Jump to content

2020 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්
Games of the XXXII Olympiad
2020 ගිම්හාන ඔලිම්පික් නිල සලකුණ
සත්කාරක නගරයටෝකියෝ, ජපානය
තේමාව'Discover Tomorrow
ජපන්;
みんなの Tomorrow
හෙට දිනය ගවේෂණය කරන්න'
සමාරම්භක උත්සවය24 ජූලි
අවසන් දින උත්සවය9 අගෝස්තු

2020 ගිම්හාන ඔලිම්පික් (නිළ වශයෙන් Games of the XXXII Olympiad) සහ Tokyo 2020 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පාලනය කරනු ලදුව, ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව 2020 වසරේදී පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලකි.

2013 සැප්තැම්බර් 7 දින ආර්ජන්ටිනාවේ, බුවනෝස් අයර්ස් හිදී පැවති 125 වැනි IOC සැසියේදී 2020 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස ජපානයේ ටෝකියෝ නුවර නිවේදනය කරන ලදි. ටෝකියෝ නුවර මීට පෙර 1964 ගිම්හාන ඔලිම්පික් උළෙලටද සත්කාරකත්වය සැපයීය. ඒ අනුව, එක් වතාවකට වඩා ගිම්හාන ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය සැපයූ 5 වෙනි නගරය (ආසියාවේ පළමු නගරය) බවට ටෝකියෝ නගරය මේ සමග පත්වනු ඇත.

2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය 2020 ජූලි 24 දින පැවැත්වීමට නියමිතව ඇති අතර 2020 අගෝස්තු 9 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත. එමෙන්ම 2020 ගිම්හාන පැරාලිම්පික් උළෙල ද ටෝකියෝ නුවරදීම පැවැත්වෙනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=2020_ගිම්හාන_ඔලිම්පික්&oldid=692131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි