1928 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්
Games of the IX Olympiad
ගොනුව:1928 Summer Olympics logo.png
Logo of the 1928 Summer Olympics
සත්කාරක නගරයඇම්ස්ටර්ඩෑමය, නෙදර්ලන්තය
සහභාගී වන ජාතීන්46
සහභාගී වන ක්‍රීඩකයන්2,883 (2,606 men, 277 women)
ඉසව්109 in 14 sports
සමාරම්භක උත්සවයජූලි 28
අවසන් දින උත්සවයඅගෝස්තු 12
නිල වශයෙන් විවෘත කරන ලද්දේPrince Hendrik
ක්‍රීඩක දිවුරුමහැරී ඩෙනිස්
ඔලිම්පික් පන්දමNone
ක්‍රීඩාංගනයඔලිම්පික් ක්‍රීඩාංගනය

1928 ගිම්හාන ඔලිම්පික්, නිල වශයෙන් Games of the IX olympiad යනු 1928 වසරේ දී නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පැවති 9 වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. තරගාවලිය විවෘත කරන ලද්දේ නෙදාර්ලන්ත රාජධානියේ රැජින වූ විල්හෙල්මිනා රැජිනගේ නියෝජිතයා වූ හෙන්ඩ්රික් කුමරු විසිනි. එවකට IOC සභාපතිත්වය දරනු ලැබුවේ හෙන්රි ඩි බයිලට්-ලටුවර් විසිනි.

ප්‍රථම වරට දින 16 ක කාල රාමුවක් තුළ ගිම්හාන ඔලිම්පික් තරගාවලි පැවැත්වීම ආරම්භ කරන ලද්දේ මෙම ඔලිම්පික් උළෙලේදි යි. මිට පෙර ඔලිම්පික් තරගාවලි මාස ගණනක් තිස්සේ පවත්වන ලදී. පළමුවරට "ගිම්හාන ඔලිම්පික්" ලෙස හඳුන්වනු ලැබූ ක්‍රීඩා උළෙල වූයේ ද මෙයයි.

ඔලිම්පික් පහන පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ මෙම ක්‍රීඩා උළෙලේදි ය. නමුත් ඔලිම්පික් පන්දම හඳුන්වා දෙනු ලැබුවේ 1936 ගිම්හාන ඔලිම්පික් වල දී ය. එමෙන්ම නූතන ඔලිම්පික් තුළ අද දක්වාම පවතින සම්ප්‍රදායයක් වන, සමාරම්භක උත්සවයේ දී ග්‍රීසිය පෙරටු කර ගනිමින් ක්‍රීඩක කණ්ඩායම් ක්‍රීඩා පිටියට ඇතුළුවීම සහ සත්කාරක රටේ ක්‍රීඩක කණ්ඩායම අවසානයට ක්‍රීඩා පිටියට ඇතුළුවීම පළමුවරට සිදු කරනු ලැබුවේ ද මෙම ක්‍රීඩා උළෙලේදීය.

10,000m දිවීමේ තරගය ජය ගත් ෆින්ලන්තයේ පාවෝ නුර්මි සිය 9 වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේය. 1920 සහ 1924 ඔලිම්පික් තරගාවලි වලට සහභාගී වීම තහනම් කරනු ලැබූ ජර්මනිය 1912න් පසු ප්‍රථම වතාවට ඔලිම්පික් සඳහා සහභාගී වූයේ මෙම තරගාවලියට වූ අතර ඇය පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.


"https://si.wikipedia.org/w/index.php?title=1928_ගිම්හාන_ඔලිම්පික්&oldid=373920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි