1932 ගිම්හාන ඔලිම්පික්
1932 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the X olympiad යනු 1932 වසරේ දී එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි දී පැවැත්වුණු 10 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල යි. මෙම තරගාවලියේ සත්කාරකත්වය සඳහා වෙනත් නගර ලංසු ඉදිරිපත් කර නොතිබුණෙන්, 1923 දී ඉතාලියේ රෝම නගරයේ පැවති 23 වන IOC සැසිවාරයේ දී ලොස් ඇන්ජලීස් නගරය නිතරගයෙන් තෝරා ගන්නා ලදී. ලොව පුරා මහා ආර්ථික අවපාතයක් පැවති සමයක තරගාවලිය පැවති බැවින් බොහෝ රටවල් සහ ක්‍රීඩකයන් ලොස් ඇන්ජලීස් තරගාවලියට සහභාගී වීමට අපොහොසත් වූහ. 1928 ඇම්ස්ටර්ඩෑම් තරගාවලියට සහභාගී වූ ප්‍රමාණයෙන් බාගයකටත් වඩා අඩු පිරිසක් 1932 තරගාවලියට සහභාගී විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හර්බට් හූවර් පවා තරගාවලියට සහභාගී වීම මගහරින ලදී.
පළමු වතාවට, ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් වෙනුවෙන් ඔලිම්පික් ගම්මානයක් ඉදි කරන ලද්දේ මෙම තරගාවලියේ දී ය.