1932 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්
Games of the X Olympiad
ගොනුව:1932 Summer Olympics logo.png
සත්කාරක නගරයලොස් ඇන්ජලීස්, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය
සහභාගී වන ජාතීන්37
සහභාගී වන ක්‍රීඩකයන්1,332 (1,206 men, 126 women)
ඉසව්117 in 14 sports
සමාරම්භක උත්සවයජූලි 30
අවසන් දින උත්සවයඅගෝස්තු 14
නිල වශයෙන් විවෘත කරන ලද්දේඋප සභාපති චාර්ල්ස් කර්ටිස්
ක්‍රීඩක දිවුරුමජෝර්ජ් කැල්නන්
ක්‍රීඩාංගනයලොස් ඇන්ජලීස් අනුස්මරණ කොලෝසියම

1932 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the X olympiad යනු 1932 වසරේ දී එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි දී පැවැත්වුණු 10 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල යි. මෙම තරගාවලියේ සත්කාරකත්වය සඳහා වෙනත් නගර ලංසු ඉදිරිපත් කර නොතිබුණෙන්, 1923 දී ඉතාලියේ රෝම නගරයේ පැවති 23 වන IOC සැසිවාරයේ දී ලොස් ඇන්ජලීස් නගරය නිතරගයෙන් තෝරා ගන්නා ලදී. ලොව පුරා මහා ආර්ථික අවපාතයක් පැවති සමයක තරගාවලිය පැවති බැවින් බොහෝ රටවල් සහ ක්‍රීඩකයන් ලොස් ඇන්ජලීස් තරගාවලියට සහභාගී වීමට අපොහොසත් වූහ. 1928 ඇම්ස්ටර්ඩෑම් තරගාවලියට සහභාගී වූ ප්‍රමාණයෙන් බාගයකටත් වඩා අඩු පිරිසක් 1932 තරගාවලියට සහභාගී විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හර්බට් හූවර් පවා තරගාවලියට සහභාගී වීම මගහරින ලදී.

පළමු වතාවට, ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් වෙනුවෙන් ඔලිම්පික් ගම්මානයක් ඉදි කරන ලද්දේ මෙම තරගාවලියේ දී ය.

"https://si.wikipedia.org/w/index.php?title=1932_ගිම්හාන_ඔලිම්පික්&oldid=373922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි