1924 ගිම්හාන ඔලිම්පික්
පෙනුම
1924 ගිම්හාන ඔලිම්පික් (ප්‍රංශ: Les Jeux olympiques d'été de 1924), නිල වශයෙන් Games of the VIII Olympiad හැඳින්වෙන්නේ 1924 වසරේ දී ප්‍රංශයේ පැරිස් නුවර පැවති 8 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඇම්ස්ටර්ඩෑම්, බාර්සිලෝනා, ලොස් ඇන්ජලීස්, ප්‍රාග් සහ රෝමය යන නගර පරාජය කරමින් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා පැරිසිය තෝරා ගනු ලැබුවේ 1921 දී ලොසෑන් (ස්විට්සර්ලන්තයේ නගරයක්) හි පැවති 20 වන IOC සැසි වාරයේදී ය.