අයෝ
සොයාගැනීම | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | ගැලීලියෝ ගැලිලි | ||||||||
සොයාගත් දිනය | 1610 ජනවාරි 8 | ||||||||
නිලනාමයන් | |||||||||
විකල්ප නම් | බ්‍රහස්පති I | ||||||||
විශේෂණය | අයෝනියානු | ||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||
පරිදුරාන්තිකය | 420,000 km (0.002 807 AU) | ||||||||
විදුරාන්තිකය | 423,400 km (0.002 830 AU) | ||||||||
මධ්‍යන්‍යය කක්ෂ අරය | 421,700 km (0.002 819 AU) | ||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.0041 | ||||||||
කක්ෂීය කාලාවර්තය | 1.769 137 786 d (152 853.504 7 s, 42 h) | ||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 17.334 km/s | ||||||||
ආනතිය | 2.21° (to the ecliptic) 0.05° (බ්‍රහස්පති ගේ සමකයට) | ||||||||
මෙහි චන්ද්‍රිකාවකි | බ්‍රහස්පති | ||||||||
භෞතික ගුණාංග | |||||||||
මාන | 3,660.0 × 3,637.4 × 3,630.6 km[1] | ||||||||
මධ්‍යන්‍යය අරය | 1,821.3 km (පෘථිවිය මෙන් 0.286)[1] | ||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 41,910,000 km2 (පෘථිවිය මෙන් 0.082) | ||||||||
පරිමාව | 2.53×1010 km3 (පෘථිවිය මෙන් 0.023) | ||||||||
ස්කන්ධය | 8.9319×1022 kg (පෘථිවිය මෙන් 0.015) | ||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 3.528 g/cm3 | ||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 1.796 m/s2 (0.183 g) | ||||||||
මිදුම් ප්‍රවේගය | 2.558 km/s | ||||||||
භ්‍රමණ කාලාවර්තය | synchronous | ||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 271 km/h | ||||||||
ප්‍රභානුපාතය | 0.63 ± 0.02[2] | ||||||||
| |||||||||
දෘශ්‍ය විශාලත්වය | 5.02 (opposition)[3] | ||||||||
වායුගෝලය | |||||||||
පෘෂ්ඨීය පීඩනය | trace | ||||||||
සංයුතිය | 90% සල්ෆර් ඩයොක්සයිඩ් | ||||||||
අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි විෂ්කම්භය කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය හේරා දේවතාවියගේ පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ ඝර්ෂණය තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්‍රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ අයන් සල්ෆයිඩ් හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්‍ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී.
අයෝ ග්‍රහයා තුළ ඇති ගිණි කඳු ක්‍රියාකාරිත්වය එයටම ආවේණික වූ බොහෝ ගති ලක්ෂණවලට පාදක වී ඇත. එහි ගිණි කඳු හා ලාවා ගැලීම් විශාල පෘෂ්ඨ වෙනස්වීම් ඇතිකර පෘෂ්ඨය රතු , කහ, සුදු, කළු හා කොළ පැහැති විවිධ වූ වර්ණවලින් වර්ණ ගන්වයි. එයට හේතුව වන්නේ සල්ෆර් සහිත සංයෝගයන්ය. තවද කිලෝමීටර් 500 (සැතපුම් 311) තරම් දික් වූ ලාවා ගැලීම මගින් ද එහි පෘෂ්ඨයේ සලකුණු තබයි. මෙවැනි ගිණි කඳු ක්‍රියාවලි නිසා අයෝ චන්ද්‍රයාගේ මතුපිට පෙනුම පිසා (pizza) එකකට සමාන කළ හැකි බවට පත්ව තිබේ. අයෝ මත ඇති ගිණි කඳු විසින් අයෝගේ ඇති තුනී හිඩැසි සහිත වායුගෝලය නිර්මාණයට මෙන්ම බ්‍රහස්පතීගේ චුම්භක ගෝලයට ද අවශ්‍ය ද්‍රව්‍ය සපයයි.
අයෝ චන්ද්‍රයා සොයාගැනීම 17 හා 18 වැනි ශත වර්ෂවලදී අභ්‍යවකාශ විද්‍යාවේ දියුණුවට විශාල ලෙස උපකාරී විය. එය 1610 දී ගැලීලියෝ ගැලීලි විසින් අනෙකුත් ගැලීලියානු උපග්‍රහයන් සමඟ සොයාගන්නා ලදී මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයේ කොපර්නිකන් ආකෘතිය (Copernican model) පිළි ගැනීමට, කෙප්ලර්ගේ චලිතය පිළිබඳ නියමයන්වල දියුණුවට හා මුල් වරට ආලෝකයේ ප්‍රවේගය මැනීමට ද එය උපකාරී විය. 19 හා 20වන සියවස් දක්වාම පෘථිවියට අයෝ චන්ද්‍රයා ආලෝක ලපයක්ම පමණක් විය. ඉන් පසු එහි අඳුරු රතු ධ්‍රැව හා දීප්තිමත් සමක ප්‍රදේශ වැනි මහා පරිමාණ පෘෂ්ඨ ලක්ෂණ හැදෑරීමට හැකි විය. 1979 දී වොයේජර් අභ්‍යවකාශ යානා දෙක අයෝ ,ගිනිකඳු , විශාල කඳු හා නැවුම් පෘෂ්‍ඨයකින් යුත් හා ගැටුම් ආවාටවලින් තොර භූවිද්‍යාත්මක සක්‍රීය ග්‍රහලොවක් බව හෙළි කෙරිණි.ගැලීලියෝ අභ්‍යවකාශ යානය 1990 ගණන්වලදී හා 2000 දී එය අසලින් ගමන් කරමින් එහි අභ්‍යන්තර ව්‍යුහය හා පෘෂ්‍ඨයේ සංයුතිය සොයා බලන ලදී. තවද මෙම යානා විසින් බ්‍රහස්පතිගේ චුම්භක ගෝලය හා උපග්‍රහයා අතර ඇති සබැඳියාව ද අයෝ ග්‍රහයාගේ කක්ෂයේ කේන්ද්‍රගත වී ඇති විකිරණ තීරුව පිළිබඳව ද සොයා බැලීය. මෙම පර්යේෂණ 2007 මුල් මාස කිහිපය තුළදී නැවත සක්‍රීය වුණු අතර ඒ ප්ලූටෝ වෙත යැවූ නිවු හොරයිසන් (New horizons) හි දුරස්ත පියැඹීම තුලිනි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b
Thomas, P. C. (1998). "The Shape of Io from Galileo Limb Measurements". Icarus. 135 (1): 175–180. Bibcode:1998Icar..135..175T. doi:10.1006/icar.1998.5987.
{{cite journal}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - ^ Yeomans, Donald K. (July 13, 2006). "Planetary Satellite Physical Parameters". JPL Solar System Dynamics. සම්ප්‍රවේශය 2007-11-05.
- ^ "Classic Satellites of the Solar System". Observatorio ARVAL. සම්ප්‍රවේශය 2007-09-28.
- ^ Rathbun, J. A.; Spencer, J.R.; Tamppari, L.K.; Martin, T.Z.; Barnard, L.; Travis, L.D. (2004). "Mapping of Io's thermal radiation by the Galileo photopolarimeter-radiometer (PPR) instrument". Icarus. 169 (1): 127–139. Bibcode:2004Icar..169..127R. doi:10.1016/j.icarus.2003.12.021.