපය නම් වේ. ප්‍රකාශ කලාපයේ සාමුද්‍රික කලාපය තිරස්ව එකිනෙකට වෙන්වූ තවත් කලාපවලට බෙදිය හැකිය. ඉහළම කලාපය මධ්‍ය සාමුද්‍රික කලාපයයි. එහි පහළ කෙළවර 120C ක උෂ්ණත්ව මට්ටමේ පවතී. ඝර්ම කලාපීයව මීටර් 700 හා 1000 අතර මෙය පවතී. මෙයට පසුව 100C හා 4 අතර හෝ මීටර් 700 හෝ 1000 අතර මීටර් 2000 හෝ 4000 අතර පවතින අවසාගරික කලාපය හමුවේ. අගාත තැන්නේ ඉහළ පවතින්නේ අගාධ සමුද්‍රයයි. එහි පහළ කෙළවර මීටර් 6000 පමණ මට්ටමේ ඇත. මීටර් 6000 සිට 10000 දක්වා ගැඹුරුම සාගර කලාපය පවතී. එය සාගර කලාපය අගල් දක්වා දිවෙන අතර හැඩල් සාමුද්‍රික කලාපය ලෙස හැඳින්වේ.

සාමුද්‍රික ප්‍රකාශ කලාප අතර මිතෙලවාසී ප්‍රකාශ කලාප පවතී. මේවා ගැඹුරුම කලාප තුනට වගකියයි. ආගාධික කලාපය මහාද්වීපික බෑවුම ආවරණය කරන අතර මීටර් 4000 ක පමණ ඉහළකට පවතී. අගාධ කලාපය මීටර් 4000 සිට 6000 දක්වා අගාධ තැන්න ආවරණය කරයි. හැඩල් සාමුද්‍රික කලාපය හමුවන සාගරික අගල් දක්වා පැතිර පවතී. සාගරික කලාපයද උපකලාප දෙකකට බෙදිය හැකිය. එනම් නොගැඹුරු දියඹ හා සාමුද්‍රික කලාපයයි. නොගැඹුරු දියඹ ජලස්කන්ධය මහාද්වීපික ගල්පරවලට ඔබ්බෙහි සෘජුව වටලන අතර මුළුමනින්ම විවෘත ජලය අන්තර්ගත කර ගනී. මීට පරස්පරව චීරස්ථ කලාපය ඉහඵළ හා පහල උදමු අතර කලාපය එනම් දියඹ හා භෞමික තත්ත්ව අතර ආන්තරික ප්‍රදේශය පිළිබිඹු කරයි. කලාපයේ තත්ත්වයන්ට උදම් මට්ටම් බලපාන කලාපය වන බැවින් එය අන්තර් උදම් කලාපය ලෙසද හැඳින්වේ.

දේශගුණික ආචරණ[සංස්කරණය]

සාගරික කාලගුණයේ වඩාත් චමත්කාර ජනක ආකාරයක් නම් ඝර්ම කලාපීය වාසුලි වේ. (ටයිපූන් හෙවත් කුණාටු වශයෙන් ද ඇතිවන පද්ධතිය මත හැඳින්වේ) සමුද්‍ර තරංග පෘථිවි දේශගුණයට දැඩිව බලපෑම් කරන්නේ උණුසුම් හෝ ශීත සුළං සහ වර්ෂණය වෙරළ බඩ කලාපයට පරිණාමණයෙනි. ඒව‍ා භූමිය තුළ සුළං මගින් වහණය කෙරේ. ඇන්ටාටික් මහාද්වීපය වටා ඇති ඇන්ටාටිකා පරිධ්‍රැවක තරංග සමුද්‍ර කිහිපයක තරංග ගොණු කරන අතර ප්‍රදේශයේ දේශගුණයට බලපෑම් ඇති කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=සාගරය&oldid=226101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි