Jump to content

භූවේදය

විකිපීඩියා වෙතින්
(Geology වෙතින් යළි-යොමු කරන ලදි)
වැස්ට්ච් Fault ආසන්නහි Salt Lake City, ඌටාහ්හිභූමිය පිරික්සන සිසුන්.

භූවේදය (ඉංග්‍රීසි: Geology), ස්වභාවිකවේදයේ ශාඛාවක් වෙයි.

වැදගත් සිද්ධාන්ත

[සංස්කරණය]

භූවේදයෙහි වැදගත් සිද්ධාන්ත රාශියකි. ඒ අතරින් බොහොමයක්ම භූ ස්ථරවල සාපේක්ෂ වයස් පැවසීමේ හෝ ඒවා සකස් වූ ආකාරය පැවසීමේ හැකියාව අන්තර්ගත වේ.

ආක්රාෂන්තික සම්බන්ධතා සිද්ධාන්තයේ දී ආක්රාෂාන්තික හරස් කැපුම් සැලකිල්ලට ගැනේ. භූ විද්‍යාවේදී අවසාදිත පාෂාණයක් සකස් වීම නිසා ආග්නේය ආක්රාන්තිකයක් විච්ඡේදනය වූ විට අවසාදිත පාෂාණයක් ආග්නේය ආක්රාඅන්තිකයට වඩා වයසින් අඩු බව නිගමනය කළ හැකිය.

විශාල ආක්රාන්තිකයන්, නිතල ආක්රාන්තිකයන්, ආස්තරයන්, වේලි ඇතුළුව ආක්රාන්තිකයන් රාශියකි.

හරස් විච්ඡේදන සම්බන්ධතා පිළිබඳ සිද්ධාන්තය, විභේදිතයන් සකස් වීම හා ඒවා විච්ඡේදනය කළ අනුක්‍රමික වයස් වකවානුවලට අදාළ වේ. විභේදනයන් ඒවා විච්ඡේදිත වු පාෂාණවලට වඩා වයසින් අඩුය. විභේදිතයන් මුදුනේ හැර ඇතැම් සකස් වීම් නම් විච්ඡේදිත සකස් වීම් විභේදිතයනට වඩා වයස්ගතය. විච්ඡේදනය නොවූ ඒවා විභේදිතයට වඩා වයසින් අඩු විය යුතුය. විභේදිතයන් සාමාන්‍ය විභේදිතයක් ද විය යුතුය. විභේදතයන් සාමාන්‍ය විභේදිතයක් ද තෙරපුම් විභේදිකයක් ද යන්න අපෝහනය කිරීමේ දී මෙම අවස්ථාවල යාන්ත්‍රණ හඳුනා ගැනීම වැදගත් වේ.

අන්තර්ගයන් හා සංඝටකයක් පිළිබඳ සිද්ධාන්තයේ දී කියැවෙන්නේ අවසාදිත පාෂාණයන්ට අදාළව සකස්වීමක දී අන්තර්ගතයන් හමුවේ නම් අඩංගු වන සකස් වීමට වඩා අන්තර්ගතයන් වයස්ගත විය යුතුය යන්නයි. උදාහරණයක් වශයෙන් පැරණි සකස්වීමක ඇති බොරළු පැලීගොස් නව ස්ථරයක අඩංගු වීම පොදු දෙයකි. ආග්නේය පාෂාණ සමඟ සමාන තත්ත්වයක් ඇති වන්නේ අගම් සලයන් හමු වු විට දීය. මෙම ආගන්තුක දේහ මැග්මා හා ලාවා ධාරා තුළ හමුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස අගම් සල ඇති වේ. ඒවා අඩංගු වන පාෂාණවලට වඩා වයස්ගතය.

ඒක අවයවීකරණ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ පෘථිවි කබල විකරණය කෙරෙන නූතන ක්‍රියාදාමයේ දී නිරීක්ෂිත භූ විද්‍යාත්මක ක්‍රියාවන් මින් පෙර භූ වකවානුවල දී ද එලෙසට ක්‍රියාකාරී වී ඇති බවයි. ස්කොට් ජාතික භෞතික හා භු විද්‍යාඥයෙකු වූ ජේම්ස් හටන් විස්තර කරන පරිදි “වර්තමානය අතීතයේ යතුරයි” යන්න 18 වැනි ශත වර්ෂයේ දී උසස් කෙරුණු සිද්ධාන්තයයි. හටන්ගේ වචනවලට අනුව “අපගේ ගෝලයේ අතීතය අද සිදු වන ලෙස පෙනෙන දෙයින් විස්තර කළ යුතුය”

ප්‍රභවය තිරස්තාව පිළිබඳ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ අවසාදිත තැන්පත් වීම තිරස් පලස් ලෙස සිදු වන බවයි. නූතන ජලීය හා නිර්ජලීය අවසාදිතයන්ගේ විවිධ පාරිසරික නිරීක්ෂණයන් මෙම සාමාන්‍යකරණය ඇති කරයි. (හරස් පලස් අවනතීන් වුව ද හරස් පලස්මය ඒකකයනගේ සමස්ත දිශානතිය තිරස්ය)

අධිස්ථාපනයේ සිද්ධාන්තය මඟින් විස්තර කෙරෙනුයේ භෞමිකව හායනය නොවූ අනුක්‍රමණයක අවසාදිත පාෂාණ ස්ථරයක් ඊට පහළ ස්ථරයට වඩා වයසින් අඩු අතර ඉහළ ස්ථරයට වඩා වයස්ගතය. තාර්කිකව වයසින් අඩු ස්ථරයක් පෙර තැන්පන් වූ ස්ථරයකට යමින් රූටා වැටිය නොහැකිය. මෙම සිද්ධාන්තයට අනුව අවසාදිත ස්ථර සිරස් කාල රේඛාවකට අනුව දැක ගැනීමට ඉඩ සලසයි. ඊට අඩංගු වන්නේ පහළම ස්ථරයේ සිට ඉහළම ස්ථරය තෙක් තැන්පත් වීම දක්වා අර්ධ හෝ සම්පූර්ණ කල් ගතවීමේ වාර්තාවකි.


සත්ව අනුක්‍රමණයේ සිද්ධාන්තයේ පදනම් වන්නේ අවසාදිත පාෂාණ තුළ පොසිල හමු වීම මතය. එකම කාලයේ දී ජීවීන් පෘථිවිය පුරා වාසය කළ බැවින් ඔවුන්ගේ හමු වීම හෝ ඇතැම් විට හමු නොවීම ඒවා හමුවන සැකැස්මට සාපේක්ෂ වයස සපයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ප්‍රකාශයට පත් වීමට වසර සිය ගණනකට පෙරාතුව විලියම් ස්මිත් විසින් ඉදිරිපත් කරන ලද සිද්ධාන්ත මත එය පදනම් වී ඇත. එබැවින් පරිණාම වීම පිළිබඳව වූ මතයට ස්වාධීනව අනුක්‍රමණ සිද්ධාන්තය වර්ධනය වී ඇත. මෙය වඩාත් සංකීර්ණ සිද්ධාන්තයකි. කෙසේ වුව ද පොසිලකරණයේ අවිනිෂ්චිතතා ජනාවාසවල පසුකාලීන වෙනස්වීම් නිසා පොසිලවර්ගවල ප්‍රදේශකරණය (අවසාදිත ස්ථරවල මුහුණුවර වෙනස් වීම්) හා සියලු පොසිල ගෝලීයව එකම කාලයේ දී හමු නොවීම ඊට හේතුවයි.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=භූවේදය&oldid=606581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි