Jump to content

සිතියම් විද්‍යාව

විකිපීඩියා වෙතින්
(Cartography වෙතින් යළි-යොමු කරන ලදි)
පුරාණ :නාවුක සිතියම මධ්යයධරණී මුහුද . 14 වැනි සියවස මැද භාගය.

සිතියම් විද්‍යාව හෝ සිතියම් නිර්මාණකරණය (ඉංග්‍රීසි:  Cartography) යනු පෘථිවිය පැතලි මතු පිටක යලි ඉදිරිපත් කිරීමේ අධ්‍යයනයන් හා ප්‍රායෝගික භාවිතයන්ය. (ග්‍රීක් භාෂාවෙන් මෙහි අර්ථය සිතියම් ලිවීම යන්නයි) මෙයින් තොරතුරු කාර්යක්ෂමව හා වේගයෙන් සන්නිවේදනය කළ හැකිය. සමබර හා කියවිය හැකි යලි ඉදිරිපත් කිරීමක් නිර්මාණය කිරීම සඳහා විද්‍යාව සෞන්දර්යය හා තාක්ෂණික හැකියාවන් සංයෝජනය කිරීමක් සිතියම් විද්‍යාවේදී සිදුවේ.

සිතියම් නිර්මාණකරණයේදී මුහුණ දීමට සිදුවන එක් ගැටලුවක් නම් පෘථිවිය මතුපිට ත්‍රිමාණ අවකාශයේ වක්‍රාකාර ස්වරූපයක් ගැනීමේ සරල යථාර්තයයි. නමුත් පැතලි මතුපිටක් තුළදී එය ද්වීමානව යලි ඉදිරිපත් කළ යුතුය. මෙහිදී අවශ්‍යයෙන්ම යම් ප්‍රමාණයක විරූපණයක් ඇති විය යුතුය. නමුත් ප්‍රක්ෂේපණයන් භාවිතයෙන් විරූපණය යම්තාක් දුරකට අවම කරගත හැකිය. තවදුරටත් පෘථිවිය ගණිතමය ගෝලයක් නොවේ. එහි ස්වරූපය ජ්‍යාභයක් වශයෙන් හැඳින්වේ. එනම්, වඩාත් අක්‍රමවත් නමුත් නිෂ්චිතව දැනගත හැකි හා ගණනය කළ හැකි ස්වරූපයකි.

සියළු පරිමාණයේ සිතියම් සාම්ප්‍රදායිකව අඳිනු ලැබූ අතර ඒ සියල්ල අතින් නිර්මාණය කළ ඒවාය. නමුත් නූතන පරිගණක එළඹුම හා ව්‍යාප්තිය සිතියම් විද්‍යාවේ විප්ලවයක් ඇති කොට ඇත. අද භාවිතා වන වඩාත් වාණිජමය ගුණාත්මක භාවයකින් යුත් සිතියම් වර්ග තුනකට ගැනෙන මෘදුකාංග යටතේ නිර්මාණය කෙරේ. එනම් CAD, GIS හා සුවිශේෂී ඉදිරිපත් කිරීමේ මෘදුකාංගයි.

අවකාශ තොරතුරු දෘෂ්‍යමාන ලෙස සන්නිවේදනය කිරීමේ උපකරණයක් වශයෙන් සිතියම් ක්‍රියාකරයි. අවකාශ තොරතුරු ලබාගැනෙනුයේ දත්ත ගබඩාවක ගබඩා කළ හැකි අවකාශ මිණුම් තුළිනි. එම දත්ත ගබඩාවෙන් විවිධ අරමුණු සඳහා අවශ්‍ය දත්ත උකහා ගත හැකිය. අංකිත ක්‍රමයට හැසිරවිය හැකි අන්තර් ක්‍රියාකාරී ගතික සිතියම් නිර්මාණකරණය වෙත සාම්ප්‍රදායික සිතියම් නිර්මාණකරණය කිරීමේ ක්‍රම පරිවර්තනය වීමේ නැඹුරුවක් අද දක්නට ඇත.

භූ විද්‍යාත්මක ප්‍රපංචයක් විස්තර කිරීම සඳහා සංකේත හා රේඛා යොදා ගනිමින් යලි ඉදිරිපත් කිරීමක් සිතියම් විද්‍යාව තුළ අන්තර්ගත වේ. උකහා ගත හැකි හා ස්වාහනීය ආකෘතියක් යටතේ අවකාශය දෘෂ්‍යමාන කිරීමට මෙය උපකාරී වේ. සිතියම් නිර්මාණය පදනම් වන්නේ ලෝකය මිණිය හැකි බව මත හා අපට එම යථාර්තයේ ආකෘති හෝ විශ්වාසනීය ලෙස යලි ඉදිරිපත් කිරීම් සිදුකළ හැකිය යන පදනම මතයි.

සිතියම් විද්‍යාවේ ඉතිහාසය

[සංස්කරණය]

මෙය ශාන්ති සිනෝගේ ලෝක සිතියමක පිටපතකි. මානව වංශ කථාවේ ඈත අතීතයේ සිටම සිතියම්වලට වැඩි ඉඩකඩක් වෙන්විණි. (වසර 8000 ක් හෝ ඊටත් වැඩි අතීතයක්) ඒවා යුරෝපීය මැද පෙරදිග චීන ඉන්දීය හා වෙනත් සමාජවල පැවති බව දන්නා කාරණයකි. අද දක්වා දන්නා පරිදි වඩාත් පෞරාණික සිතියම වශයෙන් සැලකෙන්නේ කැටල් වුයුක් නම් තුර්කි නගරයේ බිතු සිතුවමකි. එය ක්‍රි.පූ. 7 වැනි සහස්‍රය දක්වා ඇදීයයි. අතීත ලෝකයට අයත් දැනට හමු වී ඇති සිතියම්වල අන්තර්ගත වන්නේ මිනෝආර් එනම්, අද්මිරාල් වරයාගේ නිවසයි. මෙය ක්‍රි.පූ. 1600 දී අඳින ලද බිතුසිතුවමකි. එය ඇල පර්යාව ලෝකනයෙන් මුහුදු බඩ ප්‍රජාවක් නිරූපණය කරයි. මීට අමතර බේබි ලෝනියන් යන නිපූර්හි ශුද්ධ වූ නගරය කැටයම් කරන ලද සිතියමක් කැසිට් කාලපරාසය තුළ එනම් 12 – 14 ක්‍රි.පූ. ශතවර්ෂවල දී දැක ගන්නට ඇත. අතීත ග්‍රීකයන් හා රෝම ජනතාව සිතියම් නිර්මාණකරණය ආරම්භ කළේ ඇලෙක්සි මැන්ඩර් යන ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂයට අයත් සිතුවමත් සමගය. අතීත චීනයේ භූ විද්‍යාත්මක සාහිත්‍ය ක්‍රි.පූ. 5 වැනි ශත වර්ෂය දක්වා ඇදී යයි. වඩාත් පැරණි චීන සිතුවම් කුවින් ප්‍රාන්තයෙන් හමුවෙයි. ඒවා ක්‍රි.පූ 4 වැනි ශත වර්ෂයේ වෝනින් ප්‍රාන්ත යුගය දක්වා ඇදී යයි.

ඉන්දියාවේ සියලු සිතියම්වල පුරාවෘත්ත සිතුවම් අන්තර්ගත කරයි. ඉන්දියාවේ වීර කාව්‍ය සාහිත්‍යයේ එන පිහිටීම්වල සිතුවම් විස්තරාත්මකව දක්වා ඇත. උදාහරණයක් වශයෙන් රාමායනය ගත හැකිය. ඉන්දීය සිතුවම් විද්‍යාවේ සම්ප්‍රදායන් ධ්‍රැව තාරකාවේ පිහිටීම් ද වෙනත් තරු රටාවල පිහිටීම්ද ආවරණය කරයි. මේවා සියලු යාන්ත්‍රණ අරමුණු සඳහා පොදු වූ යුගයේ ආරම්භයත් සමගම යොදා ගත් සටහන් විය හැකිය.

මධ්‍යකාලීන යුරෝපීය සිතුවම් විස්තර කිරීමට යොදා ගන්නා පදය වනුයේ මැප්පා මුන්ඩි යන්නයි. දළ වශයෙන් මධ්‍යකාලීන යුගයේ සිට ඉතිරිවී පවතින මැප්පාමුන්ඩි 1100 ක් පමණ පවතී. මේ අතරින් 900 ක් පමණ විස්තරාත්මක අත්පිටපත් වන අතර අනෙක්වා හුදකලා ලියකියවිලි ලෙස පවතී. ගවේෂණාත්මක යුගය එනම් 15 වැනි ශතවර්ෂයේ සිට 17 වැනි ශතවර්ෂය දක්වා සිතියම් විද්‍යාඥයින් අතීත සිතුවම් පිටපත් කිරීම සිදු කරන ලදී. (ඒවායින් ඇතැම් ඒවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණි.) එමෙන්ම ඔවුන්ගේ ගවේෂණයන් මත පදනම් වුණු නව මිනින්දෝරු තාක්ෂණ ක්‍රම යොදා ගෙන ස්වනිර්මාණයන්ද බිහිකරන ලදී. චුම්භක මාලිමාව, දුරදක්නය හා ශෂ්ඨකයේ සොයා ගැනීම් වඩාත් නිරවද්‍ය නිර්මාණකරණයකට උදවු විය.

සිතියම් විද්‍යාවට උරුම වූ සෘජු භෞතික බාධක නිසා බොහෝ විට සිතියම් නිර්මාණකයන් මුල් සිතියම් විද්‍යාඥයාට ගෞරවය ලබානොදී අතීත නිර්මාණ සොරකම් කළහ. උදාහරණයක් වශයෙන් උතුරු ඇමරිකාවේ වඩාත් ප්‍රසිද්ධ අතීත සිතුවමක් වන නිළ නොවන ලෙස බීව මැප් යනුවෙන් හැඳින්වෙන සිතියම 1715 දී හර්මන් මොල් විසින් ප්‍රසිද්ධ කරන ලදී, මෙය 1698 දී නිකොලස් ඩී ෆර් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක පැහැදිලි ප්‍රතිනිර්මාණයකි. ඩීෆර්ද 1697 දී ලුවිස් හෙන්පින් විසින් මුද්‍රිත පොත්වල රූප පිටපත් කරන ලදී. ඊට අමතරව ඔහු 1664 රැන්සිස්කොස් ඩුක් රෙවුස්ගේ රූප ද පිටපත් කරන ලදී. 1700 වකවානුවලදී සිතියම් නිර්මාපකයන් මුල් කැටයම්කරුවාට ගෞරවය ලබාදෙමින් ආෆ්ටර් යන පදයට පසුව (මුල් සිතියම් විද්‍යාඥයාගේ නම භාවිතයට ගැණුනි.) Europa regina in Sebastian Münster's "Cosmographia", 1570.

වෙළඳ ගමන් හා ගෝලීයකරණයේ අහිතකර බලපෑම්

[සංස්කරණය]

ගවේෂණ යුගය වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ 15 වැනි හා 17 වැනි ශත වර්ෂ අතර කාල පරාසයයි. මෙම කාල පරාසය තුළ නැව් සෑදීමේ සහ යාන්ත්‍රණයේ තාක්ෂණික ඉදිරිගමන පෙර පැවති බාධක අභිබවමින් ජාතීන්ට පිටස්තරය ගවේෂණය කිරීම පහසු කරන ලදී. ගෝලීයකරණය මඟින් බොහෝ ප්‍රතිලාභ ලබාදුනි. උදාහරණ වශයෙන් යුරෝපීය ජාතීන් ඒ හරහා තේ, සිල්ක් හා සීනි ආදි නව නිෂ්පාදන සොයා ගන්නා ලදී. එමෙන්ම යුරෝපීයයන් නව වෙළෙඳ ගමන් අප්‍රිකාවේ සිට ඉන්දියාව දක්වාත් ස්පීස් දූපත්වල සිට ආසියාව දක්වාත් අවසානයේදී ඇමෙරිකාව දක්වාත් ගමන් කරන පරිදි සංවර්ධනය කළහ. ද්‍රව්‍යය වෙළෙඳාමට අමතරව බොහෝ ජාතීන් වහල් වෙළෙඳාම ආරම්භ කරන ලදී. වහල් වෙළෙඳාමේ හඳුන්වාදීමත් සමඟ නව ස්ථානවලට නව රෝග හඳුනාදීමට උපකාරී විය. මෙම කාල පරාසය තුළ වෙනස් ජාතීන් මුහුන් වීමට පටන් ගන්නා ලදී. එහිදී එක් ස්ථානයක සිටින මිනිසුන්ගේ හා සතුන්ගේ සාන්ද්‍රණයන් ඉහළ ගිය අතර නව රෝග නැගී ඒමට එය මග පැදුණි.

මන්ත්‍රාචාරීන්ගේ හා මන්ත්‍රාචාරණී වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර බොහෝ විට මෙකල මායාව හා ආගම මත පදනම් වී තිබුණි. එය නූතන වෛද්‍ය විද්‍යාවේ මෙන් ලක්ෂණ කිහිපයකට නාභි ගත නොවී සමස්ත දේහය හා ආත්මය සුව කිරීම සඳහා අරමුණු වූවකි. අතීත වෛද්‍ය විද්‍යාව ඖෂධ භාවනාව හා ඇතැම් විට ක්‍රේපිනිය පවා අන්තර්ගත කර ගන්නා ලදී. භයානක රෝග බොහෝ විට සලකනු ලැබුවේ අස්වාභාවික හෝ මායාකාරි ස්වරූපයෙනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය ජනයාගේ විනාශය බොහෝ දුරට විෂබීජවල බලපෑමෙන් සිදුවූ අතර එය වෙඩි බෙහෙත්වලට වඩා ඉහළට යොමුවූවකි. ශත වර්ශ 4 කට වැඩි කාලයක් තිස්සේ පැතිර ගිය වසංගත රෝග නිසා ඇමෙරිකාවේ ස්වදේශීය ජනගහනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක් භූමියෙන් පිසදා හරින ලදී. ගවේෂණාත්මක යුගය තුළදී යුරෝපයේ වසූරිය සහ ක්ෂය රෝගය ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවති අතර මිනිසුන් ඒ සඳහා ප්‍රතිදේහ වර්ධනය කරගෙන තිබූ අතර වෙනත් රෝග සඳහා ද ප්‍රතිදේහ පවත්වා ගත්හ.

යුරෝපීයයන් නව භූමිවලට ගමන් කිරීමේදී ඔවුන් සමග මෙම රෝග ද ලඟා කර දුන්හ. මෙම රෝග දේශීය ජනතාවට පළමු වරට බලපාන අවස්ථාවන්වලදී ඒවා පුළුල්ව පැතිරුණු අතර මාරාන්තික විය. කොළොම්බියන් හුවමාරුව ඒ නමින් හැඳින්වෙන්නේ කැරිබියන් දුපත්හිදී දේශීය ජනතාව සමග පළමු හමුවීමයි. එහිදී සතුන් පැලෑටි හා නොදැනුවත්වම රෝග ද හුවමාරු කර ගන්නා ලදී. මිනිසුන් විෂබීජ හා ක්ෂුද්‍ර ජීවීන් පවතින බව හඳුනාගත්තේ 1800 ගණන්වලදීය. එහෙත් ඉතිහාසය පුරාම බොහෝ විද්‍යාඥයින් විෂබීජ පිළිබඳව අදහස් දරන ලදීය. නමුත් ලුවී පාස්චර් ඔහුගේ විෂබීජ පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරන තුරු එමෙන්ම සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෑත් සේදීමේ වැදගත්කම දක්වන තුරු (විශේෂයෙන්ම වෛද්‍ය සායනවලදී කිසිවෙකු එයට සවන් දුන්නේ නැත. බොහෝ මිනිසුන් මේ පිළිගැනීමට අකමැති වුවද 1981 මැයි මස 22 වැනි දින පාස්චර් පළමුව සාර්ථකව එන්නත් කිරීම සමගම ඔහුගේ විෂබීජ පිළිබඳ න්‍යායේ වැදගත්කම අන්‍යයන් ග්‍රහණය කර ගන්නා පරිද්දෙන් ඉදිරිපත් කරන ලදී. එහිදී ඇන්ත්‍රැක්ස් එන්නත බැටළුවන් 25 කට එන්නත් කරන ලද අතර අනෙකුත් 25 දෙනා පාලක පරීක්ෂණය වශයෙන් යොදා ගන්නා ලදී. 1881 මැයි මස 31 වැනි දින සියළුම බැටළුවන් ඇන්ත්‍රැක්ස් රෝගයට නිරාවරණය කරන ලදී. එහිදී පාලක කණ්ඩායමේ සියළුම බැටළුවන් මියගිය අතර සියලුම එන්නත් කරන ලද බැටළුවන් ජීවත්ව සිටින ආකාරය දක්නා ලදී. පාශ්චර්ගේ මෙම පරීක්ෂණය රෝග වැළැක්වීමේ වැදගත් මංසලකුණක් වශයෙන් සැලකිය හැකිය . ඔහුගේ සොයාගැනීම් හා එතැන්සිට සිදු කරන ලද වෙනත් එන්නත් පිළිබඳ සොයා ගැනීම්වල සුසංයෝගයෙන් ගෝලීයකරණය ලෝකයට බලපාන අන්දම වෙනස් කරන ලදී.


සටහන්

[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Cartography

"https://si.wikipedia.org/w/index.php?title=සිතියම්_විද්‍යාව&oldid=549830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි