Jump to content

තුන්වන විජයබාහු රජ

විකිපීඩියා වෙතින්
(3වන විජයබාහු වෙතින් යළි-යොමු කරන ලදි)
තුන්වන විජයබාහු රජ
දඹදෙනිය රාජධානියේ රජ
රාජ්‍ය සමය1232- 1236
පූර්වප්‍රාප්තිකයාකාලිංග මාඝ රජ
අනුප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජ
දරුවන්දෙවන පරාක්‍රමබාහු රජ, පළමුවන බූවනකබාහු
සම්පූර්ණ නාමය
තුන්වන විජයබාහු රජතුමා
වංශයසිරි සඟ බෝ රාජ වංශය
ආගමථේරවාද බුදු දහම

තුන්වන විජයබාහු යනු ප්‍රාදේශීය නායකයෙක් ලෙස නැඟී ආ ක්‍රි.ව. 1232 දී දඹදෙනිය අග නගරය බවට පත් කරගෙන රාජ්‍යත්වයට පත්වු බෝධි වංශික කුමරෙක් විය. මායා රට එක්සත් කොට එහි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට තුන්වන විජයබාහු රජුට හැකි විය. සමකාලීන මූලාශ්‍රවල තුන්වන විජයබාහු රජතුමාව හඳුන්වා ඇත්තේ වන්නි රජු හෙවත් වන්නි නිරිඳු යනුවෙනි.

මාඝගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස් පොළොවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේ ගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව වැඩමවා ගෙන අවුත් කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉඳි කර එහි තැන්පත් කර වූ බව පූජාවලිය නම් වූ ග්‍රන්ථයේ සඳහන් වේ. දළදා වහන්සේ ලබා ගැනීම සිංහාසනයට ඇති උරුමය තහවුරු කරන්නක් විය.

තුන්වන විජයබාහු රජුගේ වසර හතරක රාජ්‍ය කාලයෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙනි රාජධානියේ බලයට පත් වන්නේ තුන්වන විජයබාහු රජුගේ වැඩිමහල් පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා ය.

තුන්වන විජයබාහු රජුගේ සේවාවන්

[සංස්කරණය]

ජනප්රිය සංස්කෘතිය තුළ

[සංස්කරණය]

2013 වසරේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සිරි පැරකුම් චිත්‍රපටයේ පාලිත සිල්වා තුන්වැනි විජයබාහුගේ චරිතයට පණ පෙවීය.[1]

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
තුන්වන විජයබාහු රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
කාලිංග මාඝ රජ පොලොන්නරුවේ රජ ලෙස
දඹදෙණියේ රජ
අනුප්‍රාප්තික
දෙවන පරාක්‍රමබාහු රජ


"https://si.wikipedia.org/w/index.php?title=තුන්වන_විජයබාහු_රජ&oldid=718266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි