දකුණු ඇමෙරිකාව
Appearance
(දකුණු ඇමරිකාව වෙතින් යළි-යොමු කරන ලදි)
භූමිප්‍රමාණය | 17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 385,742,554 (2008, 5 වැනියා) |
ජනගහණ ඝණත්වය | 21.4 per කිමී2 (56.0/වර්ග සැත) |
ජාතිකත්ව නාමය | දකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු[1] |
රටවල් | 19 |
පරායත්ත රාජ්‍යයන් | 3 |
භාෂා | භාෂා ලයිස්තුව |
වේලා කලාප | UTC-2 to UTC-5 |
විශාලතම නගර | [තහවුරු කර නොමැත] සාඕ පෝලෝ බුවනෝස් අයර්ස් රියෝ ද ජැනෙයිරෝ ලීමා බොගෝටා සන්තියාගෝ ගයාකිල් බෙලෝ හොරිසොන්ටෙ කැරකාස් අසුන්සියොන් |
දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවට, අප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවට, අප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.