Image 2සිතියම් විද්‍යාව හෝ
සිතියම් නිර්මාණකරණය (
ඉංග්‍රීසි: Cartography) යනු පෘථිවිය පැතලි මතු පිටක යලි ඉදිරිපත් කිරීමේ අධ්‍යයනයන් හා ප්‍රායෝගික භාවිතයන්ය. (ග්‍රීක් භාෂාවෙන් මෙහි අර්ථය සිතියම් ලිවීම යන්නයි) මෙයින් තොරතුරු කාර්යක්ෂමව හා වේගයෙන් සන්නිවේදනය කළ හැකිය. සමබර හා කියවිය හැකි යලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීම සඳහා විද්‍යාව සෞන්දර්යය හා තාක්ෂණික හැකියාවන් සංයෝජනය කිරීමක් සිතියම් විද්‍යාවේදී සිදුවේ.
සිතියම් නිර්මාණකරණයේදී මුහුණ දීමට සිදුවන එක් ගැටලුවක් නම් පෘථිවිය මතුපිට ත්‍රිමාණ අවකාශයේ වක්රාකාර ස්වරූපයක් ගැනීමේ සරල යථාර්තයයි. නමුත් පැතලි මතුපිටක් තුළදී එය ද්වීමානව යලි ඉදිරිපත් කළ යුතුය. මෙහිදී අවශ්‍යයෙන්ම යම් ප්‍රමාණයක විරූපණයක් ඇති විය යුතුය. නමුත් ප්‍රක්ෂේපණයන් භාවිතයෙන් විරූපණය යම්තාක් දුරකට අවම කරගත හැකිය. තවදුරටත් පෘථිවිය ගණිතමය ගෝලයක් නොවේ. එහි ස්වරූපය ජ්යාභයක් වශයෙන් හැඳින්වේ. එනම්, වඩාත් අක්‍රමවත් නමුත් නිෂ්චිතව දැනගත හැකි හා ගණනය කළ හැකි ස්වරූපයකි. (
තව දුරටත්...)