අධිතප්ත හුමාලය

විකිපීඩියා වෙතින්
අධිතප්ත හුමාලය සඳහා, උෂ්ණත්වයට (C) එරෙහිව පරිමාව (v), ශක්තිය (u), එන්තැල්පිය (h), සහ එන්ට්‍රෝපිය (s)

අධිතප්ත හුමාලය (ඉංග්‍රීසි:  Superheated steam) යනු, උෂ්ණත්ව මිනුම ගන්නාවූ නිරපේක්ෂ පීඩනයෙහිදී එහි වාෂ්පිකරණාංකයට (තාපාංකය) වඩා ඉහළ උෂ්ණත්වයක පවතින හුමාලය වෙයි; එබැවින්, වායුවක සිට සන්තෘප්ත වාෂ්ප සහ ද්‍රව මිශ්‍රණයක් දක්වා අවස්ථාව වෙනස් නොවන පරිදී (එනම් ඝනීභවනය නෙවෙන පරිදී) එහි උෂ්ණත්වය පහත හෙලමින්, යම් ප්‍රමාණයකට හුමාලය සිසිල් විය (එනම් එහි අභ්‍යන්තර ශක්තිය පැහැදම් විය) හැකි වෙයි. නියත පීඩනයක් තුලදී, සන්තෘප්ත හුමාලය (වායු සහ සන්තෘප්ත වාෂ්ප යන දෙකෙහිම මිශ්‍රණයක්) රත් කළහොත්, එහි උෂණත්වයද නියතව පවතින්නේ, වාෂ්ප ගුණත්වය (වියලි බව හෝ, සන්තෘප්ත වාෂ්ප අන්තර්ගතයෙහි ප්‍රතිශතය) 100% දෙසට ඉහළ යමින්, වියලි (එනම්, සන්තෘප්ත ද්‍රව නොමැති) සන්තෘප්ත හුමාලය බවට පත් වන බැවිනි. තාපන ප්‍රදානය දිගටම පවත්වා ගෙන ගියහොත්, වියලි සන්තෘප්ත හුමාලය "අධි" තප්ත වෙයි. මෙය සිදුවන්නේ, සන්තෘප්ත හුමාලය විසින් ඉහළ උෂ්ණක්ව පාෂ්ඨයක් ස්පර්ශ කළ විටෙකදීය.

සන්තෘප්ත හුමාලය[සංස්කරණය]

අධිතප්ත හුමාලයට හාත්පසින්ම වෙනස් සන්තෘප්ත හුමාලය යනු, එම පීඩනයෙහිදීම, රත්කළ ජලය සමගින් සමතුලිතභාවයෙහි පවතින හුමාලය, එනම් එම පීඩනය සඳහා නියමිත තාපාංකය අභිබවමින් රත් කර නොමැති හුමාලය වෙයි.

සම්මත පීඩනයෙහිදී තාපාංකය වන 100 °C වෙතින් සැලකිය යුතු තරම් ඉහළින් උෂ්ණත්වය පවතින පරිදී වුවද, සන්තෘප්ත හුමාලයෙහි උෂ්ණත්වය පහත හෙලූ විටෙක (එහි පීඩනය නියතව තබා ගනිමින්), එය ඝනීභවනය වෙමින් ජල බිංදු තනයි. මෙම ඝනීභවිත බිංදු, හුමාල ටර්බයින තල වලට හානි සිදු කරන හේතුවක් වන අතර,[1] එවැනි ටර්බයින සඳහා වියලි, අධිතප්ත හුමාල සැපයුමක් භාවිතා කිරීමේ හේතුව මෙය වෙයි.


භාවිතා[සංස්කරණය]

හුමාල එන්ජිම[සංස්කරණය]

ප්‍රධාන දුම්රිය මාර්ග හුමාල දුම්රිය එන්ජිම් තුල අධිතප්ත හුමාලය බහුල ලෙසින් භාවිතා කෙරෙයි. හුමාල එන්ජිමක් තුලදී සන්තෘප්ත හුමාලය විසින් ප්‍රධාන අවාසි තුනක් ගෙන දෙයි:

පළිබෝධ පාලනය[සංස්කරණය]

හුමාලයෙන් පස් තැම්බීම සඳහා අධිතප්ත හුමාලය භාවිතා කරනු ලැබේ.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. රෝයි, ජී.ජේ. (1975). ස්ටීම් ටර්බයින්ස් ඇන්ඩ් ගියරිං. කැන්ඩි මැරයින් ඉංජිනේරු ප්‍රකාශන මාලාව. ස්ටැන්ෆර්ඩ් මැරිටයිම්. pp. 36–37. ISBN 0-540-07338-5. {{cite book}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=අධිතප්ත_හුමාලය&oldid=538664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි