1908 ගිම්හාන ඔලිම්පික්
සත්කාරක නගරය | ලන්ඩනය, එක්සත් රාජධානිය |
---|---|
සහභාගී වන ජාතීන් | 22 |
සහභාගී වන ක්‍රීඩකයන් | 2,008 (ක්‍රීඩකයන් 1971, ක්‍රීඩිකාවන් 37) |
ඉසව් | 110 in 22 sports |
සමාරම්භක උත්සවය | අප්‍රේල් 27 |
අවසන් දින උත්සවය | ඔක්තෝබර් 31 |
නිල වශයෙන් විවෘත කරන ලද්දේ | King Edward VII |
ක්‍රීඩාංගනය | වයිට් සිටි ක්‍රීඩාංගනය |
1908 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the IV olympiad ලෙස හැඳින්වෙන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර දී 1908 වසරේ පැවති අන්තර්ජාතික බහු-ක්‍රීඩා උළෙලකි. එම ක්‍රීඩා උළෙල රෝමයේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද 1906 වසරේ දී විසුවියස් ගිනි කන්ද විනාශකාරී ලෙස විදාරණය වීම නිසා හටගත් මූල්‍යමය බාධක හේතු කොටගෙන, ක්‍රීඩා උළෙල ලන්ඩනයේ පැවැත්වීමට තීරණය විය. ඔලිම්පික් උළෙල වසර හතරකට වතාවක් පැවැත්වීමේ පිළිගත් සම්ප්‍රදායයට අනුව 1908 ලන්ඩන් ඔලිම්පික් උළෙල සිව්වන නූතන ඔලිම්පික් උළෙල ලෙස සළකනු ලබයි. (අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල ඔලිම්පික් උළෙලක් ලෙස වර්තමානයේ දී පිළිගනු නොලබන ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් 1906 දී ග්‍රීසියේ පවත්වනු ලැබීය.) මෙම තරඟාවලිය පැවැත්වෙන කාලයේ දී IOC හි ප්‍රධානීත්වය හොබවනු ලැබුවේ පියේර් ඩි ක්යුබර්ටින් විසිනි. දින 187 ක්, නොඑසේ නම් මාස 6 ක් සහ දින 4 ක් පුරාවට පැවති මෙම ක්‍රීඩා උළෙල නූතන ඔලිම්පික් සම්ප්‍රදායයට අනුව පැවති දීර්ඝතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක් වී ඇත.
පසුබිම
[සංස්කරණය]1908 ගිම්හාන ඔලිම්පික් පැවැත්වීම සඳහා රෝමය, ලන්ඩනය, බර්ලිනය සහ මිලාන්යන නගර තරග කරන ලදී. 1904 වසරේ දී ලන්ඩනයේ පැවති 6 වන IOC සැසිවාරයේ දී සිදු කරන ලද මෙම ස්ථාන තෝරාගැනීම ජයග්‍රහණය කරන ලද්දේ රෝමය විසිනි.
ඉතාලියානු බලධාරීන් ක්‍රීඩා උළෙල පැවැත්වීමට සුදානම් වෙමින් සිටිය දී 1906 වසරේ අප්‍රේල් 7 වන දින විසුවියස් ගිනි කන්ද පුපුරා ගියේ නේපල්ස් නගරය විනාශ කර දමමිනි. නේපල්ස් නගරය නැවත ගොඩනැංවීමට මුදල් යෙදවීමට සිදු වීම නිසා ඔලිම්පික් උළෙල පැවැත්වීමට නව ස්ථානයක් අවශ්‍ය විය. ඒ අනුව ලන්ඩන් නගරය, එහි දී පවත්වනු ලබන ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තෝරා ගන්නා ලදී. එම කාල වකවානුවේ දී වඩාත් අවධානය දිනාගත් උළෙලක් වූ ෆ්රැන්කො-බ්‍රිටිෂ් ප්‍රදර්ශනය ද ලන්ඩන් නුවර දී පැවැත්වූයේ ඔලිම්පික් උළෙල පැවති කාලයේ දී මය.